10/08/2026
🏅 University Colours Award 2026 – Volleyball 🏐✨️
Ruhuna විශ්වවිද්‍යාලයෙ වොලිබෝල් ක්‍රිඩාව වෙනුවෙන් COLOURS සම්මාන ලැබූ අපේ කොල්ලො දෙන්නට හදවතින්ම සුභ පැතුම්! 💙
"ඔයාලගේ කැපවීම, මහන්සිය සහ කණ්ඩායම් හැඟීම මේ සම්මානයට හේතුව"
වලගෙදර ක්‍රිඩා සමාජයෙන් ඔබ දෙපලට උනුසුම් සුබ පැතුම් !
01/07/2026
වලගෙදර ක්‍රිඩාවට නිරතුරුවම සහයෝගය දෙන සංජි මලවරාඅරච්චි මහතගේ සංකල්පයක්
💙🙏
කොරියන් රස එක්ක අපූරු "රාමෙන් දන්සැලක්!" 🍜
ලංකාවේ කොරියන් රස ලොව පෙරළිකාර K-Food සන්නාමය මඟින් සංවිධානය කරපු මේ සුවිශේෂී වැඩසටහන, කොරියාවේ විදේශගතව සිටින අපේම දක්ෂ තරුණ ව්‍යවසායකයෙක් වන සජීව මහතාගේ අපූරු සංකල්පයකි! 💡🇰🇷
මේ සුපිරි දන්සැලට සමගාමීව, ඔයාලා හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු සුවිශේෂී ආරංචියකුත් තියෙනවා. ඒ තමයි K-Food නවතම ශාඛාව දැන් මතුගමදී විවෘතයි! 🥳✨
නියම කොරියානු ආහාර වල රස බලන්න, යාලුවොත් එක්ක පවුලේ අයත් එක්ක අදම අපේ අලුත්ම ශාඛාවට ගොඩවෙන්න. 🥢🔥
📍 ස්ථානය: අලුත්ගම පාර, මතුගම
29/05/2026
මැච් එකක් පටන්ගෙන 1 වටය නිමාවෙලා.දෙවන වටයෙත් මැද භාගයේදි තරගය ක්‍රියාත්මක වෙමින් තිබියදි ( නෙට් එක පාතයි කියලා ) පුහුනුකරුවන් කිවට පස්සේ ඒ තීරනය විනිසුරුවරුන් ක්‍රියාත්මක වෙලා නෙට් එක උස්සන්න වෙලා ගන්න එක සදාරනද ?
➡️දැල විනිසුරු පරික්ශාකිරිම තරගයට පෙර කරන ලදි..
නිතිය අනුවනම් නෙට් එකේ දැල ඉරුනොත්,නෙට් එකේ කණුවකට හානියක් හෝ ක්‍රිඩකයෙක්ට INJURED එකක් උනොත් හැරෙන්නට අනිතිකව එහෙම විනිසුරුවන්ට මැදිහත්වෙන්න පුලුවන්ද ?
:- FIVB RULE 16.1 /16.2 තරගය ගලාගෙන යාමේ රිද්මය සම්පුර්ණයෙන්ම ප්‍රමාද කිරිමේ වරද .
දන්න අය කියාගෙන යන්න ⬇️⬇️
20/05/2026
අද දින උපන්දිනය සමරන වලගෙදර මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති විමල් වික්‍රමතන්ත්‍රි මහතාට අප සැම සුබපතමු !
Wimal Wickramathanthri සුබ උපන්දිනයක් වේවා සර් !
#වලගෙදර
12/05/2026
වලගෙදර ක්‍රීඩා සමාජය නියෝජනය කළ දක්ෂ වොලිබෝල් ක්‍රීඩක ටශින් මලිශ
ඔබට සුබ උපන්දිනයක් වේවා! 🎂🏐
මාදම්පේ සේනානායක විද්‍යාලය, ✅
නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය, ✅
වලගෙදර මහා විද්‍යාලය ✅
නියෝජනය කරමින් පාසල් වොලිබෝල් පිටිය වර්ණවත් කළ ඔබ,
වලගෙදර ක්‍රීඩා සමාජයේ නාමය ඉහළට ඔසවා තැබූ ඔබේ කැපවීමට අපේ උත්තමාචාරය!
08/05/2026
APPRECIATE 🙏
මේ ඉන්නේ නිකන්ම නිකන් කෙනෙක් නෙවෙයි.
1980 - 1985 දී මව්බිමේ ධජය ලෝකය ඉදිරියේ
ඔසවා තැබූ හිටපු ශ්‍රි ලංකා
වොලිබෝල් නායක ජිනදාස සිරිවර්ධන
මහතා.
"ගම්පහ සිරා" W.L. සිරිවර්ධන මහතාගේ
පරපුරෙන් පැවත එන,
රාජ්‍ය සේවා පිටියේ අණසක පැතිරූ,
වලගෙදර ක්‍රිඩා සමාජයෙන් පිටියට පිවිස පසුව ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩයම නියෝජනය කර දක්ශයෙක්..
සල්ලි නෑ, පහසුකම් නෑ, හැබැයි ගම ,රට
වෙනුවෙන් දිවි පුදා සෙල්ලම් කරපු ඒ කාලේ වීරයෙක්.
වලගෙදර නම රන් අකුරින් ඉතිහාසයේ
ලියූ ඔබට අපේ නමස්කාරය! 🙏
➡️වලගෙදර සිංහ ක්‍රීඩා සමාජය ✅
➡️වලගෙදර ක්‍රිඩා සමාජය ✅
➡️පොතුපිටිය ලකි සික්ස් ක්‍රිඩා සමාජය ✅
➡️ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිඩා සමාජය ✅
➡️CEYLON NATIONAL TEAM ✅
යන කණ්ඩායම් එතුමා නියෝජනය කලා !