Everything for animals

Everything for animals

Share

Our goal is to give you the best.

29/08/2026

මේ සිදුවීමේ වීඩියෝ එක බලපු අයට මතක ඇති මේ තාත්තා එතනට එන්නේ ජනාධිපතිතුමාට සහ දියවඩන නිලමේට අත් දෙක එකතු කරලා නමස්කාර කරලා....
ඒක මේ අපේ සාම්ප්‍රදායික ආයුබෝවන් ! කීමක් නෙමෙයි....
ඔළුව පහත් කරලා යටහත් බව පෙන්වා ආචාර කිරීම....
මාලිගාව ආශ්‍රිතව රාජකාරි කරන ශිල්පීන් නිලමෙලාට දක්වන යටහත් බව ගැන දන්න මිනිස්සු දන්නවා....

ඇවිල්ලා ජනාධිපතිතුමා ඉස්සරහා මුල් වචන ටික කියන්නෙත් බිම බලාගෙන කනට ඇහෙන නෑහෙන ගානට යටහත්ව....
ඒ තාත්තා අවුරුදු හැට නවයක් පෙරහැරේ හොරණෑ පිඹපු වැඩිහිටියෙක්....ඒ කියන්නේ 1956 ඉදලා....

මේ ඔක්කොම ඉස්සරහා පෙරහැරේ ගියපු ඒ මනුස්සයව ලගට අරන් අතින් අල්ලගෙන කතා විස්තර අහන්න පටන් ගත්තමා

" අවුරුදු හැට නවයක් මම පෙරහැරේ යනවා පුතේ " කියලා ඒ තාත්තට කියවුණා....

ඒවා ආයාසයෙන් මතක තියාගෙන කියන වචන නෙමෙයි....එක වරම හිතට ඇවිල්ලා කියවෙන දේවල්....

නිදහසෙන් පස්සේ හිටපු රාජ්‍යය නායකයෝ සේරම දැකපු මනුස්සයට ඒ සේරටම වඩා මේ මිනිහා මට සමීපයි කියලා දැනෙනවා කියන්නේ

දැන් මේකේ විශේෂත්වය මොකක්ද අහයි ඕකෙන් රටට ඇති වැඩේ මොකක්ද කියලා....
රටට වැඩක් තියෙනවා....ඒක තමා මනුස්සකම ඇති සමාජයක් හදන්න නම් ඉස්සෙල්ලම මිනිස්සුන්ට මිනිස්සුන්ට වගේ සලකන්න ඕන කියන එක...

මිනිහෙක් ඉහලට යන්න යන්න පැහුණු වී කරලක් වගේ බිමට නැමෙන්න ඕන කියලා පැරණි සාහිත්‍යයේ සඳහන් වෙනවා...

28/08/2026

🔴වසර 10කට පසු යාපහුව ශ්‍රී දළදා පෙරහර හෙට වීදී සංචාරය කරයි

ඓතිහාසික යාපහුව රාජධානියේ අභිමානවත් ප්‍රෞඪත්වය සහ දන්ත ධාතූන් වහන්සේ උදෙසා කෙරෙන ශ්‍රී දළදා පූජෝපහාරය, වසර 10කට පසුව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර තිබෙනවා.

තාවකාලිකව නතර වී තිබූ මෙම අභිමානවත් පෙරහර මංගල්‍යය මෙලෙස නැවත ආරම්භ කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් යාපහුව රාජමහ විහාරස්ථානයේදී පසුගියදා (25) පැවැත්වුණා.

13 වැනි සියවසෙහි පළමුවන බුවනෙකබාහු රාජ්‍ය සමයේදී යාපහුව රාජධානිය තුළ උත්තම දළදා වහන්සේ වඩා හිඳුවා ගනිමින් රාජකීය පූජෝපහාර පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන්.

එකල ආරම්භ වූ මෙම පූජෝපහාර පෙරහර මංගල්‍යය රාජධානියේ බිඳවැටීමත් සමඟ නතර වී තිබුණ ද, අපවත් වී වදාළ වන්නි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක කඳුබොඩගම ශ්‍රී සීලානන්දාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ විසින් එය 1969 වසරේදී නැවත ආරම්භ කළා.

ඉන් අනතුරුව වැඩසිටි විහාරාධිපති නායක හිමියන් විසින් පෙරහර පවත්වා ඇති අතර පසුකාලීනව යාපහුව රාජමහා විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ මීගම්මන සිරිරතනාභිධාන නාහිමි වසර ගණනාවක් පුරා මෙම සංස්කෘතික මංගල්‍යය ඉතා අභිමානවත් ලෙස පවත්වා තිබුණා.

පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ ඉන්පසු උන්වහන්සේගේ අපවත් වීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ පැවැත්වීමට නොහැකි වී තිබෙනවා.

පසුගියදා (21) පෙ.ව. 10.16ට යෙදුණු සුභ මොහොතින් යාපහුව රාජමහා විහාරාධිපති නුගලියද්දේ සමිතානන්ද හිමි, යාපහුව බස්නායක නිලමේ කසුන් ලක්ෂිත මාපා මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වයඹ ව්‍යාපෘති කළමනාකරු සජිත් නුවන් වනසිංහ මහතා සහ දායක සභාව විසින් ශ්‍රී දළදා පෙරහරේ කප් සිටුවීමේ මංගල්‍යය සිදු කළා.

අද (28) පස්වරුවේ පිරිත් සජ්ඣායනා සහ පසු දින දානමය පුණ්‍යකර්ම පැවැත්වෙන අතර හෙට (29) රාත්‍රී 7.00ට සුබ මොහොතින් අලි ඇතුන් පිරිවරා ගත් ප්‍රධාන ශ්‍රී දළදා පූජෝපහාර පෙරහර අති උත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කිරීමට නියමිතයි.

මෙහිදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ පෙරහර නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, නවාතැන් සහ ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කිරීමට මහව පොලීසිය, ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශයේ හෝටල් හිමියන් එක්ව කටයුතු කර ඇති බවයි.

පෙරහර සංවිධාන කටයුතු සඳහා ජනාධිපති අරමුදල, ලොතරැයි මණ්ඩලය සහ වයඹ පළාත් සභාව ඇතුළු ආයතන මඟින් හා ප්‍රදේශවාසීන්ගේ මූල්‍යමය දායකත්වයෙන් හා මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව ඇතුළු ආයතනවල සංවිධානාත්මක අනුග්‍රහය මේ සඳහා හිමිව තිබෙනවා.

26/08/2026

සිව්වන රන්දොලි පෙරහැරේ මගුල් ඇතු

වාසානා

25/08/2026

😄❤️

24/08/2026

2026 ඇසළ මහා පෙරහැර නිමිත්තෙන්, මහනුවර නගරාධිපතිවරයා, නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ මන්ත්‍රී මණ්ඩලයේ අදහසකට අනුව කුඹල් මහා පෙරහැර නැරඹීම සඳහා විශේෂ පිරිසකට නොමිලේ ආසන පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ළමා නිවාසවල සිටින දරුවන්, වැඩිහිටි නිවාසවල ජීවත් වන වැඩිහිටියන් මෙන්ම මහනුවර පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා මෙම පහසුකම සලසා දී ඇත.

මහනුවර නගර සභා ඉතිහාසයේ පළමු වරට මෙවැනි සත්කාර්යයක් සිදුකළ බවට බොහෝ දෙනා ප්‍රශංසා කර තිබේ.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා විශේෂ සහයෝගයක් ලබාදුන් මහනගර සභාවේ සැරසිලි අංශයේ නිර්මලා මහත්මිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත්, ක්වීන්ස් හෝටලයේ කළමනාකාරිත්වය ඇතුළු කාර්ය මණ්ඩලයටත් සංවිධායකයන් විසින් හදපිරි ස්තූතිය පළ කර ඇත.

21/08/2026

ඉතිහාසයේ ප්‍රථමවරට කරඬුව වැඩම කිරීමේ රාජකාරිය මාලිගාවේ පුලතිසි රාජාට

❤️

20/08/2026

🔴 Breaking News - ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා ආචාර්ය නන්දා මාලනීය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 83 වැනි වියේ පසුවුණා.

1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා.

එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වෙමින් "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා.

20/08/2026

සිය දිවියේ ප්‍රථම වතාවට ඇසළ පෙරහැරේ මඟුලැතු ලෙසින් ආයිත්තම් වීමට “මියන් රාජා” සඳගල මතින් ආයිත්තම් මණ්ඩපයට 😍🤍

Vedio Credit : Sheethaka Achintha

Photos from Everything for animals's post 20/08/2026

අපේ උරුමය ලෝකය වටා... මහනුවර ඇසළ පෙරහැර සංකේතවත් කරමින් හැඩවුණු SriLankan Airlines යානයක් සිඩ්නි ගුවන් තොටුපළේදී. 🦚🇱🇰

Spotter .spotter

Photos from Everything for animals's post 18/08/2026

අලි ,මිනිස් ගැටුම සදහටම නතර කරන්න පුලුවන් වෙයිද

බලන්න කොච්චර සාහසික විදියටද මේ අහිංසක සතාට වෙඩි තියලා තියෙන්නෙ. දකින්කොටත් දරාගන්න අමාරුයි.

මහ ඔය කොස්ගොල්ල ප්‍රදේශයේ වගා බිමක තමයි මේ සතා වැටිලා ඉන්නවා කියන්නෙ.
අම්පාර පශු වෛද්‍යවරු ප්‍රතිකාර ආරම්භ කරලා.

Want your business to be the top-listed Gym/sports Facility in Veyangoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Veyangoda