Kanchana Pitigala

Kanchana Pitigala

Share

Banker by trade, cricket storyteller by passion!

04/09/2026

1998 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ලාන්ස් ක්ලූස්නර්ගේ පාදයේ, වළලුකර ආබාධයකට ලක් වෙනවා.

මෙකී ආබාධය ක්ලූස්නර් කෙටි කලකට ක්‍රීඩාවෙන් ඈත් කර තැබීමට සමත් වුණා.

සංචාරය මැද නැවත දකුණු අප්‍රිකාව බලා පියාසර කළ ක්ලූස්නර් සිටියේ විශාල සිත් වේදනාවකින් සහ කළකිරීමකින්.

ඔහු තමන්ගේ වේදනාව පිට කර ගැනීමට තෝරගත්තේ අපූරු ක්‍රමයක්.

පන්දු යැවීමේ යන්ත්‍රයක් වෙතට ගිය ක්ලූස්නර් පන්දුව තමාගේ පාදය කිට්ටුවෙන් පතිතවන ආකාරයෙන් එල්ලය සකසාගෙන පහළින් ඇදී එන ෆුල්ටෝස් පන්දුවට සහ හාෆ් වොලී පන්දුවලට හැකි වෙර යොදා වේගයෙන් පහර දුන්නා.

මේ ආකාරයෙන් පන්දු 500 හෝ 600ක් දිනපතා ක්ලූස්නර්ගේ ප්‍රහාරයට ලක්වුණ බව කියවුණා.

ඉතිහාසයේ කිසිඳු පිතිකරුවෙකු ඒ ආකාරයෙන් පන්දුවට පහර දීමට පුහුණු වී තිබුණේ නැහැ. ප්‍රහාරය එල්ල කළ යුතු ආකාරය සහ එල්ල කළ යුතු අන්දම ක්ලූස්නර් හොඳින්ම දැන සිටියා.

ක්ලූස්නර් ගේ මෙම පුහුණුවේ තරම හරිහැටි දැක ගන්න පුළුවන් වුණේ 1999 ලෝක කුසලානයේ දී.

එවර ලෝක කුසලානයේ දී ක්ලූස්නර් ගේ පිත්ත මෙල්ල කරන්න කිසිම පන්දු යවන්නෙකුට හැකියාව ලැබුණේ නැහැ.

තරගාවලිය පුරාවටම ක්ලූස්නර් ලකුණු 281ක් රැස් කළේ පන්දු සීයයකට ලකුණු 163ක ප්‍රහාරක වේගයක් රඳවා ගනිමින්.

ප්‍රතිවාදී කණ්ඩායම්වලට ඔහු දවා ගන්නට ලැබුණේ යාන්තම් අවස්ථා දෙකක දී පමණයි.

1999 ලෝක කුසලානයේ ඔහු ක්‍රීඩා කළ තරග නමයකින් හතරක දී තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ක්ලූස්නර් සමත් වුණා.

පිතිහරඹයට අමතරව පන්දුවෙන් කඩුලු 17ක් දවා ගැනීමට ද ඔහුට හැකි වුණා.

ක්ලූස්නර්ට සූලු භාෂාව මැනවින් හැසිරවීමට තිබූ හැකියාව නිසා ඔහුට සූලු යන අන්වර්ථ නාමය පටබැඳී තිබුණි. ඔහුට ඒ නම දැම්මේ නටාල් ප්‍රාන්තයට ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් දැවැන්තයා මැල්කම් මාර්ෂල් බව කියවෙනවා.

ක්ලූස්නර් කියන්නේ එක්තරා සමයක ජාත්‍යන්තර කණ්ඩායම්වලට භීතිකාවක්. අපිටත් අඩු වැඩි වශයෙන් සලකපු කෙනෙක්. අද ඔහුට අවුරුදු 55ක්.

ඡායාරූපය: Sena Vidanagama

31/08/2026

The iconic image from Sri Lanka’s historic Test win at The Oval in 1998 will always be Sanath Jayasuriya’s airborne upper cut for six.

But during his brief knock of 24, Sanath produced another airborne shot, a pull shot off Angus Fraser that raced to the boundary.

30/08/2026

Clive Eksteen made his Test debut against Sri Lanka at Moratuwa in 1993. In the fourth innings, with Sri Lanka closing in on victory, Eksteen walked out to bat with South Africa in serious trouble.

What followed was an incredible rearguard effort. The tailender battled for nearly an hour and a half to help South Africa save the Test, while Jonty Rhodes produced a brilliant, match saving century at the other end.

29/08/2026

SAF Games 1991| Colombo 🇱🇰

The iconic logo of the 1991 SAF Games, held in Colombo.

Sri Lanka’s Medal Tally,

🥇 44 Gold
🥈 34 Silver
🥉 40 Bronze

Total: 118 Medals

Sri Lanka finished 2nd overall, behind India.

28/08/2026

Hashan Tillakaratne had never kept wickets not even at school or club level. But when the Sri Lankan national team needed someone with batting ability to take up the gloves, he was up for the challenge.

For a part time wicketkeeper, Hashan did a more than decent job behind the stumps and took some stunning catches along the way.

Here is one of them. Mark Taylor, caught by Hashan off the bowling of Kapila Wijegunawardena.
🧤🏏🇱🇰

27/08/2026

When South Africa first toured Sri Lanka in 1993, they arrived with one of the most terrifying pace attacks, led by Allan Donald and Brett Schultz. The two quicks gave the Sri Lankan batsmen plenty of sleepless nights.

They were so intimidating that the Sri Lankan openers reportedly invited Schultz and Donald to dinner during one of the matches.

Later, when Sri Lanka toured South Africa, some of the Sri Lankan batsmen even asked whether Schultz would be playing. That tells you just how intimidating he was!

01/08/2026

A piece of Sri Lankan cricket history from touching distance. 🇱🇰

Hashan Tillakaratne's 1996 Wills World Cup jersey.

30/07/2026

1983 වසරේ ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්තරා අවාසනාවන්ත සමයක තවත් දිනයකි.

මෙදින, දෙමටගොඩ හරහා ලාන්සර් මෝටර් රථයක් ධාවනය වෙමින් තිබුණි.

මෙම රථයේ ගමනාන්තය වූයේ කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. මේ රථයේ රියදුරා ඇතුළුව තවත් තිදෙනෙකු ගමන් කළහ.

ජාතිවාදයේ ගිණිදැල් අතරින් ප්‍රවේසමෙන් ධාවනය වූ මෙම මෝටර් රථයේ සිටියේ පර්සි අබේසේකර නම් ලොව පුරා ක්‍රිකට්ලෝලීන් හඳුනන ක්‍රිකට්ලෝලීයා ය.

ඔහුට අනෙක් පසින් අසුන් ගෙන සිටියේ ලොව එතෙක් මෙතෙක් ලොව බිහි වූ සුපිරිතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ගැනෙන ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස මෙරටට පැමිණි සෝබර්ස්ව නිරුපද්‍රිතව මෙරටින් පිටත් කිරීමේ වගකීම එදා පර්සි අබේසේකරයන්ගේ කර මත වැටී තිබුණි.

එසමයේ ජාතිවාදයේ රුදුරු සෙවණැලි බැලූ බැලූ හැම දෙසින්ම පෙනේ. පාරවල් දිගේ අහස උසට නැගුණ ටයර් සෑයවල්ය. සෝබර්ස්, පර්සි ගමන් කළේ එලෙස තම ජාතියෙන් එපිට එක ලේ බිඳුවකට කිසිඳු සමාවක් නොලැබෙන මාවතක් ඔස්සේය.

හරියටම දැන් දෙමටගොඩ පාලම තිබෙන ස්ථානයේ දී සෝබර්ස්ලා ගමන් කළ මෝටර් රථය නැවැත්වීමට රථය ධාවනය කළ මුස්ලිම් ජාතික රියදුරාට සිදු විය. ඒ පාර හරහා වැටී තිබූ අඩක් දැවෙමින් තිබූ මෝටර් රථ කිහිපයක් නිසා ය. ඒ මොහොතේ මහමඟ නැවතුණ මෝටර් රථය කිට්ටුවට ජාතිවාදී කලබලකරුවෝ කෙමෙන් කෙමෙන් ළං වෙමින් සිටිහ.

ටයර් පිළිස්සෙන ගඳත්, ඉන් නැගෙන දාහයත්, මරණ බයත් මෝටර් රථයේ සිටින්නන්ට දැනේ. දැන් නොයෙක් ඇඳුමින් සැරසුණ ජ කාරයෝ තිහක්, හතළිහක් සෝබර්ස්ලා ගමන් කළ රථය වටලා ගෙනය.

"උඹේ නම මොකක්ද?"

ඒ ජාතිආල කාරයෙක් රියදුරාගෙන් විමසුවේය. මුස්ලිම් ජාතික රියැදුරා වෙව්ලමින් තම නම කිව්වේය. ඊළඟට ඔවුන්ගේ උකුසු ඇස් යොමු වුණේ රියදුරු අසුනට යාබදව සිටි ඇන්ටන් ගුණවර්ධන වෙතය. ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සෝබර්ස් ගුවන් තොටට ඇරලීමට ආ පුද්ගලයා ය.

"එතකොට උඹේ නම? "

කලබලකරුවෙක් ගුණවර්ධන දෙසට හැරුණේය. අවාසනාවකට ඔහුට උපතින්ම ආ ගොතයක් තිබේ.

“ගු...ගු...ගු......ගුණවර්ධන” කියා නම කියා නිම කරන්නට ඔහුට හැකි වුනේ නැත. 'මෙන්න සිංහල බැරි එකෙක්" ජාතිවාදියෙක් ගුණවර්ධන කුදලා ගත්තේය.

මෙන්න තව එකෙක්. පසුපස අසුනේ කෙළවරේ සිටි සෝබර්ස්ව කලබලකරුවන් දුටුවේ ඒ අවස්ථාවේ දී ය.

පර්සිට අනුව දැන් එනපොට හොඳ නැත. නිමේශයකින් තීරණයක් ගැනීමට සිදු වී ඇත. නැතහොත් සෝබර්ස් නම් ඒ ලෝක පූජිත ක්‍රීඩකයා දෙමටගොඩ පාරේ ටයර් සෑයක දැවී අළු වී යනු ඇත.

තවත් මොහොතක් නොසිතා පර්සි මෝටර් රථයෙන් බිමට පැන්නේය.

"තමුසෙලාට පිස්සු ද? මගේ නම පර්සි. මේ ඉන්නේ සික්සර් ගහල රෙකෝර්ඩ් තියපු සෝබර්ස් මහත්තයා. අනිත් මහත්තයගේ නම ගුණවර්ධන. ඒ මහත්තයාට පොඩි ගොතයක් තියනවා. බොරු නම් අපේ හැඳුනුම්පත් බලනවා." පර්සි පළාතම දෙදරන්නට කෑගැසුවේය.

" කවුද ඩෝ පර්සි, කවුද ඩෝ සෝබර්ස්?"

ජාතිවාදිහූ ගොදුරට පනින්නට මාන බැලූහ.

ජාතිවාදී කලබලකාරුවන් අතර ක්‍රිකට්ලෝලීන් කිහිප දෙනෙක් ද සිටියේ පර්සිගේ සහ සෝබර්ස්ගේ වාසනාවට ය.

"අඩෝ සිරාවටම මේ අපේ පර්සියනේ"විප්ලවවාදීන් අතරින් හඬක් ඇසේ.

"ඇයි පර්සි, මේ දෙමළුන්ව අරන් යන්නේ?" ඒ තවත් ජාති ආලය ඉහවහා ගිය එකෙකි.

"මම සැරයක් කිව්ව මෙතැන ඇති දෙමළෙක් නෑ. මේ ඉන්නේ සර් ගැරී සෝර්බර්ස් අර හයේ ඒවා ගහලා ලෝක වාර්තා තියපු පොර" දැන් නම් පර්සිට නහුතෙට තදවෙලා ය.

අවසානයේ, දැවී පිච්චී ගිය ජාතිවාදයේ නෂ්ටාවශේෂ අතරින් ජාතිආලකයින්ගේ තල්ලුවකින්ම පර්සිලා ගමන් ගත් රථය ඉදිරියට ඇදුණි. ඉදිරියට ඇදෙන මෝටර් රථයේ සිටින සෝබර්ස්ට නම් හොඳටම මල පැනලා ය.

"දෙමළෙක් වුනත් පර්සි එක්ක ඉන්නවා නම් ඌ හොඳ එකෙක් වෙන්න ඕන බං" කලබලකාරයෙක් රථය පිටත් වෙද්දී තවකෙකුට කියනවා පර්සි අසාගෙනය.

"මම මේ රටේ ජනාධිපති වුනොත් මුන් ඔක්කොම මරල දානවා" ගුවන්තොටට ළඟා වෙද්දී සෝබර්ස් මුමුණයි.

මොන මැරිල්ලක් ද සෝර්බස්ගේ සියොළඟ දහඩියෙන් තෙත් වී කේශාන්තයේ සිට පාදන්තය තෙක් නැහැවී ගොසිනි. ඒ මදිවට දියෙන් ගොඩ දැමු මාළුවෙකු සේ වෙව්ලයි.

ජාත්‍යන්තරයේ බොහෝ දෙනා ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීම වපරැසින් දකිද්දී සෝබර්ස් සෑමවිටම සිට ගත්තේ අපේ පැත්තේය. මෙරට අංකුර ක්‍රීඩකයින්ගේ හැකියාව ගැන ඔහු කතා කළේ මහත් උද්දාමයෙනි.

ගාෆිල්ඩ් සෝබර්ස් නම් සුපිරිතම ක්‍රීඩකයා එදා ශ්‍රී ලංකාවෙන් පිටව ගියේ මාරයාගෙන් නූලෙන් ගැලවී ගනිමිනි.

එදා පර්සි අබේසේකර, සෝබර්ස් හා නොවන්නට සමහර විට ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් නම් අසහාය ක්‍රීඩකයාට නවතින්නට වන්නේ දෙමටගොඩ සහ පෑලියගොඩ අතර දැවෙමින් තිබූ ටයර් සෑයක් මතය.

වර්නන් ගුණසේකරයන් ක්‍රීඩා පුවත්පතට ලියූ 'පර්සි පුරාණය' ඇසුරු කරගෙන ලියන ලද්දකි.

Percy Abeysekera would have been celebrating his 90th birthday today.

Happy birthday Uncle Percy, wherever you are. The colour, energy, and passion you brought to Sri Lankan cricket will never be forgotten.

28/07/2026

පහළ ඡායාරූපය බ්‍රයන් ලාරා, ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් සතුව තිබූ ලකුණු 365ක් වූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළතම තනි ඉනිම තමන් සතු කරගත් පසුව ගත් එකක්.

ලෝක වාර්තාවෙන් ලකුණු නමයක් ගෙවෙන තැන ලාරා, ඇන්ඩි කැඩික් ගේ පන්දුවකට කඩුලු රකින ජැක් රසල් අතට උඩපන්දුවක් දී දැවී ගියා.

එදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙය වූයේ නිත්‍ය නායක රිචී රිචර්ඩ්සන් වෙනුවට කර්ට්නි වෝල්ෂ්.

ලාරා ගේ දැවී යෑමත් සමඟ කොදෙව් ඉනිම අත්හිටවීමට වෝල්ෂ් තීරණය කළා. ඒ කොදෙව් පුහුණුකරු රොහාන් කන්හායි එල්ල කළ දැඩි පීඩනය නිසා.

එවලේ කොදෙව් ලකුණු පුවරුව කියවුණේ කඩුලු පහකට ලකුණු 593ක් ලෙස. නොදැවී කඩුල්ලේ සිටි ශිව්නාරීන් චන්ද්‍රපොල්ට ලකුණු 75ක්.

කොදෙව් ඉනිම අත්හිටුවීමට ගත් තීරණය ගැන දැඩි ලෙස අප්‍රසාදය පළ කළ ක්‍රීඩකයෙකු කොදෙව් කණ්ඩායමේ සිටියා.

"මහත්වරුනි, අපි මේ පිච් එකේ විකට් විස්සක් නම් ගන්නේ නෑ. දිගටම බැට් කරලා ලකුණු 1000ක් ගහමු."

ඒ තමයි කර්ට්ලි ඇම්බ්‍රෝස්.

මේ වෙද්දි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරලා හිටියේ.

"මම කියන්නේ චන්ද්‍රපොල් අසරණයාට සීයය ගහන්නවත් අපිට ඉඩ දෙන්න තිබුණා."

බටහිර ඉන්දීය කොදෙව්වන්ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමත් ලකුණු 593ක් රැස්කළා.

රොබින් ස්මිත් 175ක් සහ මයිකල් ඇතර්ටන් 135ක් එංගලන්ත ඉනිමට එක් කළා. නොම්මර අට පිතිකරුවා ලෙස පිටියට ආ ක්‍රිස් ලුවිස්ටත් ලකුණු 75ක්.

"අන්‍තිමට තුන්වෙනි අලුත් බෝලෙත් ගත්තා. එහෙම එකක් මීට කළින් අපි අත්විඳලා නෑ. අන්තිමේ අපේ බෙහෙත් වලින්ම ටිකක් එංගලන්තේ උදවියගෙනුත් අපිට ලැබුණා."

මූලාශ්‍ර:

ශ්‍රීමත් කර්ට්ලි ඇම්බ්‍රෝස් ගේ Time to Talk
Cricket Legends | Fox Sports

22/07/2026

තරුණ ගාෆිල්ඩ් සෝබර්ස් එංගලන්තයේ ලැන්කෂයර් ලීගයේ තරග සඳහා සහභාගී වීමට නියමිත බව බටහිර ඉන්දීය කොදෙව් නායක ෆ්‍රෑන්ක් වොරල්ට ආරංචි වී තිබුණි.

ලැන්කෂයර් ලීගයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගේ ශක්තීන් සහ දුර්වලතා ගැන තරුණ සෝබර්ස් නිසි පරිදි දැනුම්වත් කිරීමට වොරල් තීරණය කළේය.

ඔස්ට්‍රේලියානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩක, පා දඟ පන්දු යවන සිසිල් පෙපර් ගැන වොරල්, සෝබර්ස්ට කිව්වේ මෙවැන්නකි.

"මිනිහා එක පාරටම මැද කොටලා බෝලයක් එව්වොත් පරිස්සම් වෙන්න. හරහට නම් ගහන්න හිතන්නවත් එපා පුතෝ. මිනිහා ෆ්ලිපර් එක හොඳටම මාස්ටර් කරලා ඉන්නේ"

රැඩ්ක්ලිෆ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සෝබර්ස්ට සිය පළමු තරගයේ දීම ප්‍රතිවාදී කණ්ඩායමකට ක්‍රීඩා කළ පෙපර් මුණ ගැසුණි.

මුලින්ම එවූ පා දඟ පන්දු දෙක දඟ කැවී තමා වෙතට එද්දී ඉතා පහසුවෙන් පිළිගත් සෝබර්ස් ඊළඟට පෙපර් විසින් එවූ ගුග්ලි පන්දුව ද ඉතා පහසුවෙන් ආරක්ෂිතව පිළි ගත්තේ ය.

මීළඟට පෙපර් එවූ පන්දුව තණතිල්ල මැද කෙටී ඇදි එද්දී සෝබර්ස් ගේ දෑස් නළල තෙක් එසවිණි.

විශාල පහරක් සඳහා පිත්ත උසවා හරහට ගෙන එද්දීම සෝබර්ස්ට, වොරල් ලබා දුන් අවවාදය සිහියට නැගුණි.

සිය පහර අතරමග ඒ ආකාරයෙන්ම නතර කළ සෝබර්ස් පිත්ත නිශ්චලව තබාගෙන පන්දුවට මුණ ගැස්සුවේය.

පන්දුව සෝබර්ස්ගේ පාදය අසලින්ම බිම පතිත වී නතර විය.

පන්දුව අහුලා ගන්නට තණතිල්ල දිගේ ඉදිරියට ආ පෙපර්, සෝබර්ස් දෙස රවා බලමින් මෙලෙස පැවසුවේ ය.

"You've been talking to that bloody Frank Worrell, haven't you?"

මූලාශ්‍රය: Garry Sobers: My Autobiography

Want your business to be the top-listed Gym/sports Facility in Brisbane?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


411 Vulture Street
Brisbane, QLD