31/07/2026
මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය සදහා පාසල මගින් ඉටුකරන කාර්යන් අතර තවත් එක් සුවිශේෂී පියවරක් අද දින තබන ලදී...
එනම් විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය පිඩලිගන්නාවෙල පඤ්ඤාසීහ ස්වාමීන්වහන්සේගේ පරිත්‍යාගයක් ලෙස රු.100000/= කට වඩා වැඩි වටිනාකමකින් යුතු රග්බි ක්‍රීඩා පුහුණු උපකරණ (Hit Shields ) කට්ටලයක් මෙවර වයස අවුරුදු 16න් පහළ රගර් කණ්ඩායම් නායක රනිද රන්දිර සහ එම කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩක මිහාර මනුසිත දරුවන් වෙතට ලබාදෙන ලදී...
එම අවස්ථාවට රගර් ක්‍රීඩා පුහුණුකරු අසංක වැලිකල මහතා සහ නියෝජ්‍ය විදුහල්පති කපිල මාතාංග මහතා ද සහභාගි විය.
21/07/2026
සමස්ත ලංකා අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ 2024 වර්ෂයේ Division 02 කාණ්ඩයේ සිට Division 01 Segment C කාණ්ඩයට උසස් වීම් ලබා. 2025 වර්ෂයේ knockout තරගාවලියේ ශූරතාවය ලබාගෙන, එම වර්ෂයේම ලීග් රග්බි තරගාවලියේ අපරාජිතව ලීග් ශූරතාවය ලබාගෙන Division 01 segment C කාණ්ඩයේ සිට Division 01 segment B කාණ්ඩයට උසස් වීම් ලබාගෙන.2026 වර්ෂයේ පිට පිට දෙවතාවක් knockouts ශූරතාවය ලබාගෙන, එම වර්ෂයේ ලීග් රග්බි තරගාවලියේ අපරාජිතව පලිහ ශූරතාවය දිනාගත්තේ අපේ දරුවන් අසීමිත කැප කිරීම් මත වේ.
මේ point table එකේ දැක්වෙන ආකාරයට ලංකාවේ ප්‍රබල පාසල් සමග කරට කර තරග කර මේ වනවිට පාසලට වැඩිම සමස්ත ලංකා ජයග්‍රහණ ගෙන ආ බව සතුටින් මතක් කරමු.. අවුරුදු කීපයක් තුල මෙවැනි ජයග්‍රහණය ගෙනා එකම පාසල අප පාසල වේ.
MCC # 🏆🏆🏆🏆 # MCC
අප මෙම ජයග්‍රහණ කරා රැගෙන යාමට ඔබ ලබාදුන් අසීමිත කැපවීම, මහන්සිය, නායකත්වය සහ අධිෂ්ඨානය වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය පුහුණුකරු අසංක මහතාට. 🙏
MCC රග්බි කණ්ඩායමේ සාර්ථකත්වයට ඔබ ඉටු කළ සේවය අතිවිශිෂ්ටයි. ඔබ කළ කැපවීම සහ අප වෙනුවෙන් ඉටු කළ සෑම දෙයකටම අපි සැබවින්ම කෘතඥ වෙමු.
ස්තුතියි පුහුණුකරු අසංක මහතාණනි. ඔබට ඉදිරි ගමනේත් තවත් බොහෝ ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් ප්‍රාර්ථනා කරමු! 🏉👏
04/07/2026
"MCC රග්බි කණ්ඩායමට ආශාව, කැපවීම සහ ජයග්‍රහණ රැගෙන එන අය අපෙන් ඈත් වීමට පෙර ඔවුන්ව ආරක්ෂා කරමු. සැබෑ කැපවීම සැමවිටම ඇගයීමට, ගෞරවයට සහ පූර්ණ සහයෝගයට සුදුසුය." 🙏
"Protect those who bring passion, commitment, and results to MCC Rugby before we lose them. True dedication deserves recognition, respect, and support."🙏
අපගේ ගමනේ සුවිශේෂී අවස්ථා කිහිපයක්:
🏆 2024 – Schools Rugby Division Champions
🏆 2024 – All Island Schools U19 7s Bowl Champions
🏆 2025 – All Island U19 Knockout Chairman's Trophy Champions
🏆 2025 – Division 01 Segment C Champions
🥈 2025 – All Island Schools U19 7s Plate Runner-up
🏆 2026 – All Island Schools U14 Cup Champions
🏆 2026 – All Island U19 Knockout Chairman's Trophy Champions
🏆 2026 – Division 01 Segment B Plate Champions
ශ්‍රී ලංකාවේ ඉහළම පාසල් රග්බි කණ්ඩායම් 25 අතරට අපගේ කණ්ඩායම එක්වී ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු. 🏉 🏆💪🙏
26/06/2026
🏆💚💛 අපි ඉතිහාසය ලියා අවසන් කළෙමු! 💛💚🏆
Division One Segment B Plate ශූරතාවය දිනා ගනිමින් Maharagama Central College රග්බි කණ්ඩායම තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තැබීය.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් අප සමඟ සිටි සියලුම ක්‍රීඩකයින්, දෙමාපියන්, ආදි ශිෂ්‍යයන්, ගුරු මණ්ඩලය, අනුග්‍රාහකයින් සහ අපගේ අසීමිත ශක්තිය වූ සියලුම සහයෝගීන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
එක් කණ්ඩායමක්... එක් පවුලක්... එක් සිහිනයක්...
ඔබ සැමගේ සහයෝගය නිසාම මෙම ජයග්‍රහණය අපගේ විය.
🏉🏆 Maharagama Central College 33 - 19 Richmond College