10/08/2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ලෝක ක්‍රිකට් සංගමය පිළිගනී
ශ්‍රි ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ සංගමය ලෝක ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ සංගමය ව්සින් පිළිගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රධාන විධායක නිලධරී ටොම් මොෆට් ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ සංගමයට සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
පසුගියදා පිහිටුවා ගත් ශ්‍රි ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ සංගමයේ ආරම්භක සභාපතිවරයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කෙරුණා.
10/08/2026
2026 රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයදුම්පත් කැඳවයි
2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය සැප්තැම්බර් 16 සිට 19 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙම තරග යාපනය, චාවකච්චේරිහි පිහිටි වලර්මති ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා අයදුම්පත් භාරගැනීම 2026 අගෝස්තු 20 දින දක්වා සිදු කරන අතර, රාජ්‍ය ආයතන අතර නෙට්බෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා නෙට්බෝල් ක්‍රීඩා සංගමය මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.
10/08/2026
ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන් සංගමයක් හදයි! සභාපතිකම මෙන්ඩිස්ට
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වා තිබෙනවා.
එ අනුව එහි සමාරම්භක සභාපතිවරයා ලෙස වත්මන් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පත් කරගෙන තිබෙනවා.
ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු මෙන්ම තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ද එයට සහාය පලකර ඇතිබවයි.
මෙම සංගමය ඉදිරියේදී ලෝක ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය සමගද එක්ව කටයුතු කිරිමට නියමිත බවයි වාර්තාවන්නේ
08/08/2026
Get ready for an unforgettable night as the LPL 2026 Closing Ceremony brings together live music, incredible artists, entertainment, and the electrifying energy of cricket!
FREE ENTRY | C & D Upper & Lower
08th August | 6.00 PM at RPICS
SLT-MOBITEL PEOTV – Official Broadcast Partner for The LPL 2026
Download the PEO MOBILE app now:
https://www.peomobile.com/apps
07/08/2026
ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම යළි තරග බිමට
ඇෆ්ගනිස්තානයේදී පාපන්දු ක්‍රීඩාව තහනම් කර ඇති පසුබිමක් තුළ, විදෙස් රටවල සරණාගතයන් ලෙස ජීවත් වන ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම වසර ගණනාවකට පසු නවසීලන්තයේදී යළි එකතු වී තිබේ.
විදෙස් රටවල ජීවත් වන ඇෆ්ගනිස්තාන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ක්‍රීඩිකාවන් 23 දෙනෙකුගෙන් යුත් සංචිතය, පුහුණු කඳවුරක් සඳහා සහ කුක් දූපත් (Cook Islands) සමඟ නිල නොවන මිත්‍රත්ව තරග දෙකකට සහභාගී වීම සඳහා නවසීලන්තය වෙත ගොස් ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් මෙම ක්‍රීඩිකාවන්ට අනාගතයේදී නිල තරගවලදී තම රට නියෝජනය කිරීමට අවසර ලබා දීමෙන් පසු ඔවුන් මෙලෙස එකතු වූ පළමු අවස්ථාව මෙය බව සඳහන්වේ.
මීට පෙර, තලේබාන් සංවිධානය 2021 අගෝස්තු මාසයේදී බලයට පත්වීමෙන් පසු කාන්තාවන්ට සහ දැරියන්ට ද්විතීයික පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, බොහෝ වෘත්තීන් සහ සංවිධානාත්මක ක්‍රීඩා තහනම් කරමින් දැඩි සීමා පැනවීය.
ඒ යටතේ 2007 දී පිහිටුවන ලද රටේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, එහි සාමාජිකාවෝ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ පෘතුගාලය වැනි රටවලට පලා ගොස් සරණාගතයන් ලෙස පදිංචි වූහ.
වසර ගණනාවක උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස සරණාගත කණ්ඩායමක් ලෙස "Afghan Women United" බිහි වූ අතර, FIFA හි නව තීරණයට අනුව ඔවුන් දැන් ඔලිම්පික් සහ ලෝක කුසලාන වැනි ජාත්‍යන්තර තරගාවලි සඳහා සුදුසුකම් ලැබීමට උත්සාහ කරමින් සිටියි.
07/08/2026
හසීනාගේ මාධ්‍ය හමුවෙන් පසු ක්‍රීඩක ශකීබ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්
හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් පැය කිහිපයකට පසු, බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පෙරේදා දින (05) රාත්‍රී 8:45 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, නිවසට අලාභහානි සිදු කරමින් කඩාකප්පල්කාරී ලෙස වතුපිටි හා දේපළවලට ද හානි කර ඇති බව ඳසහන් වේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවාමි ලීගය සඳහන් කළේ, "නිවාස ගිනි තැබීම: අවාමි ලීග් මාධ්‍ය හමුවට සහභාගී වීමේ මිල මෙයයි. නව ෆැසිස්ට්වාදය බංග්ලාදේශය ගිලගෙන තිබේ" යනුවෙනි.
අන්තර්ජාලය හරහා අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක් ලෙස අත්අඩංගුවට ගැනීමට හෝ මරණයට මුහුණ දීමට සූදානම්ව දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට නැවත පැමිණීමට තමා දැඩි ලෙස අදිටන් කරගෙන සිටින බවයි.
07/08/2026
LPL 2026 අවසන් පූර්ව උණුසුම - Colombo Kaps ද? Galle Gallants ද?
LPL 2026 තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ තීරණාත්මක Qualifier 2 තරඟය අද පැවැත්වේ.
Colombo Kaps කණ්ඩායම සහ Galle Gallants කණ්ඩායම අතර පැවැත්වෙන මෙම සටන අද පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තීරණාත්මක තරඟය SLT-MOBITEL PEO TV හි PEO Sports 1 නාලිකාව ඔස්සේ HD තාක්ෂණයෙන් නාලිකා අංක 323 යටතේ ද, SD තාක්ෂණයෙන් නාලිකා අංක 150 යටතේ ද සජීවීව නැරඹිය හැක.
එමෙන්ම PEO Mobile App එක හරහා මෙම තරඟය සම්පූර්ණයෙන්ම නොමිලේ සජීවීව නැරඹීමේ පහසුකම ද ක්‍රිකට් ලෝලීන්ට හිමිවේ
07/08/2026
ලෝක රග්බි පිටියේ ප්‍රබලතම කණ්ඩායම් අතර පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ උණුසුම් තරඟ ද්විත්වයක් සජීවීව නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය රග්බි ලෝලීන්ට හිමිව තිබේ.
ඒ අනුව, Stormers කණ්ඩායම සහ All Blacks (නවසීලන්ත) කණ්ඩායම අතර තරඟය අගෝස්තු 08 වනදා රාත්‍රී 10.20 ට පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම Hollywoodbets The Sharks කණ්ඩායම සහ All Blacks කණ්ඩායම අතර තරඟය අගෝස්තු 12 වනදා රාත්‍රී 10.20 ට පැවැත්වේ.
මෙම රග්බි තරඟාවලිය SLT-MOBITEL PEO TV හි Premier Sports නාලිකාව ඔස්සේ HD තාක්ෂණයෙන් නාලිකා අංක 312 ඔස්සේද, SD තාක්ෂණයෙන් නාලිකා අංක 46 ඔස්සේද සජීවීව නැරඹිය හැක