Dance With Keshani

Dance With Keshani

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dance With Keshani, Dance School, Ambalangoda.

BPA Honor (sp) Degree 1 st class Division 2023 Batch Top Gold Medalist 🏅
Temporary lecturer University of Visual & performing Arts Colombo
Dancing Teacher Mount Calvary High School Galle
Keshi Dance Academy

22/08/2026

Coming Soon 👇

18/08/2026

Teacher ekk dancing class yana babala denna .Serai eth adarei 🥰 Teacher

Photos from Dance With Keshani's post 17/08/2026

මතක
ආදරෙයි

🌹

Keshi Dance Academy
Ambalangoda

17/08/2026

ඔබ සැමට ආදරයෙන් ආරාධනා !!!!

11/08/2026

ඉමෝෂනල් ඩාන්ස් (Emotional Dance) යනු නර්තන ශිල්පියාගේ අභ්‍යන්තර හැඟීම්, සිතුවිලි, මානසික තත්ත්වයන් සහ පෞද්ගලික අත්දැකීම් ශරීර චලන, මුහුණේ ඉරියව්, අභිනය, සංගීතය සහ අවකාශ භාවිතය මඟින් ප්‍රකාශ කරන නර්තන ආකාරයකි. මෙහිදී සතුට, දුක, ආදරය, කෝපය, බිය, තනිකම, බලාපොරොත්තුව වැනි විවිධ මානව හැඟීම් නර්තනය තුළින් ඉදිරිපත් කරයි. වචන භාවිතයෙන් තොරව චලනයන් මඟින් අදහසක් හා හැඟීමක් ප්‍රේක්ෂකයා වෙත සන්නිවේදනය කිරීම මෙහි විශේෂත්වයකි. සංගීතයේ රිද්මය, වේගය සහ ස්වභාවය අනුව චලනවල තීව්‍රතාව හා ස්වභාවය වෙනස් කරමින් නර්තන ශිල්පියා තම හැඟීම් වඩාත් ප්‍රබලව ප්‍රකාශ කරයි.
සරලව කිවහොත්, Emotional Dance යනු හැඟීම් චලනයන් බවට පත් කරමින් නර්තනය තුළින් ප්‍රකාශ කිරීමයි.
Keshi Dance Academy එකේ අපේ චුටි දරුවන් Emotional Dance නර්තනයට හරි කැමතියි 😘





09/08/2026

✨ අප රංගායතනයේ පුංචි නර්තන ශිල්පීන්ගේ සම්ප්‍රදායික උඩරට නර්තන දොරට වැඩුම ✨

කැපවීමෙන් හා උනන්දුවෙන් පුහුණුව ලැබූ අපගේ දරුවන්ගේ නර්තන හැකියාවන්, සම්ප්‍රදාය හා සංස්කෘතික උරුමය එක්කර ගනිමින් සිදුකරන මෙම අභිමානවත් දොරට වැඩුම ළඟදීම ඔබ හමුවට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.❤️

අපේ පුංචි නර්තන ශිල්පීන්ගේ හැකියාවන් දැකගැනීමට සූදානම් වන්න.සම්ප්‍රදායේ අභිමානය සමඟින් – නර්තනයේ නව පියවරක්!

ළඟදීම… බලාපොරොත්තු වන්න!

04/08/2026

ආභස්සාර නර්තන නිර්මාණය Abstract Mood සංකල්පය මත ගොඩනැගුණු, පර්යේෂණාත්මක සහ නව්‍ය නර්තන නිර්මාණයකි. සාම්ප්‍රදායික නර්තන රටාවන්ගේ සීමාවන් ඉක්මවා, නව චලන රටා, ශරීර ප්‍රකාශනය සහ නිර්මාණශීලී සංයෝජන භාවිතයෙන් නවකලාත්මක අත්දැකීමක් නිර්මාණය කිරිමට හැකි වු නර්තන නිශ්පාදනයක් ලෙස මා ආභස්සාර දකියි. මෙය ප්‍රේක්ෂකයාට විවිධ අර්ථකථන ගොඩනඟා ගැනීමට අවස්ථාව සලසන අතර නර්තන කලාවේ වැදගත් ප්‍රකාශන මාධ්‍යයක ඇරඹුමක් ලෙස මා දකියි.උඩරට නර්තන අධ්‍යයාංශයේ සිව්වන වසර විද්‍යාර්ථී ඔබගේ නව ප්‍රවේශයට සුබ පැතුම් !

කේශානි සදුනිකා ✍

01/08/2026

කේෂි ඩාන්ස් ඇකඩමි – අම්බලන්ගොඩ
සාම්ප්‍රදායික නර්තන දැනුමෙන් ඔබේ අනාගතය ශක්තිමත් කරන්න!

කේෂි ඩාන්ස් ඇකඩමිය තුළින් විශේෂයෙන් උඩරට නර්තනය පිළිබඳ න්‍යායාත්මක (Theory) සහ ප්‍රායෝගික (Practical) දැනුම සම්පූර්ණයෙන්ම ලබාගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.
පළපුරුදු ගුරු මඟපෙන්වීම යටතේ නිවැරදි ශිල්පීය ක්‍රම, සම්ප්‍රදාය, වේදිකා පුහුණුව සහ විභාග සඳහා අවශ්‍ය දැනුම ඇතුළුව ගුණාත්මක නර්තන අධ්‍යාපනයක් අප වෙතින් ලබාගන්න.

කේෂි ඩාන්ස් ඇකඩමිය සමඟ ඔබේ නර්තන ගමනට අදම එක්වන්න!

Keshani Sandunika
Gold Medalist
UVPA

Want your business to be the top-listed Gym/sports Facility in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Ambalangoda