12/08/2026
මෙවර ආසියානු තරඟ සඳහා යෑමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා මූලික වෛද්‍ය පරීක්ෂණය , රුධිර පරීක්ෂණ, පෝෂණ විශ්ලේෂණ , ජෛව යාන්ත්‍රික පරීක්ෂණ , ශ්වසන පද්ධතියේ පරීක්ෂණ , භෞත චිකිත්සක පරීක්ෂණ ඇතුළු වටිනා පරීක්ෂණ රාශියක් ක්‍රීඩා වෛද්‍ය ආයතන අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ උපදෙස් පරිදි එහි සේවක මහත්ම මහත්මීන්ගේ ඉමහත් කැපවීමෙන් සංවිධානය කර ඉතා සාර්ථක අයුරින් සිදු කරන ලදී 🥳💯
මේ සදහා තම වටිනා කාලය කැප කරමින් සහය ලබා දුන් ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සේවක මහත්ම මහත්මීන් හට මෙන්ම භාහිර ආයතන වල සිට ස්වෙච්ඡාවෙන් පැමිණ සහාය දැක්වූ සියලු දෙනාට ද , ශ්‍රී ලංකා උත්තේජක නිවාරණ අධිකාරියේ සියලු දෙනාට ද ආයතනය සිය ප්‍රශංසාව පල කරයි 💯🥳
රටේ ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා වෛද්‍ය ආයතනය සිය උත්සාහයෙන් කරනු ලබන මෙහෙය ඉතා වටිනා බවත් මෙම පරීක්ෂණ ප්‍රථිඵල ලැබුණු විගස ක්‍රීඩකයින් ගේ පවතින ගැටළු හදුනාගෙන ප්‍රතිකර්ම ලබා දීමට අප සූදානම් බව ඔබට දන්වා සිටී💯🥳
රටේ ක්‍රීඩාව උන්නතිය වෙනුවෙන් අප උපරිම සේවය සපයමු 💯🥳
11/08/2026
All athletes are welcome 🙏
01/08/2026
ග්ලාස්ගෝ අහසේ 89.75 මිටර් දුරක් සිය හෙල්ල විසි කරමින් ශ්‍රී ලංකා ඉතිහාසය වසර 20 කට පසු රන් අකුරින් ලියූ රුමේෂ් තරංග ක්‍රීඩකයාට සහ ඔහුගේ පුහුණු කරු තුමා වන ටෝනි ප්‍රසන්න මහතාට ක්‍රීඩා වෛද්‍ය ආයතනය ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශය අපේ හද පිරි සුබ පැතුම් 💯🥇😎
ඔබේ සියලු වෛද්‍ය කටයුතු සදහා අප කෙරේ තැබූ විශ්වාසයට මෙන්ම තහනම් උත්තේජක වලින් තොර සුපිරිසිදු ක්‍රීඩාව අනුගමනය කිරීම ගැන අප ඔබව ඉහළින් අගය කර සිටිමු 😍🏆🥇💯
Rumesh Tharanga Tony Prasanna ✨💯
31/07/2026
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා තරඟ සහ ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරග සදහා සහභාගි වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු , මෙම වසර සදහා ගරු ඇමති තුමා විසින් මෙහෙයවන මිෂන් ඔලිම්පික් වැඩසටහන සදහා තේරී පත් වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමගින් සමස්ත පිරිස 170 ක් සදහා වෛද්‍ය පරීක්ෂන රාශියකින් සමන්විත,
උසස් කාර්යය සාධන ක්‍රීඩක පෝෂණ සහ සෞඛ්‍ය වැඩසටන 💪💯
High performance Athletes profiling program 💪💯
මෙවරත් ක්‍රීඩා වෛද්‍ය ආයතනය ගරු අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ අධීක්ෂණය යටතේ ජුනි මාසයේ සිට මේ දක්වා දින 5ක් තිස්සේ ඉතා සාර්ථකව සිදු කරන ලදී .
මේ සදහා විශේෂ පුහුණුවක් සහිත අප ආයතන කාර්ය මණ්ඩලය ට අමතරව , භාහිර ස්වේච්ඡා සංගම් වලින්ද , ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් ගේ අධීක්ෂණය යටතේ ස්වේච්ඡා නිලධාරීන්ද , කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ , ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ අධිකාරියේ නිලධාරීන් වශයෙන් අතිදක්ෂ පිරිසක් සහභාගී වු අතර , මෙරට ක්‍රීඩා විශ්ව විද්‍යාල ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සහ සබරගමුව විශ්ව විද්‍යාල සහ කැලණිය විශ්ව විද්‍යාල වල පුහුණු සීමාවාසික සිසුන් ද ඔවුන්ගේ වටිනා සහාය එයට දක්වන ලදි.
2022 වසරේ සිට 2024,2025 සහ 2026 ලෙස වසර 4 ක් පුරාවට මෙය අඛණ්ඩව සිදු කරමින් ලාංකීය ක්‍රීඩකයින් හට වටිනා සේවයක් කිරීමට අපට හැකි විය.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා නියමිත සියලුම ක්‍රීඩකයින් හට අවශ්‍ය විටමින් , ක්‍රියටිං (අදාල විශේෂ ඉසවු සදහා ) , සාජලන පාන ඇතුළු ඉතා වටිනා අතිරේක රාශියක් මෙම වසරේ මුල සිටම ඔවුන්ට ලබා දී තිබේ .
එමෙන්ම සියලු වෛද්‍ය පරීක්ෂ සිදු කර දෙමින් ඔවුන්ගේ රෝග සදහා ප්‍රතිකාර , භෞත චිකිත්සක සේවාව, හුස්මක් පදනම මගින් නොමිලේ ලබා දුන් ශ්වසන පද්ධතියේ පරීක්ෂණ, ජෛව යාන්ත්‍රණ විද්‍යා අදාල පරීක්ෂණ , ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වශයෙන් ඉතා වටිනා පරීක්ෂණ රාශියක් නොමිළේම සිදු කර දෙමින් ක්‍රීඩක දක්ෂතා වැඩි දියුණු කිරීමට සමත් විය 😎💪💯
මෙයින් නොනැවතී අවශ්‍ය ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර වෙත විශේෂඥ වෛද්‍යවරුන් සදහා යොමු කිරීමට අපේක්ෂා කරන අතර ඒ සදහා සියලු වියදම් වත්මන් රජය විසින් දරයි.
ගරු ක්‍රීඩා ඇමති තුමාගේ මිශන් ඔලිම්පික් සංකල්පය අති සාර්ථකව ඉදිරියට යන මෙවන් අවස්ථාවක අපගේ සහයෝගය ද ක්‍රීඩකයින් හට ලබා දී ඔවුන්ට තව තවත් පදක්කම් දිනා ගැනීමට සහාය වීමට හැකි වීම අප සියලු දෙනාට ආශිර්වාදයකි 😊💯
28/07/2026
සූපිලිපන්න ක්‍රියාවලීන් ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩාව ඉහළ කාර්යය සාධනයක් වෙත ගෙන යාමට අප සියලු දෙනා අදිටන් කරගනිමු 💯
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය සිය සුපිලීපන්න සතිය මෙසේ ආරම්භ කරන ලදී 💪✅
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
A New Commitment to Integrity in Sri Lankan Sports 🇱🇰
Today marks an important milestone for the Institute of Sports and Exercise Medicine, under the Ministry of Youth Affairs and Sports, as we proudly launched an initiative reaffirming our commitment to integrity, transparency, accountability, and a zero-tolerance approach to corruption.
True sporting excellence is built not only on talent and dedication but also on strong ethical values. By embracing these principles, we are strengthening the foundation of sports governance and creating an environment where athletes can thrive with confidence, fairness, and trust.
Together, we are committed to building a stronger, cleaner, and more successful future for Sri Lankan sports.
Integrity First. Excellence Always. Together for Sri Lankan Sports. 🇱🇰💙 💚
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
27/07/2026
සුපිළිපන් රටක්
සුරක්ෂිත හෙටක් 🍃🍃🍃🍃🍃🍃
Clean Sri Lanka තේමාව යටතේ රාජ්‍ය ආයතන වඩාත් සූපිලිපන් සේවාවක් ලබා දීම සදහා අද දින දිවුරුම් දුන් අතර මේ සදහා ක්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩසටහන ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
එහිදී ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් තුමන් විසින් මෙහි අරමුණ පැහැදිලි කළ පසු , ආයතන පරිපාලන නිලධාරී තුමිය විසින් දිවුරුම් ප්‍රතිඤාව සියලු දෙනා ඉදිරියේ ප්‍රකාශය කිරීමත් සමග ආයතන කාර්යය මණ්ඩලය සියලු දෙනා එක්ව දිවුරුම් දෙන ලදී.
ඉන්පසුව මෙහි ඉදිරි වැඩසටහන් සැකැස්ම ආයතනයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකාවක් වන පෝෂණවේදිනිය විසින් පැහැදිලි කරන ලදී.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජික සාමාජිකාවන් හට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලද සාර්ථක පුහුණුවකින් පසු ඔවුන්ගේ මූලිකත්වයෙන් අප ආයතනය සුපිලීපන් එකක් බවට පත් කිරීමට ඉතාමත් උද්යෝගයෙන් කටයුතු කරන අතර කාර්යය මණ්ඩලය සියලු දෙනා ඉතා ඕනෑකමින් මේ සදහා සිය දායකත්වය ලබා දීමට එකඟ විය.
රාජ්‍ය සේවා ආයතන දූෂණය , වංචාව තොර ඉතා සූපිළිපන් ස්ථාන බවට පත් කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රය ඉහළ තලයකට ගෙන යාමට අපි ඉදිරියට එක්ව ක්‍රියා කරමු 🍃🍃🍃😊
25/06/2026
සියලු දෙනාට බැතී සිතින් ආරාධනා 😊🙏
සියලු දෙනාට බැති සිතින් ආරාධනා 🙏🙏🙏
ස්ථානය
No 33 Maitland place Colombo