තුෂාන් රාජපක්ෂ අභියෝගතා පාපැදි සවාරිය 🚴♀️🔥
ධෛර්යය, ශක්තිය සහ අධිෂ්ඨානය එකට එකතු වෙලා නිමාවට පත් වූ විශේෂ ගමනක් ලෙස මෙම පාපැදි සවාරිය හැඳින්විය හැකියි.
අභියෝග රැසක් මැදින්, කාළගුණයේ වෙනස්වීම් සහ ශාරීරික වෙහෙස මැදින් පවා ඉදිරියට යාමට තිබුණු කැපවීම මෙහි සෑම මොහොතකම පැහැදිලිව දක්නට ලැබේ.
මෙය සරල සවාරියක් නොව, තම සීමාවන් අභිබවා යාමට කරන උත්සාහයක ප්‍රතිඵලයක්.
ජයග්‍රහණය කියන්නේ අවසානයේ ලැබෙන දෙයක් විතරක් නෙවෙයි—ඒ වෙත යන ගමනමයි වැදගත්.
මෙම ගමන සාර්ථක කරගැනීමට මහා දායකත්වයක් ලබාදුන් සියලුම අනුග්‍රාහකයින්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරන්න කැමතියි.
ඔබලාගේ විශ්වාසය, ආධාරය සහ දිරිගැන්වීම නැතිනම් මෙම අභියෝගය මෙතරම් සාර්ථකව නිමාවට පත් කිරීම අපහසු වනු ඇත.
විශේෂයෙන්ම මෙම සවාරිය සාර්ථක කරගැනීමට පසුපස සිටිමින් උදව් කළ සියලුම පුද්ගලයන්ට—
සංවිධායක මණ්ඩලය, තාක්ෂණික කණ්ඩායම, මිතුරන්, පවුලේ සාමාජිකයින් සහ සවාරියට දායක වූ හැමෝටම—අපගේ ගැඹුරු කෘතඥතාවය පිරිනමන්නෙමු. 🙏
ඔබලාගේ සහයෝගය, උනන්දුව සහ ආදරය මේ ගමනට ශක්තියක් වුණා ❤️
අවසානයේ අපට මතක් කරන්නේ එකම දෙයක්—
“අභියෝග තිබුණත්, නවත්වන්න එපා!”
ඔබත් මේ ගමනත් සමඟ එක්වුණාට ස්තූතියි ❤️
Like 👍 | Share 🔄 | Comment 💬 කරලා ඔබගේ අදහස් අපට කියන්න!
Ayubowan Cycling Club
Ride together • Stay strong • Live healthy
Exploring Sri Lanka one ride at a time �
🎥🚴♂️ Drone දර්ශන වලින් අමතක නොවන ගමනක්!
තුෂාන් රාජපක්ෂ අභියෝගතා පාපැදි සවාරියේ අසීමිත සුන්දරත්වය දැන් ඔබට ඉහළින් ගත් drone දර්ශන වලින් පැහැදිලිවම බලන්න පුළුවන්! 🌍✨
මේ දර්ශන වලින් ඔබට දැනෙනවා මේක සරල රේස් එකක් නොව , ශූරතාවය වෙනුවෙන් ධෛර්යය, ශක්තිය සහ අභියෝගය එක්වුණු අමතක නොවන අත්දැකීමක් කියලා! 🔥
📅 2024-04-05 දින පැවති මේ විශේෂ සවාරියේ සම්පූර්ණ ගමන ක්‍රීඩකයන්ගේ අධිෂ්ඨානය, වේගය සහ එකමුතුව පෙරදැරි කරගත් ගමනක් ❤️
එය ඇත්තටම ශ්‍රී ලංකාවේ cycling ලෝකයට අලුත් පියවරක්! 🇱🇰🚴♂️
👍 Like කරන්න | 💬 Comment කරන්න | 🔁 Share කරන්න
🚁✨
තුෂාන් රාජපක්ෂ අභියෝගතා පාපැදි සවාරිය🚴♀️
මෙම තරග වටය පුරාවටම අවශ්‍ය සියලුම ශබ්ද වාහිනී පද්ධති සදහා අනුග්‍රහය ලබා දීමට කටයුතු කළේ Black Birds සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක තානුක නදීශාන් මහතාවන අතර , Ayubowan Cycling Club අප එම මහතාවෙත අපගේ හදපිරි ස්තූතිය මෙලෙස පුද කර සිටින්නෙමු !!!
05/04/2026
තුෂාන් රාජපක්ෂ අභියෝගතා පාපැදි සවාරියේ තරග ප්‍රතිඵල 😍
05/04/2026
තුෂාන් රාජපක්ෂ අභියෝගතා පාපැදි සවාරිය🚴♀️
අධිෂ්ඨානය පෙරදැරිව ආ ගමනේ , නොබැදුනු ශක්තිය මුලු තරගය පුරාවටම කැපී පෙනෙන අයුරින් විදහා පාමීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරමින් , තරග ජයග්‍රාහකයා ලෙස අභිෂේක ලබන්නට හැකි වූයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරමින් තරගය සදහා සහභාගි වූ කසුන් දිල්ශාන් මහතාවන අතර , ඔහුට අප හදපිරි උණුසුම් සුබ පැතුම් එක්කර සිටින්නෙමු ❤️
ඒ අනුව පිළිවෙලින් ,
තුන්වන ස්ථානය - හරිදු මීමනගේ මහතා ( ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම )
අනුශූරතාවය - ගිහාන් ලක්මාල් මහතා ( DMMC ක්‍රීඩා සමාජය )
ශූරතාවය - කසුන් දිල්ශාන් මහතා ( ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම )
🚴♀️
05/04/2026
තුෂාන් රාජපක්ෂ අභියෝගතා පාපැදි සවාරිය🚴♀️
පුරා දින ගණනාවක් තිස්සේ පැවති ප්‍රේක්ෂක මනාප පළකිරීම් ඔස්සේ ජනප්‍රියම පාපැදි ක්‍රීඩකයා බවට අවිශ්ක මැඩෝන්සා මහතා පත්වී ඇති බවට අප සමාජය මෙලෙස ඉතාමත් සතුටින් යුතුව දැනුම් දෙන්නෙමු ❤️
එපමණක් නොව මෙම මනාප පළ කිරීම් ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් අතර අවසාන ප්‍රතිඵලය මෙලෙස දැකගත හැකි විය . ඒ අනුව ,
ප්‍රථම ස්ථානය - අවිශ්ක මැඩෝන්සා මහතා
දෙවනි ස්ථානය - සාරංග පෙරේරා මහතා
තෙවැනි ස්ථානය - චතුරංග සොයිසා මහතා
ප්‍රෙක්ෂක මනාප තරගාවලියට සහභාගි වූ සියලු ක්‍රීඩකයන්ට අප ස්තූති වන්තවන අතර , මනාප ලබාදුන් අපගෙ සියලු ප්‍රේක්ෂකයින්ට හදපිරි ප්‍රණාමය පුද කර සිටිමු ❤️
අවසාන වශයෙන් අවිශ්ක මැඩෝන්සා මහතා වෙත අපගේ උණුසුම් සුබ පැතුම් එක්කර සිටින්නෙමු ❤️❤️❤️
🚴♀️
04/04/2026
තුෂාන් රාජපක්ෂ අභියෝගතා පාපැදි සවාරිය🚴♀️
අපගේ පාපැදි තරගාවලිය සඳහා Facebook හරහා ප්‍රේක්ෂක මනාපය පළ කිරීමේදී , ඔබ විසින් ලබා දී ඇති මනාප ගත්විට ,
මේ වන විට ඉදිරියෙන් පවතින්නේ 👇
🥇 1st Place – අවිශ්ක මැඩෝන්සා ක්‍රීඩකයා
(DMMC කණ්ඩායම)
🥈 2nd Place – සාරංග පෙරේරා ක්‍රීඩකයා
(ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම)
🥉 3rd Place – චතුරංග සොයිසා ක්‍රීඩකයා
(CSD කණ්ඩායම)
⏰ ඔබට තවමත් අවස්ථාව තියෙනවා
හෙට උදෑසන 10.00 AM දක්වා ඔබගේ මනාපය පළ කළ හැක.
👉 ඔබගේ ප්‍රියතම ක්‍රීඩකයාට දැන්ම support කරන්න!
🚴♀️
තුෂාන් රාජපක්ෂ අභියෝගතා පාපැදි සවාරිය🚴♀️
අභියෝගයට මුහුණ දෙන ධෛර්යය, ශක්තිය සහ අධිෂ්ඨානය එකට එකතු වූ විශේෂ ගමනක්! 💪🔥
මෙම වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන් සවාරියේ සම්පූර්ණ ගමන් මාර්ගය සහ එහි අභියෝගාත්මක ලස්සන 😍😍😍
👉 සෑම පාපැදි ක්‍රීඩකයෙකුටම මේක එක වරක්වත් අත්විඳිය යුතු අත්දැකීමක්!❤️
ඔබත් සූදානම්ද මේ අභියෝගයට?
👍 Like කරන්න | 💬 Comment කරන්න | 🔁 Share කරන්න
01/04/2026
තුෂාන් රාජපක්ෂ අභියෝගතා පාපැදි සවාරිය ❤️❤️❤️
වසරේ ජනප්‍රියම පාපැදි ක්‍රීඩකයා තෝරාගැනීමේ කටයුත්ත පාපැදි සවාරි නරඹන්නන් වන ඔබ වෙත මෙවර පැවරී ඇත.
ඒ සදහා ඔබ කළ යුත්තේ පහත සදහන් ක්‍රීඩකයන් වෙත ඔබගේ මනාපය පළ කිරීමයි . එහිදී ඔබ කළ යුත්තේ ඔබ වඩාත්ම කැමති පාපැදි ක්‍රීඩකයා වෙත like react , heart react & care react එකක් යෙදීමයි .
වැඩිම react ඇති පාපැදි ක්‍රීඩකයා ජනප්‍රියම පාපැදි ක්‍රීඩකයා ලෙස තෝරා පත්කිරීමට තරග සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බැවින් , ඔබ වඩාත් කැමති පාපැදි කරුවා වෙත ඔබගේ මනාපය පළ කරමින් සහාය වන්න ❤️
අප ක්‍රීඩා සමාජය වෙත ලැබී ඇති ක්‍රීඩකයන්ගේ ඡායාරූප පමණක් මෙහි පළ කර ඇති අතර , මෙම කුසලානය සදහා සුදුසු පාපැදි ක්‍රීඩකයෙකු වේනම් ඔහුගේ නම , ක්‍රීඩා සමාජය සහ ඔහුගේ ඡායාරූපයක් comment එකක් ලෙස මෙහි පළකරන්න , එවිට අප ඔහුව තරගය සදහා ඇතුළත් කරගනු ලැබේ
Ayubown Cycling Club ❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
12560