Camping Tent for Rent Galle

Camping Tent for Rent Galle

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Camping Tent for Rent Galle, Sport & recreation, Galle, Elpitiya.

Photos from Camping Tent for Rent Galle's post 21/08/2022

Blue beach island ( නිල්වැල්ල )🇱🇰😍🔥

මාතර නිල්වැල්ලේ තියන ලස්සන පොඩී දූපතක් 😍, මෙතන නන් camping කරන්න, snorkeling කරන්න කියාපුම සුපිරි ම තැනක් , මේ දූපත පොඩි වැලි පරයකින් වෙන් වෙලා තියනවා , ඉර බැහැන් යනකොට පුදුම ලස්සනක් තියෙන්නෙ . ඒ වගේම මුහුදු වතුරත් ගොඩක් පැහැදිලි ඇත්තටම කිවුවොත් ළා නිල් පාටයී .
🐠 අපි camping site එක යන්න කලින් වෙන් කරන් ගියේ ඒ නිසා අපිට අවශ්‍ය ඔක්කොම අපිට සපුරා ගන්න ලේසී උනා ,
🐟 ලොකු විස්තර ඔනේ නෑ , සුපිරිම camping site එක, google map එකෙ search කරම location , එක එතකොට phone number එහෙම ගන්න පුලුවන්
🐠යන්න කලින් call කරලා කතා කරලා යන්න , 😌 ගිහිල්ලාම බලන්න කොච්චර ලස්සනයි ද කියලා

👉 මාතර - දික්වැල්ල - කුඩා වැල්ල - blue beach island ( නිල් වැල්ල )

This is a small island located in the Nilwella area of Matara in southern Sri Lankan . It is a beautiful island in the truest sense of the word, surrounded by the Blue Sea. The island is connected by a small sand dune. An island is also a great place for camping and snorkeling.It gives a very unique type of camping experience with the sound of the waves crashing against the shoreline.

Photos from Camping Tent for Rent Galle's post 21/08/2022

කරවැලුන්ගේ හඳුනාගත හැකි ලක්ෂණ කීපයක්

1. අපැහැදිලි ගෙල

අනෙකුත් සර්පයන්ට සාපේක්ෂව කරවැලුන්ගේ හිස ගෙලෙන් පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීම
අපහසු අතර සමහරුන්ගේ හිසෙන් පටන් ගන්නා අනාකූල සිලින්ඩරාකාර ස්වභාවය වලිගය තෙක් දිවේ
උදා- මුදු කරවැලා

2. ෂඩස්‍රා කාර කොරල පේලිය

කශේරුවට උඩින් පිහිටි ප්‍රදේශයේ එනම් සර්පයාගේ පිට උඩ පැහැදිලි ෂඩස්‍රාකාර කොරල පේලියක් වලිගය තෙක් දිවේ. මෙය රදනකයෙකුගෙන් කරවැලෙකු වෙන් කර හඳුනාගන්න පුලුවන් ප්රධානම ලක්ෂණයක්.

3. පැහැදිලි ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත සිරුර.

මෙහි කහ පැහැ මුදු සහිත ඉන්දියාවේ ජීවත් වන banded krait(Bungarus fasciatus)
කියන සර්පයාගේ (4 වන රූපය) පැහැදිලිව එම හැඩය පෙනීමට ඇත. අනෙකුත් කරවැලුන්ගේද එම ලක්ෂණය පවතී.

මේ කියන ලක්ෂණ තුනම ඔබට කරවැලෙකු රදනකයෙකුගෙන් වෙන් කර හඳුනාගැනීමට පහසුවේ

චායා රූ අන්තර්ජාලයෙන්.

Photos from Camping Tent for Rent Galle's post 20/08/2022

බක්කුල මහා සෑය🙏

Photos from Camping Tent for Rent Galle's post 20/08/2022

දළදා මාලිගාව විතරක් බලන්නේ නැතුව නුවර ගිහින් මේවත් බලලම එන්න ❤️👌

Photos from Camping Tent for Rent Galle's post 20/08/2022

නයිට් මේල් එකේ ගිහින් තිබ්බට මෙහෙම දෙයක් දැනන් හිටියද 😍😱🚂🚂🚂🚂🚂🌛

ඔබ බදුල්ල බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රියෙහි එක් වරක් හෝ ගමන් කල පුද්ගලයෙක් යැයි සිතමි.
සීතල ඝන මීදුම කපා හරිමින් කඳු පල්ලම් මැදින් සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන යකඩ යකා කොලඹ සිට බදුල්ල දක්වා ගමන් කරන්නට ගත වන පැය 12 ක පමණ වූ කාලය තුල අවශ්‍යනම් ඔබට කටුනායක සිට මෙල්බර්න් ගොස් නැවත එන්නට ද හැකිය. 😂 මේ අපූර්ව ගමනෙහි ඇති සංකීර්ණත්වය සහ එයට පැය 12 ක කාලයක් ගත වන්නට තරම් ඇති බැරෑරුම් බව නොදන්නා අයෙක් වේ නම් ඔහු ඒ ගැන යම් අවබෝධයක් ලබා ගත යුතුමය. ඉතින් යමුද නයිට් මේල් එකේ ටුවර් එකක්?

“මුගෙ අප්පට හාල් ගාරන්ඩ තාම නෑ මේ මගුල දැන් පැය කියක්ද? “ නයිට් මේල් එක එනකන් බලන් ඉන්න උන් හැමදාම වගේ කියන කතාවක් ඒක. ලංකාවේ දුම්රිය ගමන් වලින් නියමිත වෙලාවටම නයිට් මේල් එක ආවා කියන්නේ ඒක එක්තරා විදියක ජාතික පුදුමයක් 😂 ඇයි එහෙම වෙන්නෙ?

බදුල්ල බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය බොහෝ විට රුමේනියාවෙහිදි නිෂ්පාදිත මැදිරි 12 ක් හෝ 13 කින් සමන්විතය. පලමු, දෙවන,තෙවන පන්තීන් වල නිදන මැදිරි, සාමාන්‍ය මැදිරි, භෝජනාගාරයක් මෙන්ම තැපැල් සේවයට අයත් මැදිරි දෙකක් ඇතුලුව මෙලෙසෙ මැදිරි 13 ක් සමග ගිරි දුර්ග තරණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේය. මේ සදහා බලය සපයන්නට සැදි පැහැදි සිටින්නේ 1979 දි ශ්‍රී ලංකාවට ආනයනය කල බටහිර ජර්මනියේ නිෂ්පාදිත ලංකාවේ දුම්රිය එන්ජින් අතරින් සාර්ථකත්වය සහ කාර්ෂක්මතාවය අතින් ඉහලින්ම වැජබෙන M6 පන්තියේ ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජිමක්ය.

M6 දුම්රිය එන්ජිම අතීතයේ සිටම උඩරට කදුකරයේ රජ කරන්නට සමත් වූයේ එහි වූ ඩයිනමික් තිරිංග පද්ධතිය සහ සුවිශේෂී ඇක්සල සැකැස්ම නිසාවෙනි. ඒ කෙසේ වුවද මැදිරි 13 ක් සමග අධික බෑවුම් සහිත එම කදු පල්ලම් තරණය එයට තනිවම නම් කල නොහැකිය. කොලොම්පුරෙන් ගමන් ඇරඹි පසු පලමුව හමුවන 1:44 බෑවුමකින් යුත් රබුක්කන සහ කඩුගන්නාව අතර වූ දුර්ගය තරණයට පසුපසින් සහයක එන්ජිමක් වශයෙන් M5 පන්තියේ එන්ජිමක් සවි කරනු ලබන්නේ ඉදිරියට ඇදෙන්නට උත්සහ කරන දුම්රියට පිටුපසින් තල්ලු කොට ගමන පහසු කිරීමටයි. එම ක්‍රියාවලිය හදුන්වන්නේ බෑන්ක් කිරිම යනුවෙන්ය. කඩුගන්නාවේදි M5 සහයක එන්ජිම ගලවා දමන අතර පේරාදෙණියේදි පසුපසම ඇති තැපැල් මැදිරිය ගලවා වෙනත් දුම්රියකට සම්බන්ධ කර මහනුවර බලා යවනු ඇත. නැවත බදුල්ල බලා ගමන් ඇරබි පසු ගම්පොල දුම්රිය ස්ථානයදී තවත් M6 පන්තියේම බෑන්කින් එන්ජිමක් පිටුපසින් සවි කරනු ලබයි. ඒ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොල (අඩි 6204) දක්වා වූ සීඝ්‍ර නැග්ම නිසාවෙනි.

වැඩිම රියදුරන් ගණනක් (6 දෙනෙක්) සහභාගි වන දුම්රිය ගමන මෙය වන අතර නාවලපිටියේදි වඩාත් පලපුරුදු A ශ්‍රෙණියේ රියදුරු මහතුන් සතර දෙනෙකු පාලනය සියතට ගනියි. නානු ඔය දුම්රිය ස්ථානයේදි දුම්රියෙහි සම්පූර්ණ තිරිංග පද්ධති පරීක්ෂාවක් සිදු කරනු ලබන්නේ ඉදිරියේ ඇති දැක්කාම බඩ දන කදු නිසාවෙනි. සෙමෙන් සෙමෙන් අරුණලු නැගෙන අලුයම ජාමය වන විට පට්ටිපොලට ලගා වන දුම්රියෙහි එන්ජින් සැලැස්ම පට්ටිපොල සිට බදුල්ල දක්වා ඇති සීඝ්‍ර බැස්මට සරිලන ආකාරයට වෙනස් කිරීමක් එහිදි සිදු කරනු ලබයි. එහිදි මෙතෙක් සහයක එන්ජිමක් ලෙස පිටුපස තිබූ M6 එන්ජිම ගලවා ඉදිරිපසටම සවිකරනුයෙ ප්‍රධාන එන්ජිම ලෙසය. එය එන්ජින් පයිලට් කිරිම ලෙස හදුන්වයි. එය ව්‍යවහාරයේ ජර්මන් / සීතල හාදුව ලෙස ද හදුන්වයි. ඒ තනි එන්ජිමක තිරිංග බලය තියුණු බැස්ම සදහා ප්‍රමාණවත් නොවන බැවින්ය. එසේම එමගින් ඉදිරිපස මැදිරි වලට එන්ජිමෙහි බර සම්ප්‍රේෂණය වීම වලක්වයි. නිකමට හිතලා බලන්න එකක් ටොන් 70ක් බර එන්ජින් දෙකක් සහ මැදිරි 12කින් තියුණු බැස්මකදි ඇතිවන ගම්‍යතාවය?
දැන් ඇත්තේ පිලිවෙලින් ද්විත්ව M6 එන්ජින් සංකලනයකින් යුත් මැදිරි 12 ක ඉමක් නොපෙනෙන දුම්රියකි.

දෙවැනියට ඇති M6 එන්ජිම තිරිංග යොදා නියත මන්දනයකට ලක් කර තබන අතරේ දුම්රිය ගමන ප්‍රධානව පාලනය කරනු ලබන්නේ පසුපස සිට ඉදිරියට ගෙන ආ නව M6 එන්ජිම මගිනි. වැදගත්ම දෙය නම් බෑන්කින් / පයිලට් කිරිම සම්පූර්ණයෙන්ම සිදුවන්නේ පල පුරුද්ද මතය. බලවේග කට්ටල වල මෙන් මේවාට එන්ජින් දෙකම එක්වර තනිව පාලනය කල නොහැකිය. එබැවින් එන්ජින් දෙක රියදුරන් දෙදෙනෙක් විසින් වෙන වෙනම නිවැරදිව සහ ආරක්ෂිතව පාලනය කල යුතුවේ. එන්ජින් දෙක අතර සන්නිවේදනය සිදුවන්නේ නලා මගින්ය.

මේ සේරම එහෙම වෙද්දි සීතල ඉවසන්නට බැරි තරම්ය. ඒත් ඒ සීතලෙත් දොර තමයි හොදම තැන. ෂෝටක් ගහන් හිටියොත් තවත් මරුය. සීතල කැපෙන්නට ඇති හොදම විසදුම නම් අන්කල්ගේ කිරි කෝපි එකය. මීදුම පාර නොපෙනන තරම් 😍 මීදුම කපාගෙන වලාකුළු මැද්දෙන් යන කදු, පල්ලම්, පාලම්, බිං ගෙවල් මෙන්ම රේල් ගැටයක්ද සහිත වූ 292km කින් සමන්විත උඩරට දුම්රිය මාර්ගය ලොව ඇති අනතුරුදායකම සහ සුන්දරම දුම්රිය මාර්ගයකි.

අතුරු කතාවක්
දෙමෝදර රේල් ගැටය (Spiral Loop) යනු විශ්මයජනක ඉදිකිරීමකි. දුම්රිය මාර්ගය ඉදි කිරීමේදි ඉංජිනේරුවන් මුහුන පෑ ගැටලුවක් වූයේ දෙමෝදර සිට බදුල්ල දක්වා වූ අධික ආනතියයි. ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියේ දැරිය හැකි උපරිම ආනතිය ලෙස සලකන්නේ 1:44 ය. එබැවින් එම දුර්ගය තරණය සිදු ⁣කල නොහැකි බැවින් ඒ සදහා දුම්රිය ස්ථානය යටින්ම බිගෙයක් (Tunnel No 42) සහිතව නව මාර්ගයක් සැලසුම් කරන්නට එකල ඉංජිනේරුවන් සමත්විය. තවද විකල්පයක් සොයමින් සිටිද්දි තේ වතු කම්කරුවෙකුගේ හිස බැදි තලප්පාව දැක අදහස ඇති වූවා යැයි සැලකේ.

නැවතත්
වැසි සහිත දිනයක් නම් මේ ගමනට අධික කාලයක් ගත වෙයි. ඒ එමගින් ඝර්ෂණය සැලකිය යුතු මට්ටමකින් අඩු වන බැවින් දුම්රිය ගමන අතිශය දුෂ්කර වන බැවිනි. සමහර විටෙක ස්වාභාවික ආපදා හමුවේ ඉදිරියට ඇදෙන්නේ නැති තරම් වන අවස්ථාද ඇත. ඉතින් තේරෙන්නට ඇති කොතරම් සංකීර්ණ ගමනක්ද ඒක කියලා. ඒත් ඉතින් ඒකත් මේ රටේ ඉපදුන මනුස්සෙයක් විදියට විදින්නම ඕනේ අත්දැකීමක්.

තවම ගිහින් නැද්ද? ගිහින් බලන්න එක පාරක් නයිට් මේල් ⁣එකේ ❤️

✍️ Chirath Chandrarathna

Photos from Camping Tent for Rent Galle's post 20/08/2022

ඉඳල්ගස්හින්න බලන්න යන්න ආසද ... 🍃

ඉඳල්ගස්හින්න කියන්නෙ හැමෝම වගේ යන්න ආස තැනක්... ඒත් පහුගිය දවස් වල හැමෝම ඉඳල්ගස්හින්නෙ වෙච්ච සීන් එකක් ගැන කතා කරනවනෙ... ඕක හරියටම අපිට උන විදිය තමා දැන් මේ කියන්න යන්නෙ... ඕක උන දවසෙ අපි හිටියෙත් ඉඳල්ගස්හින්නෙ...

මේ සිද්ධිය උනේ පහුගිය 11 වෙනිදා පෝය දවසෙ... අපි 11 දෙනෙක් devils staircase යන්න ආවෙ... අපේ ප්ලෑන් එකේ තිබ්බෙ 11 රෑ නයිට් මේල් එකේ යන්න... ඒත් නයිට් මේල් එක කැන්සල් උන නිසා අපි 11 උදේ 5.50 train එකේ ගිහින් ඉඳල්ගස්හින්නෙ කෑම්ප් කරන්න තීරණේ කලා... අපි කතා උන විදියටම වැඩේ ලස්සනට උනා... train එක ඉඳල්ගස්හින්නට යද්දි 3 ට විතර කිට්ටුයි (හරියටම මතක නෑ) 🥴 අපි ඉතින් අත්‍යාවශ්‍යතා එහෙම ඉටු කරගෙන පාඩුවෙ උඩට නගින්න ගත්තා පැයකට විතර පස්සෙ... අනේ ඉතින් අපිට සෙට් උනේ ඉඳල්ගස්හින්නෙ කෑම්පින් කරන්න පුළුවන් පොට් වලින් පල්ලෙහාම පොට් එක... අපිට පිටිපස්සෙන් ආපු කොල්ලො ටිකක් හැරිලත් ගියා... අපි කෑම්ප් කලේ තේ වත්ත එහා පැත්තෙ තියෙන හිස් ඉඩම් කෑල්ලේ... ඒ හරියෙ කිසිම බෝඩ් එකක් මුකුත් ගහලා තිබ්බෙ නෑ කෑම්ප් කරන්නෙපා කියලා... කොහොමහරි කාලා බීලා අපි ඉක්මනටම නිදාගන්න ටෙන්ට් වලට පැන්නා වැඩිය දඟලන්නෙ නැතුව පහුවදා devils staircase යන්න තියෙන හින්දා... නිදාගන්න ගියාට ඉතින් කොල්ලො ටික කෑගගහා ආතල් එකේ පැය 1.5 ක් විතර හිටියා ඇහැරන්...

ඔන්න දැන් තමා සීන් එක පටන් ගන්නෙ... වෙලාව 11.30 ට විතර ඇති ටෙන්ට් එක ළඟට කවුරුහරි ඇවිත් කොල්ලො උඹලා නිදිද කියලා ඇහුවා... අපි ටෙන්ට් එක ඇරලා බැලුවම කොල්ලො දෙන්නෙක් හිටියා... උන් කිව්වා මචන් වන සංරක්ෂණ එකෙන් පැනලා අපේ ID එහෙම ඔක්කොම ගත්තා මෙතන කෑම්ප් කරන්න දෙන්නෙ නෑලු බන් කියලා... ඉතින් කොල්ලො දෙන්නටත් තෑන්ක්ස් කරලා මේකෙ ඇත්ත නැත්ත බලන්න අපි හතර දෙනෙක් ටෝච් එහෙම අරන් ටිකක් උඩට ගියා බලන්න... කෑම්ප් කරපු කොල්ලො දෙගොල්ලක් හම්බුනා අපිට... උන් දෙගොල්ලොම හරි හරි බන් බය වෙන්නෙපා මොනා හරි උනොත් ඔක්කොම ඉන්නවනෙ කියලා හිටියා... එතනින් එහා උඩට යන්න බැරි උනා... වෙලාව 12 -12.30 ත් අතර... පොඩ්ඩක් අඳුරත් වැඩී උඩ හරියට යද්දි... ඒක නිසා ආයෙ පහලට ආවා අපි... කමක් නෑ නිදාගමු කියලා නිදාගන්න ගිහින් පැය භාගෙකට විතර පස්සෙ අපිට ටෝච් එලි වගයක් පෙනුනා... ආයෙ එලියට ඇවිත් බලද්දි කොල්ලො දෙතුන්දෙනෙකුයි කෙල්ලො දෙතුනදෙනෙකුයි පහලට යනවා... ඇයි යන්නෙ ඇහුවම සීතල වැඩී කිව්වා... 😂💔 (උන් ටික මේක දකිනවනන් බලු වැඩේ හැබැයි ඈහ්... ඇත්ත කියන්න තිබ්බා) අවුලක් තියෙනවා කියලා තේරුනා ඒත් පොඩ්ඩක් ඉමු බලන්න කියලා හිටියා... ඊට විනාඩි 10 කට විතර පස්සෙ එක දිගට පෝලිමේ 200 ක් විතර පහලට බහින්න ගත්තා... එතන හිටපු කොල්ලො හැමෝගෙම ටෙන්ට්/music instruments and many more මුං අරන් තිබ්බා...

දැන් ඔන්න ඔහොම පහලට බහින කොල්ලො එක්ක අපේ උන් කතා කර කර ඉන්න ගමන්ම අපේ අනිත් උනු ටික බෑග් එහෙම එලියට අරන් ලෑස්ති උනා යන්න... ඔහොම ඉද්දි දෙන්නෙක් ඇවිත් එක පාරට අපිට ලිප හදපු තැන නිවපන් කියල කෑගැහුවා.... (හොඳටම නිවලා තිබ්බෙ අපි ඒක... 😏) අපේ උන් නිව්වා කිව්වාම... ආයෙ නිවපන් කිව්වා... කැමා ටීශර්ට්ස් වගයක් ඇඳගෙන හිටියෙ කවුද කියන්න අපි දන්නෑ... අපිට බනින්න ගත්තා උඹලා දන්නැද්ද මෙහෙ කෑම්ප් කරන්න බෑ කියලා... මේක රක්ශිතයක්... මේවා ගිනි තියලා ගියාම අපිනෙ නිවන්න ඕනෙයි අරවයි මේවයි කියන්න ගත්තා... අපි හිටපු තැන කිසිම බෝඩ් එකක්වත් මුකුත් තිබ්බෙ නෑ... අපි එහෙම කෑම්ප් කරන්න බෑ කියලා දන්නෑ කියලා අපි කතා කලා අර ආපු පොරවල් දෙක එක්ක... පස්සෙ උන් දෙන්නා කිව්වා උදේ 6 වෙනකන් කල් දෙන්නන් එහෙනන් බඩුත් අරන් පලයන් කියලා... 6 වෙනකන් ඉන්න කොල්ලො කැමති උනේ නෑ... මොකද ටෙන්ට් එහෙම අපේ නෙමෙයිනෙ... කේස් එකක් ගියොත් රෙන්ට් එකට අරන් ආව බඩු වලටත් කෙල වෙන හින්දා දැන්ම බහිමු කියලා ටෙන්ට් එහෙම අකුලන් බැස්සා...

පහලට ගියාට අනිත් කාටවත් යන්න සිහියක් තිබ්බෙ නෑ... එයාලගෙ ටෙන්ට් බඩු ගන්න සිහිය තිබ්බෙ... කොල්ලො/කෙල්ලො හැමෝම 200 ක් විතර හිටියා පට්ටම පව් උන්... (කෙල්ලොත් සෑහෙන්න හිටියා...) අපි එහෙම්ම ස්ටේශන් එකට ගිහින් නිදාගත්තා... අපි තමා මුලින්ම ගියේ ස්ටේශන් එකට... අනිත් අයට පහලට බැස්සට එන්න දුන්නෑ එවෙලෙම... නඩු දානවා කියලා නම් ලියාගත්තා හරි මොකක් හරි සීන් එකක් ගියා... කොහොමහරි ස්ටේශන් එකේ හිටපු සර් අපි හැමෝටම බිම වැටිලා ඉන්න හරි චාන්ස් එකක් දුන්නා... ඒක පට්ටම වටිනවා... නැත්තන් කොල්ලොන්ට ඉන්න තැනක් නැති වෙනවා... ඊටපස්සෙ ඔක්කොම බිම දිගේ වැටිලා නිදාගත්තා... ඕක තමා උනේ...

දැන් යමු හොඳම හරියට... මෙහෙම වන සංරක්ශණ එකෙන් කියලා ආවෙ කව්ද කියන්න නං හරියටම අපි දන්නෙ නෑ... (දන්න කෙනෙක් පැහැදිලි කරන්න එහෙම තමන්ගෙ පෞද්ගලික භාණ්ඩ වෙන කෙනෙක්ට බලෙන් ගන්න අයිතියක් තියෙනවද ?? නඩුවක් නං දැම්මත් කමක් නෑනෙ... පෞද්ගලික භාණ්ඩ ?? 🤔) එදා පෝය දවස... වෙනදට වඩා සෙනඟ ඉන්නවා කියලා හැමෝම දන්නවා... ඒත් මට යාළුවෙක් කිව්වා දැක්කා කියලා ඩීමෝ බට්ටෙක් ගෙනල්ලා තිබ්බා කියලා බඩු දාගෙන යන්න... ඩීමෝ බට්ටෙක්ගෙ දාගෙන යන්න තරම් බඩු තියෙනවා කියලත් මෙයාලා දැනන් ඉඳලා තියෙනවා... එදා ගියපු ගොඩක් උන් වෙනදට යන ගොඩක් උන් වගේම පල්ලෙහා කඩවල් වලට නම්බරේ දීලා ගියේ මොකක් හරි ප්‍රශ්නයක් නං කෝල් කරන්න කියලා... (පල්ලෙහා කඩවල් වලින් නම්බර් ඉල්ලගන්නවා කෝල් කරන්නන් කියලා, කොල්ලො බලෙන් දෙන්නෙ නෑ) කාගෙන්වත් කෝල් එකක් ආවෙ නෑ කාටවත්... ඉතින් පල්ලෙහා කඩවල් වලිනුත් දැනුවත්ව තමා මේ දේ උනේ කියලා ගොඩක් දුරට විශ්වාසයි අපිට... මොකද එයාලා නොදැන ඉඳල්ගස්හින්න උඩට කාටවත් එන්න බෑ... ඉතින් කොහොමෙන් කොහොම හරි අපි roughly ගනන් හදලා බැලුවා... ලක්ශ 15 ක විතර බඩු එදා මිසින්... (roughly හොඳේ... 😕) තවත් කතාවක් තියෙනවා... (ඒක නං අපිට ඇහුන දෙයක්...) ඔතන ලයනල් කියලා මනුස්සයෙක් කෑම්පින් බඩු දෙනවනෙ රෙන්ට් එකට... ඒ මනුස්සයා වැඩ කරන්නෙ ඔහියෙ තැපැල් කාර්යාලෙලු... එහෙලු ඔය වන සංරක්ශණ එකේ ඔෆිස් එක තියෙන්නෙත්... මු උන් එක්ක පට්ට සෙට්ලු... එතකොට මේ ගත්ත ටෙන්ට් එහෙම කෙලින්ම යන්නෙ අරූටලු... (අපිට ඇහුන කතාවක් පමණයි ඇත්ත නැත්ත දන්නෑ... හැබැයි කොල්ලො අර ලයනල් කියන මනුස්සයගෙ ගේ ගාවින් බහිද්දි උන් නං හිනා වෙවී බලන් හිටියා... 🥴)

ඉතින් ඕක තමා හරියටම උන සීන් එක... අන්තිමටම කියන්න තියෙන්නෙ ඉඳල්ගස්හින්නෙ ඉන්න උන් හම්බකරන් කන්නෙ ඔය කඩ ටිකෙන් නෙ... ඕකෙන් බඩු අරන් උඩට කෑම්පින් කරන්න යන උන්ටම කෙලවනවනන් උන්, උන්ගෙන් බඩු ගන්න ඕනෙත් නෑ එහෙ කෑම්පින් කරන්න යන්න ඕනෙත් නෑ... යන්නෙපා බන් කෑම්පින් කරන්න ඉඳල්ගස්හින්නෙ... ඇත්තටම බෝඩ් එකක් ගහලා තියෙනවා කියලා අපි දැනන් හිටියනන් අපි යන්නෙත් නෑ... තව යන්න ලස්සන තැන් ඕනෙ තරම් තියෙනවනෙ... පරිස්සමට ලස්සනට ඒවට ගිහින් වරෙල්ලා මේ කොහෙවත් ඉන්න උන්ගෙ ජාවාරම් වලට අහු නොවී... කොහෙ ගියත් වගකීමක් විදියට පරිසරේ විනාශ නොකර එනවනන් එච්චරයි වෙන්න ඕනෙ... ❤️

පරිස්සමට travel කරපල්ලා කොල්ලො කෙල්ලො ටික...

උපුටා ගැනීමකි..
අමාරුවෙ නොවැටෙන්න හැමෝම දැනගන්න ඕන නිසා.

Want your business to be the top-listed Gym/sports Facility in Elpitiya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Galle
Elpitiya