28/08/2026
💥 𝗧𝗛𝗘 𝗥𝗢𝗔𝗥 𝗜𝗦 𝗥𝗘𝗔𝗟… 𝗧𝗛𝗘 𝗥𝗘𝗦𝗨𝗟𝗧 𝗜𝗦 𝗛𝗜𝗦𝗧𝗢𝗥𝗬! 💥
They came with a plan…
𝗪𝗘 𝗖𝗔𝗠𝗘 𝗪𝗜𝗧𝗛 𝗔 𝗦𝗧𝗢𝗥𝗠! 🌪️🏏🔥
Every run. Every wicket. Every moment…
𝗪𝗘 𝗙𝗢𝗨𝗚𝗛𝗧 𝗟𝗜𝗞𝗘 𝗧𝗜𝗧𝗔𝗡𝗦! 😤⚔️
🏆 𝗔𝗡𝗢𝗧𝗛𝗘𝗥 𝗕𝗔𝗧𝗧𝗟𝗘.
🔥 𝗔𝗡𝗢𝗧𝗛𝗘𝗥 𝗩𝗜𝗖𝗧𝗢𝗥𝗬.
🖤 𝗧𝗛𝗘 𝗧𝗜𝗧𝗔𝗡𝗦 𝗠𝗔𝗥𝗖𝗛 𝗢𝗡!
𝗢𝗡𝗘 𝗗𝗥𝗘𝗔𝗠 • 𝗢𝗡𝗘 𝗧𝗘𝗔𝗠 🖤🏏
🏆🔥🏏
ගිය වසරේ අප කණ්ඩායම සහභාගී වූ 19 වන තරඟය උදුවප් මස සීතල නත්තල් දිනයේ ගම්පොළ වික්‍රමභාහු විද්‍යාල ක්‍රීඩාංගණයේදී Havelock කණ්ඩායමට එරෙහිව පැවැත් විය. කාසියේ වාසිය ජයගැනීමෙන් අනතුරුව, අප කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව, Dineth Theekshana සහ Isura madubashana ආරම්භක පිතිකරුවන් ලෙස අර්ධ ශතක සබඳතාවයක් පවත්වන ලදී. Isura madubashana ලකුණු 22ක් ද, Dineth Theekshana වේගවත් ලකුණු 31ක් ද ලබා ගන්නා ලදී.
අප කණ්ඩායමේ කඩුලු 4ක් ඉක්මනින් දැවී ගොස්, පීඩනයට ලක්ව සිටි අවස්ථාවේ, පිටියේ එක්වූ නායක Sasanka Nawarathne සහ Gandush Keshana අප කණ්ඩායමේ ඉනිම සෙමින් ඔසවා තබමින් ස්ථාවර කරන ලදී. ඉනිමේ නංගුරම බවට පත්වූ නායක Sasanka Nawarathne පිටිය පුරා අලංකාර පහරවල් එල්ල කරමින් පන්දු 87ක් තුළ ලකුණු 100ක් ලබා ගන්නා ලදී.
මෙම ශතකය අප කණ්ඩායමේ පිතිකරුවෙකු ලබාගත් දෙවන ශතකය වන අතර, එයට 4 පහර 10ක් සහ දැවැන්ත 6 පහර 3ක් අන්තර්ගත විය. එයට මනා සහයෝගයක් ලබාදුන් Gandush Keshana පන්දු 54කින් ලකුණු 50ක් ලබාගන්නා ලදී. එම අර්ධ ශතකයට 4 පහර 5ක් අන්තර්ගත විය. ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වූ Asanka Bandara වේගවත් ඉනිමක් දියත් කරන ලදී. ඔහුගේ ඉනිම පන්දු 21කදී ලකුණු 57ක් වූ අතර එම ඉනිම 4 පහර 1ක් සහ දැවැන්ත හයේ පහර 7කින් සමන්විත විය. Asanka Bandarage මෙම ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 271.43ක් වූ අතර එයට වඩා මෙම ඉනිම ,ක්‍රීඩාංගනයට පැමිණ සිටි ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුණු ඉනිමක් බවට පත්වූ බව නොඅනුමානය. විශිෂ්ට ඉනිම් තුනකින් වර්ණවත් වූ අප කණ්ඩායමේ පිතිකරණය නියමිත පන්දු වාර 40 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 333ක් ලෙස දැක්විය.
මෙම දැවැන්ත ලකුණු පුවරුව හඹා යාම සඳහා පිටියට පිවිසි Havelock CC කණ්ඩායමට කිසිවිටකත් සාර්ථක වීමට අප පන්දු බලඇණිය ඉඩ ලබා නොදුන්නේය. Havelock CC කණ්ඩායමේ පන්දු බලඇණිය මෙන්ම පිතිකරණ බලඇණිය අන්ත අසරණ තත්ත්වයකට ඇද දැමූ අප පන්දු යවන්නන් Havelock CC ඉනිම පන්දු වාර 22යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 89කට පමණක් සීමා කරන ලදී. Havelock CC කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙක් පමණක් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අප පන්දු යවන්නන් වග බලා ගන්නා ලදී. අප කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වන Harendra B Mahagedara, නව පන්දුවේ දෝලනයත් සමඟ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, ඔහු තම පන්දු වාර 5 අවසානයේ නිලකුණු පන්දු වාරයක්ද සමඟ ලකුණු 19ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදී කඩුලු තුනක් ගොදුරු කරගන්නා ලදී. Asanka Bandara, Thushara Namal, Inshaf, Anuruddha Bandara, Isura madubashana, Kasun Rathnayake අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. ඒ අනුව අප කණ්ඩායම ක්‍රීඩා කරනු ලැබූ 19 වන තරඟය, Havelock CC කණ්ඩායමට එරෙහිව දැවැන්ත ලකුණු 244ක ජයග්‍රහණයක් අත්කරගන්නා ලදී.
මෙම ජයග්‍රහණය ඉතිහාසගත වන්නේ අප කණ්ඩායම විසින් මෙම වසරේම මාර්තු මස පැවති Falcon CC කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 240ක ජයග්‍රහණය අභිබවා යමිනි. මෙම වසරේ අප කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ අතරින් ලකුණු 200ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවකින් ජය ලැබූ දෙවන තරඟය මෙය වන අතර ලකුණු 100ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් ජය ලැබූ 06 තරඟය ද වේ. මෙම තරගය සංවිධානය කිරීම වෙනුවෙන් අප කණ්ඩායමේ කළමනාකරු Harendra B Mahagedara මහතාට සහ Havelock CC කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයන් හට ස්තූතිය පළ කිරීමට කැමැත්තෙමු. තවත් මෙවැනි තරඟ විස්තරයකින් ඉක්මනින් හමුවෙමු.
25/08/2026
⚔️ 𝐓𝐇𝐄 𝐍𝐄𝐗𝐓 𝐁𝐀𝐓𝐓𝐋𝐄 𝐈𝐒 𝐇𝐄𝐑𝐄. 🏏🔥
A 𝐍𝐄𝐖 𝐕𝐄𝐍𝐔𝐄.
A 𝐍𝐄𝐖 𝐎𝐏𝐏𝐎𝐍𝐄𝐍𝐓.
𝐒𝐀𝐌𝐄 𝐇𝐔𝐍𝐆𝐄𝐑. 🖤🔥
📍 𝐆𝐀𝐋𝐀𝐆𝐄𝐃𝐀𝐑𝐀 𝐂𝐎𝐋𝐋𝐄𝐆𝐄 𝐆𝐑𝐎𝐔𝐍𝐃
🆚 𝐀𝐒𝐔𝐑𝐀𝐍
No looking back.
No backing down.
𝐉𝐔𝐒𝐓 𝐁𝐀𝐓𝐓𝐋𝐄. ⚡
𝐓𝐇𝐄 𝐓𝐈𝐓𝐀𝐍𝐒 𝐀𝐑𝐄 𝐂𝐎𝐌𝐈𝐍𝐆. 🏏🔥
𝐎𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 • 𝐎𝐍𝐄 𝐓𝐄𝐀𝐌 🖤
🏏🔥
25/08/2026
🚨 𝗕𝗜𝗚 𝗤𝗨𝗘𝗦𝗧𝗜𝗢𝗡! 👀😂
𝗪𝗶𝗹𝗹 𝗧𝗲𝗮𝗺 𝗜𝗻𝗱𝗶𝗮 🤝🇮🇳 𝘀𝗵𝗮𝗸𝗲 𝗵𝗮𝗻𝗱𝘀 𝘄𝗶𝘁𝗵 𝗣𝗮𝗸𝗶𝘀𝘁𝗮𝗻’𝘀 𝘂𝗺𝗽𝗶𝗿𝗲 𝗔𝗵𝘀𝗮𝗻 𝗥𝗮𝘇𝗮 after the 2nd Test at SSC? 👀🤣
𝗢𝗿...
𝗪𝗶𝗹𝗹 𝘁𝗵𝗲 𝗵𝗮𝗻𝗱𝘀𝗵𝗮𝗸𝗲 𝗯𝗲𝗰𝗼𝗺𝗲 𝘁𝗵𝗲 𝗕𝗜𝗚𝗚𝗘𝗦𝗧 𝗗𝗥𝗔𝗠𝗔 𝗼𝗳 𝘁𝗵𝗲 𝗺𝗮𝘁𝗰𝗵? 😂🤝🔥
🇮🇳 𝗜𝗻𝗱𝗶𝗮𝗻 𝗳𝗮𝗻𝘀... 𝗪𝗵𝗮𝘁’𝘀 𝘆𝗼𝘂𝗿 𝗽𝗿𝗲𝗱𝗶𝗰𝘁𝗶𝗼𝗻? 😭👇
🇮🇳🔥
20/08/2026
⚔️ NEXT MISSION ON THE LINE!
📍 NAULA… HERE WE COME! 🔥
🗓️ RESERVE THE DATE — 22.08.2026 | SATURDAY
🏏 TITANS vs STALLIONS
Naula fans, get ready! 💥
DON’T MISS IT!
💙 ONE DREAM • ONE TEAM
19/08/2026
🖤💛 𝟳 𝗬𝗘𝗔𝗥𝗦 𝗢𝗙 𝗧𝗜𝗧𝗔𝗡𝗦 💛🖤
Today, we proudly celebrate 𝟳 𝗜𝗡𝗖𝗥𝗘𝗗𝗜𝗕𝗟𝗘 𝗬𝗘𝗔𝗥𝗦 of Titans Cricket Club. 🏏🔥
𝟳 years of 𝗛𝗔𝗥𝗗 𝗪𝗢𝗥𝗞. 𝗦𝗔𝗖𝗥𝗜𝗙𝗜𝗖𝗘𝗦. 𝗦𝗧𝗥𝗨𝗚𝗚𝗟𝗘𝗦. 𝗩𝗜𝗖𝗧𝗢𝗥𝗜𝗘𝗦. 𝗗𝗘𝗙𝗘𝗔𝗧𝗦. 𝗖𝗢𝗠𝗘𝗕𝗔𝗖𝗞𝗦.
To every 𝗣𝗔𝗦𝗧 & 𝗣𝗥𝗘𝗦𝗘𝗡𝗧 𝗧𝗘𝗔𝗠 𝗠𝗘𝗠𝗕𝗘𝗥 who has been part of this journey
𝗧𝗛𝗔𝗡𝗞 𝗬𝗢𝗨. ❤️🙏
Every sacrifice.
Every drop of sweat.
Every hour spent on and off the field.
Every moment you gave to this club helped build 𝗧𝗜𝗧𝗔𝗡𝗦 into what it is today.
🏆 𝟯 𝗔𝗪𝗔𝗥𝗗 𝗖𝗘𝗥𝗘𝗠𝗢𝗡𝗜𝗘𝗦 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗.
🏆 𝗧𝗛𝗘 𝟰𝗧𝗛 𝗢𝗡𝗘 𝗜𝗦 𝗬𝗘𝗧 𝗧𝗢 𝗖𝗢𝗠𝗘.
But this is 𝗡𝗢𝗧 𝗧𝗛𝗘 𝗙𝗜𝗡𝗜𝗦𝗛 𝗟𝗜𝗡𝗘. 🔥
We still have 𝗔 𝗟𝗢𝗧 𝗠𝗢𝗥𝗘 𝗪𝗢𝗥𝗞 𝗧𝗢 𝗗𝗢.
Bigger dreams to chase.
Bigger challenges to face.
And many more memories to create. 🚀🏏
And to our 𝗔𝗠𝗔𝗭𝗜𝗡𝗚 𝗙𝗔𝗡𝗦 & 𝗦𝗨𝗣𝗣𝗢𝗥𝗧𝗘𝗥𝗦 ❤️
Thank you for standing with us through every win, loss, high and low. Your love and support means more than words can say. 🙏
𝟳 𝗬𝗘𝗔𝗥𝗦 𝗗𝗢𝗪𝗡.
𝗧𝗛𝗘 𝗕𝗘𝗦𝗧 𝗜𝗦 𝗦𝗧𝗜𝗟𝗟 𝗔𝗛𝗘𝗔𝗗. 🖤💛🔥
Stay with us.
Believe in us.
Keep supporting us. ❤️
𝗪𝗘 𝗔𝗥𝗘 𝗧𝗜𝗧𝗔𝗡𝗦. 🏏🔥
𝗢𝗡𝗘 𝗗𝗥𝗘𝗔𝗠 • 𝗢𝗡𝗘 𝗧𝗘𝗔𝗠 🖤💛
08/08/2026
🌧️ 𝗥𝗔𝗜𝗡, 𝗥𝗔𝗜𝗡, 𝗚𝗢 𝗔𝗪𝗔𝗬…
☔ 𝗖𝗢𝗠𝗘 𝗔𝗚𝗔𝗜𝗡 𝗔𝗡𝗢𝗧𝗛𝗘𝗥 𝗗𝗔𝗬! 😤🏏
🔥 𝗪𝗲𝘀𝘀𝗮 𝗮𝘄𝗮𝘁𝗵… 𝗚𝗔𝗠𝗘 𝗢𝗡! 💪🏏
⚔️ 𝗧𝗵𝗲 𝗯𝗮𝘁𝘁𝗹𝗲 𝗶𝘀 𝘄𝗮𝗶𝘁𝗶𝗻𝗴.
🖤💛 𝗧𝗵𝗲 𝗧𝗶𝘁𝗮𝗻𝘀 𝗮𝗿𝗲 𝗿𝗲𝗮𝗱𝘆! 🔥
🏏 𝗧𝗜𝗧𝗔𝗡𝗦 🆚 𝗔𝗣𝗜𝗜𝗧 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗞𝗔𝗡𝗗𝗬
📍 𝗦𝗿𝗶 𝗥𝗮𝗵𝘂𝗹𝗮 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗚𝗿𝗼𝘂𝗻𝗱, 𝗞𝗮𝘁𝘂𝗴𝗮𝘀𝘁𝗼𝘁𝗮
📅 𝟬𝟵𝘁𝗵 𝗔𝘂𝗴𝘂𝘀𝘁 𝟮𝟬𝟮𝟲
⏰ 𝟵.𝟬𝟬 𝗔𝗠
🔥 𝗢𝗡𝗘 𝗗𝗥𝗘𝗔𝗠 • 𝗢𝗡𝗘 𝗧𝗘𝗔𝗠 🔥
🖤💛
04/08/2026
🏏🔥 𝗙𝗨𝗟𝗟 𝗧𝗜𝗠𝗘 | 𝗠𝗔𝗧𝗖𝗛 𝗥𝗘𝗦𝗨𝗟𝗧 🏆
A nail-biting finish... 💥
❤️🔥 𝗣𝗮𝘀𝘀𝗶𝗼𝗻. 𝗧𝗲𝗺𝗽𝗲𝗿𝗮𝗺𝗲𝗻𝘁. 𝗕𝗲𝗹𝗶𝗲𝗳.
👑 Titans finish on the winning side and stay on top. 🖤💛
🏆 One Dream • One Team
🏏🔥
දෙසැම්බර් 21 වන දින අප කණ්ඩායම මුහුණ දුන් 18 වන තරඟය තෙල්දෙණිය පොලිස් කණ්ඩායමට එරෙහිව අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
මෙය පොලිස් කණ්ඩායම සමඟ පැවති 5 වන තරඟයයි.
කාසිය වාසිය ජයගැනීමෙන් අනතුරුව අප කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබීය.
එම තීරණය හුදෙක්ම වැරදි තීරණයක් බව සනාථ කරවූයේ අප කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 55ක් තුළ දැවී යාමෙන් පසුවය.
ඉන් අනතුරුව පිටියේ එක්වූ Dilmika dodantenna සහ Chethiya anuradha 9 වන කඩුල්ලට ලකුණු 46ක් එක් කරන ලදි.
අවාසනාවන්ත ලෙස Dilmika dodantenna දැවී යද්දී පන්දු 54කදී ලකුණු 36ක් ලබා සිටියේය.
එම ඉනිමට දැවැන්ත 6 පහර දෙකක් ඇතුළත් විය. හුදෙකලා සටනක නිරත වූ chethiya anuradha අවසාන කඩුල්ල ලෙස දැවී යද්දී අප කණ්ඩායමේ ලකුණු පුවරුව 156ක් ලෙස දිස්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ chethiya පන්දු 43කදී ලකුණු 45ක් ලබා ගන්නා ලදි. එම ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 3ක් අන්තර්ගත විය.
තෙල්දෙණිය පොලිස් කණ්ඩායම වෙනුවෙන් Kumara නියමිත පන්දුවාර 8 අවසානයේ ලකුණු 44කට කඩුලු 3ක් ලබා ගන්නා ලදි. Pasindu සහ Liyanage අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය. .
දිවා ආහාරයෙන් අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹූ පොලිස් කණ්ඩායමට සාර්ථක වීමට අප පන්දු බලෑණිය ඉඩලබා නොදුන්නේය.
ලකුණු පුවරුව ලකුණු 87ක් වන විට පොලිස් කණ්ඩායමේ කඩුලු 8ක් දවා ගනිමින් ජයග්‍රහණය අබියසට අප කණ්ඩායම පැමිනෙන ලදි.
එනමුදු ජයග්‍රහණය පහසු ජයක් බවට පත්කරගැනීමට අවස්ථාව ලබා නොදුන් තෙල්දෙණිය පොලිස් කණ්ඩායමේ 9 වන කඩුල්ලට Samarakoon සහ Liyanage ලකුණු 64ක විශිෂ්ට සම්බන්ධතාවයක් පවත්වන ලදි. එනමුත් 39 වන ඕවරය යොමු කල sandun Tharaka ඒ වන විට ලකුණු 40ක් ලබා සිටි samarakoon දවා ගැනීමෙන් අනතුරුව නැවතත් තරඟය අප කණ්ඩායම දෙසට දෝලනය විය.
අවසන් පන්දූ ඕවරයට ලකුණු 6ක් පමණක් ලබා ගැනීමට තිබියදී අවසන් පන්දුවාරය යැවීමේ භාරදූර කාර්ය sudath hapukotuwa විසින් භාරගන්නා ලදි. ඔහුගේ පන්දු ඕවරයේදී එක් ලකුණක් පමණක් ලබා දෙමින් ඕවරය අවසන් කිරීමට sudath hapukotuwa සමත් විය.
ඒ අනුව අප කණ්ඩායමට ලකුණු 4ක තියුණු වූත් විශිෂ්ට වූත් ජයග්‍රහණයක් ලැබීය.
අප කණ්ඩායම වෙනුවෙන් තම පළවෙනි තරඟය ක්‍රීඩා කල Ovindu Thathsara නියමිත පන්දු වාර 8ට නිලකුණු පන්දුවාර 2ක්ද සමඟ ලකුණු 20ක් පමණක් ලබා දී කඩුලු 5ක් ලබා ගන්නා ලදි. එයට අනගි සහයක් ලබාදුන් sudath hapukotuwa ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් ලබා ගන්නා ලදි.
ඒ අනුව පොලිස් කණ්ඩායම සමඟ පැවති 5 වන තරඟය ජයග්‍රහණයෙන් අනතුරුව තරඟාවලිය 4ට එකක් ලෙස අප කණ්ඩායම ඉදිරියෙන් සිටී.
ගිය වසරේ ක්‍රීඩාකළ තරඟ අතර ඉතා තියුණු උද්වේගකර සහ දෙපිලටම දෝලනය වූ තරඟය මෙය වූ අතර අවසාන පන්දුව තෙක් ජයග්‍රහණය නිශ්චිත නොවූ තරඟය ද මෙය විය.
තවත් මෙවැනි තරඟ විස්තරයකින් ඉක්මනින් හමුවෙමු.