නාඩි ශෝදන ප්‍රාණයාමය / අනුලෝමන විලෝමන ප්‍රාණයාමය
Alternative nostril breathing
ඉඩ පිංගල නාඩි තුලනය කරයි.එමගින් ශරීරයේ හෝමෝන රසායනික මට්ටම් , උශ්නත්වය ආදී සියලු දේ ක්‍රමවත් කරයි.මනස සංසුන් කරයි. කය මනස සුවපත් කරයි..
Beyond Eye Yoga
Guiding the student for healing Body and Mind
06/08/2026
👣.
Epsom salt...( Magnesium sulphate) පාද සදහා සුදුසු සත්කාරයකි.
පාද හරහා විශ හරණය / detox
මානසික සුවය ඇති කරයි..
පාද ඉදිමුම, මාංශ පේශි ලිහිල් වීම muscle soreness තුළින් ඇති වන විඩාව, දිලීර ආසාදන fungal infection වලට සහනය ගෙන දෙයි. Magnesium sulphate මගින් serotonin නිශ්පාදනය උත්තේජනය කරන බැවින් මානසික ආතතිය නැති කරයි. . දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ පාද වල තුවාල සහිත පුද්ගලයන්ට මෙම සත්කාරය නුසුදුසු වේ.
👣👣👣👣👣
වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න..
Beyond Eye Yoga.
09/07/2026
*Healing*... Body mind and spiritual energy healing.. Beyond Eye Yoga we experienced it.. Thank you so much ms Nethali for the great session. 💐🙏❤️.
01/06/2026
පුංචි පැටව්න්ගේ පාසල් නිවාඩුවයි අම්මලාගේ යෝග පුහුණුවෙයි හමුවීම.... 🫣🤗😁😘❤️💖😍
01/06/2026
යෝග මාවත ඔස්සේ ගමන් කරන්නෙකුට බෞද්ධ දර්ශනය ගලපා ගැනීමට හැකියාව ලැබීමද කුසලයකි. 🙏🙏🙏
03/05/2026
Pregnancy Yoga/ Prenatal Yoga
ගර්භණී සමයේදී වැදගත් වන යෝග ආසන සහ ප්‍රාණයාම ..
දරුවකු පිළිසිඳ ගැනීම සදහා බලාපොරොත්තු වන කාන්තාවකට යෝග තුළින් ලැබෙන සහාය විවිධ වේ.
කාන්තා ශරීරය තුළ ඊට බලපාන හෝමෝන සමබර කිරීම, උත්තේජනය කිරීම (මෙය පිරිමියා පාර්ශවයටද අදාළ වෙයි) . ශරීරයෙහි ස්ථුල භාවය අඩු කිරීම. ශරීරයෙහි උශ්නත්වය නියාමනය කිරීම. මානසික සැහැල්ලුව ඇති කිරීම සහ කායිකව සංසේචනය සදහා සුදුසු ශරීරය සූදානම් කිරීම සඳහා සහාය වෙයි.
ගර්භණී සමයේදී *තෝරා ගත්* ප්‍රාණයාම තූලින් මවට ඉතා යහපත් මානසික පසුබිමක් සකසන අතර ඔක්සිජන් වායුව මනාව මවට මෙන්ම කලලයට සම්ප්‍රේෂණය වීම තුලින් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදා කරවයි.( ආතතිය, අධි රුධිර පීඩනය, සාංකාව වැනි මානසික ගැටලු වලට ද සහනයක් ලබාදෙයි)
සමහර ආසන තුලින් මවගේ ශරීරය ලිහිල් කරන අතර පාද වල ඇති වන ඉදිමීම, නහර ගැටගැසීම,වේදනාව අවම කිරීමට උපකාරී වේ. බර වැඩිවීමේදී සහ උදරය නෙරා ඒමේදී කොන්දෙහි ඇති වන වේදනාව අත් පා හිරි වැටීම සමනයට සමහර යෝග ආසන වැදගත් වේ.
ප්‍රසවය සදහා උපකාරී වීමට බද්ද කෝණාසන, මලාසනය වැනි ආසන ඉවහල් වේ .ඒ තුලින් ශ්‍රෝණිය pelvis area පුළුල් කිරීම, මාංශ පේශින් ලිහිල් කිරීම සිදුවේ.
ප්‍රසවයේදී හුස්ම පාලනය වගේම දරා ගැනීමේ හැකියාවද ප්‍රාණයාම තූලින් වර්ධනය කෙරේ.
** යෝග ආසන සහ ප්‍රාණයාම පුහුණුවට යොමු වීමට පෙර වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වන අතර සුදුසු කම් ලත් යෝග උපදේශකවරයකු යටත් පුහුණු වීමද අනිවාර්ය වේ. **
Beyond Eye Yoga
ගිෂානි කිරිහේන.
(චායාරූප: Beyond Eye Yoga සතුයි)
චන්ද්‍ර නමස්කාරය.. 🌙 Moon salutation 🙏
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Pannipitiya
10230