21/08/2026
🔥🇱🇰 ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු හෂාන්!
1996 ලෝක කුසලාන ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ Batting Coach ලෙස පත් කර තිබෙනවා. 🏏
ඔහුගේ පත්වීම වහාම ක්‍රියාත්මකයි. එය 2027 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙනවා.
ජාතික කණ්ඩායමේ පිතිකරුවන්ට හෂාන්ගේ අත්දැකීම් කොතරම් වැදගත් වේවිද? 👀🔥
🇱🇰 ශ්‍රී ලංකා පිතිකරණයට අලුත් ආරම්භයක්ද?
21/08/2026
🇱🇰🔥 දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 14 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබෙනවා. 🏏
📍 SSC, කොළඹ
📅 අගෝස්තු 23 – 27
🇱🇰 සංචිතය:
• ලහිරු උදාර
• කමිල් මිෂාර
• පසිඳු සූරියබණ්ඩාර
• කමිඳු මෙන්ඩිස් (උපනායක)
• ධනංජය ද සිල්වා (නායක)
• සහන් ආරච්චිගේ
• සොනාල් දිනූෂ
• නිරෝෂන් දික්වැල්ල
• කේශර නුවන්ත
• ප්‍රභාත් ජයසූරිය
• මිලාන් රත්නායක
• ලහිරු කුමාර
• අසිත ප්‍රනාන්දු
• විශ්ව ප්‍රනාන්දු
🔥 දෙවැනි ටෙස්ට් එකේ ශ්‍රී ලංකා XI එක කොහොම වෙයිද?
ඔබට හිතෙන හොඳම Playing XI එක Comment එකක දාන්න! 👇🇱🇰
මෙම තරගාවලිය ICC World Test Championship 2025–2027 චක්‍රයට අයත්.
21/08/2026
🚨 ශ්‍රී ලංකාව දැවැන්ත පිතිකරණ අර්බුදයක! 🇱🇰💔
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවට ප්‍රධාන පිතිකරුවන් තිදෙනෙකුගේ සේවය අහිමි වෙයි. ❌
🏏 කුසල් මෙන්ඩිස් – ආබාධය හේතුවෙන් OUT
🏏 දිනේෂ් චන්දිමාල් – ආබාධය හේතුවෙන් OUT
🏏 පැතුම් නිස්සංක – ක්‍රීඩා නොකරන බව පුහුණුකරු තහවුරු කර තිබේ.
ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් පරාජය වූ ශ්‍රී ලංකාවට දැන් තරගාවලිය සම කිරීමට දෙවැනි ටෙස්ට් තරගය අනිවාර්ය ජයග්‍රහණයක්. 🇱🇰🔥
ප්‍රධාන පිතිකරුවන් තිදෙනෙකු නොමැතිව ශ්‍රී ලංකාවට ඉන්දියාවට එරෙහිව පෙරළියක් කරන්න පුළුවන් වෙයිද? 👀
👇 ඔබේ අදහස කමෙන්ට් කරන්න!
19/08/2026
🇱🇰🔥 පරාජය අතරින් මතුවුණු ශ්‍රී ලංකාවේ රිදී රේඛාව — සොනාල් දිනූෂ!
ඉන්දියාව හමුවේ පළමු ටෙස්ට් තරගය පරාජය වුණත්, සොනාල් දිනූෂගේ පිතිහරඹය ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට සුන්දර මතකයක් වුණා. 💪🏏
💯 පළමු ඉනිමේදී ලකුණු 100ක් (පන්දු 168)
🔥 දෙවැනි ඉනිමේදීත් ලකුණු 84ක් (පන්දු 128)
ඒ කියන්නේ තරගය පුරාම ලකුණු 184ක්! 😮💨🇱🇰
පළමු ඉනිමේ ශ්‍රී ලංකාව ලකුණු 90කට කඩුලු 5ක් දැවී අසීරු තත්ත්වයක සිටියදී, දිනූෂ සහ නිරෝෂන් දික්වැල්ල එක්ව ලකුණු 146ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉනිම ගොඩගත්තා.
අවසානයේ ඉන්දියාව ලකුණු 166කින් ජය ගත්තත්, සොනාල් දිනූෂ ශ්‍රී ලංකාවේ අනාගතයට ලොකු බලාපොරොත්තුවක් දුන්නා. 🇱🇰❤️
💬 ඔබට අනුව දිනූෂ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ලබාගත යුතුද?
🇱🇰🏏
19/08/2026
වැස්සක් එන නිසාද ඉක්මනට අවුට් වෙලා ගියේ බං 🥲
මොලේ කලදක්වත් නැති මෙහෙම ක්‍රිකට් ගහන එවුන් ටිකක් මං නං ඇත්තටම දැකලම නැහැ 😄
වැස්සක් පෙනි පෙනි තියෙද්දි තව විනාඩි 10ක් අල්ලන් හිටියා නම් දිනන්න බැරිවුනත් draw එකකට හරි ගෙනියන්න බලාපොරොත්තුවක් තියාගන්න තිබ්බා
එහෙම තියෙද්දි අලුතෙන් ආපු එකෙකුට තනි ඕරේ විකට් දීලා මැච් එක ඉවර කරා 👌
19/08/2026
Lunch එකට කලින් මැච් එක ඉවර වෙයි වගේ 🥲
18/08/2026
🇱🇰 ශ්‍රී ලංකාවට ලකුණු 372 ක ඉලක්කයක් 🥲
18/08/2026
Concussion Sub නීතිය අනුව පසිඳු සූරියබණ්ඩාරට දිනේෂ් චන්දිමාල් වෙනුවට කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ❤️
ඒ අනුව පසිඳු සූරියබණ්ඩාර ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගෙන ඇත 👌