Fitness With Mashi

Fitness With Mashi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fitness With Mashi, Personal trainer, hikkaduwa, Hikkaduwa.

believe in yourself,everything is possible if you take that first step ✨❤️
Nationally Qualified Physical Fitness trainer
Online coaching & personal training
Fit & Fun Aerobics,zumba
Hikkaduwa / Matara
0775014483

30/08/2026

හොදම යාලුවෝ කියල හිතන් ඉන්න අය ඇත්තටම හොදයිද?🤔🥲

29/08/2026

Self confidence එක ඇති කරගන්න - "නැවත පටන් ගන්න."
🙋‍♀❤️

Fitness with Mashi Cardio Dance workout class + strength training ❤️

✅ශරීරය ක්‍රියාශීලී කරගන්න.
✅ශක්තිය හා නම්‍යශීලීතාව වැඩි කරගන්න.
✅මානසික ආතතිය අඩු කරගන්න.
✅සතුටින්, විශ්වාසයෙන් ඔබවම වෙනස් කරගන්න.

හිත හිත ඉන්න එපා .
අදම සම්බන්ධ වන්න.

මාතර/ හික්කඩුව/ ඔන්ලයින්
0775014483
මාශි

fans

28/08/2026

මේ ලෝකෙ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නෙ තරඟයක් ඇතුලෙ.
ඒක ඒ මිනිස්සු හිතින් මවා ගත්ත අමුතුම තරඟයක් !

පෘතග්ජන මනුස්ස ස්වභාවය තමයි, හැම වෙලේම තමන් අනික් අය එක්ක සංසන්දනය කරන එක !
ඒ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නෙ නෑ, මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් තව මනුස්සයෙට සමාන වෙන්නෙ නෑ කියන එක.
අඩු ගානෙ නිවුන්නු දෙන්නෙක් වත් එකිනෙකාට 100% ක් සමාන වෙන්නෙ නෑ.
ඉතින් අපි කොහොමද තව කෙනෙක් එක්ක තමන්ව සංසන්දනය කරන්නෙ?

තමන්ව අනුන් එක්ක සංසන්දනය කරලා අමුතුම තරඟයක් ඔලුවෙ හදා ගන්න එක තමා මනුස්සයෙක්ට කරන්න පුලුවන් මෝඩම වැඩේ.
මොකද,
ඔයා තව කෙනෙක් එක්ක රූපයෙන් තරඟ කලොත්, මේ ලෝකෙ ලස්සනම කෙනා බවට ඔයා පත් වුණත්, ඔයාට වඩා දැනුමෙන් ඉහලට ගිය කෙනෙක් මේ ලෝකෙ ඉන්න පුලුවන් ,
එතනදි ඔයා ඒ කෙනාට දෙවෙනි වෙනව.

රස්සාවෙන් තරඟ කරලා ඉහලම පුටුවකට ගියත්, ඔයාට වඩා නිදහසේ සැහැල්ලුවෙන් සතුටින් ජීවිතේ ගෙවන මනුස්සයෙක් ඉන්න පුලුවන් මානසික සහනය උපරිමයෙන් ලබන.

හිතන්න, මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නැහැ.
ඔයාගෙ තියන දක්ෂතා වෙන කෙනෙක්ට නැති වෙන්න පුලුවන් , හැබැයි ඒ කෙනා ඔයාට වඩා වෙනස්ම දක්ෂතාවයකින් යුක්ත වෙන්න පුලුවන් .

ඔයා ඉස්පිරිතාලෙ ලොකුම දොස්තර උනත්, ඔයාගෙ වාහනේ කැඩුන වෙලාවට ඔයා යන්නෙ ගරාජ් බාස් කෙනෙක් හොයාගෙන.

ඔයා මේ ලෝකෙ ඉන්න ප්‍රකෝටිපතියෙක් උනත්, ඔයාට ලෙඩ උන ගමන් ඔයාට දොස්තර කෙනෙක් හොයාගෙන යන්න වෙනව.

ඔයා මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා උනත්, ඔයාට ගෙයක් හදා ගන්න ඕනෙ නම් මේසන් බාස් කෙනෙක්ගෙ සහයෝගෙ ගන්න වෙනව.

ඒ නිසා කා එක්ක වත් තරඟයක් ඔය ඔලු ගෙඩිය ඇතුලෙ මවා ගන්න එපා.
තරඟ කරලා ඉවර කරන්න අපි කාටවත් බෑ.
අවශ්‍ය තැනදි අවශ්‍ය කෙනෙක්ට උදව් උපකාර කරලා, සහයෝගෙන් වැඩ කර ගන්නව තරම් ලස්සනක් වෙන කොහෙන්ද ජීවිතේකට?
ඉරිසියාව, තරඟය නැති බැදීම් කොච්චර ලස්සනද ?
ජීවත් වෙන පොඩි කාලෙක එක එක්කෙනා එක්ක තරඟ කරලා අපි හැමෝම යන්නෙ පොලවෙ පස් වෙන්න...
එදාට වල වහන්න එන්නෙ ආදරේ කරපු මිනිස්සු මිසක්, තරඟ කරපු මිනිස්සු නෙවෙයි.

ඊයෙ හිටිය ඔයාට වඩා ගුණධර්ම වලින්, ආදරෙන් කරුණාවෙන් පරිපූර්ණ වෙච්ච මනුස්සයෙක් වෙන්න.
වටිනාකම් ඇති වෙන්නෙ ගුණ ධර්ම වලින් මිසක් ලොකුකම් වලින් නෙවෙයි බව හොදට මතක තියා ගන්න 💕👑️

අනුන් එක්ක තරඟයක් නැති ලස්සන හදවත් තියන හැම මනුස්සයෙක්ටම ජයෙන් ජයම වේවා 😍🥰💕

✍️ හසනි ලේල්වල 🫡❤️

25/08/2026

මාතරට මාසයයි.. ❤️😍

කියන්නම ඕන කතාවක් අදට අවුරුදු හතරකට කලින් ෆිට්නස් ගැන ඉගෙනගෙන Qualified Fitness coach ( ඉගෙන ගන්න දේවල්
ඉවර නෑ තව තියෙනවා නිතරම update වෙන්න ඕන) කෙනෙක් විදියට හික්කඩුවෙ පන්ති පටන් ගනිද්දි මාසෙම පන්තියටම හිටියෙ කෙල්ලො තුනයි.. ( දැනට 150 කට වැඩි පිරිසක් හික්කඩුවේ මාත් සමග සම්බන්ධ වෙලා තියෙනවා හික්කඩුව පමණක් )

එතකොට මම procurement officer ලෙස ආයතනයක වැඩ කරමින් ඉන්න ගමන් ඔෆිස් වැඩත් manage කරගෙන මුදල් අතිනුත් පාඩු කරගෙන ඒ තුන් දෙනාටම පන්ති කරල හොද රිසාල්ට් එකක් දෙන්න පුදුම කට්ටක් කෑවා.ඒ වගේම හොදම රිසාල්ට් මගේ පන්තියෙන්

"Fitness with Mashi" කියන බ්‍රෑන්ඩ් එක කොහේ ගියත් හැදෙන පිරිසක් ඉන්නවා.. ඉතින් දවසින් දෙකෙන් හැදෙන පිරිසක් නෙමෙයි. කිසිම අතුරු ආබාධයක් නැතුව හැමෝවම ලස්සන කරපු මේ මගේ results වලට ම හැදුන පිරිසක් .
මට කවදාවත් කාවවත් තරගයක් උනේ නෑ.( ආඩම්බරකමක් නෙමෙයි) මට තරගෙ මාවමයි..

ඉතින් තව ඉවර නෑ තව ගොඩක් දුර යන්න තියෙනවා..
මෙතුවක් මාව විශ්වාසයෙන් මාත් එක්ක රැදුන ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තූතියි.. ❤️

21/08/2026

Skip කළොත් regret.
අද කළොත් progress.🙋‍♀️❤️

Beginner Friendly
today workout session.

No equipment
Body weight only 🤫

Fitness with Mashi
Benefits
✅ශරීරය ක්‍රියාශීලී කරගන්න.
✅ශක්තිය හා නම්‍යශීලීතාව වැඩි කරගන්න.
✅මානසික ආතතිය අඩු කරගන්න.
✅සතුටින්, විශ්වාසයෙන් ඔබවම වෙනස් කරගන්න.

හිත හිත ඉන්න එපා .
අදම සම්බන්ධ වන්න.

මාතර/ හික්කඩුව/ ඔන්ලයින්
0775014483
මාශි
( Aerobics instructor ,Group fitness trainer, physical fitness trainer NVQ 4)

fans

19/08/2026

Self confidence එක ඇති කරගන්න - "නැවත පටන් ගන්න."
🙋‍♀❤️

Fitness with Mashi Cardio Dance workout class + strength training ❤️

✅ශරීරය ක්‍රියාශීලී කරගන්න.
✅ශක්තිය හා නම්‍යශීලීතාව වැඩි කරගන්න.
✅මානසික ආතතිය අඩු කරගන්න.
✅සතුටින්, විශ්වාසයෙන් ඔබවම වෙනස් කරගන්න.

හිත හිත ඉන්න එපා .
අදම සම්බන්ධ වන්න.

මාතර/ හික්කඩුව/ ඔන්ලයින්
0775014483
මාශි
( Aerobics instructor ,Group fitness trainer, physical fitness trainer NVQ 4)

fans

Photos from Fitness With Mashi's post 18/08/2026

"ශාරීරික වෙනස්කම්වලට වඩා ඔබ මට නැවත ලබා දුන්නේ මගේ නැතිවෙලා තිබුණු ආත්ම විශ්වාසයයි." ( client )

මං හිතන්නෙ මේ කාලය පුරාවටම මට ලැබුණ "දිගම" feedback එක මේක වෙන්න ඕනෙ.. 🫣❤️

ඇය මාව හදුනගෙන තවම මාස 3 යි,
ඒ කාලයට මාත් එක්ක online class සම්බන්ධ වෙලා මෙහෙම review එකක් දෙන්න තරම් මේ client ගේ හිතේ කොච්චර සතුටක් , පැහැදීමක් තියෙන්න ඕනද?

මේ හොදටම ඇති තව මොනාද? 🙌🤫

Want your business to be the top-listed Gym/sports Facility in Hikkaduwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Hikkaduwa
Hikkaduwa