Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anula Vidyalaya Defence Cadet, School Sports Team, K. Cyril C. Perera Mawatha, Colombo 13, Colombo.
Vision
-------------------------------------------------------------------------------------------------------------------------------
Our vision is to give the nation a troop of fearless Anulians who are brave to chase after goals and objectives as future BUddhist female leader
දැක්ම
----------------------------------------------------------------------------------------------------------------
...
---------------
අරමුණු හා ඉලක්ක නොසැලී හඹා යන්නා වූත්, ඉදිරියේ දී ජාතික නායකත්වය උදෙසා බෞද්ධ කාන්තා නායිකාවන් ලෙස පෙරමුණ ගන්නා වූත් අභීත අනුලා ශිෂ්යභටවියන් පිරිසක් දැයට දායාද කිරීම. Objective
-------------------------------------------------------------------------------------------------------------------------------
Our objective is to create a group of women who have been nurtured with the Buddhist values of Anula Vidyalaya and have gained discipline through our student cadet training program.
මෙහෙවර
-------------------------------------------------------------------------------------------------------------------------------
අනුලා විදු මව් පියස තුළින් නොමදව ලබන්නා වූ බෞද්ධ ශික්ෂණයත්, ශිෂ්‍යභට පුහුණු පාඨමාලාව තුළින් ලබන්නා වූ විනයගරුක බව ආදී මානව ගුණාංගත් ඒකරාශී කළ පරිපූර්ණ කාන්තා පරපුරක් බිහි කිරීම.
බලකා ගීය
-------------------------------------------------------------------------------------------------------------------------------
සෑමකල් සැදී සිටින්නේ සුදානමින්
මාතෘ භුමියේ උදාර වූ නාමයෙන්
පා ලයේ නැගී තෙදින් ජාතිකාභිමානයෙන්
ජිවිතේ වුවත් පුදා රටත් දැයත් රකිම්
මේ අපේ දේශයයි ධීර වීරයන් උපන්
වීරයන් තැනූ මගේ පෙරට පා තබම්
දේශභක්තියෙන් වෙලී දෑ නුරාගයෙන්
ජිවිතේ වුවත් පුදා රටත් දැයත් රකිම්
සෑමකල් සැදී සිටින්නේ සුදානමින්...
පදරචනය - රංජිත් වීරසිංහ මහතා
සංගීතය - කමාන්ඩර් ප්‍රේමලාල් දන්වත්ත LRAM, ARCM, LTCL, psm
___________________________________________________________________________________________________________________________
පාසල් ගීතය
---------------
සමරමු අනුලා විදුහල් මාතා
නමදිමු හද පිරි බැතිනි සදා
සුචරිත සදවා ගුණ මිහි වඩවා
හෙළ දූ දරුවන් යහ මග ගන්වා
දෙස බස රැස බුදු සමය නගා
ශිල්ප කලා විද්‍යාලෝකේ..............
සමරමු අනුලා............
ධීර වීර ගුණ නැණ බලධාරී
වීර විකුම් හෙළ ජීවය පා
ඔද තෙද බල පා රස ලොව කළඹා
පෙරටම යැවු ඔබ දූ දරුවෝ
සමරමු අනුලා............
සාමකාමි දියුණුව සහජීවේ
සිරිලක් පොළවේ මතුකරදී
ජයගොස නංවා කිතු රැස ගන්වා
සැරදේවා ඔබ බැබලේවා
සමරමු අනුලා............