02/09/2026
නායකයින් මාසයකින්.. දෙකකින්... හෝ හයකින් නිර්මාණය කල නොහැකිය
එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සහ T20 ක්‍රිකට් කණ්ඩායම සඳහා තෝරාගත් ක්‍රීඩක නාම ලේඛනය අද ප්‍රකාශයට පත් කර තිබෙනවා..
**පසුගිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින සහ T20 කණ්ඩායම්වල උප නායකයා හැටියට පත් කර තිබූ කමිදු මෙන්ඩිස්ගේ උපනායකත්වය ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19මයෙන් පහළ කණ්ඩායමේද නායකත්වය දැරූ කමිදු මෙන්ඩිස් එම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් තුනෙහිම(Test..ODI..T20) උපනායකයා ලෙස පත්කිරීමට තමයි නව තේරීම් කමිටුව කටයුතු කර තිබුණේ..
එදා ඒ තේරීම පිළිබඳව මා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අනාගත ශ්‍රී ලංකා කණ්ඩායම්වල නායකත්වය වෙනුවෙන් කිසියම් අත්දැකීමක් කමිදුට ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි..
**නමුත් මීට මාස තුනකට පෙරාතුව මේ තේරීම් කමිටුව මගින් ගත් තීරණය මේ තේරීම් කමිටුව මගින්ම වෙනස් කර ඇත.. එහිදී කමිදු අසාර්ථක යැයි කෙනෙකුට තර්ක කල හැක.. කමිඳු අසාර්ථක නම් උපනායකත්වයෙන් පමණක් නොව කණ්ඩායමෙන් ද ඉවත් කළ යුතුය.. එයට කිසිවෙකුට තර්ක කළ නොහැක..
නමුත් ප්‍රශ්නය වී තිබෙන්නේ මෙන්ඩිස් මේ කණ්ඩායම් දෙකටම නම් කර තිබුණත් ඔහුගේ ඉවත් කර තිබෙන්නේ උප නායකත්වය පමණක් වීමයි.
**ඒ අනුව මාස තුනකට පෙර ගත් තීරණය මාස තුනක් ඉක්ම යාමට මත්තෙන් ම වෙනස් කිරීමට මේ තේරීම් කමිටුව කටයුතු කරන්නේ නම් ය ඔවුන්ගේ ප්‍රතිපත්තිමය ගැටලුවක් බව සඳහන් කළ යුතුය..
සංචාරයෙන් සංචාරයට උප නායකයින් පත් කරන්නේ ද යන්න පිළිබඳව මා නිවැරදිව දන්නේ නැත..නමුත් එහෙම ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේද නැත..
** නැවත මෙම කණ්ඩායම් දෙකේ ම නායකත්වය ලබා දී තිබෙන්නේ හිටපු නායක චරිත් අසලංකට... පදනම කුමක්ද කියා මා දන්නේ නැහැ.
සටහන- ජාලිය ජයන්ත
02/09/2026
වසර 100 කට පසු බිදුනු ක්‍රිකට් වාර්තාව
අයිල් ඔෆ් මෑන් හි ක්‍රිකට් ක්‍රීඩිකාවන් සියවසකට ආසන්න කාලයක් තිස්සේ පැවති ක්‍රිකට් වාර්තාවක් බිඳ දමා තිබේ.
පසුගිය සතියේ රුමේනියාවේ ග්‍රීසියට එරෙහිව පැවති තරඟයකදී අයිල් ඔෆ් මෑන් දඟ පන්දු යවන ක්‍රීඩිකා ජොඈන් හික්ස් කඩුලු පහක් දවා ගැනීමට සමත් විය.
ඇගේ ඒ දක්ෂතාවය ජාත්‍යන්තර ඉනිමකදී කඩුලු පහක් දවාගත් වයස අවුරුදු 50 ට වැඩි පළමු පුද්ගලයා සහ එසේ කළ වයස්ගතම පුද්ගලයා බවට එය පත් කරයි.
1932 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය ලබා ගන්නා විට වයස අවුරුදු 49 යි දින 314 ක් වූ ඕස්ට්‍රේලියානු බර්ට් අයන්මොන්ගර් විසින් මෙම වාර්තාව තබා තිබුණි.
02/09/2026
මෙසි සමුගනී
ආර්ජන්ටිනා පාපන්දු නායක සහ තරු පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබේ. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ දීර්ඝ සටහනක් මඟින් ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමට ගත් තීරණය ඊයේ නිවේදනය කළේය.
02/09/2026
අන්තර් සමාජ ශූරතාව බදුරලියට දිනා දෙති
ෂෙහාරා ඉඳුවරිගේ විශිෂ්ට පන්දු යැවීමත්, සුමුදු නිසංසලාගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත් විය. බදුරලිය මේ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
කෝල්ට්ස් පිටියේ ඊයේ පැවති අවසන් තරගයේදී බදුරලිය පිල හමුවේ පාණදුර ක්‍රීඩා සමාජය ලකුණු 97කින් පරාජයට පත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බදුරලිය පිල ලකුණු 202ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස පාණදුර පිලට ඕවර 33.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 105ක් පමණි. බදුරලිය පිලට ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 5ක මුදලක් හිමි වූ අතර, අනුශූර පාණදුර පිලට ලක්ෂ 3ක මුදලක් හිමි විය.
01/09/2026
මිස්බා බායි කියයි
එංගලන්තයේ පැවැත්වෙන සංචාරය අතරතුරදී ටෙස්ට් සංචිතයේ සහ කණ්ඩායම් කළමනාකාරීත්වයේ විශාල වෙනස්කම් රැසක් PCB (පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය) විසින් සිදු කිරීමෙන් පසු දිනම, පාකිස්තාන පිරිමි ජාතික තේරීම් කමිටුවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මිස්බා-උල්-හක් තීරණය කර තිබේ.
මීට අමතරව, ලාහෝර් හි පිහිටි ජාතික ක්‍රිකට් ඇකඩමියේ පිතිකරණ උපදේශකවරයා ලෙස ඔහු දැරූ තනතුරෙන් ඉවත් වීමට ද ඔහු තීරණය කර ඇත.
01/09/2026
Sri Lanka captain Chamari Athapaththu leads the gains
The Women’s Asia Cup has begun in the United Arab Emirates (UAE) and some fine performances on the opening weekend have resulted in notable movements in the ICC Women’s T20I Player Rankings.
Sri Lanka captain Chamari Athapaththu leads the gains this week thanks to an unbeaten 25-ball 48 and one for 10 in three overs in her team’s nine-wicket victory over the UAE.
Her performance has helped her remain strong in sixth place in the ICC Women’s T20I Batting Rankings, advancing three slots to 33rd in the Bowling Rankings and maintaining her position at third among the all-rounders.
Her major achievement is reaching career-best rating points across all three categories – 734 in batting, 552 in bowling and 405 among all-rounders.
Athapaththu’s opening partner Imesha Dulai advanced four slots to a career-high 18th place and 625 points thanks to her 25 from 18 deliveries. Among the bowlers, Mithali Ayodhya’s stars continued to rise after she took an impressive three for 14 to help restrict the home team to 79. She has rocketed up 18 slots to 70th and a career best 444 points. Sugandika Kumari’s two for 18 helped her jump five slots to 23rd.
01/09/2026
කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද කෝල්ට්ස් පිටියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය බදුරලිය සහ පාණදුර ක්‍රීඩා සමාජ අතර අද කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.
මෙවර තරගාවලියේ ශූරතාව වෙනුවෙන් කොළඹින් පිටත කණ්ඩායම් දෙකක් තරග වැදීම කැපී පෙනෙන අතර, බදුරලිය සහ පාණදුර ක්‍රීඩා සමාජ දෙකම කළුතර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් වීම විශේෂත්වයකි.
පියුමි වත්සලාගේ නායකත්වයෙන් තරග වදින පාණදුර කණ්ඩායම අවසන් පූර්ව වටයේදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ අතර, සුමුදු නිසංසලා නායකත්වය දෙන බදුරලිය පිල අවසන් පූර්ව තරගයේදී යුද හමුදා පිල ලකුණු 14කින් පරාජය කරමින් අවසන් තරගයට එක් විය.
01/09/2026
නෙතුකිට රිදී පදක්කමක්
බංග්ලාදේශයේ ඩකා නුවර පැවති දකුණු ආසියා කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට කොළඹ විශාඛා විදුහලේ නෙතුකි දුලන්සා ජයදේව සමත් වූවාය. ඇය කිලෝග්‍රෑම් 59 බර පන්තියෙන් මේ තරගාවලියට එක්වූ අතර, කාන්තා කුම්තේ ඉසව්වෙන් තරග වැදුණාය.
ශ්‍රී ලංකා කරාටේ කණ්ඩායමේ සාමාජිකාවක වූ ඇය 2024දී තිම්පුහි පැවති දකුණු ආසියා කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් පදක්කම් දිනා ගෞරවය ගෙන දුන්නාය.
31/08/2026
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එරෙහිව ගොනු කළ නීතිමය සටන ජය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) එරෙහිව ගොනු කළ නීතිමය සටන ජයගෙන ඇති අතර, ගිවිසුම්ගත ජාතික ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස අතීතයට බලපැවැත්වෙන පරිදි බදු අරමුණු සඳහා වර්ගීකරණය කළ තීන්දුව අභියාචනාධිකරණය විසින් අවලංගු කරන ලදී.
සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් සඳුදා (31) විවෘත අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ඊට සහභාගී විය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක කරන ලද තීරණයකින් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස වර්ගීකරණය කර එම පදනම මත අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT) යෙදවීමට ගත් තීරණයකින් මෙම ආරවුල ඇති විය.
31/08/2026
ICC delivers another humiliating blow as cricket governance crisis refuses to die
Sri Lanka has suffered another major international cricket embarrassment after the International Cricket Council (ICC) stripped the country of the hosting rights for the inaugural Women’s Champions Trophy in 2027, exposing once again the heavy price being paid for the continuing crisis surrounding the administration of Sri Lanka Cricket.
The tournament, which was scheduled to be played in Sri Lanka from February 14 to 28, 2027, was expected to be a landmark event for women’s cricket and an opportunity for the country to showcase its ability to stage another major ICC competition.
ICC delivers another humiliating blow as cricket governance crisis refuses to die - www.srilankasports.com
COLOMBO: Sri Lanka has suffered another major international cricket embarrassment after the International Cricket Council (ICC) stripped the country of the hosting rights for the inaugural Women’s Champions Trophy in 2027, exposing once again the [...]