🪁⚠️ සරුංගලයක් නිසා එක දරුවෙකුගේ ජීවිතයක්වත් අවදානමට ලක්විය යුතු නැහැ.
මේ වීඩියෝව විනෝදයක් ලෙස බලලා ඉවතට යන්න පුළුවන් දර්ශනයක් නොවෙයි.
පසුගිය දිනක පැවති සරුංගල් තරගයක් අතරතුර, සරුංගලයක් විදුලි රැහැන් සමඟ ගැටී ගිනිගන්නා ආකාරය දැක්වෙන දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
වඩාත් අවදානම් සහගත කරුණ වන්නේ, සරුංගලය විදුලි රැහැන් සමඟ ගැටී තිබියදීත් එහි නූල තවදුරටත් ඇදගෙන සිටින දරුවෙකු එම දර්ශනයේ දැකිය හැකි වීමයි.
⚡ මෙවැනි අවස්ථාවක සරුංගලයේ නූල අල්ලීම, ඇදීම හෝ සරුංගලය නැවත ලබාගැනීමට උත්සාහ කිරීම කිසිසේත්ම ආරක්ෂිත නොවේ.
මේ අවදානම අපි අද ඊයේ දැක්ක දෙයක් නෙමෙයි.
2012දී ගම්පහ ප්‍රදේශයේ පැවති සරුංගල් උත්සවයක් නරඹන්න ගිය අවස්ථාවකදීත්, විදුලි රැහැන් සමඟ සරුංගලයක් ගැටී ගිනිගත් අවස්ථාවක් අපි ඇස් දෙකෙන්ම අත්විඳ තිබෙනවා.
වසර ගණනාවකට පසුවත් මෙවැනි සිදුවීම් දකින්න ලැබීම අපි සියලුදෙනාටම වැදගත් අනතුරු ඇඟවීමක්.
අපි මේ කතාව කියන්නේ කිසිවෙකුට දොස් පැවරීමට නොවෙයි.
අපිට අවශ්‍ය වන්නේ අනතුරක් සිදුවූ පසු ඒ ගැන කතා කිරීම නොව, අනතුරක් සිදුවීමට පෙර එය වළක්වා ගැනීමයි. ❤️
🏆 සරුංගල් තරග සංවිධානය කරන සියලුම සංවිධායකයන්ගෙන් අපි ඉතාමත් වගකීමෙන් ඉල්ලා සිටින්නේ, තරගයක් ආරම්භ කිරීමට පෙර ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.
📍 තරගය පැවැත්වෙන ස්ථානය ආරක්ෂිතද?
⚡ විදුලි රැහැන් සහ අනෙකුත් විදුලි උපකරණ ආසන්නයේ තිබේද?
🧵 භාවිත කරන නූල් සහ අනෙකුත් ද්‍රව්‍ය ආරක්ෂිතද?
🏃 තරගකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂිත ඉඩක් තිබේද?
👨👩👧 දරුවන්ගේ ආරක්ෂාව සහ වැඩිහිටි අධීක්ෂණය ප්‍රමාණවත්ද?
මේ කරුණු පිළිබඳව පූර්වයෙන්ම සැලකිලිමත් වීම සංවිධායකයන්ගේ මෙන්ම අප සියලුදෙනාගේම වගකීමක්.
👨👩👧 දෙමාපියන් සහ වැඩිහිටියන්ගෙන්ද අපි ඉල්ලා සිටින්නේ, දරුවන් සරුංගල් යවන විට ඔවුන් සිටින ස්ථානය සහ අවට පරිසරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.
විදුලි රැහැන්, උස් ගොඩනැගිලි, ගස්, මාර්ග හෝ වෙනත් අවදානම් ස්ථාන ආසන්නයේ දරුවන් සරුංගල් යවන්නේ නම්, ඔවුන් වහාම ආරක්ෂිත ස්ථානයකට යොමු කරන්න.
🪁 සරුංගල් සංස්කෘතිය නවත්වන්න අපි කියන්නේ නැහැ.
අපි කියන්නේ...
සරුංගල් යවමු.
තරග කරමු.
කලාව රකිමු.
සංස්කෘතිය ඉදිරියට ගෙනයමු.
හැබැයි...
❤️ ජීවිත අවදානමට ඉඩ නොදෙමු.
සරුංගලයක් නිසා එක දරුවෙකුගේ ජීවිතයක්වත් අහිමි වෙන්න ඉඩ නොදෙමු.
🪁 KITE SRI LANKA
**FLY SAFE • FLY FREE**
📲 විශේෂ තොරතුරු සඳහා අපගේ WhatsApp Channel එකට එකතු වෙන්න.
[Follow the Kite Sri Lanka Channel on WhatsApp](https://whatsapp.com/channel/0029VbB2nqZI1rcfDCgyLw1j?utm_source=chatgpt.com
Kite Sri Lanka Organization
It is the first ever attempt of creating a national club for kiting which eventually grown into a Kite Association & Event Management Firm.
The National Kite Association
"Since 2009, Kite Sri Lanka has represented Sri Lankan kite culture on the international stage while promoting safe, responsible, and environmentally friendly kite flying at home." Kite Sri Lanka is the most prominent Kite Association of the country which was established in 2008 at Negombo with a view of popularizing kite flying as a sport island wide. We brought the
17/08/2026
🪁 සරුංගලයේ සුන්දරත්වය විඳිමු — ආරක්ෂාවත් රකිමු! ❤️
සරුංගල් යැවීම අපේ ළමා කාලයේ සුන්දර මතකයක්. විනෝදයක් වගේම එය කලාවක්, සංස්කෘතියක් සහ අපේ අහසට එක්වන සුන්දර වර්ණයක්.
නමුත් ඒ සුන්දරත්වය අතරේ *ආරක්ෂාව කිසිවිටෙකත් අමතක නොකරමු.*
පසුගිය දිනක පැවති කුඩා සරුංගල් තරගයක් අතරතුර සරුංගලයක් විදුලි රැහැන්වල ගැටී ගිනිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.
එවැනි සිදුවීම් අපි සුළුවෙන් නොගෙන, *අනතුරක් වීමට පෙර අවදානම හඳුනාගෙන කටයුතු කළ යුතු බවට වන අනතුරු ඇඟවීමක් ලෙස* දැකිය යුතුයි.
මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලද සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
⚡ විදුලි රැහැන් ආසන්නයේ සරුංගල් නොයවමු.
🛣️ අධිවේගී මාර්ග හා මාර්ග ආසන්නයේ සරුංගල් නොයවමු.
🏢 ගොඩනැගිලි හා උස් ස්ථානවල සිට සරුංගල් නොයවමු.
✈️ ගුවන් තොටුපළ ආසන්නයේ සරුංගල් නොයවමු.
🧵 අනාරක්ෂිත හා විදුලි සන්නායක නූල් භාවිතයෙන් වළකිමු.
⛈️ අයහපත් කාලගුණ තත්ත්වයන්හිදී සරුංගල් නොයවමු.
👨👩👧 දරුවන් සරුංගල් යවන විට වැඩිහිටි අධීක්ෂණය ලබා දෙමු.
♻️ භාවිත කළ නූල් සහ සරුංගල් පරිසරයට නොදමමු.
සරුංගල් යැවීම නවත්වන්න කියන එක නොවෙයි අපේ පණිවිඩය.
ආරක්ෂිතව, වගකීමෙන් සහ සුන්දරව සරුංගල් යවමු.🪁❤️
සරුංගලය අහසට යවමු…
**අපේ ආදරණීයයන්ගේ ජීවිත අවදානමට නොයවමු.**
🪁 **KITE SRI LANKA**
**FLY SAFE • FLY FREE**
17/08/2026
🪁 නිල් අහසේ වසන්තය 2010
**2010 අගෝස්තු 28 සහ 29...**
මාතර වෙරළ උද්‍යානයේ දින දෙකක් පුරා පැවති **“නිල් අහසේ වසන්තය 2010”** අපේ ගමනේ අමතක නොවන පරිච්ඡේදයක්.
එදා සරුංගල් **3,000කට ආසන්න ප්‍රමාණයක්** මාතර අහසට එකතු වුණා. 🪁
දසුන මීඩියා සහ මාතර යූත් සමඟ සංවිධානය කළ මේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වුණේ එවකට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ **සනත් ජයසූරිය මහතා**.
එදා ජනප්‍රිය චරිත රැසක්, ඇමතිවරුන් සහ විශේෂ ආරාධිතයන් අතර **අනර්කලී ආකාශා**ත් එක්ව සිටියා. සරුංගල් පිස්සෙක් වූ එවකට බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමතිවරයෙක් ත්‍රිකුණාමලයේ සිට සරුංගල් රැගෙන මාතරට පැමිණීමත් අපේ මතකයේ තියෙන විශේෂ සිදුවීමක්. ❤️
අපේ එදා tagline එක වුණේ,
**“පිබිදුණු දේශයේ නිලඹර
ලක්දු පුතුන්ගේ දෑතින් සරසන්නට”**
එදා Social Media නොතිබුණු කාලයක, අපේ වැඩේ ජනතාව අතරට ගෙන ගියේ පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍යයයි.
**ලංකාදීප සහ තරුණයා** අපේ මුල්ම වැඩසටහන්වල ඉඳලාම අපට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ හරහා අපව දැකලා අපිව හොයාගෙන ආපු අනුග්‍රාහකයන්ද හිටියා. **Rainco**, **සෙල්ලන් ටිකිරි** සහ **මාතර Freelan** වැනි ආයතන සමඟ එදා ඇතිවූ ඒ සම්බන්ධතා අදටත් අපේ මතකයේ තියෙනවා.
Freelan විසින් සරුංගලයක් තුළ තම නිෂ්පාදන රඳවා අහසට යවා ජනතාව අතරට බෙදාදීම වැනි අපූරු promotional අත්හදා බැලීමක්ද එදා සිදුවුණා. 🪁
එදා අපිට ලැබුණු හැම අත්දැකීමක්ම සුන්දර වුණේ නැහැ. මාධ්‍යය සමඟ වැඩ කිරීමේදී ලැබුණු අත්දැකීම් අපිට ලොකු පාඩමක් වුණා. **2010න් පස්සේ අපි මාධ්‍යය සමඟ වැඩ කරන විදිහත්, අපේ brand එක සහ අපේ කතාව අපිම කළමනාකරණය කරන විදිහත් වෙනස් කළා.**
ඒත් ඒ ගමනේ අපට හම්බවුණු රත්තරන් වගේ මිනිස්සු ගැන නම් අදටත් කතා කරන්න පුළුවන්.
ඒ අතරින් එක් කෙනෙක් **මිල්ටන් පීරිස්.**
එදා ඉඳලා අද වෙනකම් අපේ Vision එකත් Mission එකත් හරියටම දන්න, මගේ දකුණු අතක් වගේ හිටපු මිනිහෙක්.
**වේදිකාවට නගින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා.
හැබැයි වේදිකාව පිටිපස්සේ කට්ට කන්න මිනිස්සු හොයාගන්න අමාරුයි.**
මිල්ටන් ඒ වගේ මිනිහෙක්. ❤️
එදා තවත් දැවැන්ත මතකයක් වුණේ එවකට ජනාධිපති **මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ සාටකය ඇතුළත් කළ දැවැන්ත සරුංගලය.** අපේ මතකයට අනුව එය අඩි 150ක් පමණ විශාලයි.
අවාසනාවකට ඒකේ photo එකක්වත් video එකක්වත් අද අපේ archive එකේ නැහැ. 😁
හැබැයි එදා මගේ හිතේ තිබුණු එක අදහසක් අවුරුදු කිහිපයකට පස්සේ ඇත්තක් වුණා...
**2014දී ගෝල්ෆේස් පිටියේදී ජනාධිපතිවරයා සමඟ සරුංගලයක් යවන්න අපිට හැකි වුණා.**
ඒ කතාව 2014ට ගිය දවසක කියමු. 🪁
අද ආපහු හැරිලා බලද්දි,
**“නිල් අහසේ වසන්තය 2010” කියන්නේ සරුංගල් උත්සවයක් විතරක් නෙමෙයි.**
ඒක අපේ **Kite Sri Lanka** ගමනේ මුල් පිටුවලින් එකක්.
එදා අහසට යැවූ සරුංගල් ආපහු පහළට ආවා...
හැබැයි එදා පටන්ගත්ත හීනය තවමත් අහසේ.💛🪁
**2010 | August 28–29
Matara Beach Park**
🪁 IDH නයා... ආයෙත් ලනන සතියේ අහසට! 🔥
එදා IDH නයා අහසට යවන්න සූදානම් වූ මොහොතේ, කණ්ඩායමේ නායක **ඉසුරු තිමන්ත** රූපවාහිනී නාලිකාවක් සඳහා ලබාදුන් මේ කෙටි අදහස් දැක්වීම අද අපි ඔබට පළමු වතාවට අහන්න දෙන්නෙමු.
ජංගම දුරකථනයකින් පටිගත වූ මේ හඬ පටය එදා රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වුණේ නැහැ.
එදා උත්සාහය සාර්ථක වුණේ නැහැ...
ඒත් ගමන නතර වුණේත් නැහැ.❤️🪁
දැන් ඔවුන් නැවතත් සූදානම්.
🌍 IDH නයා ලෝක වර්ථාව සදහා නැවතත් ලබන සතියේ අහසට යවන්න සූදානම්.
දවස ළං වෙද්දි...
අපි ඒ ගැන වැඩි විස්තර ඔබට කියන්නම්. 🎯🪁
📲 IDH නයාගේ ඉදිරි ගමන, අලුත් වීඩියෝ සහ විශේෂ තොරතුරු සඳහා අපගේ WhatsApp Channel එකට එකතු වෙන්න.
[Follow the Kite Sri Lanka Channel on WhatsApp](https://whatsapp.com/channel/0029VbB2nqZI1rcfDCgyLw1j?utm_source=chatgpt.com)
🎙️ **ඉසුරු තිමන්ත**
Team Leader — IDH Naya
13/08/2026
🪁" 2009 — නිල් අහසේ වසන්තය "
**අපේ සරුංගල් ගමනේ ආරම්භය...** 🇱🇰
අද මේ පරණ ඡායාරූප ටික ආයෙත් බලද්දි, අවුරුදු ගණනාවකට කලින් අපි කොහොමද මේ ගමන පටන් ගත්තේ කියලා මතක් වෙනවා.
2009 කියන්නේ අපේ රටට විශේෂ අවුරුද්දක්.
අවුරුදු ගණනාවක් පුරා පැවති යුද්ධය අවසන් වෙලා, වෙඩි හඬ, බෝම්බ හඬ වෙනුවට නිදහස් අහසක් අපේ රටට ලැබුණු කාලයක්.
ඒ වෙලාවේ අපේ හිතේ තිබුණේ එක අදහසක්.
**නිදහසින් පිබිදුණු මේ රටේ අහස, අපේ දූ දරුවන්ගේ දෑතින් සරුංගල්වලින් සරසන්න.** 🪁
ඒ අදහසත් එක්ක තමයි 2009දී **“නිල් අහසේ වසන්තය – ජාතික සරුංගල් තරගාවලිය”** පටන් ගත්තේ.
එදා අපි **Kite Sri Lanka** නමින් හිටියේ නැහැ.
මට තිබුණු **දසුන මීඩියා ටීම්** Advertising Agency එකත්, **ජාතික තරුණ සේවා සභාවේ මීගමුව යොවුන් සංචිතයත්** එකතු වෙලා තමයි මේ වැඩසටහන සංවිධානය කළේ.
මීගමුව වෙරළේ නොවැම්බර් 27 සහ 28 දෙදින පැවැත්වුණු මේ වැඩසටහන වෙනුවෙන් එදා අපි **බිල්බෝඩ් ගැහුවා, පෝස්ටර් ගැහුවා, රේඩියෝ සහ රූපවාහිනී දැන්වීම් කළා, පත්තර හරහා ප්‍රචාරය කළා.**
Facebook අද වගේ බලවත් කාලයක් නොවුණත්, එදා තිබුණු හැකියාවෙන් Facebook හරහාත් මේ වැඩේ ප්‍රචාරය කළා.
ඒ විතරක් නෙමෙයි...
**අතිනුත්, කටිනුත් මිනිස්සු අතරට ගිහින් මේ උත්සවය ගැන කියපු කාලයක්.**
මේ festival එක ගැන මුලින්ම public announcement එක කළේත් අපි.
හැබැයි අපිට කලින් ලංකාවේ සරුංගල් තරග සහ උත්සව තිබුණා. එක එක කාලවල විවිධ සංවිධාන ඒවා කරලා තිබුණා. 1954 වගේ ඈත කාලයක සිටම ශ්‍රී ලංකාවේ සරුංගල් තරග පැවති බවටත් සටහන් හමුවෙනවා.
ඒ ඉතිහාසයට අපි ගෞරව කරනවා.
**අපි කළ වෙනස තිබුණේ වෙන තැනක.**
අපිට ඕන වුණේ සරුංගල් තරගයක් පවත්වලා අවසන් කරන එක නෙමෙයි.
**සරුංගලය වටා අනන්‍යතාවක්, නමක්, ලාංඡනයක්, තේමාවක් සහ වගකීමක් ගොඩනගන්න.**
ඒ නිසා පළමු වැඩසටහනේ ඉඳලාම අපි තරග ඉසව් වෙනස් කළා.
ඒවාට **ජාතික වටිනාකමක් ඇති මාතෘකා** ලබා දුන්නා.
🌿 පොලිතීන් භාවිතයෙන් හැකි තරම් ඉවත් වෙන්න දිරිමත් කළා.
🌿 පරිසරයට හිතකාමී දේවල් භාවිතා කරන්න කියලා කිව්වා.
🧵 සරුංගල් නූල් ගැනත් ආරක්ෂාව සහ පරිසරය ගැන කතා කළා.
📜 සරුංගල් තරගයකට නීති රීති ගෙනාවා.
අපිට ඕන වුණේ **සරුංගලයක් යවන තරගයක් විතරක් නෙමෙයි.**
සරුංගලයත් එක්ක **වගකීමක් තියෙන සංස්කෘතියක්** හදන්න.
🌿 **අපිට තිබුණු තවත් වැදගත් ප්‍රතිපත්තියක් තිබුණා.**
සරුංගල් උත්සවයක් කියන්නේ මුහුදු වෙරළකට විශාල පිරිසක් එකතු වෙන වැඩක්. සරුංගල් විශාල ප්‍රමාණයක් අහසට යනවා. ඒත් ඒත් එක්කම මිනිස්සු ඉතිරි කරන අපද්‍රව්‍ය, සරුංගල්වල ඉතිරි කොටස් වගේ දේවල් වෙරළේ ඉතිරි වෙන්න පුළුවන්.
**ඒ නිසා අපේ වගකීම event එක අවසන් වුණා කියලා අවසන් වෙන්නේ නැහැ.**
වැඩසටහන අවසන් වූ වහාම අපි වෙරළ පිරිසිදු කළා.
**පළමු වැඩසටහනේ ඉඳලා අපි දිගටම රැකගෙන ආපු ප්‍රතිපත්තියක් ඒක.**
අපි ආපු වෙරළ, අපි පිරිසිදු කරලාම ආපහු යන්න ඕනේ.
ඒක තමයි අපිට තිබුණු **quality එක.**
ඒක තමයි අපේ **වගකීම.**
ඒක තමයි අපේ **වගවීම.**
අදත් මේ ගැන ආපහු හැරිලා බලද්දි අපිට තියෙන ලොකුම සතුටක් තමයි —
**අපේ උත්සවයක් නිසා පරිසරයට හානියක් ඉතිරි නොකරන්න අපි හැකි උපරිමයෙන් වග බලාගත්තා කියන එක.** 🌿❤️
ඒ වගේම සරුංගල් උත්සවයක **“Kite Feeling”** එක මිනිස්සුන්ට දැනෙන විදිහට මාධ්‍ය හරහා මේ වැඩේ ඉදිරිපත් කරන්නත් අපි උත්සාහ කළා.
පත්තරයක layout එකේ ඉඳලා, ඡායාරූප, headline සහ presentation එක දක්වා ඒ වෙනස අපි කළා.
අවුරුදු ගණනාවක් මේ ගමන යද්දි, අපි හදපු ඒ **Kite Feeling එක** සරුංගල් කාලයට ලංකාවේ මාධ්‍ය ආවරණ තුළත් දැකගන්න ලැබෙන තරමට ඒ සංස්කෘතිය පුළුල් වුණා කියලා අද ආපහු හැරිලා බලද්දි අපිට සතුටු වෙන්න පුළුවන්.
ඒ කාලයේ අපි භාවිතා කළ තේමාවත් අපේ හිතේ තිබුණු අදහස හොඳින්ම කියනවා.
**“නිදහසින් පිබිදුණු දේශයේ,
නිළඹර ලක් දූ පුතුන්ගේ දෑතින් සරසන්නට...”** 🪁🇱🇰
ඒ තමයි **“නිල් අහසේ වසන්තය.”**
එදා අපි පටන්ගත්තේ තවත් එක event එකක් විතරක් නෙමෙයි.
**නිදහස් වූ රටක නිදහස් අහස ගැන තිබුණු හීනයක්.**
ඒ හීනයත් එක්ක ගිය ගමන තමයි පස්සේ 2010දී **Kite Sri Lanka** කියන නම දක්වා අපිව අරගෙන ගියේ.
අද අවුරුදු ගණනාවකට පස්සේ මේ පරණ ඡායාරූප දිහා බලද්දි...
**එදා අහසට යවපු සරුංගල් තාමත් අපේ මතකයේ පියාසර කරනවා.** ❤️🪁
**2009 — නිල් අහසේ වසන්තය.**
**එතැනින් පටන්ගත් ගමන අදත් ඉදිරියට...** 🪁🇱??
🪁 IDH නයා... නැවතත් අහසට යන්න සූදානම් වෙමින්...
මේ පාර අහසට යන්න කලින්, පොළොවේ සිදුවෙන සූදානම බලන්න... 🔥🪁
තවත් විස්තර ඉදිරියේදී...
🪁 IDH Naya... getting ready to take to the skies once again...
Before it takes flight, here's a glimpse of the incredible preparation happening on the ground. 🔥🪁
More details coming soon...
📲 Follow our WhatsApp Channel for updates: 👇
https://whatsapp.com/channel/0029VbB2nqZI1rcfDCgyLw1j
📸🎥 Real moments. Real people. One giant kite.
11/08/2026
🪁 A Kite Knows No Boundaries
පසුගිය සෙනසුරාදා මීගමුව වෙරළ උද්‍යානයේ පැවැත්වුණු Kite Festival එකේදී දකින්න ලැබුණු මේ දසුන අපේ අවධානයට විශේෂයෙන්ම ලක්වුණා. 🇱🇰🪁
කුඩා සාමණේර වහන්සේලා සමඟ රැගෙන යන, **ස්වභාවික දේශීය සම්පත් උපයෝගී කරගෙන නිර්මාණය කළ සරුංගලයක්.** 🌿🪁
මේ ඡායාරූපය අපට මතක් කරන්නේ සරුංගලයක ඇති සුන්දරම දෙයක්...
""සරුංගලයට ජාති, ආගම්, සංස්කෘතික හෝ දේශසීමා නැහැ.""
අහස එකයි.
සුළඟ එකයි.
සරුංගලය පියාසර කරන නිදහස එකයි. ❤️
විවිධ පසුබිම්වල මිනිසුන් එකම අහසක් යට එකට එක් කරන සරුංගලය, අපේ සංස්කෘතීන් අතරත් සුන්දර පාලමක්.
📸 ජායා රූ: ච්න්තක රාජකුලතුංග
🪁 A Kite Knows No Boundaries
These beautiful moments from last Saturday's Kite Festival at **Negombo Beach Park** caught our attention.
A traditional kite made using **natural, locally available materials**, carried by young Buddhist monks. 🌿🪁
And perhaps, this is one of the most beautiful things about a kite...
**A kite has no race, religion, culture or borders.**
One sky.
One wind.
One freedom to fly. ❤️
Kites have a beautiful way of bringing people from different backgrounds together under the same sky — creating a bridge between cultures through creativity, tradition and the simple joy of flying.
This was **not an event organized by Kite Sri Lanka**. We are simply sharing these beautiful moments as a celebration of kite culture.
📸 Photos: Chinthaka Rajakulathunga
🪁 Kite Sri Lanka Organization
"Where the sky belongs to everyone."
10/08/2026
🪁 2010 – Matara Kirala Kelle
World Tourism Day 2010 වෙනුවෙන් පැවැත්වීමට සැලසුම් කළ All Island Kite Festival & Kite Fancy Dress වැඩසටහනට පෙර, මාතර කිරළ කැලේදී සිදු කළ ස්ථාන නිරීක්ෂණයේ මතක සටහන් කිහිපයක්. 🇱🇰🪁
එය සාමාන්‍ය Kite Festival එකක් පමණක් නොවෙයි.
සරුංගලය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක කර්මාන්තය සහ නිර්මාණශීලීත්වය සමඟ එක් කරමින් අලුත් අත්දැකීමක් නිර්මාණය කිරීමට කළ උත්සාහයක්.
එදා ස්ථානය නිරීක්ෂණය කිරීමේ සිට, සැලසුම් කිරීම, පුහුණුවීම් සහ අවසානයේ වැඩසටහන වේදිකාවට ගෙන ඒම දක්වා වූ ගමනේ මේ ඡායාරූප කිහිපය අදත් අපේ ඉතිහාසයේ වටිනා මතක සටහන්.
2010 | Matara – Kirala Kelle
Tourism & Biodiversity 2010
World Tourism Day
🪁 Kite Sri Lanka – Bringing Sri Lankan Kite Culture to the World.
🪁 අද IDH නයා අහසට නැගුණා... ඒත් අපි බලාගෙන හිටපු ගමන එතැනින් නතර වුණා....
අද උදේ ඉඳන්ම හිත තිබුණේ මේ දැවැන්ත කළු සරුංගලය අහසට නැගෙන මොහොත බලන්න.
වසර **26ක් පුරා** IDH නයා එක්ක තිබුණු ඉතිහාසයත්, මේ දවස්වල ඒ වෙනුවෙන් මහන්සි වුණු කොල්ලන්ගේ කැපවීමත් දන්න නිසා, අද ඒක අහසට නැගෙද්දි තිබුණේ වෙනස්ම හැඟීමක්.
ඒත්...
අහසට නැගිලා ටික වෙලාවකින් **නැට්ට මැදින් කැඩිලා නයා දෙකට වෙන්වෙද්දි**, ඒක බලාගෙන හිටපු අපිටත් හිතට අමාරු වුණා. 💔
මට හිතෙන්නේ ඒ මොහොතේ ඒ කොල්ලන්ට කොච්චර දැනෙන්න ඇතිද කියලා.
දින ගණනක් මහන්සි වෙලා, බලාපොරොත්තු තියාගෙන, තමන්ගේ අතින් හදපු දෙයක් අහසට යවලා... ඇස් ඉස්සරහම ඒක මෙහෙම වෙද්දි ඒ වේදනාව කියන්න වචන ඕනේ නෑ.
**හැබැයි කොල්ලනේ... මෙතැනින් නවතින්න එපා.** ❤️
අද අහසට ගිය නයා ආපහු පොළොවට ආවා විතරයි.
**කතාව තාම ඉවර නෑ.**
තවත් අවස්ථාවක් තියෙනවා නම්,
**ආයෙත් එකතු වෙලා... ආයෙත් හදලා... ආයෙත් නයා අහසට යවමු.** 🪁
අද ලෝක වාර්තාවක් ලැබුණේ නැති වුණාට,
**අද උත්සාහය දුටු අපිට මේ කොල්ලන්ගේ මහන්සිය ගැන ලොකු ගෞරවයක් තියෙනවා.**
IDH කොල්ලන්ට ජය! ❤️🪁🇱🇰
Video – IDH Naya's flight today