Ministry of Youth and Sports
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ministry of Youth and Sports, Sports Event, 09, Colombo.
National Youth Services Council
NYC
NCLD
Department of Sports Development
National Sports Council
Sri Lanka Anti- Doping Agency
National Institute of Sports Science
Institute of Sports Medicine
Sugathadasa National Sports Complex Authority
07/09/2026
තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව 2026
தேசிய இளைஞர் அபிவிருத்தி தொடர்பான ஆய்வு மாநாடு 2026
National Research Symposium on Youth Development 2026
තව දින 9
nrsyd.ou.ac.lk
[email protected] | 0112-881082
06/09/2026
තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව 2026
தேசிய இளைஞர் அபிவிருத்தி தொடர்பான ஆய்வு மாநாடு 2026
National Research Symposium on Youth Development 2026
තව දින 10
nrsyd.ou.ac.lk
[email protected] | 0112-881082
05/09/2026
The king 👑
💎 DIAMOND LEAGUE CHAMPION — RUMESH THARANGA PATHIRAGE
A stellar season from Pathirage as he throws a massive 89.04m to take the win at 🇧🇪
04/09/2026
තායිවානයේදී පැවැත්වෙන ආසියානු බේස්බෝල් ශූරතාවලියට යන ශ්‍රී ලංකා U-18 කණ්ඩායම අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවෙයි!
තායිවානයේදී එළඹෙන සැප්තැම්බර් 07 සිට 13 දක්වා පැවැත්වෙන 14 වන BFA වයස අවුරුදු 18න් පහළ ආසියානු බේස්බෝල් ශූරතාවලිය (XIV BFA U18 Asian Baseball Championship) සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ ජාතික බේස්බෝල් සංචිතය පසුගියදා (සැප්තැම්බර් 02) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා හමුවිය.
මෙහිදී මව්බිම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන යොවුන් ක්‍රීඩකයින් සහ නිලධාරීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා, සැප්තැම්බර් 05 වනදා දිවයිනෙන් පිටත්ව යන ජාතික සංචිතයට සිය උණුසුම් ජයග්‍රාහී සුබපැතුම් පිරිනැමීය.
ආසියාවේ ප්‍රබලතම බේස්බෝල් කණ්ඩායම් 08ක් තරග වදින මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරග වදින අතර, ඊට ජපානය, පිලිපීනය සහ හොංකොං ඇතුළත් වේ. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය සැප්තැම්බර් 07 වනදා පිලිපීනයට එරෙහිව ද, දෙවන තරගය සැප්තැම්බර් 08 වනදා ජපානයට එරෙහිව ද, මූලික වටයේ අවසන් තරගය සැප්තැම්බර් 09 වනදා හොංකොං රාජ්‍යයට එරෙහිව ද පැවැත්වීමට නියමිතය.
ජී. ආර්. ඉඳුෂ මිහිරංග වික්‍රමසිංහ ක්‍රීඩකයාගේ නායකත්වයෙන් සහ ටී. අශාන් රවිඳු පීරිස්ගේ උපනායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ කණ්ඩායම් ප්‍රධානී ලෙස ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ජී. ඩී. සරත් බන්දු මහතා ද, කණ්ඩායම් කළමනාකරු ලෙස පන්නිපිටිය දෙපනම ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. ඒ. ජයලත් කුමාරතුංග මහතා ද කටයුතු කරයි. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස కే. එම්. නවීන් අනුරාධ මහතා කටයුතු කරනු ලබයි.
ආසියානු තලයේ ඉහළම ජාත්‍යන්තර අත්දැකීම් ලබාගනිමින් මව්බිමට කීර්තියක් අත්කර දීමට යන අපගේ යොවුන් බේස්බෝල් කණ්ඩායමට අවශ්‍ය සියලුම රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නිරන්තරයෙන් බැඳී සිටියි.
ශ්‍රී ලංකා U-18 ජාතික බේස්බෝල් සංචිතය:
ජී. ආර්. ඉඳුෂ මිහිරංග වික්‍රමසිංහ (නායක), ටී. අශාන් රවිඳු පීරිස් (උපනායක), ඒ. ජේ. සඳික චතුමල් ජයරත්න, යුනින්දු බිතුසිත සමරනායක මුණසිංහ, එච්. ඒ. ප්‍රමෝද්‍ය සුලෝචන බණ්ඩාර, ඩී. එම්. පී. එස්. මධුමාධව දිසානායක, එච්. ටී. තෙනුජ දින්සර, ජේ. එම්. සදෙව් සත්සර, ඒ. ගිහාන් මධුෂංක ගුණවර්ධන, එම්. ඒ. නෙතුන් ඉන්සඳ තෙන්නකෝන්, එම්. කේ. චමින්දු දම්සර, ආර්. එම්. ඉෂාන් ඉඳුවර බණ්ඩාර, බී. ලක්ෂාන් තීක්ෂණ සංකල්ප, කේ. ජී. සනුක මන්තුජ කරුණාරත්න, ඩබ්ලිව්. ජී. තරුල් මෙසඳු, එම්. පෙවිඳු ප්‍රියංජන ජයකොඩි, චෙනුක බසුර ජයසිංහ.
04/09/2026
ප්‍රාදේශීය තරුණ මාධ්‍යවේදී පුහුණුවේ පළමු වැඩසටහන සාර්ථකව අවසන් වේ ...
යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම උදෙසා ප්‍රාදේශීය තරුණ මාධ්‍යවේදී පුහුණුවේ පළමු වැඩසටහන ජාතික තරුණ සේවා සභාවේ දී සාර්ථකව අවසන් විය.
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාගේ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාවට, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.
පුහුණු සැසියේ දෙවන සැසිය ජ්‍යෙෂ්ඨ සංස්කරණ ශිල්පි පුබුදු වනිගසේකර මහතා, තෙවන සැසිය SL Vlog Youtube නාලිකා ප්‍රධානි බෘනෝ දිවාකර මහතා විසින් සිදු කළහ.
පුහුණු සැසිය අවසානයේ පුහුණුව සඳහා සහභාගී වූ සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා සහතික පත්‍රයක් ප්‍රදානය කිරීම සිදුවිය.
பிராந்திய இளைஞர் ஊடகவியலாளர் பயிற்சியின் முதலாவது நிகழ்ச்சித்திட்டம் வெற்றிகரமாக நிறைவு...
நல்லதொரு ஊடகக் கலாசாரத்தை உருவாக்கும் நோக்கில் முன்னெடுக்கப்படும் பிராந்திய இளைஞர் ஊடகவியலாளர் பயிற்சி நிகழ்ச்சித்திட்டத்தின் முதலாவது பயிற்சி நிகழ்ச்சி, தேசிய இளைஞர் சேவைகள் மன்றத்தில் வெற்றிகரமாக நிறைவடைந்தது.
வீடமைப்பு, நிர்மாணம் மற்றும் நீர்வழங்கல் அமைச்சர் வைத்தியர் எச்.எம். சுசில் ரணசிங்க மற்றும் வெகுஜன ஊடக பிரதி அமைச்சர் கௌஷல்யா ஆரியரத்ன ஆகியோரின் தலைமையில் நடைபெற்ற இந்நிகழ்வில், தேசிய இளைஞர் சேவைகள் மன்றத்தின் தலைவர் மற்றும் பணிப்பாளர் நாயகமான சட்டத்தரணி சுபுன் விஜேரத்ன உள்ளிட்ட அதிகாரிகள் கலந்துகொண்டனர்.
பயிற்சி நிகழ்ச்சியின் இரண்டாவது அமர்வு சிரேஷ்ட தொகுப்பாசிரியர் புபுது வனிகசேகர அவர்களாலும், மூன்றாவது அமர்வு SL Vlog YouTube அலைவரிசையின் பிரதானி புருனோ திவாகர அவர்களாலும் நடத்தப்பட்டது.
பயிற்சி நிகழ்ச்சியின் நிறைவில், இதில் பங்கேற்ற அனைத்து பிராந்திய இளைஞர் ஊடகவியலாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன.
04/09/2026
කෙටුම්පත් කර ඇති, ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳ උතුරු මැද පළාත් මහජන සාකච්ඡාව අද
පහත සඳහන් සබැඳියට පිවිසීමෙන් ඔබට කෙටුම්පත ලබාගත හැකිය.
https://drive.google.com/drive/folders/1cth0T8krXm1j0VLkoQ1zINgAOU5D25CR
தேசிய இளைஞர் கொள்கை தொடர்பாக தயாரிக்கப்பட்டுள்ள வரைவின் மீதான வட மத்திய மாகாண பொதுக் கலந்துரையாடல் இன்று நடைபெறுகிறது.
கீழே குறிப்பிடப்பட்டுள்ள இணைப்பை அணுகுவதன் மூலம் தேசிய இளைஞர் கொள்கையின் வரைவைப் பெற்றுக்கொள்ளலாம்.
https://drive.google.com/drive/folders/1cth0T8krXm1j0VLkoQ1zINgAOU5D25CR
04/09/2026
යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම උදෙසා ප්‍රාදේශීය තරුණ මාධ්‍යවේදී පුහුණුව ආරම්භ වේ....!
ජාතික තරුණ සේවා සභාව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම උදෙසා ප්‍රාදේශීය තරුණ මාධ්‍යවේදී පුහුණු වැඩසටහන අද (04දා) ජාතික තරුණ සේවා සභාවේ දී ආරම්භ කෙරුණි.
විවෘත අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව දිවයින පුරා සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි තෝරාගත් තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 341 දෙනෙකු සඳහා මෙම පුහුණුව ක්‍රියාත්මක කෙරේ.
එහි සමාරම්භක අවස්ථාව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් හර්ෂ බණ්ඩාර මහතා එක්ව සිටියහ.
මෙහි පළමු පුහුණු වැඩසටහන ජනාධිපති මාධ්‍ය උපදේශක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විසින් සිදු කළේය.
මෙම පුහුණුවේදී මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ක්ෂේත්‍ර පිළිබඳව පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව ඡායාරූපකරණය, වීඩියෝකරණය, නිවේදනය, පුවත්පත් කලාව, සංවර්ධන සන්නිවේදනය, ඩිජිටල් සහ නව මාධ්‍ය ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුහුණු සැසි පැවැත්වීමට නියමිතය.
நல்லதொரு ஊடகக் கலாசாரத்தை உருவாக்குவதற்கான பிராந்திய இளைஞர் ஊடகவியலாளர் பயிற்சி ஆரம்பம்....!
தேசிய இளைஞர் சேவைகள் மன்றமும் அரசாங்க தகவல் திணைக்களமும் இணைந்து, நல்லதொரு ஊடகக் கலாசாரத்தை உருவாக்கும் நோக்கில் ஏற்பாடு செய்துள்ள பிராந்திய இளைஞர் ஊடகவியலாளர் பயிற்சி நிகழ்ச்சித் திட்டம் இன்று (04) தேசிய இளைஞர் சேவைகள் மன்றத்தில் ஆரம்பிக்கப்பட்டது.
திறந்த விண்ணப்பக் கோரலின் பின்னர், நாடளாவிய ரீதியில் அனைத்து கிராம சேவகர் பிரிவுகளையும் உள்ளடக்கும் வகையில் தெரிவுசெய்யப்பட்ட 341 இளம் பிராந்திய ஊடகவியலாளர்களுக்காக இப்பயிற்சி நிகழ்ச்சித் திட்டம் நடைமுறைப்படுத்தப்படுகிறது.
இதன் ஆரம்ப நிகழ்வு இளைஞர் விவகார பிரதி அமைச்சர் தினிந்து சமன் ஹென்னாயக்க அவர்களின் தலைமையில் நடைபெற்றதுடன், தேசிய இளைஞர் சேவைகள் மன்றத்தின் தலைவரும் இலங்கை இளைஞர் விவகாரப் பணிப்பாளர் நாயகமுமான சட்டத்தரணி சுபுன் விஜேரத்ன அவர்களும், அரசாங்க தகவல் பணிப்பாளர் நாயகம் ஹர்ஷ பண்டார அவர்களும் கலந்துகொண்டனர்.
இப்பயிற்சி நிகழ்ச்சித் திட்டத்தின் முதலாவது பயிற்சி அமர்வு, ஜனாதிபதியின் ஊடக ஆலோசகரும் சிரேஷ்ட ஊடகவியலாளருமான சந்தன சூரியபண்டார அவர்களால் நடத்தப்பட்டது.
இப்பயிற்சியின் போது ஊடகத் துறையுடன் தொடர்புடைய பல்வேறு துறைகள் தொடர்பில் பயிற்சிகள் வழங்கப்படவுள்ளன. அதன்படி, புகைப்படக்கலை, காணொளிப்பதிவு, அறிவிப்பாளர் பயிற்சி, பத்திரிகைத் துறை, அபிவிருத்தி தொடர்பாடல், டிஜிட்டல் மற்றும் புதிய ஊடகங்கள் உள்ளிட்ட ஊடகத் துறையின் அனைத்து முக்கியப் பிரிவுகளையும் உள்ளடக்கும் வகையில் பயிற்சி அமர்வுகள் நடத்தப்படவுள்ளன.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
09
Colombo
00700
Opening Hours
| Monday | 09:00 - 16:00 |
| Tuesday | 09:00 - 16:00 |
| Wednesday | 09:00 - 16:00 |
| Thursday | 09:00 - 16:00 |
| Friday | 09:00 - 16:00 |