කලාබර 7

කලාබර 7

Share

Art and educational page

Photos from කලාබර 7's post 10/07/2026

SLAS වලට සූදානම් වෙන කණ්ඩායම් දෙකටමයි මේ 👇👇👇 පැහැදිලි කිරීම.

විභාගය ගැසට්වෙලා නැතිවුණාට ගැසට්වුණාට පස්සෙම වැඩ පටන්ගන්නව කියල හිතනව නම් බොරුවට මහන්සිවෙලා වැඩ කරන එක තේරුමක් නැහැ.අවුරුදු තුනහතරකට වතාවක් එන විභාගය බයනැතිව ගොඩදාගන්න නම් පැහැදිලි ඉලක්කයක් එකිකම වැඩ කරන්න වෙනවා.විභාගය සම්බන්ධ අංගසම්පූර්ණ පැහැදිලි කිරීමක් ඉදිරියෙදි අනිවාර්යයෙන්ම කරනවා.ඒ අතරෙ දැන් ඉඳලම වැඩෙිට සූදානම් වෙන අය මේ වෙද්දීත් එක් එක් විෂයන්වලට ස්වයං අධ්‍යයන කටයුතු ආරම්භ කරන්ඩලා.open/Limited දෙගොල්ලටම තියෙන දේශීය /ගෝලීය ප්‍රවණතා හෙවත් සාමාන්‍ය දැනීම ppr එකේ ප්‍රධාන බරක් වැටෙන ව්‍යුහගත /අර්ධ ව්‍යුහගත ප්‍රශ්නවලදි තමයි ඔයාලගෙ ඇත්තම සාමාන්‍ය දැනීම මට්ටම මැන බැලෙන්නෙ.gk ppr එකේ පළවෙනි කොටස කෙටි ප්‍රශ්නෝත්තර වලින් අහන ගමන් ඒකෙම දෙවන කොටස විවිධ මාතෘකා සම්බන්ධ ව්‍යුහගත කොටස්වලින් සමන්විත වෙනවා.මේ කොටස කෙටි කරුණු කටපාඩම් කරලා හෝ මහබැංකු වාර්තාවෙ එහෙන් මෙහෙන් කියවලා ගොඩදාගන්න හරි අමාරුයි.එකම මාතෘකාවෙන් කොටස් වශයෙන් ප්‍රශ්න ඇහෙන නිසා අදාළ ක්ෂේත්‍ර පිළිබඳ ඔබෙි පුළුල් දැනුම අනිවාර්යයෙන්ම වැදගත්.මේ ව්‍යුහගත /අර්ධ ව්‍යුහගත ප්‍රශ්න ඇහෙන රටාව අනුව සර්වකාලීනව වැදගත් කරුණු වගෙම මෑතකාලීනව වැදගත් දේවල්වලිනුත් අනිවාර්යයෙන්ම අහනවා.ඒ නිසා හැම අංශයක්ම(ආර්ථික ,දේශපාලනික,සංස්කෘතික ,අන්තර්ජාතික ) ආවරණය කරගෙන ඉන්න එක ඉතාම වැදගත්.උදාහරණයක් විදියට අවසන්වරට පැවති විභාගයෙදි (2021) ඒ කාලවකවානුව තුළ දැඩි කතාබහට ලක්වු කාබනික කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා.ඒ වගෙම මෑතකාලීනව වැදගත්කමක් තියෙන එවැනි මාතෘකා පිළිබඳ පුළුල් තොරතුරු වෙනවෙනම හොයන්න.ඔයාලගෙ දළ අවබෝධයට මෙන්න මේ මාතෘකා අනිවාර්යයෙන්ම follow කරන්න.
*ශ්‍රීලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් රජය ගත් ක්‍රියාමාර්ග
*සංචාරක කර්මාන්තය විශාල ප්‍රගතියක් අත්පත්කරගැනීමට අනුගමනය කළ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග .
*Clean Srilanka + එක් එක් අංශ ප්‍රවර්ධනය පිණිස ගත් විවිධ වැඩසටහන් /ව්‍යාපෘති.
(Ex:මත් උවදුර තුරන් කිරීම,වාරි මහිම,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ,ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් ගත් Dream Destination වැනි වැඩසටහන්.)
*දිළිඳුකම පිටුදැකීමට හඳුන්වා දුන් ප්‍රජාශක්ති වැඩසටහන.
*ක්‍රීඩා අංශය ප්‍රවර්ධනය සඳහා අලුතින් හඳුන්වා දුන් වැඩසටහන්.
*රාජ්‍ය සේවය ඩිජිටල්කරණය වෙනුවෙන් ගෙන ඇති විවිධ වැඩසටහන්(Ex:Gov pay)
*ස්වභාවික ආපදා කළමනාකරණය (දිට්වා අවස්ථාව ).
*බලශක්ති අර්බුදය විසඳීම සඳහා දැනට ගෙනියන වැඩසටහන්/ව්‍යාපෘති.
*කාලගුණික හා දේශගුණික විපර්යාසවලට අනුගතවීම.

මෙන්න මේවගෙ හැමඅංශයක් සඳහාම කරුණු වෙනවෙනම එකතුකරගන්න.එක් එක් මාතෘකා පිළිබඳ ලියවිලා තියෙන ලිපි පුලුවන් තරම් පුළුල් පරාසයකට එකතුකරගන්න.අපේ ඉලක්කය වෙන්නෝනෙ Exam එක පාස් වෙන්න අවශ්‍ය අවම ලකුණු ගන්න එක නෙමෙයි.අවසාන ලිස්ට් එකට එන්න නම් ඔයා හැම සබ්ජෙක්ට් එකකටම ලකුණු 70කවත් අවමයකට අපට යන්නම වෙනවා.ඉතිං ඔයාට සබ්ජෙක්ට් කිහිපයකටම එකවගෙ මහන්සිවෙන්න තියෙන නිසා මේ වැඩෙි සැහැල්ලුවට ගන්න එපා.

Gk ppr එකේ ව්‍යුහගත කොටස්වලට වැදගත් ජාත්‍යන්තර කරුණු කෙරෙහිත් අවධානය අනිවාර්යයෙන්ම යොමුකරන්න .ඒ ජාත්‍යන්තරව වැදගත් කරුණුවලට
*ජාත්‍යන්තර ත්‍රස්තවාදය
*සයිබර් අපරාද.
*කාලගුණ හා දේශගුණික විපර්යාස .
*AI තාක්ෂණය නිසා අනාගත ලෝකයට සිදුවන බලපෑම.
*ජාත්‍යන්තර සංවිධාන /සමුළු /ගිවිසුම්
*GSP+ සහ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්
*කලාපීය හා ජාත්‍යන්තර භූ දේශපාලනික වෙනස්කම් වගෙ කරුණු අනිවාර්යයෙන්ම එකතුකරගන්න .ඔයාලගෙ පහසුව සඳහා දේශීය ප්‍රවණතා වෙනමත් විදෙස් ප්‍රවණතා වෙනමත් එකතුකරගන්න. හොඳට මතක තියාගන්න SLAS කියන්නෙම කරුණු පස්සෙ හඹායන ඒවා එකතුකිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව උපරිමයෙන්ම තියෙන අයට විතරක් ගොඩයන්න පුලුවන් Exam එකක් විතරයි.විභාග ගැසට්වෙලා ඊට පස්සෙ ඉතිරිවෙන ⁣පුංචි කාලයෙන් මේ වැඩෙි අප⁣ට කොහෙත්ම කරන්න බැහැ. වැදගත්ම දේ තමයි ගුරුවරු ඉස් මුදුනේ තියාගෙන එයාලව 100%ක් Sure කරගෙන ඉන්නවට වඩා තමන් ගැන Full Confidence තියාගන්න.විභාග ලියන ඕනෑම මනුස්සයෙක්ට කරුණු පිළිබඳ හොඳ ඉවක් අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනෙ.සාමාන්‍ය දැනීමයි/කාලීන තොරතුරුයි කටපාඩම්කරල පාස්වෙන්න පුලුවන් සරළ විභාගයක් නෙමෙයි SLAS .මේකෙ බරපතලකම කලින් විභාගය ලියපු අය දන්නවා.web එකේ තියෙන පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර හොඳට Study කරන්න.සමහර අවුරුදුවල සමහර ප්‍රශ්න නැවතත් ඒ විදියටම අහලත් තියෙනවා. හැමදාම වගෙ කලාබර7 තුළින් මම ඔයාලට පුලුවන් තරම් උදව් කරනව.කැපවීමෙන් වැඩකරලා Exam එක ගොඩදාගන්න එකේ 100%ක් වගකීම තියෙන්නෙ ඔයාගෙ අතේ.කලාබර7 ට දමන postවල මම අනිවාර්යයෙන්ම SLAS වලට විශේෂයි කියල දාන කරුණු වෙනම සටහන් කරගන්න.ගියවතාවෙත් කලාබර7 follow කරල SLAS ගොඩගිය අය ඉන්නව.Limited අයගෙන් පළවෙනි 10දෙනා අතරත් දෙන්නෙක් හිටියා මගෙ තොරතුරු විතරක්ම බලාගත්ත.ආවාට ගියාට ජනප්‍රියත්වය බලාගෙන මම කවදාවත් තරගවිභාගවලට ෑගන්වල නෑ.ඉදිරියටත් ඒක එහෙමම තමයි.අවුරුදු 16 ක් තිස්සේ විවිධ විභාග සඳහා ලංකාව පුරාම Classවල සාමාන්‍ය දැනීම & English pprවලට පන්ති පවත්වලා ගත්ත අත්දැකීම් තමයි ඔයාලා කවුරුත් කලාබර7 හරහා දකින්නේ. දිනපතාම විභාගවලට අනිවාර්යයෙන්ම වැදගත් තොරතුරු මම දමනවා.ඔයාලා කැමති කෙනෙක්ගෙ Class වල⁣ට යන්න.මගෙන් අහන්නෙපා කවුද හොඳ සර්ලා කියලත්.ඔයාගෙ තේරීම තියෙන්නෙ ඔයාගෙ අතේ.
👇👇👇 පහළින් තියෙන ප්‍රශ්න දිහා බලලා Exam එක ගේමක් නැතිව ගොඩදාගන්න අදම වැඩෙිට බහින්න.මේ දවස්වල අලුත්ම සාමාන්‍ය දැනීම එක්ක කාලීන තොරතුරුත් ව්‍යුහගත ප්‍රශ්නෝත්තරත් හදාගෙන යනගමන් ඉන්නෙ.මට පුලුවන් උපරිමයෙන්ම මම උදව් කරන්නම්.ඉතිරි ටික ඔයාට බාරයි.

(ප.ලි.විභාග ගැසට්වෙන්නත් කලින් කවුරුත් කුලප්පු කිරීමේ අදහසින් මේ post එක දැම්මා නෙමෙයි.)

Photos from කලාබර 7's post 10/07/2026
Photos from කලාබර 7's post 09/07/2026

SLAS & අනෙක් විභාග සඳහා
2025 දෙස්විදෙස් සිදුවීම් :04 වන කොටස)

08/07/2026

Gk වලට ලියලම තියාගන්න ...

07/07/2026

ජූලි මාසයේ සිදුවූ වැදගත් මේ සිදුවීම් දැනුමටත් එකතුකරගන්න .👇👇👇👇

1917 ජූලි 07දා:1915 සිදුවූ සිංහල -මුස්ලිම් කෝලාහලය පදනම් කරගෙන හෙන්රි පේද්‍රිස් ඝාතනය...
*1958 බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම
*1983 කළු ජූලිය (ජාතිවාදී ගැටුම)
*1980 ජූලි වැඩවර්ජනය .
*1987 ඉන්දු -ලංකා ගිවිසුම .
*2005 ජූලි 07 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය(හතයි හත ප්‍රහාරය)
*ජූලි හත: W.A.සිල්වා මහතාගේ කෘතිය.
*2026 ජූලි:මීගමුව බන්ධනාගාර ගැටුම.

ජූලිය අඳුරු මතක පිරුණු මාසය පිළිබඳ ඔබ දන්නා තවත් කරුණු මොනවාද ????

Photos from කලාබර 7's post 06/07/2026

SLAS & අනෙකුත් Gk ppr ලියන අයට වැදගත් 2025 වසරේ දෙස් විදෙස් සිදුවීම් :02 කොටස.

Photos from කලාබර 7's post 05/07/2026

SLASවලට සූදානම් වෙන අයට මෙන්න 2025 දෙස් විදෙස් ප්‍රවණතා 01 කොටස.ඉතිරි කොටස් ඉදිරි දින කිහිපයේදී දිනපතාම

05/07/2026

නොදන්නා අයගෙ දැ.ගැ.පි.

තවම SLAS ගැසට්වෙලා නැහැ.ගැසට් එක ආවට පස්සෙ Exam එක ගොඩදාගන්න කල්මදි නිසයි අපි දැන් ඉඳලම Exam එකට අවශ්‍ය තොරතුරු ලබාදෙන්නෙ.

Photos from කලාබර 7's post 04/07/2026

SLAS ලියන්න ඉන්න අය මුලින්ම මේ 2025 කාලීන තොරතුරු එකතුකරගන්න .හෙට තවත් තොරතුරු දෙනවා.අද ඉඳලම වැඩ පටන්ගමු.විභාගවලට සූදානම් වෙන හැටි හෙමින් ඉක්මනින්ම පැහැදිලි කරනවා.

04/07/2026

විභාගවලට කෙටික්‍රම හොයන අයටත් අදාළයි.

Want your business to be the top-listed Gym/sports Facility in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Anuradhapura