12/08/2026
සරළ සම්මත කතාව තමයි තියෙනවිට දෙයක් වටින්නේ නෑ, නමුත් අහිමිවන විට, හිඟවෙනකොට ඒක වටිනවා කියන එක.
මුදල් තිබෙනකොට වටින්නේ නෑ - හිඟවන විට වටිනවා
කාලය තිබෙනකොට වටින්නේ නෑ - හිඟවෙන විට වටිනවා
නමුත් මේ දෙකම නොවටිනා ලෙස වැය කලාට පස්සේ නැවත උපයන්න ලේසි නෑ. මුදල් කෙසේ වෙතත් - කාලය නම් නැවත එන්නේ ම නෑ.
උපායමාර්ගිකව කල් ගැනීම සහ නොවටිනා ලෙස කාලය විනාශ කිරීම කියන්නේ එකක් නොවෙයි දෙකක්. මෙය දන්නා මිනිසුන්ට තත්පරයත් වටිනවා.
එසේ නම්, සුබ දවසක් වේවා.
- Coach භාතිය අර්ථනායක
10/08/2026
මතුපිටින් දිදුලන්නේ ඇතුලතින් බොහෝ දුර ඇවිද ගිය මිනිසුන්.
🔰පැහැදිලි අරමුණක්
🔰නිශ්චිත ක්‍රියාවලියක්
🔰අවශ්‍ය අවස්ථාවේ උපායමාර්ගික වෙනසක්
🔰නැවත හැරී බැලීමක්
සමඟින් ඇවිද යන්න.
සුබ, සුව, බල සපිරි සතියක් වේවා ❤️
- Coach භාතිය අර්ථනායක
08/08/2026
“ඔබ හමුවට පැමිණෙන ශිෂ්‍යයා තුල ඇත්තේ උපාධි පාඨමාලාවක් හෝ වෙනත් උසස් අධ්‍යාපන අවස්ථාවක් පිළිබඳ අපේක්ෂාවක් නොවේ. ජිවිතය ඉන් දිනාගත හැකිවේය යන අපේක්ෂාවයි. ඔහුට අලෙවි කරන මානසිකත්වයෙන් නොව - සේවා මානසිකත්වයෙන් සලකන්න.”
International Coaching Federation සාමාජික, Corporate Trainer භාතිය අර්ථනායක මෙම අදහස් පල කලේ, Asian Institute of Business and Science (AIBS) හි ශිෂ්‍ය උපදේශකන සේවාවේ සාමාජිකයින් අමතමින්. ඒ ඔවුන් වෙනුවෙන් සූදානම් කර තිබූ සුවිශේෂි අර්ධ දින පුහුණු සැසියකදී.
“අලෙවිය ඉහළ යන්නේ සේවාව වැඩි දියුණු වන තරමට. අද ලෝකය අලෙවිකරණයේ ඉලක්කම් පසුපස දුවන්න පටන් ගත්තා ම සේවාව අමතක වෙනවා. සිදුවිය යුත්තේ සේවාව ප්‍රමුඛ කර ගැනීමයි.” භගවත් ගීතාවේ එන කර්ම යෝගවල උදාහරණ ගෙනහැර පාමින් එම සේවා මානසිකත්වය ව්‍යාපාරවල දියුණුවට බලපාන්නේ කෙසේදැයි Coach භාතිය මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කලා.
🔰පාරිභෝගික සන්නිවේදනය
🔰ආචාර විධික්‍රම
🔰ශිෂ්‍ය උපදේශකයාගේ භූමිකාව
🔰වෘත්තිකයෙකු ලෙස සන්නාමයක් වන්නේ කෙසේද වැනි අතිශය වැදගත් මාතෘකා මෙහිදී භාතිය ආවරණය කලා.
“භාතිය. ඔබ ඉතා හොදින් ඔබගේ අත්දැකීම් මෙහිදී පැහැදිලි කලා. මම හිතනවා එය මේ සැසිය ඉතා ගැඹුරු තේරුම්ගැනීමක් සඳහා අපේ කණ්ඩායමට උපකාරී වුණා කියලා. අපි ඔබට මෙවැනි විශිෂ්ට සැසියක් පැවැත්වීම ගැන ස්තුතිවන්ත වනවා.” ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටනිකා පෙරේරා සැසිය අවසානයේ දී කියා සිටියා.
අප මෙම සැසියට එක්වූ සියලු ශිෂ්‍ය උපදේශකයින්ට, Asian Institute of Business and Science (AIBS) ආයතනයට ඉදිරි සාර්ථකත්වය සඳහා සුබ පැතුම් එක් කර සිටිනවා.
- Team Coach Bhathiya
04/08/2026
Good Luck team Sri Lanka 🇱🇰 Netball
ආසියානු ශූරතාවට යන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම වෙනුවෙන් මම ඊයේ දෙවැනි සැසිය පැවැත්වූවා. එය බොහෝ සංවාදශීලි සැසියක්. ඔවුන්ගේ ප්‍රතිචාර අනුව මම හිතනවා මේ සැසියේ අවශ්‍යම
දේ ඔවුන් ග්‍රහණය කරගත්තා කියලා.
මගේ පලමු සැසිය පැවැත්වුනේ ඔවුන්ගේ අනුග්‍රාහකයා වූ LB Finance PLC මැදිහත්වීමෙන්. නමුත් දෙවැන්න මම ඊයේ ස්වේච්ඡා දායකත්වයක් ලෙස ලබාදුන්නා. ඒකට හේතු දෙකක් තිබුණා. පලමුවැන්න ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් ඒකනායකගේ මැදිහත්වීම. අතින් අල්ලගෙන මේ ක්ෂේත්‍රයට එන්න පියෙක් වගේ පාර පෙන්නපු ඔහු, භාතිය මේක කරලා දෙන්න කියන ඉල්ලීම කලා. දෙවැන්න, මගේ ජීවිතයේ මට ජාතික කණ්ඩායමක් වෙනුවෙන් සැසියක් කරන්න ලැබුනු පළමු අවස්ථාව ආවේ නෙට්බෝල්
ජාතික කණ්ඩායම වෙනුවෙන් 2012 දී වීම. ඉතින් මෙතන ඉන්න තිශාලා, ගයනි, තිළිණි වගේ ක්‍රීඩිකාවෝ මට අලුත් නෑ.
දක්ෂ කණ්ඩායමක් මෙවර ඉන්නවා. එකම දේ පුහුණුව තුල මතුකරගත්, ඔපනැංවූ දක්ෂතාව තරඟාවලිය තුල එයාකාරයෙන් ම, ඊටත් වඩා හොදින් පිටියට රැගෙන ඒම. ඊට මම හදවතින් ම සුබ පතනවා.
කණ්ඩායම, Supporting staff including coach.
ඔබට ජයග්‍රහණයම වේවා ❤️
04/08/2026
ජීවිතයේ අපි වටිනාකම් අපේක්ෂා කරනවා. විටෙක සමීපතමයින්ගෙන්. විටෙක රාජකාරී ස්ථානයෙන්. වටාපිටාවෙන්. අපි හිතනවා අපිව වටින්න ඕනේ, ඔවුන් අපිව අගයන්න ඕනේ කියලා.
මේ නිසාම වටිනාකම, අගය නොදැනෙනවාය කියලා හිතන තැන්වලදි වටිනාකම අපි ඉල්ලා හිටින්න පටන් ගන්නවා. අයදිමින් යන්න පටන් ගන්නවා.
නමුත්, ඔබගේ වටිනාකම, අගය ඔබට ලැබෙන්නේ ඉල්ලා සිටින, යදින අවස්ථාවේදී නම්, ඔබ නොදැනුවත්වම ඔබගේ අගය පහත හෙලාගෙන තිබෙනවා.
වටිනාකම අගය එන විදියට වැඩ කරන්න. නමුත් අයැද සිටීම එයට මාවත නොවෙයි.
අගය - වටිනාකමට ඉහළ පිලිගැනීමක් උරුම වෙන දවසක් වේවා.
- Coach භාතිය අර්ථනායක
03/08/2026
“කෑගහලා බල කරලා වැඩ කරවන්න පුළුවන් පරම්පරාවක් ද දැන් ඉන්නේ?”
කිසිසේත් ම නැහැ. ඔවුන් ජීවත් වෙන ලෝකය අද වැඩිහිටියන් බවට, දෙමාපියන් බවට පත්ව සිටින අයගේ ලෝකයට වඩා බෙහෙවින් ම වෙනස්.
මේ පරම්පරාව ඉතාම හොදයි. ප්‍රශ්නය ප්‍රමාණවත් ලෙස ඔවුන්ට ඇහුම්කන් දෙන වැඩිහිටි පරම්පරාවක් ඔවුන්ට නොමැති වීමයි. අපිට කතා කරන්න අපේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට විවේකයක් තිබුණා. ඒත් අද අපේ වැඩිහිටි පරම්පරාව දරුවන්ගේ ම සිහින සරි කරන්න කාර්‍යබහුල වීමෙන් දරුවා වෙනුවෙන් ප්‍රමාණවත් වෙලාවක් අහිමි වෙලා තිබෙනවා.
ඉලක්ක ජය ගන්නේ ඇයිදැයි ඔවුන්ට ආදරයෙන් කියාදෙන්නට අවශ්‍යයි. ඒකට නිර්මාණාත්මක ක්‍රමවේද අවශ්‍යයි. අපි YOU 2.0 සිසුන්ගේ වැඩමුළුවේ දී දරුවන්ට විෂය ඉගෙන ගන්න එක ගැන නෙවෙයි, ඉගෙනගන්න ඉගෙනගන්නේ කොහොමද කියන එක ගැන දැනුම සහ අවබෝධය ලබාදෙනවා.
ඒ නිසා,
ඉගෙනගෙන වැඩක් නෑ. අද ලෝකය දිනන්න ඉගෙනගන්න ඕනේ නෑ කියලා හිතන දරුවා වගේ ම,
ඉගෙන ගත්තොත් තමයි දිනන්නේ කියන දරුවාත් මෙතනට එවන්න.
දෙන්නටම යන්න තව දුරක් තියෙනවා.
දැනටමත් ආසන 50 කට ආසන්න ප්‍රමාණයක් වෙන්වී අවසන් නිසා, ඔබගේ අසුන වෙන්කරගන්න, දැන්ම 0714321835 අංකයට අපට කතා කරන්න. Whatsapp පණිවුඩයක් තියන්න. අපි ඔබට සහය වෙන්නට සූදානම්.
නැතිනම්, පහත සඳහන් ගිණුම් අංකයට පමණක් අදාල ගෙවීම සිදුකර සහභාගි වන දරුවාගේ විස්තර සමගින් අපට 071 – 4321835 අංකයට එහි ස්ලිප් පත whatsapp කරන්න.
Account Name – PHOENIXSPIRE (Pvt) Ltd
Account Number – 0218 1000 5251
Bank – Sampath Bank
Branch – Super Branch – Borella
- TEAM COACH BHATHIYA
03/08/2026
“අද ලෝකයේ වැදගත් ම මුදල් ඒකකය වෙන්නේ විශ්වාසය. පාරිභෝගිකයෙක් ඔබව ම තෝරාගන්නේ වෙළඳපලේ තරඟකාරී භාණ්ඩ හෝ සේවා නොමැති නිසා නෙවෙයි. ඒවා අතරින් ඔහුට හොදම සේවය දෙන්නේ ඔබ යැයි විශ්වාස කරන නිසා. ඒ නිසා ම අද ලෝකයේ කොතැනක හරි මුදල් ගනුදෙනුවක් වෙනවා නම්, ඒකට හේතුව විශ්වාසය. ඒක අලෙවියට පෙර, අලෙවිය අතරතුර සහ අලෙවියෙන් පසු සේවාව විශිෂ්ට ලෙස පවත්වා ගැනීමෙන් පමණයි ආරක්ෂා කරගන්නට පුළුවන් වෙන්නේ.”
International Coaching Federation සාමාජික, corporate trainer භාතිය අර්ථනායක මේ අදහස් පල කළේ, දිවයිනේ සුපතල ව්‍යාපාරයක් වන SINGER හි අලෙවියෙන් පසු තාක්ෂණික සේවා සපයන ආයතනවල ප්‍රධානීන් අමතමින්. නවීන ලෝකයේ ව්‍යවසායකත්ව මනස කොතරම් ඔවුන්ගේ විශිෂ්ටත්වයට වැදගත් වන්නේ ද යන්න මෙහිදී විවිධ මාතෘකා ඔස්සේ අපි සාකච්ඡා කලා.
ඒ අනුව,
01. ව්‍යවසායකත්වය සඳහා Growth mindset බලපෑම
02. මූල්‍ය දියුණුව සඳහා ධනවත් මානසිකත්වය
03. සේවකයින් සහ පාරිභෝගිකයින් සමඟ විධිමත් සන්නිවේදනය
04. යහපත් මූල්‍ය පුරුදු පවත්වාගැනීමේ වැදගත්කම
05. පාරිභෝගික සත්කාරයේ නවීනතම ප්‍රවණතා
වැනි මාතෘකා රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාවට ගැනුනා.
“Coach භාතිය හැමවිට ම අපේක්ෂා කලාටත් වඩා දෙයක් වැඩසටහනට සහභාගී වන්නන්ට ලබාදෙනවා. මේ කණ්ඩායම වෙනුවෙන් අපි ඔහුව ම තෝරාගත්තේ මේ පුහුණුව ලංකාවේ සිටින විශිෂ්ටතම පුහුණුකරුවෙක් හරහා ලබාදෙන්න අපට උවමනාව තිබුණා. භාතිය ඒ අවශ්‍යතාව ඉතාමත් හොදින් අපිට ඉටු කර දුන්නා.”
සැසිය අවසානයේ දී SINGER හි තාක්ෂණික පුහුණු අංශයේ ප්‍රධානී ඩි.එම්.තරංග බණ්ඩාර මහතා කියා සිටියා.
අප එම ආයතනයට සහ සැසියට සහභාගී වූ ඒ සියලු ව්‍යාපාරිකයින්ට වඩාත් විශිෂ්ට සේවාවක් සැපයීම සඳහාත්, ඔවුන්ගේ ආයතනික උන්නතිය සඳහාත් සුබ පැතුම් එක් කර සිටිනවා.
- TEAM COACH BHATHIYA