13/07/2026
🏆 *සුභ පැතුම්* 🏆
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නව ලේකම් තනතුරට පත් වූ ඔබතුමන් හට ගම්පහ දිස්ත්‍රික් කබඩි සංගමය වෙනුවෙන් අපගේ උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමු.
ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩාව තව තවත් දියුණු වේවා!
අපගේ සම්පූර්ණ සහයෝගය සැමවිටම ඔබට ඇත.
සුභ පැතුම්,
ගම්පහ දිස්ත්‍රික් කබඩි සංගමය
29/06/2026
ආදරනීය පියාණන් හට නිවන්සුව ලැබේවා !
19/06/2026
🇯🇵 ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හිදී පවත්වනු ලබන 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කබඩි තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා කබඩි කණ්ඩායමට තේරී පත්වූ උපේක්ෂා ජයවීර ක්‍රීඩිකාව හට ගම්පහ දිස්ත්‍රික් කබඩි සංගමයේ උණුසුම් සුබපැතුම් ✨️🤼♂️
10/11/2024
ජාතික කබඩි ශූරතාවලිය - 2024
ගම්පහ දිස්ත්‍රික් පිරිමි හා කාන්තා කන්ඩායම් තෝරා ගැනීමේ පරික්ශනය. 2024.11.17 වන දින ගම්පහ ශ්‍රිබෝධි ක්‍රීඩාංගණයේදී පෙ:ව 10 සිට පැවත්විමට කටයුතු සුදානම් කර ඇත.ඔබත් ගම්පහ දිස්ත්‍රික්කය තුල ස්තීර පදිංචි ක්‍රිඩකයෙකු නම් එදිනට වේලාසන පැමින ලියාපදිංචි වී ඒ සදහා සහභගී වන ලෙස දන්වා සිටිමි.
ශ්‍රී ලංකා කබඩි සම්මේලනය හා ගාල්ල දිස්ත්‍රික් කබඩි සංගමය එක්ව සංවිධානය කරනු ලබන ජාතික කබඩි ශූරතාවලිය - 2024.
මෙම කබඩි ශූරතාවලිය 2024 දෙසැම්බර් මස 20,21 හා 22 යන දිනයන්හිදී ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ශාමෙල් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා සියලුම දිස්ත්‍රීක්ක නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් වශයෙන් තරඟ වැදීමට නියමිතය.
මේ සඳහා ඔබ ලබා දෙන සහයෝගය ඉතා අගය කොට සලකමි.
ස්තුතියි,
මෙයට,
ගරු සංවිදායක
ගම්පහ දිස්ත්‍රික් කබඩි සංගමය.