30/08/2026
🚨🇱🇰 BREAKING NEWS | කුසල් සහ පැතුම් නැවතත් සුදු පන්දුවට! 🏏🔥
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සහ ප්‍රහාරාත්මක පිතිකරු පැතුම් නිස්සංක ඉන්දියාවට එරෙහිව පැවති අවසන් ටෙස්ට් තරගාවලියට එක් නොවූවත්, ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා සුදු පන්දු කණ්ඩායමට නැවත එක්වීමට නියමිත බව වාර්තා වේ. 🇱🇰🏏
🔥 අත්දැකීම් සහිත කුසල්ගේ නායකත්වයත්, පැතුම්ගේ සුපිරි පිතිහරඹයත් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙනු ඇති!
🇱🇰 ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්! 💪🔥
30/08/2026
🇱🇰🏏 දුනිත්ට අහිමි වුණේ මැච් කිහිපයක් විතරක් නෙවෙයි…
England County Cricket වල Hampshire කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න දුනිත් වෙල්ලාලගේට අවස්ථාවක් ලැබිලා තිබුණා.
ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් NOC එක නොලැබීම නිසා ඒ අවස්ථාව දැන් අහිමි වෙලා.
ඇත්තටම මේ වගේ අවස්ථාවක් තරුණ ක්‍රීඩකයෙකුට ලැබෙන්නේ කලාතුරකින්. 🇬🇧🏏
England තණතීරු, Red-ball cricket සහ ලෝක මට්ටමේ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කිරීමෙන් දුනිත්ට ගන්න තිබුණු අත්දැකීම ඔහුගේ ඉදිරි ගමනට ගොඩක් වටින දෙයක්.
NOC එක නොදුන්නේ ඇයි කියන හේතුව තවමත් පැහැදිලි නැහැ.
👉 දුනිත්ගේ දියුණුවට වැදගත් වෙන්න තිබුණු මේ අවස්ථාව අපි ඇත්තටම අහිමි කරගත්තේ ඇයි? 🤔🇱🇰
Follow Millionz Crick Info
🦁🏏🇱🇰
30/08/2026
🚨🇱🇰 ශානකගේ නැවත පැමිණීම? අසලංකත් T20 පිටියට! 🔥🏏
ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට තවත් උණුසුම් පුවතක්! 👀
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරගාවලියේදී හිටපු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායකයන් වන දසුන් ශානක සහ චරිත් අසලංක නැවතත් ජාතික සංචිතයට එක්වීමේ ඉඩකඩක් ඇති බවට තොරතුරු වාර්තා වනවා. 🇱🇰🔥
📅 තරගාවලිය – සැප්තැම්බර් 15 සිට 27 දක්වා
🏏 T20I තරග 3ක්
🏏 ODI තරග 3ක්
💥 විශේෂයෙන්ම ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත 50-over ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් දසුන් ශානක පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව සඳහන්.
මැදපෙළට වේගවත් ලකුණු එකතු කරමින් තරග අවසන් කිරීමේ හැකියාව ඇති Finisher කෙනෙකු ලෙස ශානකගේ අත්දැකීම් ශ්‍රී ලංකාවට වැදගත් විය හැකියි. ⚡🏏
🔥 මේ අතර, T20 කණ්ඩායමෙන් ඉවත්ව සිටි චරිත් අසලංක මෙවර LPL තරගාවලියේදී සුපිරි පිතිකරණ රිද්මයකට පැමිණ තිබෙනවා.
අර්ධ ශතක 3ක් වාර්තා කරමින් තමන්ගේ දක්ෂතා නැවතත් පෙන්නුම් කළ අසලංකට එංගලන්තයට එරෙහිව නැවත ජාතික T20 කණ්ඩායමට පැමිණීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි. 💪🔥
🇱🇰 ශානකගේ අත්දැකීම් + අසලංකගේ වත්මන් රිද්මය
ශ්‍රී ලංකා මැදපෙළට ලොකු ශක්තියක් වෙයිද? 🤔
👀 ශානක නැවතත් ජාතික කණ්ඩායමට පැමිණිය යුතුයි කියලා ඔබ හිතනවද?
🔥 LPL එකේ දක්වපු රිද්මයත් එක්ක අසලංකට T20 කණ්ඩායමේ ස්ථානයක් ලැබෙයිද?
👇 ඔබේ අදහස කියන්න!
🇱🇰
27/08/2026
අනේ දික්ක ඔය Gloves දෙකත් ළහිරු ටම දීල යන්න.. Please .. ඌ එකත් කරයි..
27/08/2026
දැක්ක ද මචන් Pant දුන්න මේ Hug එක..😍
ඒක හදවතින්ම දූන්නු එකක්.. 🥰
27/08/2026
🔥🇱🇰 සොනාල් දිනූෂගේ සටන්කාමී ඉනිමට IPL බලවතුන්ගෙනුත් ඉහළම ගෞරවය! 👏❤️
ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ විශ්වාසනීයම බලාපොරොත්තුවක් බවට පත්වෙමින් සොනාල් දිනූෂ මේ වන විට මුළු මහත් ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේම අවධානය තමන් වෙත දිනාගෙන අවසන්. 🇱🇰🔥
🇮🇳 ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ක්‍රියාත්මක කළ සටන්කාමී පිතිහරඹය සහ වාර්තාගත ශතකය මේ වන විට ලෝ පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙනවා. 💯👏
ඔහුගේ මෙම විශිෂ්ට දස්කම අගය කරමින් Mumbai Indians, Punjab Kings සහ Rajasthan Royals වැනි ප්‍රබල IPL කණ්ඩායම් පවා තමන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා සොනාල් වෙනුවෙන් විශේෂ සටහන් එක්කර තිබීම කැපී පෙනෙන සිදුවීමක්. 💙❤️💗
* Mumbai Indians: ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව ශ්‍රී ලංකාව තරගය ජය-පරාජයෙන් තොරව බේරා ගැනීමට දැක්වූ ශක්තිමත් සටන අගය කරමින්, ඊට සොනාල්ගේ ශතකය මහත් රුකුලක් වූ බව සඳහන් කර තිබුණා. 👏🇱🇰
* Punjab Kings: සොනාල්ගේ ඉනිමට හිස නමමින් "Nothing but respect" යනුවෙන් ඔහුගේ අප්‍රතිහත ධෛර්යය අගය කර තිබුණා. 🙌🔥
* Rajasthan Royals: තමන් ඉන්දීය රසිකයන් වුවද, සොනාල් දිනූෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් දියත් කළ මේ අමතක නොවන සටන්කාමී ඉනිමට ගෞරව කරන බව ප්‍රකාශ කර තිබුණා. 👏🇱🇰
මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ සොනාල්ගේ හැකියාවන් දේශීය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළම ඇගයීමට ලක්ව ඇති බවයි. 🌍🏏
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ ඊළඟ සුපිරි තරුව සොනාල් දිනූෂද? ⭐🇱🇰
සොනාල්ගේ මේ නිවුණු ඒත් සටන්කාමී ඉනිම ගැන ඔයාගේ අදහසත් පල්ලෙහායින් Comment කරන් යන්න! 👇❤️
27/08/2026
මහ ලොකු "ස්ටාර්ස්ලා" ෆැවිලියන් එකට වෙලා බලන් ඉද්දි, ලයින් එක අල්ලන් ගේම ගැහුවේ අපේ ටේල් එන්ඩර්ස්ලා! 🔥🏏
අපි වෙනුවෙන් දවස් දෙකක් එක දිගට මහන්සි වෙලා බෝල් කරලා, ඊට පස්සේ 5 වෙනි දවසේ ඒ අමාරු විකට් එකේ මැදපෙළ බැට්ස්මන්ලා වගේ එල්ලිලා ඉඳලා දිනූෂට දීපු සපෝට් එකනම් පිස්සුවක්! ❤️🔥
කේෂාර & ලහිරු කුමාර... උඹලා දෙන්නා ඒ වෙලාවේ දාපු effort එක, පෙන්නපු ඒ නියම ගැම්ම සහ කොන්ද කෙලින් තියන් කරපු සටනනම් සිරාවටම සුපිරිම සුපිරි. 🔥
බලන් ගියාම අපේ ටොප් ඕඩර් එකේ ඉන්න උන්ට වැඩිය ටේල් එන්ඩර්ස්ලා ටික බැට් කරනවා. වෙන මොකුත් ඕනි නෑ, ටොප් ඕඩර් එකේ ඉන්න අයටත් එක්ක තව බෝලර්ස්ලා ටිකක් විතරක් ටීම් එකට දැම්මා නම් ඉවරයි! 🏏🔥
Follow Millionz Crick Info
27/08/2026
• අම්මාගේ ඇස් විතරක් නෙමෙයි, අපි හැමෝගෙම ඇස් තෙත් වෙන ඉනිමක්.. ❤️
• සුපිරි කොල්ලෙක්.. 🥹❤️
• බලන්න ඒ මූණ.. 😍
• දවසම සෙල්ලම් කරලා කිසි ගාණක් නැතිව ගෙදරට යන විදිහ.. 😂❤️
• සිරාම වැඩ්ඩෙක්.. 🔥
• සුබ අනාගතයක් මිත්‍රයා.. ❤️🏏
• Thank you.. 🙏❤️
#🏏🇱🇰
26/08/2026
මේ අයියලා ඔක්කොම සෙන්චරීස් දාලා දැන් මැච් එක දිනන්න යන්නේ. ඉතින් මෙයාලගේ 100 ඒවා නිසානේ මෙච්චර සතුටින්.. 🙄
අපිටනේ ඉන්දියාවේ ප්ලේයර්ස්ලා මෙච්චර සද්දේ දාලා, පොඩි උන් එක්ක සෙල්ලම් කරනවා වගේ විකට්ස් අරන් win කරන්න යන එක ගැන මේ දුක හිතිලා තියෙන්නෙ.. 🥲
අපිටත් ලැජ්ජ නෑ බං.. 🥲
26/08/2026
🇱🇰🏏 “200ක Lead එකක් ගන්න පුළුවන් නම්…” 👀🔥
ශ්‍රී ලංකාවට ලකුණු 200ක ඉදිරියක් ලබාගන්න පුළුවන් වුණොත්, මේ තරගය හිතාගන්න බැරි තරම් උණුසුම් වෙන්න පුළුවන්! 🔥
ඒ ගැන හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළ කළ අදහසක් මේ වෙද්දි කාගේත් අවධානයට ලක්වෙලා. 👀
🇱🇰 ශ්‍රී ලංකාවට මේ තරගයේ තීරණාත්මක වාසියක් ගන්න පුළුවන් වෙයිද?
🏏 200ක Lead එකක් ලැබුණොත් තරගයේ ජය කාටද?
ඔබේ අනාවැකිය Comment එකකින් කියන්න! 👇🔥
🇱🇰🏏