Ceylon Cadds

Ceylon Cadds

Share

Ceylon Cadds exports some of the most fresh Pure Ceylon Tea and 100% quality organic Ceylon Cinnamon that can be found.

19/09/2020

2020.09.19
Ceylon Tea නාමයට හානිවීමට ඉඩ දෙන්න එපා - ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තේ ලෝක වෙළෙඳපොළට සපයන්න
ජනපති තේ කර්මාන්තකරුවන්ට කියයි.

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී.
සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රණයෙන් කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මගින් වාර්තා වේ. එවැනි තේ ලෝක වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී තිබේ.
රටේ කීර්තිනාමයට මෙන්ම ලෝක වෙළෙඳ පොළේ Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානියක වීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ගම්මිරිස් වෙළෙඳ පොළට සිදුවූ හානියට තේ කර්මාන්තයත් ගොදුරුවීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා තරයේ කියා සිටි.
ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමග ඊයේ (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
ලෝක වෙළෙඳ පොළේ තේ සඳහා ඉල්ලුම 65% සිට 45% දක්වා පහළ වැටීමට තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය බලපා තිබේ. මෙරට තේ කර්මාන්ත ශාලා සංඛ්‍යාව 705කි. කර්මාන්ත ශාලා 45කින් අයථා ක්‍රියාකාරකම් වාර්තා වී ඇති අතර පරීක්ෂණවලින් පසු 18ක නිෂ්පාදන නතර කළ බව තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පැවසීය.
කසළ තේ සහ අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තේ නිෂ්පාදනය කරන ආයතන වැටලීම බුද්ධි අංශ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය මගින් සිදු කෙරේ.
රටට ලැබෙන ආදායමට හෝ තේ කර්මාන්තයට හෝ බාල තේ නිෂ්පාදනයෙන් බාධාවක් වීමට ඉඩ නොතැබිය යුතුය. ඉහළ ගුණාත්මක බවින් යුතු තේ ලෝක වෙළෙඳපොළට සැපයීමට තේ කර්මාන්තශාලා හිමියන් මෙන්ම අපනයනකරුවන් වගබලාගත යුතුය. බාල තේ නිෂ්පාදනයට ඉඩ නොදෙන අතර එය නොතකා ක්‍රියා කරන කර්මාන්තශාලා වසා දමන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බුද්ධි අංශ සහය ඇතින අඛණ්ඩව පරීක්ෂණ කර මෙවැනි ආයතන වැටලීම් කරන ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට නියෝග කළේය.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, වැඩබලන පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරිහූ සහ තේ කර්මාන්තශාලා හිමියෝ සහ අපනයනකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

13/04/2020

සැමටම සාමය සතුට පිරි වාසනාවන්ත සුබ අළුත් අවුරුද්දක් වේවා!
Happy new year
---Ceylon Cadds---

25/03/2020
Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Ceylon Cadds Export And Import (pvt) Ltd, 289B, Kottawa Road, Wanduramba
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00