Sri Sports

Sri Sports We need to promote the Sri Lankan sport. We do not discourage anyone. Let us encourage the nation to Victory.

Idea 💡 ඔබගේ වටිනා උපදෙස් ලබා දෙන්න 🫣
14/09/2026

Idea 💡 ඔබගේ වටිනා උපදෙස් ලබා දෙන්න 🫣

ස්තුතියි කෙල්ලෝ ටික.. ! හොඳ තරගාවලියක්..! #
14/09/2026

ස්තුතියි කෙල්ලෝ ටික.. ! හොඳ තරගාවලියක්..!

#

කඩුලු එක ළඟ බිඳවැටෙනවා. "අද නම් ෂුවර් එකටම පරදියි" කියලා අපිට හිතෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි හර්ෂිතා ක්‍රීඩාපිටියට එන්නේ. ...
11/09/2026

කඩුලු එක ළඟ බිඳවැටෙනවා. "අද නම් ෂුවර් එකටම පරදියි" කියලා අපිට හිතෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි හර්ෂිතා ක්‍රීඩාපිටියට එන්නේ. ඊට පස්සේ ක්‍රිකට් පොතේ හැටියට ලස්සනම ලස්සන පහරවල් ටිකක් වදිනවා. හිමීට පාට්නර්ෂිප් එකක් ගොඩනැගෙනවා. "දැන් නම් මේ මැච් එක දිනන්න පුළුවන්" කියලා හිතන තැනට ඇය කොහොමහරි අපිව අරගෙන එනවා.

මේක මේ තරඟාවලියේ විතරක් නෙවෙයි, පහුගිය කාලය පුරාම දිගටම වුණු දෙයක්. ඇත්තටම හර්ෂි කියන්නෙ හැඩ, වැඩ දෙකම තියෙන අපූරු චරිතයක්.

බංග්ලාදේශය එක්ක මැච් එකේ ලකුණු 44ට කඩුලු 5ක් බිඳ වැටිලා අන්තර්ජාතික නින්දාවක් වෙන්න ගිය වෙලාවේ, මැච් එක බේරලා දීලා නොදැවී ලකුණු 48ක් රැස් කරලා අද මේ පාකිස්තානය එක්ක තියෙන අවසන් පූර්ව තරගය කරා අපේ කණ්ඩායම අරගෙන ආවේ ඇයයි. අද අවසන් පූර්ව තරගයේදීත් ලකුණු 33ට කඩුලු 4ක් බිඳ වැටිලා අමාරුවෙ වැටිලා හිටපු වෙලාවේ, කවීෂා එක්ක එකතු වෙලා ලකුණු 100 වෙනකල් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබන්න ඇය සමත් වුණා. පීඩනය උපරිමයෙන්ම තියෙන තරගයක අදත් රට වෙනුවෙන් පන්දු 31කදී වටිනා ලකුණු 36ක් රැස් කරලා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානයට අරගෙන ආවා.

ඉතින් පකිස්ථාන සමඟ තරඟයෙත් හරිෂි, තමන්ගේ උපරිමය රට වෙනුවෙන් දුන්නා. පීඩනය උපරිමයෙන්ම තියෙන තැන හර්ෂිතා මාදවී සමරවික්‍රම කියන්නේ දැන් නිකම්ම නමක් නෙවෙයි, ඒක බ්‍රෑන්ඩ් එකක්! අන්න එතැනයි ඇය ඇගේ උපරිමය ලබා දෙන්නේ.

දැනට අපේ කණ්ඩායමේ උප නායිකාව වන ඇයට තවම වයස අවුරුදු 28යි. අපේ නායිකා චමරි යටතේ ඇය සෑහෙන්න කල් සෙල්ලම් කරලා හොඳ පන්නරයක් ලබලා තියෙනවා. චමරිට දැන් වයස 36ක්. චමරි නැතුව මැච් දිනන කලාව ලංකාවේ කාන්තා ක්‍රිකට්වලට මුලින්ම හඳුන්වා දුන්නේ හර්ෂිතා තමයි.

චමරි කියන්නේ අපේ ක්‍රිකට්වල අසහාය රැජිනක්. ඒත් ඇයත් ළඟදිම දවසක සමුගනීවී. එදාට ඒ හිස්වන කිරුළ දරන්න ඉන්න සුදුසුම කෙනා හර්ෂිතා මිසක් වෙන කවුරුත් නෙවෙයි! 🇱🇰❤️

ලෝක මලල ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර දැවැන්තයින් අතරේ, අවසානයේ අපේ කොල්ලා ගේම ගැහුවා. මේක ඉතිහාසයේ ප්‍රථම වතාව. ලංකාවට සැබෑ...
06/09/2026

ලෝක මලල ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර දැවැන්තයින් අතරේ, අවසානයේ අපේ කොල්ලා ගේම ගැහුවා. මේක ඉතිහාසයේ ප්‍රථම වතාව. ලංකාවට සැබෑම 'දියමන්තියක්' හම්බවුණා..!
මලල ක්‍රීඩා ලෝකයේ ඔලිම්පික් සහ ලෝක ශූරතා තරගාවලිවලට පසුව ඇති ඉහළම සහ වටිනාම තරගාවලිය වන 'ඩයමන්ඩ් ලීග්' තරගාවලිය.

මේක අතිශය ආඩම්බරකාර අවස්ථාවක්!❤️

17/08/2026

ලෝකයේ තියෙන ලොකුම සහ අසීරුම පාපැදි තරගය තමයි 'ටුවර් ඩි ෆ්‍රාන්ස්' (Tour de France) කියන්නේ. කිලෝමීටර් 3000කට වඩා දුරක්, ...
27/07/2026

ලෝකයේ තියෙන ලොකුම සහ අසීරුම පාපැදි තරගය තමයි 'ටුවර් ඩි ෆ්‍රාන්ස්' (Tour de France) කියන්නේ. කිලෝමීටර් 3000කට වඩා දුරක්, දින ගණනාවක් පුරා (අදියර 21ක් යටතේ) පැවැත්වෙන මේ දැවැන්ත තරගයේ 2026 වසරේ අවසන් අදියර ඊයේ ප්‍රංශයේ පැරිස් නුවරදී ඉතා උණුසුම් මුහුණුවරකින් නිමාවට පත් වුණා.

​කහ ජර්සිය සහ පොගාචාර්ගේ ඓතිහාසික වාර්තාව

​මේ තරගයේ සමස්ත ජයග්‍රාහකයාට (තරගය පුරාම අඩුම කාලයකින් ගමනාන්තයට ආපු ක්‍රීඩකයාට) පළඳවන්නේ කහ පැහැති ජර්සියක් (Yellow Jersey). මෙවර ඒ අභිමානවත් කහ ජර්සිය දිනාගන්න සමත් වුණේ UAE Emirates XRG කණ්ඩායම නියෝජනය කළ ටඩේජ් පොගාචාර් (Tadej Pogacar) කියන විශිෂ්ට ක්‍රීඩකයා. ඔහු මේ වන විට පාපැදි ලෝකය උම්මාදයක් බවට පත්වූ ක්‍රීඩකයෙක්.

​ඔහු මේ ජයග්‍රහණයත් එක්ක පාපැදි ලෝකයේ ඓතිහාසික වාර්තාවක් සම කළා. ඒ තමයි ටුවර් ඩි ෆ්‍රාන්ස් තරගයක් 5 වතාවක් ජයග්‍රහණය කිරීම. ඔහු මීට කලින් 2020, 2021, 2024 සහ 2025 කියන වසර වලදීත් මේ ශූරතාව දිනාගෙන තිබුණා. ජැක්ස් ඇන්කෙටිල්, එඩී මර්ක්ස් වැනි පාපැදි ලෝකයේ දැවැන්තයින් පමණයි මීට පෙර මේ වාර්තාව පිහිටුවලා තිබුණේ.

​පැරිසියේ පැවති අවසන් අදියරේ (Stage 21) උණුසුම

​ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවරින් පටන් ගත්තු මේ තරගය අවසන් වුණේ ප්‍රංශයේ පැරිස් නුවර සුප්‍රසිද්ධ 'චෑම්ප්ස්-එලිසේ' (Champs-Élysées) වීදියෙන්.

කිලෝමීටර් 88.7ක දුරක් තිබුණු මේ අවසන් අදියරේදීත් පොගාචාර් තමන්ගේ සුපුරුදු වේගය පෙන්වමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළා. හැබැයි අවසාන මීටර් 600 දී ඔහුව පසුකරගෙන යන්න මැතිව් වැන් ඩර් පෝල් (Mathieu Van der Poel) සමත් වුණා. ඒ අනුව තරගයේ අවසන් අදියරේ (Stage 21) ජයග්‍රහණය මැතිව්ට හිමි වුණා.
​වෙනත් විශේෂ ජයග්‍රහණ (ජර්සිවල තේරුම)
​පාපැදි තරගවල සමස්ත ජයග්‍රාහකයාට අමතරව තවත් දක්ෂතාවන් වෙනුවෙන් ජර්සි ලබා දෙනවා.

2026 වසරේ ඒ ජයග්‍රහණ බෙදී ගියේ මේ විදිහටයි

​කොළ පැහැති ජර්සිය (Green Jersey): තරගය පුරාම විවිධ ස්ථානවලින් වැඩිම ලකුණු ලබාගන්නා වේගවත්ම ක්‍රීඩකයාට (Sprinter) හිමිවෙන මේ ජර්සිය දිනාගත්තේ මැඩ්ස් පෙඩර්සන් (Mads Pedersen) විසිනි.

​රතු තිත් සහිත ජර්සිය (Polka Dot Jersey): කඳුකර මාර්ගවල දක්ෂතම ක්‍රීඩකයාට ලබාදෙන මේ ජර්සිය මෙන්ම, තරගයේ සටන්කාමීම ක්‍රීඩකයාට හිමිවන සම්මානයත් දිනාගත්තේ රිචඩ් කරපාස් (Richard Carapaz). ඔහු 2024 වසරේදීත් මේ සම්මාන දිනාගෙන තිබුණා.

​සුදු පැහැති ජර්සිය (White Jersey): සමස්ත තරගයේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයාට හිමිවෙන මේ ජර්සිය දිනාගත්තේ සමස්ත තරගයේ 3 වැනි ස්ථානය ලබාගත් අයිසැක් ඩෙල් ටෝරෝ (Isaac del Toro).

​සමස්ත තරගයේ අවසන් ප්‍රතිඵලය (ප්‍රමුඛයින් තිදෙනා)

​දින ගණනාවක මහන්සියෙන් පස්සේ 2026 ටුවර් ඩි ෆ්‍රාන්ස් තරගයේ වැඩිම ගෞරව දිනාගත් මුල් ක්‍රීඩකයින් තුන්දෙනා වුණේ:

​ටඩේජ් පොගාචාර් (Tadej Pogacar) - UAE Team Emirates

​රෙම්කෝ එවෙනෙපෝල් (Remco Evenepoel) - පළමු ස්ථානයට වඩා මිනිත්තු 6යි තත්පර 26ක් පසුපසින්.

​අයිසැක් ඩෙල් ටෝරෝ (Isaac del Toro) - පළමු ස්ථානයට වඩා මිනිත්තු 9යි තත්පර 42ක් පසුපසින්.

​සමස්තයක් විදිහට ගත්තොත්, 2026 තරගය කියන්නේ ටඩේජ් පොගාචාර් තමන් පාපැදි ලෝකයේ ඉන්න අසමසම රජෙක් කියලා ආයෙමත් වතාවක් මුළු ලෝකෙටම ඔප්පු කරපු තරගයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

ලෝක මෝටර් රථ ධාවන ශූරතාවලියේ දැවැන්තම වේදිකාවක් වන FIA ෆෝමියුලා 3 (Formula 3) තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය රන් අකුරින් ලි...
04/07/2026

ලෝක මෝටර් රථ ධාවන ශූරතාවලියේ දැවැන්තම වේදිකාවක් වන FIA ෆෝමියුලා 3 (Formula 3) තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය රන් අකුරින් ලියා තැබීමට ශ්‍රී ලාංකික යොවුන් ධාවක යෙවාන් ඩේවිඩ් (Yevan David) සමත් වී තිබේ.
​බ්‍රිතාන්‍යයේ ඓතිහාසික සිල්වර්ස්ටෝන් (Silverstone) ධාවන පථයේ පැවති අදියරේදී, ස්ප්‍රින්ට් (Sprint) ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගනිමින් ඔහු මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියටම මහත් වූ අභිමානයක් ගෙන දෙමිනි.

​වේගය සහ ධෛර්යය මුසු කළ විශිෂ්ට ධාවනය
​ජාත්‍යන්තර මට්ටමේ දැවැන්තයින් සමඟ කරට කර තරග වදිමින් 'AIX Racing' කණ්ඩායම නියෝජනය කළ යෙවාන්, තරගයේ ආරම්භයේ සිටම සිය අසමසම ධාවන කෞශල්‍යය ප්‍රදර්ශනය කළේය. ලොව පුරා සිටින දක්ෂතම යොවුන් ධාවකයින් අභිබවා යමින්, තියුණු අවධානයෙන් සහ විශ්වාසයෙන් යුතුව ඔහු පෙන්වූ දක්ෂතාවය, ධාවන පථයේ සිටි විචාරකයින්ගේ පවා දැඩි ප්‍රසාදයට ලක් විය.

​ශ්‍රී ලංකාවට ඓතිහාසික වාර්තාවක්
​මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ යෙවාන් ඩේවිඩ් ක්‍රීඩා ඉතිහාසයට එක්වන්නේ ෆෝමියුලා 3 (Formula 3) අදියරයකදී මෙවන් දැවැන්ත දස්කමක් දැක්වූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි. මෝටර් රථ ධාවන ලෝකය තුළ ශ්‍රී ලංකාවේ නාමය මෙතරම් ඉහළින් ඔසවා තැබූ අවස්ථාවක් මින් පෙර කිසිදා වාර්තා වී නොමැත. කුඩා දිවයිනකින් ගොස් ලෝකයේ දැවැන්ත ධාවන පථයක් ජයගැනීම හුදෙක් එක් ක්‍රීඩකයෙකුගේ ජයග්‍රහණයක් පමණක් නොව, එය සමස්ත රටේම ජයග්‍රහණයකි.

​ශ්‍රී ලංකාවේ අභිමානය ලොවටම ගෙන ගිය යෙවාන් ඩේවිඩ්, හෙට දවසේ ජාත්‍යන්තර ධාවන පථය ජයගැනීමට සිහින දකින මෙරට යොවුන් පරපුරට සැබැවින්ම ලබා දෙන්නේ විශාල ආදර්ශයකි. සිල්වර්ස්ටෝන් ධාවන පථයේ ඔහු තැබූ මේ ඓතිහාසික පියවර, ශ්‍රී ලාංකේය මෝටර් රථ ධාවන වංශකතාවේ ස්වර්ණමය සලකුණක් ලෙස සදාකල් රැඳෙනු ඇත!

සවුත්හැම්ප්ටන් තණතීරුව අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන දිනයක් බවට පත් වුණා. විස්සයි-20 ලෝක කු...
16/06/2026

සවුත්හැම්ප්ටන් තණතීරුව අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන දිනයක් බවට පත් වුණා. විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් කිසිදිනෙක පරාජය කළ නොහැකි වූ ලෝක ශූර නවසීලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්, අපේ කෙල්ලන් ලෝක ක්‍රිකට් පිටියම පුදුමයට පත් කළා. මෙය හුදෙක් ජයග්‍රහණයක් පමණක්ම නොවෙයි. අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුළ සිදුවෙමින් පවතින අභිමානවත් පරිවර්තනයේ සංකේතයක්.

🔰 ​චමරි මතම යැපුණු යුගය නිමයි!

​අතීතයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙස බලන විට, සියලු බර පැටවී තිබුණේ නායිකා චමරි අතපත්තුගේ කර මත පමණයි. නමුත් නව පුහුණුකරුවා සමඟින් කණ්ඩායම අද පෙන්වූයේ චමරි නොමැති තැනකදී වුවද තරගයක් දිනාගැනීමේ හයිය තමන් සතු බවයි.

ප්‍රහාරාත්මක පිතිකරණයට ප්‍රමුඛතාව දෙමින්, අද කණ්ඩායම පිටියට පිවිසියේ බියක් සැකක් නැතිවයි. ලකුණු 151ක දැවැන්ත ඉලක්කයක් හඹා යද්දී, මුල් පෙළ පිතිකරුවන් ලකුණු 55කට කඩුලු 4ක් දැවී පීඩනයක සිටියදීත්, අපේ කෙල්ලන් පිටියෙන් ඉවත් නොවූයේ එම නව මානසිකත්වය නිසාමයි.

🔰 ​නිලක්ෂිකාගේ සහ කෞෂාණිගේ වීර්‍ය

​මෙම ඓතිහාසික ජයග්‍රහණයේ නියමුවා වූයේ නිලක්ෂිකා සිල්වායි. පන්දු 37කින් නොදැවී ලකුණු 54ක් ලබා ගත් ඇය, පීඩනය මැද හතරේ සහ හයේ පහර කරා යමින් තරගයේ ගම්‍යතාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

ඇයට අනගි සහයක් ලබා දුන් තරුණ ක්‍රීඩිකා කෞෂාණි නුත්‍යංගනා ලබා ගත් පන්දු 14කදී ලකුණු 24ක ඉනිම, තරගය අපේ පැත්තටම හරවා ගත්තා. ලෝක ශූරයන්ගේ පන්දු රකින්නන් පවා පීඩනය හමුවේ බිම දැමූ මේ තරුණියන් දෙපළගේ පිතිකරණය, අපේ අනාගතය කොතරම් සුරක්ෂිතදැයි ලොවටම පෙන්වා දුන්නා.

🔰 ​කුසලානය දිනන සිහිනය තවමත් ජීවමානයි!

​නව පුහුණුකරුගේ සැලසුම් අනුව අපේ ක්‍රීඩිකාවන් පෙන්නුම් කලේ පෙරට වඩා ඉතා ඉහළ සුවිශේෂී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක්. මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටයක් දෙස බලා සිටින්නේ අලුත් බලාපොරොත්තු රාශියක් සමඟයි.

ඉදිරි තරගවලදී මොන දේ සිදුවුවත්, ලෝක ශූරයන්ව පරදවා ලබපු මෙම ජයග්‍රහණය ඓතිහාසිකයි. අපේ කෙල්ලනේ, ඔබලා රටට අරගෙන ආපු විශ්මිත ජයග්‍රහණය ගැන ගැන මුළු රටම ආඩම්බරයි. ඉදිරියටත් මේ අභිමානය රැගෙන අපි ජයග්‍රහණය කරා යමු! 🇱🇰🏏

​

ඒ ඉනිම නම් පිස්සුවක් .. ! 💜️
16/06/2026

ඒ ඉනිම නම් පිස්සුවක් .. ! 💜️

ඒක වෙන්න තිබුණු හැමදේම සිද්ධ වුණු මැච් එකක් .. !කවුද බැලුවේ .. ?සුපිරි හඹායාමක නිරත වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු සම කරන...
15/06/2026

ඒක වෙන්න තිබුණු හැමදේම සිද්ධ වුණු මැච් එකක් .. !

කවුද බැලුවේ .. ?

සුපිරි හඹායාමක නිරත වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු සම කරනවා. සදීරගේ ලකුණු 93 ක සුපිරි ඉනිම සහ චාමික ගුණසේකර අවසන් මොහොතේ දරපු උත්සාහයක් එක්ක තරගය සම වුණා. ඊළඟට තිබුණෙ සුපිරි ඕවරයට යන්න.

ගොඩක් වෙලාව ගතවෙලා තිබුණ නිසා තරගය පවත්වන්න බැහැයි කියලා විනිසුරුවන් දිගටම කිව්වා. ඉන්දීය ක්‍රීඩකයන් සහ නායකයාගේ දැඩි බලපෑමක් පිටියේදී දකින්න ලැබුණා. ඒ බලපෑම කොච්චරද කියනවා නම් අන්තිමට තරගය පවත්වන්න ඔවුන් තීරණය කළා.

අන්තිමට තරගය පවත්වද්දි සුපිරි ඕවරයේ මුල් පන්දු කිහිපය අපිට වාසි සහගත වුණේ නෑ. ඒත් ලකුණු හයක් ගහලා අවිෂ්ක ගේමක් ගැහුවා. ඊට පස්සේ අන්තිම බෝලේ නෝ එකක්. ඒකට අවිෂ්ක අවුට් වුණා. පිටියේ විනිසුරුවන් තීරණය කළේ ඒක දැවී යාමක් කියලා.

නිපන්දුව චෙක් කිරීමේදී ඒක නිපන්දුවක් බව සලකුණු වුණාම ඉන්දීය ක්‍රීඩකයන් ආයෙත් කලබල වුණා. ඉන්දීය සපෝට් ස්ටාෆ් එක පවා ඇවිල්ලා ලොකු ගේමක් ඉල්ලුවා. සූර්‍යවංශි ආරම්භක පිතිකරුවක් විදිහට පිටියට එන්න සූදානමින් හිටියේ, ඒත් ඔවුන්ට නැවතත් ඔවුන්ට ෆීල්ඩ් කරන්න ඕනා.

ඒත් ඒ පන්දුවට අපිට ගහන්න පුළුවන් වුණේ එක ලකුණක්. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සුපිරි ඕවරයේදී ලකුණු 18ක් ලබාගත්තා.

ඊට පස්සේ ඔන්න ආයෙත් ආලෝක තත්ත්වය පිළිබඳ ලොකු ප්‍රශ්නයක්. ඉන්දීය නායකයා පිටිය මැද විනිසුරුවන් සමග ලොකු ගේමකට ගියා. ඒක සෑහෙන්න වෙලා දැක ගන්න තිබුණා. අවසානයේ ඉන්දියාව ක්‍රීඩා කරන්න ආවා.

පන්දු අතට ලැබුණේ උතුරේ පොඩි කොල්ලට. අපේ කොල්ලා කුගතාස් මතුලන් ගේම් එක හැන්ඩ්ල් කරා. සුපිරි යෝකර් ටිකක් බැස්සුවා. සූර්‍යවංශි ගේම ගහයි කියලා ලොකු අවධානයක් ලැබිලා තිබුණා. ඒත් අන්තිමට ඉන්දියාව සුපිරියටම හිර වුණා. ඔවුන්ට ලබාගන්න හැකිවූයේ ලකුණු 9ක් පමණයි.

ඉතින් අපි දිනනුවා, ඊට පස්සේ පිතිකරුවන් අතට අත දෙමින් සමුගන්නා , අපේ කෙනෙක්ගෙ මොනවා යම් හෝ පුංචි හැසිරීමක් හින්දා, චූටි කොල්ලා සූර්යවංශි අපේ ක්‍රීඩකයන්ව තල්ලු කරලා දාලා ගේමක් ඉල්ලන්න හදනවා. එතනදි දික්වැල් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් තත්ත්වය කළමනාකරණය කරනවා.

කොහොම වුනත් තරගය අවසන් වෙන්නේ පුදුමාකාර උණුසුමක් සහ ආවේගයක් එක්ක. ඉන්දීය නායකයාගේ හැසිරීම් ඇතුළු දෙපැත්තෙම ක්‍රීඩකයන්ගේ හැසිරීම් මේ තරඟයේදී ප්‍රශ්න සහගත වෙනවා. ඒ තරඟයේ උණුසුම නිසාවෙන්මයි.

කොහොම වුනත් කාලෙකින් දැක ගන්න ලැබුණු සුපිරි තරඟයක් මේක .. !

සුභ පැතුම් කොල්ලන්ට.. !

Address

7th Lane
Moragalla
12070

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share