SL Cricket Hits

SL Cricket Hits

Share

Sri Lanka Cricket Updates

19/07/2026

Colombo Kaps කණ්ඩායමට සුපිරි ජයක්! 🔥🏏

​අන්තිම පන්දු වාරය වෙනකම්ම ඇදල ගිය සුපිරි මැච් එකක අවසානයේ පන්දු 2ක් ඉතිරිව තියෙද්දී කඩුලු 6ක විශිෂ්ට ජයක් ලබාගන්න Colombo Kaps සමත් වුණා! 💥

​Kandy Royals: 179 (20)
​Colombo Kaps: 182/4 (19.4)

​Kandy කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය සාර්ථකව හඹාගිය Colombo Strikers ලාගේ මේ මැච් එක ගැන ඔයාලගේ අදහස් මොනවද?
​👇 Comment එකක් දාගෙන යන්න!

17/03/2026

ඉතිහාසය අපිට උගන්වන්නේ අපි කවුද යන්නයි!
🇱🇰🏆

වසර 30කට පෙර අද වැනි දිනක, අභියෝග රැසක් මධ්‍යයේ අපේ කණ්ඩායම ලෝකයටම ඔප්පු කළේ ශ්‍රී ලාංකික අපට ඕනෑම දෙයක් කළ හැකි බවයි.
ඒ රන් ජයග්‍රහණයේ අභිමානය සහ ආත්ම විශ්වාසය පෙරදැරි කරගෙන, නව පරපුරත් නැවත ක්‍රිකට් ලොව ඉහළටම ඔසවා තබන්නට අවශ්‍ය ශක්තිය අපි ලබා දෙමු.

ජයවේවා, ශ්‍රී ලංකා ක්‍රිකට්!

21/02/2026
29/12/2024

🥹

17/06/2024

😌

16/06/2024

😞

15/06/2024

ඔය කියන තරම් අපේ ටීම් එක අවුල් නෑ, මම නම් දකින්නෙ පුහුණුව සහ සැලසුම් නැති නිසා තමයි අපි ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට හේතු උනේ කියලා.
මේකට SLC වගකියන්න ඕනි. SLC එකට තිබුනා T20 format එකට ගැලපෙන ක්‍රීඩකයන් සූදානම් කරන්න. මොකද සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ අපි හොඳින්ම දැක්ක අපේ පිතිකරණයේ අඩුපාඩු. Asia cup final එකේදිත් දැක්ක. හැමදාම අපේ bowling side එක තමයි ශක්තිමත් කියල වැඩක් නෑ. හරියන ක්‍රීඩකයන් හදාගන්න ඕනි.
හරි ඔන්න මේ පාර අපි ඉන්දියාව එක්ක final ආව කියමුකො. අපිට බෑ තවමත් powerplay එකේ බැට් කරන්න. සිරාජ්ගෙ, බුම්රගෙ bowling attack එකට මුහුණ දෙන්න. අපි මොකද කරන්නේ අපි තාමත් එකතැන.
අනිත් රටවල් අපිව ඉක්මවල ගිහින්. මට නම් කියන්න තියෙන්නෙ ගෙදර වැඩ නොකර exam එක pass වෙන්න බෑ කියලා. ඉස්සර පුළුවන් ඇති ඒත් දැන් බෑ. දැන් ක්‍රිකට් වෙනස්.

10/06/2024

ඔබ සූදානම්ද? 🫵

09/06/2024

SL v BAN තරගයෙන් පසුව Star Sports ක්‍රිකට් විස්තර විචාරක නිවේදකයෙක් ශ්‍රී ලංකා සහ බංගලාදේශ තරගය පිළිබඳව අදහස් දැක්වීය.

"මට දැන් වයස අවුරුදු 34යි සංජේ සර්. මම ක්‍රිකට් බලන්න පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවයි ශ්‍රී ලංකාවයි ක්‍රීඩා කරනවා දැකලා. ඉස්සර දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරග වෙනස් මට්ටමක තිබුණා. අපි ඒවා බැලුවේ හරිම ආසාවෙන්. .

තවත් දෙයක් තමයි මීට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලිවලදී විස්තර විචාරකයන් අවසන් පූර්ව තරග ශ්‍රී ලංකාවට සහ ඔස්ට්‍රේලියාවට වෙන් කර තිබුණා. මන්ද ඔවුන් එතරම් බියකරු විය.

සංජය සර් අපේ ගෙදර අය ගෙදර ක්‍රිකට් බලද්දී සනත් ජයසූරිය එළියට එනකම් අපි බලාගෙන හිටියා මොකද එයා මැද්දේ හිටියොත් අපිට පාඩුයි.
අපේ ගෙදර අය දෙවියන්ට පවා යාඥා කළේ ජයසූරිය ඉක්මනින්ම අවුට් වෙන්න කියලයි මුරලිටයි වාස්ටයි විකට් එකක්වත් ලැබෙන්නේ නෑ මොකද ලකුණු ගත්තොත් මැච් එක පරදින නිසා.

මම අවුරුදු 17 වෙනකම් ක්‍රීඩාවක් විදියට ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ අපේ ඉස්කෝලේ ගමේ මිනිස්සු සනත් ජයසූරිය, මුරලි, බ්‍රෙට් ලී වගේ අයගේ ක්‍රීඩා විලාසය අනුකරණය කරනවා.

මෙවන් ප්‍රබල කණ්ඩායමකට අද යාර 30කට එහා පහරක් එල්ල කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. සංජය සර්, මම හිතන්නේ දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් යුගය ඉවරයි. ඔවුන් දැන් පහසුවෙන් පරාජය කළ හැකි රටක් බවට පත් වී ඇත.

ඉස්සර ලංකාවෙ මැච් එකක් කිව්වෙ අන්තිම ඕවර් එක වෙනකන් දිනන්නෙ කවුද කියල තෝරගන්න බැරිව. දැන් බැට් කරන්න කලින් කියන්න පුළුවන් ලංකාව පරදිනවා කියලා.

ඒ දවස්වල ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නම ඇහෙනකොට හිතට දැනුණු භයංකාර හැගීම අපිට දැනෙන්නේ නැහැ. මම හිතන්නේ ඔවුන්ගේ ක්‍රිකට් දැන් ඉවරයි.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo