Sri Lanka Athletic Technical Officials Association .

Sri Lanka Athletic Technical Officials Association .

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Athletic Technical Officials Association ., Professional Sports Team, Colombo.

Main goal is to provide proper knowledge to the new comers about the World Athletic Competition & Technical rules, and help them to have a great start as technical officials.

14/06/2026

ශ්‍රී ලංකා මලලක්‍රීඩා ඉතිහාසයේ කීර්තිමත් ක්‍රීඩකයෙකු වූ. මීටර් 1500, 5000, 10000 වැනි දුර ධාවන ශූරයෙකු වූත්, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනගියා වූත්, ජාතික වාර්තාවන් වසර කීපයක් ම හිමිකරගත් සුන්දර නිහතමානි මිනිසෙකු වූත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ මූලස්ථාන දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ධූරයේ කටයුතු කල විශ්‍රාමික මේජර් වරයෙකු වූ (ස්වෙච්ඡා බලසේනාව, සිංහ රෙජිමේන්තුව) ඩබ්. ජී ආරියසේන මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී අද දින සවස 03.00 මාතලේදී අවසන් කටයුතු සිදුකරනු ලබයි. එතුමන්ට මතු උපදිනා කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා , අජරාමර නිවන්සුව අත්වේවා'යි ප්‍රාර්ථනා කරමු

26/03/2026

Big thanks to Srimal Samarasinghe, Roshan Kumara

for all your support! Congrats for being top fans on a streak 🔥!

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 24/03/2026

මේ ප්‍රින්ස්ලි ලියනගේ මැතිතුමා යාන්ත්‍රික නොවන ධාවන යන්ත්‍රයක් (Manual Thredmill) මත ධාවනය කරමින් ඉන්දීය ජාතික ක්‍රීඩකයෙක් පිහිටුවා තිබූ ගිනස් වාර්තාව 2024 වර්ෂයේ දී බිඳහෙලමින්, පැය 12ක් තුල කි:මී: 94.30 ක්ද, පැය 24ක් තුළ කි:මි: 174.08 ක්ද ලෙසින් ගිනස් වාර්තා දෙකක් පිහිටුවන ලදී. 2026 පෙබරවාරි මාසයේ අගභාගයේ දිනෙක තිස්පස් (35)වියැති බ්‍රසීල ජාතික ක්‍රීඩකයෙකු පැය 24ක් තුළ ධාවනයේ යෙදෙමින් කි:මී: 188.13ක් ලෙසින් වාර්තාව අළුත් කරන ලදී. මෙම වාර්තා සියල්ල අභියෝගයට ලක් කරමින් ප්‍රින්ස්ලි ලියනගේ මහතා 2026/03/20 දින පෙ:ව: 10.00 පැයට යාන්ත්‍රික නොවන ධාවන යන්ත්‍රය මතට ගොඩ වැදී තමන්ගේ මුල් වාර්තාව වූ පැය 12ක කිලෝමීටර් 94.30 වාර්තාව පැය11:10.14 කින් නිම කරමින් නව වාර්තාවක් පිහිටුවිය. දෙවැනි වාර්තාව පැය 24 ට කිලෝමීටර් 174.08 නව කාලය පැය 21:49.35ක්ද, බ්‍රසීල ජාතික තරුණයා විසින් තබා තිබූ පැය 24ට කිලෝමීටර් 188.13ක වාර්තාව පැය 23:34.32ක කාලයක් තුළදී බිඳහෙලන ලද අතර පැය 24ක් තුළ කිලෝමීටර් 190.55 ධාවනය කරමින් නව වාර්තාවක් පිහිටුවිය. ඉන් නොනැවතුන ප්‍රින්ස්ලි මහතා පැය 48ක් තුළ කිලෝමීටර් 316.75ක දුරක් වාර්තා කරමින් අද්විතීය ගිනස් වාර්තාවක් පිහිටුවා ලක්මාතාව වර්ණවත් කලේය. ඊට අමතරව වේගවත්ම සැතපුම් 100 (160.93km) පැය 20:007.38 කින්ද, වේගවත්ම කිලෝමීටර් 100 පැය11:57.18කින්ද, වේගවත්ම කිලෝමීටර් 300 පැය44:40.24 කින් නිම කරමින් නව වාර්තා කිහිපයක් ම පිහිටුවන ලදී. මෙය ලක් ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් සටහන් විය යුතුවේ. ඔබට ජය ප්‍රින්ස්ලි මැතිඳුනි ......

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 16/02/2026

මලලක්‍රීඩා ක්ෂේත්‍රයේ දිදුලන තරුවක් වූ, මාතර රාහුල, ගාල්ල මහින්ද යන විද්‍යාලයන් කීර්තිමත් කරමින් ජාත්‍යන්තරය ජයගත්,1974 වසරේදී ටෙහෙරාන් නුවර දී නව ආසියානු ක්‍රීඩා වාර්තාවක් තබමින් ලක්මාතාව රනින් සරසන්නට දායකත්වය දැරූ කණ්ඩායමේ සාමාජිකයකු වූද, 1980 මොස්කව් ඔලිම්පික් උළෙලට මීටර් 400×4 සහය ධාවන තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කල කණ්ඩායම් සගයෙකුවූද, ප්‍රවීන මලලක්‍රීඩක කෝසල සහබන්දු මහතා දිවි සැරිය නිමාකොට අද දින සවස්‍ යාමයේදී අපෙන් සමුගෙන අවසන් ගමන් යනු ඇත. කෝසල අයියේ ඔබට සුභ ගමන්.....
උතුම් වූ අමාමහ නිවනින් සැනසේවා'යි පතන්නෙමු

14/02/2026

ලක්දෙරණට මිණිකැටයක් වු , මාතර රාහුල විද්‍යාලයේ කීර්තිමත් මලල ක්‍රිඩකයෙකුවුද, 1974 වසරේදි ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැත්වු ආසියානු ක්‍රීඩා තරඟාවලියේ මීටර් 400×4 සහය ධාවන තරඟයෙන් නව ආසියානු තරඟ වාර්තාවක් තබමින් ශ්‍රිලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනගිය කණ්ඩායමේ සාමාජිකයකු වූද, 1980 මොස්කව් ඔලිම්පික් තරඟාවලිය සඳහා මීටර් 400×4 සහය තරඟ කණ්ඩායම නියෝජනය කල ප්‍රවීණ මලල ක්‍රීඩක කෝසල සහබන්දු මහතා අද දින දිවිසැරිය නිමාකළ බව දැනගතිමි. එතුමාගේ වියෝව සම්බන්ධයෙන් වයි.ජී.කොතලාවල , ගාමිණී මංචනායක හා මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනා'තර උතුම් වූ අමාමහ නිවනින් සැනසේවා පතන්නෙමු .

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 02/09/2025

30, 31/08/2025 දෙදින අවස්ථා කීපයක් ....

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 02/09/2025

කවපෙත්ත විසිකිරීම විනිසුරු මඩුල්ල, සමාරම්භක උළෙලේ අවස්ථා කීපයක්, ඔලිම්පික් පහන දැල්වූ, ජාත්‍යන්තරය දිනූ දකුණුලක දිදුලන තරුදෙකක් වූ තමරා සමන් දීපිකාත්, දිලූක කරුණාරත්නත්, විනිසුරු ප්‍රතිඥාව ලබාදුන් හිටපු ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ගීතා පතිරණවසම් මහත්මියත්, සංස්කෘතික උළෙලේ දසුන් කීපයක් ද සමගින්......

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 01/09/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කබඩි තරඟ දඩල්ල ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී 29/08/2025.

Photos from Sri Lanka Athletic Technical Officials Association .'s post 01/09/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලලක්‍රීඩා ආරම්භය සනිටුහන් කරමින් පළමු දිනයේ ප්‍රථම ඉසව්ව මීටර් 10000 කාන්තා තරඟය ආරම්භයට පෙර හා මීටර් 200 කාන්තා තරඟ ආරම්භය.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo