30/07/2026
🏏 Cricket ඉතිහාසයේ හොඳම Batsman කවුද කියලා ඔයා හිතන්නේ? 🤔
👇 Comment එකෙන් A, B, C, හෝ D කියලා Vote කරන්න
ක්‍රිකට් වලට ආදරය කරන කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙන්න මේ පේජ් එකට🏏🥰
Fantasea villa located in unawatuna,turtle beach 150meters,famous thalpe beach 1km unawatuna beach 1 km
30/07/2026
🏏 Cricket ඉතිහාසයේ හොඳම Batsman කවුද කියලා ඔයා හිතන්නේ? 🤔
👇 Comment එකෙන් A, B, C, හෝ D කියලා Vote කරන්න
27/07/2026
ඔබේ තේරීම මොකක්ද ?👇
26/07/2026
යකාගෙන් අදත් වටිනා ඉනිමක් 72*off 34balls🔥
26/07/2026
zimbabweට එරෙහිව තුන්වන T20 තරගයෙදි Vaibhav suriyavandhi පන්දු 49 කදි ලකුනු 81 රැස් කරයි🏏🇮🇳
26/07/2026
✅Correct Answer එක Comment කරගෙන යන්න.
Sanath Jayasuriya Thisara Perera Kusal Janith Perera Pathum Nissanka
කමියා චමීරට ගහපු සුපිරි හයේ පහර🔥❤️
LPL - Lanka Premier League Dushmantha Chameera
Dassa උපරිමේ කරා💔🥹
25/07/2026
ලෝක කුසලානය පැරදුණත් Sky Sports ලැයිස්තුවේ අංක එක මෙසීට ⚽🇦🇷
2026 ෆිෆා ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පස්සේ, Sky Sports ආයතනය විසින් සංඛ්‍යාලේඛන පදනම් කරගෙන සකස් කරපු Power Rankings ලැයිස්තුව එළිදක්වලා තියෙනවා. තරගාවලියේදී ක්‍රීඩකයන් දක්වපු විවිධ දක්ෂතා 35ක් මැන බලලා තමයි මේ ලැයිස්තුව සකස් කරලා තියෙන්නේ. මේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිවෙලා තියෙන්නේ ආර්ජන්ටිනා නායක ලියොනෙල් මෙසීටයි. අවසන් මහා තරගයෙන් ආර්ජන්ටිනාව පරාජය වුණත්, වයස අවුරුදු 39ක් වන මෙසී ගෝල 8ක් සහ ගෝල සහයවීම් (assists) 4ක් ලබාගනිමින් පෙන්වපු ස්ථාවර දක්ෂතාව නිසා ඔහුට මේ ලැයිස්තුවේ අංක එක හිමිවුණා. මීට අමතරව ඔහු AIPS විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසත් සම්මාන ලැබුවා.
ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිවෙලා තියෙන්නේ ප්‍රංශයේ කිලියන් එම්බාපේටයි. තරගාවලිය පුරා ගෝල 10ක් ලබාගනිමින් රන් සපත්තුව (Golden Boot) දිනාගත්තු ඇම්බප්පේ, තමන්ගේ ප්‍රහාරාත්මක දක්ෂතාවයෙන් ලැයිස්තුවේ උඩින්ම ඉන්න සමත් වුණා. තුන්වැනි ස්ථානය එංගලන්තයේ ජූඩ් බෙලින්හැම්ට හිමිවුණේ තරගාවලිය පුරා ගෝල 7ක් වාර්තා කරමින් එංගලන්තය 3 වැනි ස්ථානයට අරන් යන්න දක්වපු දක්ෂතාව නිසයි. තනි තනි ක්‍රීඩකයන් ලබාගත් ගෝල සහ ගෝල සහයවීම් වලට වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිවන නිසා මේ ප්‍රහාරාත්මක ක්‍රීඩකයන්ට මුල් තැන ලැබිලා තියෙනවා.
මෙවර ලෝක කුසලාන ශූරතාව දිනාගත්තු ස්පාඤ්ඤ කණ්ඩායමේ ක්‍රීඩකයන් මුල් ස්ථාන හතර ඇතුළේ නැති වුණත්, 5 සිට 10 දක්වා ස්ථාන පාලනය කරන්න ඔවුන්ට හැකිවුණා. ස්පාඤ්ඤය තනි ක්‍රීඩකයෙකු මත යැපෙන්නේ නැතුව සාමූහිකව සෙල්ලම් කරපු නිසා ඔවුන්ගේ ලකුණු කණ්ඩායම පුරා බෙදී ගිහින් තියෙනවා. ඒ අනුව ගෝල්ඩන් ග්ලව් සම්මානය දිනූ ගෝල රකින ක්‍රීඩක උනායි සිමෝන් (Unai Simón) 5 වැනි ස්ථානයටත්, පේද්‍රෝ පොරෝ 7 වැනි ස්ථානයටත්, මිකෙල් ඔයාර්සාබල් 8 වැනි ස්ථානයටත් (ගෝල 5යි, ඇසිස්ට් 1යි), අයිමරික් ලැපෝර්ට් 9 වැනි ස්ථානයටත් පත්වුණා. 10 වැනි ස්ථානය දිනාගත්තේ තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා වුණු 19 හැවිරිදි පාවු කුබර්සි (Pau Cubarsí) විසිනුයි.
මේ ලැයිස්තුවේ තියෙන ලොකුම කතාබහ සහ මතභේදාත්මක සිදුවීම තමයි, FIFA ආයතනය විසින් ලෝක කුසලාන තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව (Golden Ball) ලබාදුන්න ස්පාඤ්ඤයේ රොඩ්රි (Rodri) මේ ලැයිස්තුවේ මුල් 10 දෙනා අතරටවත් ඇතුළත් නොවීමයි. Sky Sports ලැයිස්තුවේ රොඩ්රිට හිමිවෙලා තියෙන්නේ 18 වැනි ස්ථානයයි. ඔවුන්ගේ සංඛ්‍යාලේඛන මැනීමේ ක්‍රමය ගෝල සහ ගෝල සහයවීම්වලට වැඩි බරක් තබන නිසා, මැදපෙළ මෙහෙයවන රොඩ්රිගේ තාක්ෂණික සහ පාලන දක්ෂතාවලට ලැබුණු ලකුණු ප්‍රමාණය අඩු වීම ඊට හේතුව ලෙස පෙන්වා දෙනවා.
Dasun Shanaka Sri Lanka Cricket
24/07/2026
ඔබේ තේරීම මොකක්ද? 👇
දසුන් ශානක කියන අය ❤️ දාන්න.
👍 පැතුම් නිස්සංක කියන අය 👍 දාන්න.
Dasun Shanaka Pathum Nissanka