28/08/2026
🥹🙏රුමේෂ් උඹ තමයි අපේ කුළුදුල් ඔලිම්පික් රන් බලාපොරොත්තුව ඒක දෙකක් නෑ 🤩♥️ සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ කිරුළ මීටර් 92.07ක සුපිරි දස්කමක් සමඟින් රුමේෂ් තරංගට.
ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවති 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් විය. එහිදී මීටර් 92.07ක අති විශිෂ්ට දක්ෂතාවක් වාර්තා කළ ඔහු, ලොව අංක එකේ හෙල්ල විසිකිරීමේ ශූරයා ලෙස සිය ආධිපත්‍යය යළිත් තහවුරු කළේය.
ආරම්භයේ සිටම දැඩි තරගකාරී මුහුණුවරක් ගත් මෙම ඉසව්වේදී, දෙවැනි ස්ථානය දිනූ ප්‍රබල ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස්ට වඩා මීටර් 5.14ක පැහැදිලි පරතරයක් රඳවා ගනිමින් ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට රුමේෂ් සමත් වීම කැපී පෙනේ.
28/08/2026
😳🙏 රුමේෂ් නැවතත් යෝධ හෙල්ලය විසිකිරීමෙන් ලක් මෑණියන් රනින් බැබළවීමට සමත් වුණා. උණුසුම් සුබ පැතුම්🤩 92.07
27/08/2026
🤩🙏 රුමේෂ්ගේ හෙල්ලයෙන් ශ්‍රී ලක් මාතාව රනින් බබළයි : 😳මීටර් 92.07ක සුපිරි දස්කමක්.
ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වෙන, ඩයමන්ඩ් ලීග් 2026 මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා.
මීටර් 92.07ක සුපිරි විසිකිරීමේ දක්ෂතාවක් පෙන්නුම් කරමින් ඔහු, නැවත වරක් තමන් ලොව හෙල්ලය විසි කිරීමේ ශූරයා බව තහවුරු කළා.
රුමේෂ් හා කරටකර තරගකළ ග්‍රෙනේඩියානු ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස් එම තරගයේ දෙවැනි ස්ථානයට පත් වූයේ මීටර් 86.93ක විසිකිරීමේ දක්ෂතාවක් පෙන්නුම් කරමින්.
මෙම තරගයේ තෙවැනියා බවට පත්වූයේ පෝලන්ත ක්‍රීඩක ඩාවිඩ් වෙග්නර්.
ඔහු මෙම තරගයේදී පෙන්නුම් කළ සිය උපරිම දක්ෂතාවය ලෙස සටහන් කළේ, මීටර් 85.16ක විසිකිරීමේ දක්ෂතාවක්.
දැඩි තරගකාරී බවක් තරග ආරම්භයේ සිටම මෙම තරගය තුළ පෙනෙන්නට තිබූ අතර රුමේෂ් සිය ආධිපත්‍ය තහවුරු කළේ පීටර්ස්ට වඩා මීටර් 5.14ක විසිකිරීමේ දක්ෂතාවක් පෙන්නුම් කරමින්.
27/08/2026
රටක් වටින කොල්ලෙක් සොනාල්🤩🔥--- තරග දෙකින් යුත් ටෙස්ට් තරගාවලියක ශතක 3️⃣ ක් වාර්තා කර ඇති ශ්‍රී ලංකා (🇱🇰) පිතිකරුවන් ලයිස්තුවට ඇතුලු වීමට සොනාල් දිනූෂ සමත්වුනා..
මීට පෙර විශිෂ්‍ට පිතිකරුවන් දෙදෙනෙකු ඒ විරල දස්කම දක්වා තිබුනා...
25/08/2026
රටක් වටින සොනාල් 🤩❤️
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දිය කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාකල මුල්ම ඉනිම් 3️⃣ තුලම අර්ධ ශතක හෝ ඊට වැඩි ඉනිම් දියත් කල ලොව 3️⃣ වන පිතිකරුවා බවට පත්වීමට සොනාල් දිනූෂ සමත්වුනා.
--- Everton Weeks(🏝️) : 128, 194,162,101,90,56
in 1948
--- Zaheer Abbas(🇵🇰) : 176, 96, 235* in 1978
--- Sonal Dinusha(🇱🇰) : 100, 84, 85* in 2026*
( * Everton Weeks ඉන්දිය කණ්ඩායමට එරෙහිව ඔහු ක්‍රීඩාකල මුල් ඉනිම් 6 තුලම 50+ ඉනිම් වාර්තා කර තිබෙනවා. ඒ අතර ශතක 4 ක් තිබෙනවා )
එලෙසින් වසර 48 කට පසුව එම සුවිශේෂී දස්කමක දැක්වීමට සොනාල් දිනූෂ සමත්වුනා..
21/08/2026
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන හෂාන් තිලකරත්න ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස වගකීම භාර ගනියි🤩🙏♥️
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ප්‍රබල ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වන හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ජාතික (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු (Batting Coach) ලෙස පත් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම පුහුණුකරුවෙකු ලෙසද වසර ගණනාවක විශාල අත්දැකීම් සම්භාරයක් හිමි ඔහු, ඉදිරි තරග සංචාරයන් වෙනුවෙන් ජාතික කණ්ඩායමේ පිතිකරණ බලඇණිය සූදානම් කිරීමේ ප්‍රධාන වගකීමට කරගසා ඇත.
21/08/2026
ශ්‍රී ලංකා මාතාවගේ ආශිර්වාදයෙන් යෝධ බල යෝධ ශක්තිය ඔබට ලැබේවා 🤩🙏
රුමේෂ් තරංග පතිරගේ අද රාත්‍රී 11:50 ට ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන පිටියේ ප්‍රධානියා වීමට සූදානම්! ඔහුගේ ලෝක ප්‍රමුඛතම දස්කම (මීටර් 92.62) වේදිකාවට ගෙන එමින්, ශ්‍රී ලංකා ශූරයා ලොව හොඳම විසි කරන්නන් සමඟ තරඟ කරයි.
🏟️ තහවුරු කරන ලද තරඟකරුවන්ගේ ආරම්භක ලැයිස්තුව:
1. පතිරගේ රුමේෂ් තරංග (ශ්‍රී ලංකාව 🇱🇰) - කන්නයේ හොඳම දුර: මීටර් 92.62
2. තොම්සන් කර්ටිස් (ඇමරිකා එක්සත් ජනපදය 🇺🇸) - කන්නයේ හොඳම දුර: මීටර් 87.59
3. පීටර්ස් ඇන්ඩර්සන් (ග්‍රෙනාඩා 🇬🇩) - කන්නයේ හොඳම දුර: මීටර් 86.38
4. චොප්රා නීරාජ් (ඉන්දියාව 🇮🇳) - කන්නයේ හොඳම දුර: මීටර් 85.83
5. VADLEJCH Jakub (චෙක් ජනරජය 🇨🇿) – හොඳම කාලය: මීටර් 85.24
6. MINICHELLO Marc Anthony (ඇමරිකා එක්සත් ජනපදය 🇺🇸) – හොඳම කාලය: මීටර් 84.11
7. FELFNER Artur (යුක්රේනය 🇺🇦) – හොඳම කාලය: මීටර් 83.62
8. WALCOTT Keshorn (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 🇹🇹) – හොඳම කාලය: මීටර් 83.45
9. වයිලන්ඩ් සයිමන් (ස්විට්සර්ලන්තය 🇨🇭) – හොඳම කාලය: මීටර් 80.76
Rumesh Tharanga Rumesh Tharanga Pathirage
21/08/2026
😳🙏මොකද අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කියන්නේ?
🤩කවුරු ආවත් සිංහයින්ව හදන්න බැරිද ?
🤩හෂාන් තිලකරත්න දෙයක් කරයි ද ?
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✍️✍️✍️✍️✍️✍️✍️✍️✍
21/08/2026
සුපිරි ටෙස්ට් සංචිතයක් සිංහයින්ගෙන්🤩🙏
ඉන්දියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි. 🙌♥️
අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.
නිශාන් මදුශ්ක සහ ආබාධයකට ලක්වූ දිනේශ් චන්දිමාල් සංචිතයෙන් ඉවත්කර ඇති අතර ඔවුන්ට ආදේශක ලෙස කමිල් මිශාර සහ සහන් ආරච්ච්ගේ සංචිතයට එක්කර තිබෙනවා. කෙසේවෙතත් යොවුන් කඩුලු රකින පිතිකරු අංජල බණ්ඩාරට මෙම සංචිතයේද ඉඩක් හිමිවී නෑ.
නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය :
1. දනංජය ද සිල්වා (නායක)
2. කමිඳු මෙන්ඩිස් (උප නායක)
3. ළහිරු උදාර
4. කමිල් මිෂාර
5. පසිඳු සූරියබණ්ඩාර
6. සහන් ආරච්චිගේ
7. සොනාල් දිනූෂ
8. නිරෝෂන් දික්වැල්ල
9. කේශර නුවන්ත
10. ප්‍රභාත් ජයසූරිය
11. මිලාන් රත්නායක
12. ළහිරු කුමාර
13. අසිත ප්‍රනාන්දු
14. විශ්ව ප්‍රනාන්දු
21/08/2026
බෝල් 16න් ලකුණු 49ක්. 👏👏 අද CPL එකේ අපේ දස්සා සුපිරිම ඉනිමක් සෙල්ලම්කළා. 🤩♥️ දස්ස එනකොට ලකුණු 126/5 යි.. දස්ස ඉනිම ඉවරකරනකොට ලකුණු 187/6යි.. 😳♥️