Brave Riders Club - BRC

Brave Riders Club - BRC OFFICIAL
Reg No.WP/GM/DO/181/1

    ❤️
02/09/2026

❤️

  Happy Birthday bro ❤️
26/08/2026

Happy Birthday bro ❤️

🏍️ යතුරුපැදියක් කියන්නේ වේගය විතරක් නෙමෙයි… ඒක සංස්කෘතියක්, සහෝදරත්වයක් සහ වගකීමක්. ❤️WÜRTH Meeting Room එකේදී Spin Ride...
16/08/2026

🏍️ යතුරුපැදියක් කියන්නේ වේගය විතරක් නෙමෙයි… ඒක සංස්කෘතියක්, සහෝදරත්වයක් සහ වගකීමක්. ❤️

WÜRTH Meeting Room එකේදී Spin Riders,Southern Super Riders, Xtreme,Brave Riders Club, 90 Degrees සහ Wolfhounds ඇතුළු rider community එක එකම තැනකට එකතු වුණේ යතුරුපැදි ගැන පමණක් කතා කරන්න නෙමෙයි — යතුරුපැදි සංස්කෘතිය ගැන සමාජයේ තිබෙන අදහස වෙනස් කරන්නයි.

විවිධ Bikes… විවිධ Clubs… විවිධ අදහස්…
නමුත් අපි හැමෝටම තියෙන්නේ එකම Passion එකක්. 🏍️🔥

වගකීමෙන් ධාවනය කරන, අනෙක් අයට ගරු කරන, එකිනෙකාට සහයෝගය දෙන Rider Culture එකක් ගොඩනගමු.

මොකද සැබෑ Rider කෙනෙක්ව හඳුනාගන්නේ ඔහුගේ Bike එකේ Engine එකේ බලයෙන් නෙමෙයි…
ඔහු පාරේ පෙන්වන ආකල්පයෙන් සහ චරිතයෙන්. ❤️‍🔥

“Bikes වෙනස් වුණත්, අපේ සංස්කෘතිය එකයි.” 🤝🏍️

අපි ආදරය කරන ශ්‍රී ලංකාවේ Motorcycle Culture එක ආරක්ෂාව, විනය, සහෝදරත්වය සහ වගකීම සමඟ තවදුරටත් ශක්තිමත් කරමු. ❤️🏍️🇱🇰

එක් ප්‍රජාවක්.
එක් වගකීමක්.
වඩාත් ආරක්ෂිත ශ්‍රී ලංකාවක්. 🇱🇰🏍️💪



#වගකීමෙන්ධාවනයකරමු

09/08/2026
06/08/2026

We are members of Brave Riders Club.❤️🫂

🫂🙏ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පෙරහැර මංගල්‍යයට පෙර, මල් ආසන සහ සලපතල මළුව පවිත්‍ර කිරීමේ වාර්ෂික පුණ්‍ය...
02/08/2026

🫂🙏
ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පෙරහැර මංගල්‍යයට පෙර, මල් ආසන සහ සලපතල මළුව පවිත්‍ර කිරීමේ වාර්ෂික පුණ්‍යකර්මය සාර්ථකව නිමකර ගැනීම සඳහා තම වටිනා කාලය, ශ්‍රමය සහ කැපවීමෙන් දායක වූ Brave Riders Club - BRC සහ T-REX 4×4 සියලුම සාමාජික සාමාජිකාවන් වෙත අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.🙏❤️

මෙම පුණ්‍යකර්මය සඳහා අනුශාසකත්වය ලබාදෙමින්, වටිනා අවස්ථාව උදාකර දුන් පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය හා කෘතවේදීත්වය පුද කරමු.❤️🙏

එසේම, මෙම පුණ්‍යකර්මයේ සෑම වටිනා මොහොතක්ම මනාව සටහන් කරමින් එය ජනගත කිරීමට කැපවීමෙන් කටයුතු කළ Media Team වෙතද අපගේ විශේෂ ස්තූතිය පුද කරමු.🫂

ඔබ සැමගේ සහයෝගය, කැපවීම සහ සේවාභාවය තුළින් මෙවැනි පුණ්‍යකාර්යයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපට මහත් ශක්තියක් ලැබේ.🙏🙏

Brave Riders Club – BRC 💙🏍️
“සේවය අපගේ අභිමානයයි.”

💙 අප වෙනුවෙන් වටිනා වචන කිහිපයක් ලියමින් අපගේ සේවාව අගය කළ  prevention 1st පිටුවට අපගේ හෘදයාංගම ස්තුතිය.Brave Riders Clu...
01/08/2026

💙 අප වෙනුවෙන් වටිනා වචන කිහිපයක් ලියමින් අපගේ සේවාව අගය කළ prevention 1st පිටුවට අපගේ හෘදයාංගම ස්තුතිය.

Brave Riders Club - BRC & T-Rex ලෙස අප කරන සේවාවන් දැක ඒවා අගය කරමින් මේ ආකාරයෙන් පළ කිරීම අපට තවත් ශක්තියක් සහ ධෛර්යයක්.

අපගේ කතරගම වන්දනා සේවාව සාර්ථක කරගැනීමට දායක වූ සියලුම සාමාජිකයන්ටත්, සහයෝගය ලබාදුන් සැමටත් නැවතත් ස්තුතියි. 🙏💙

Accident prevention 1st පිටුවටත් නැවත වරක් ස්තුතියි. ඉදිරියටත් සමාජයට වටිනා සේවාවන් එකටම කරගෙන යමු. 🏍️🤝

31/07/2026

• “පෙරහැරට පෙර කිරිවෙහෙරේ පින්බිමේ… 🐘🙏”

අපගේ Brave Riders Club වෙත මෙවන් ගෞරවණීය ඇගයීමක් ලබාදුන් කිරිවෙහෙර රාජමහා විහාරයේ ගරු ස්වාමීන් වහන්සේටත්, මාධ්‍ය ඒකකයටත්...
30/07/2026

අපගේ Brave Riders Club වෙත මෙවන් ගෞරවණීය ඇගයීමක් ලබාදුන් කිරිවෙහෙර රාජමහා විහාරයේ ගරු ස්වාමීන් වහන්සේටත්, මාධ්‍ය ඒකකයටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

අපගේ සේවාව පිළිබඳ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධිය ලබාදීමත්, පෙරහැර අතරතුර නිවේදනය කරමින් ජනතාවට හඳුන්වා දීමත් අපට විශාල ගෞරවයක් හා ශක්තියක් විය.

මෙම ඇගයීම අප සැමට තවදුරටත් සමාජ සේවයට කැපවීමට ලැබුණු මහත් දිරිගැන්වීමකි.

ගරු කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සියලු දෙනාට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරමු.

🙏 Brave Riders Club - BRC ❤️

30/07/2026

🙏 අදින් නිමාව දකින කතරගම ඇසළ මහා පෙරහැර…

භක්තියෙන් තැබූ හැම පියවරක්ම පින්බර මතකයක් විය. ❤️

Brave Riders Club - BRC සහ T-Rex ලෙස කිරිවෙහෙර ලොකු ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් සහභාගී වී, මල් ආසන සකස් කිරීම හා විහාරස්ථානය පිරිසිදු කිරීමේ පින්කමට දායක වීමට ලැබීම අපට මහත් භාග්‍යයක් විය. 🙏🌸

මෙම පින්කම සාර්ථක කර ගැනීමට උදව් කළ සියලු දෙනාටත්, ශ්‍රමය හා කාලය කැප කළ සියලුම සහෝදර සහෝදරියන්ටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🤝❤️

මේ සියලු පින් සියලු ලෝකවාසීන්ට අනුමෝදන් වේවා! 🙏

#කතරගම #කිරිවෙහෙර

Address

Yodakandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Brave Riders Club - BRC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category