Young Talent Sports Club

Young Talent Sports Club

Share

we are Young Talented Sportees

Photos 22/12/2013

ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලිය හෙට ඇරැඹේ....

දේශීය බේස්බෝල් තරගබිමේ විශිෂ්ටයන්ගේ දස්කම් උරගා බලන ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලිය හෙට (22) දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

හෙට සිට ලබන ජනවාරි මස 15වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලියට පසුගියදා නිමාවට පත්වූ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ දස්කම් පෑ හොඳම කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා සිටිති. ඒ අතර පසුගිය වසරේ ශූරයන් හා මෙවර පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයන් වන රන්බිම රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය හා පසුගිය වසරේ ලීග් අනුශූරයන් වූ ‘ඕල්ඩ් රෝයලිස්ට්’ බේස්බෝල් කණ්ඩායම මෙවර තරගාවලියේ ශූරතාව සඳහා ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් වෙති.

ජාතික බේස්බෝල් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 5ක් රන්බිම රාජකීය කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර ‘ඕල්ඩ් රෝයලිස්ට්’ පිලට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 3ක් ඇතුළත් වෙති. කෙසේවුවද මෙවර ලීග් තරගාවලියට පළමුවරට එක්වී සිටින නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම අඩු තක්සේරුවට ලක් කළ නොහැකිය. ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවූ බටහිර ආසියා බේසබෝල් ශූරතාවලියට එක්ව සිටි ක්‍රීඩකයකු නාවික හමුදා පිල නියෝජනය කරයි.

රන්බිම රාජකීය, ඩී.එස්.නයිට්ස්, යුද හමුදාව හා ෆ්‍රොන්ටියර්ස් පිල තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය නියෝජනය කරන අතර ‘බී’ කාණ්ඩයෙන් ඕල්ඩ් රෝයලිස්ට්, මෙරූන්ස්, ශක්ති හා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම තරග වදිති. හෙට සිට ලබන ජනවාරි මස 15වැනිදා දක්වා තරග පැවැත්වේ. තරගාවලියේ වැඩි අවධානයකට ලක්වන ක්‍රීඩකයන්ට ජාතික බේස්බෝල් කණ්ඩායමේ දොරටු විවර වනු ඇත.

Untitled album 22/12/2013

YOUNG TALENT ක්‍රීඩා සමාජ‍යේ නිලධාරී මණ්ඩලය

Photos 21/12/2013

වසරේ දක්ෂතම එක් දින ක්‍රීඩකයා සංගක්කාර


ගතව ගිය වසරේ දක්ෂතම එක් දින ජාත්‍යන්තර ක්‍රීඩකයා සම්මානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පිදුම් ලබද්දී, ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළ හොඳම ක්‍රීඩකයා වීමේ සම්මානය හිටපු නායක මහේල ජයවර්ධනට හිමි වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට පිදෙන එම සම්මාන ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය හෙට සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබියදී නිවේදනයක් නිකුත් කරමින්.


මහේල - ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළ වසරේ හොඳම ක්‍රීඩකයා
සබැඳි යොමු
විස්සයි විස්සෙන් පළමු ජය පාකිස්තානයට
කොදෙව් ක්‍රිකට් පිළ බංග්ලාදේශ් තරඟාවලියෙන් ඉවත් වෙයි
වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා මහේන්ද්‍ර සිං දෝනි
වැඩි තොරතුරු සඳහා තවත් යොමු
සබැඳි තේමා
ක්‍රිකට් , ක්‍රීඩා, ශ්‍රී ලංකාව , ජාත්‍යන්තර, ඉන්දියාව , ඔස්ට්‍රේලියාව
වසරේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් තේරී පත් වී සිටී.

ගතව ගිය වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසින් ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි මීට ඉහතදී ක්‍රීඩාලෝලීන්ගේ ඡන්දයෙන් තෝරා ගැනුණු අතර, ඉන්දීය කණ්ඩායමේ චෙතෙශ්වාර් පුජාරා වසරේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබයි.

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා සුසී බෙට්ස්, වසරේ දක්ෂතම එක් දින ක්‍රීඩිකාවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තිලකරත්න ඩිල්ශාන්, කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග වසරේ හොඳම එක් දින කණ්ඩායමට තේරී සිටින නමුත්, වසරේ දක්ෂතම ටෙස්ට් කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ඇතුලත් වී නැත.

Want your business to be the top-listed Gym/sports Facility in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Pamunuwila, Gonawala
Kelaniya