B Town Events

B Town Events

Share

Bringing the best events to Badulla. Music | Shows | Entertainment 🎶 The Portuguese once occupied it but set the town on fire before leaving. St.

Badulla, Central Highlands of Sri Lanka

East of the Central highlands ridge are the picturesque hills of Uva Province. Badulla draws Buddhist pilgrims from across the island during the festivals The climate of the triangle formed by Ella, Haputale & Welimada (in Badulla) is regarded by many Sri Lankans as the most favourable on the island. This is a marvellous walking country, where views, partic

Photos from B Town Events's post 23/07/2026

🚨 දැනුම්දීමයි!

මේ වන විට බදුල්ල ගල් කන්ද ප්‍රදේශයේ පැතිර යන ගින්න හේතුවෙන් අවට ප්‍රදේශවල සිටින සියලු දෙනාම ඉතා කල්පනාකාරීව හා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

ගින්න ඉක්මනින් පාලනය කිරීමට හැකි වේවා ! 🙏

කරුණාකර මෙම පණිවිඩය බෙදාහරින්න. ❤️🔥

19/07/2026

⚽🌍 සමහර තරග ජයග්‍රහණයකින් අවසන් වෙනවා…

ඒත් සමහර තරග
ඉතිහාසයක් බවට පත්වෙනවා.

2026 ලෝක කුසලාන අවසන් මහා තරගයත් එවැනිම මොහොතක්.

එක් පැත්තකින්…

ලෝක පාපන්දු ඉතිහාසයේ අමරණීය නමක්.
කෝටි ගණනක් මිනිසුන්ගේ සිහින තම පාදවලින් ලියාගත් මිනිසා.
ලයනල් මෙසී.

බොහෝවිට, ඔහුගේ අවසන් ලෝක කුසලාන වේදිකාව.
එක් මහා යුගයක අවසාන පරිච්ඡේදය.

අනිත් පැත්තෙන්…

අනාගතය තම පළමු පියවර තබන තරුණ තරුව.
ලෝකයම බලා සිටින නව පරපුරේ බලාපොරොත්තුව.
ලමීන් යමල්.

එක් පරම්පරාවක් නිහඬව සමුගන්නා විට,
තවත් පරම්පරාවක් ආලෝකය දෙසට ගමන් අරඹනවා.

ඒ නිසා මේක නිකම්ම
ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර අවසන් තරගයක් නෙවෙයි.

මේක…

රජෙකුගේ අවසන් සටනත්,
අනාගත රජෙකුගේ පළමු මහා වේදිකාවත්
එකම රාත්‍රියක හමුවෙන මොහොතක්.

අපි වාසනාවන්තයි.

මෙසීගේ යුගය අවසන් වෙන්න පුළුවන් මොහොතත්,
යමල්ගේ යුගය ආරම්භ වෙන්න පුළුවන් මොහොතත්,
අපේම ඇස් ඉදිරියේ දැකගන්න ලැබෙන පරම්පරාව අපි.

අවුරුදු ගණනාවකට පස්සේ
අපිට එක දෙයක් ආඩම්බරයෙන් කියන්න පුළුවන්…

“මෙසීගේ අවසන් World Cup Final එකත්,
යමල්ගේ නව යුගය ඇරඹුණු රාත්‍රියත්
අපි සජීවීව දැක්කා.”

කවුද දිනන්නේ කියන එක වැදගත්.

ඒත් මේ රාත්‍රියේ,
පාපන්දුම දිනනවා. ❤️⚽

🇦🇷 Argentina vs Spain 🇪🇸
The end of an era. The beginning of another.

05/07/2026

සැඟවී යන්නට නොදෙන ජීවිත කතාවන්වලට සවන්පත් විහිදා...
සොඳුරු හඬින් බොහෝ හදවත් සනසා...
සංයමයෙන් ජීවිතවලට සතුට ගෙන එනා...
නිහතමානීකමින් මිනිසුන්ගේ ආදරය දිනාගත්...
අපේ කාලයේ සොඳුරු නිවේදකයා,
ප්‍රවීණ මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක. ❤️

ඔබට නිදුක් නීරෝගී, සතුටින් පිරි, සුන්දර වදනින් රසික හදවත් පිනවන්න ශක්තිය ලැබෙන,
අසීමිත සාර්ථකත්වයන්ගෙන් පිරි සුබම සුබ උපන්දිනයක් වේවා! 🎂❤️

With Love,
Team B Town Events ❤️

02/07/2026

බදුල්ල කියන්නේ බලලා ඉවර වෙන නගරයක් නෙවෙයි... ❤️
හැම වතාවකම අලුත් හැඟීමක් උපදවන තැනක් 🌙✨

රොක්හිල් පුංචි සිරීපාදය රාත්‍රියට ටවුන් එකට පේන විදිහ..
ඔයාලත් ගත්ත Photos තියෙනවනම් පහලින් Comment කරගෙන යමු... 👇

📍 Badulla | Sri Lanka



📸 ඉ

02/07/2026

වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය — බදුල්ලේ හදවත.
ශ්‍රී ලංකාවට විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් දායාද කළ අභිමානවත් ක්‍රීඩා භූමිය.. 🏟️💚

01/07/2026

🚨 විශේෂ දැනුම්දීමයි 🚨

බදුල්ල අළුගොල්ල කන්ද ප්‍රදේශයේ මේ වන විට පැතිර යන ගින්න පාලනය කිරීම ඉතා අපහසු තත්ත්වයක පවතින බව වන සංරක්ෂණ නිලධාරීන් පෙන්වා දෙයි.
⚠️ එම ප්‍රදේශයේ සහ අවට සිටින සියලු දෙනා ඉතා අවධානයෙන්, කල්පනාකාරීව සහ පරිස්සමෙන් කටයුතු කරන්න.
කරුණාකර අනවශ්‍ය ලෙස එම ප්‍රදේශයට යාමෙන් වළකින්න. නිලධාරීන් විසින් නිකුත් කරන උපදෙස් පිළිපදින්න.
🙏 මෙම තොරතුර හැකි තරම් තවත් අය වෙතද බෙදාහැරීමෙන් ඔවුන් දැනුවත් කරන්න.

01/07/2026

නමුණුකුල එළිමහන් රංග පීඨය... ❤️

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පිහිටි, බදුල්ලේ සුන්දරම එළිමහන් රංග පීඨය. නමුණුකුල කඳුපන්තිය පසුබිම් කරගත් මේ අපූරු ස්ථානය, සන්ධ්‍යා අහසේ පාටත් එක්ක එකතු වුණාම මැවෙන්නේ අමතක නොවන දර්ශනයක්.

📍 නමුණුකුල එළිමහන් රංග පීඨය | Uva Wellassa University, Badulla

📸 Tharusha Nimsara

01/07/2026

සඳත් එක්ක ඇරඹුණු උදෑසනක්... 🌕💙

අද උදේ මේ ලස්සන දර්ශනය දැක්කේ කවුද?

01/07/2026

තැන අදුරනවද බලන්න 😊❤️

Want your business to be the top-listed Gym/sports Facility in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Badulla