University of Colombo Weightlifting

University of Colombo Weightlifting

Share

The Official page Of University Of Colombo Weightlifting Team

20/08/2026

🇱🇰 ලෝක විශ්වවිද්‍යාලයීය බර ඉසිලීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔබේ සහය අවශ්‍යයි! 🏋️‍♀️🏋️‍♂️

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ ජීවිතයේ, සිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරගාවලියකට සහභාගී වීම යනු ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂී හා වටිනා අවස්ථාවකි.

එවැනි සුවිශේෂී අවස්ථාවක් හිමිව ඇති ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන, බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්, වර්තමානයේ පවතින මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටිති.

2026 සැප්තැම්බර් 08 සිට 13 දක්වා දෝහා, කටාර්හි පැවැත්වීමට නියමිත ලෝක විශ්වවිද්‍යාලයීය බර ඉසිලීමේ තරගාවලිය සඳහා සහභාගී වීමට අවශ්‍ය වියදම් දැරීම සඳහා මේ වන විට කිසිදු මූල්‍ය අනුමැතියක් නොමැති තත්ත්වයක් යටතේ, සිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අරමුණින්, මෙම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම පෞද්ගලික මුදලින්ම මෙම ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී වීමට සිදුව ඇත.

🏋️‍♂️ ඔවුන් වසර ගණනාවක් පුරා කැපවීමෙන්, අඛණ්ඩව පුහුණුවීම් කරමින්, දහසකුත් බාධක මධ්‍යයේ තම හැකියාවන් වර්ධනය කරගෙන ඇත්තේ තම විශ්වවිද්‍යාලයත්, ශ්‍රී ලංකාවත් ජාත්‍යන්තර වේදිකාවක අභිමානයෙන් නියෝජනය කිරීමේ එකම අරමුණෙනි.

එබැවින්, අද ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබගේ සහයෝගයයි.❤️

ඔබට හෝ ඔබගේ ආයතනයට හැකියාවක් තිබේ නම්, මෙම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර සිහිනය සැබෑ කර ගැනීම සඳහා අනුග්‍රාහකයෙකු (Sponsor) ලෙස ඉදිරිපත් වී ඔවුන්ට ශක්තියක් වන්න.

ඔබ ලබාදෙන සෑම මූල්‍යමය සහයෝගයක්ම
ඔවුන්ගේ ක්‍රීඩා දිවියට පමණක් නොව, ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා වේදිකාවක ඉහළට ඔසවා තැබීමටද දායක වනු ඇත.🇱🇰🏆

ඔවුන්ට අවස්ථාවක් දෙමු.
ඔවුන්ගේ සිහිනයට ශක්තියක් වෙමු.
අපේ ක්‍රීඩකයන් වෙනුවෙන් එකට නැගී සිටිමු.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එකට පෙරට යමු! ❤️🇱🇰

☎️📞ඔබගේ අනුග්‍රාහකත්වයට වැඩිදුර තොරතුරු සඳහා 0773535861 අංකය අමතන්න

🇱🇰Support Sri Lankan University Weightlifters Heading to the World University Weightlifting Championships!🏋️‍♀️🏋️‍♂️

For a university student, representing their university at a World University Sports Championship is a once in a-lifetime opportunity a moment of immense pride, honour, and achievement.

A group of talented Sri Lankan university weightlifters who have earned this extraordinary opportunity are currently facing significant financial difficulties.

The World University Weightlifting Championships, scheduled to be held in Doha, Qatar, from 8th to 13th September 2026, requires considerable financial commitment. At present, they have not received any financial assistance to cover the expenses of participating in this prestigious international competition.

Despite these challenges, these dedicated athletes are determined to represent their universities and Sri Lanka on the international stage. As a result, they are having to bear the expenses of participation from their own personal funds.

🏋️‍♂️ For years, they have trained with unwavering dedication, overcoming countless challenges and continuously developing their skills driven by one goal: to proudly represent their universities and Sri Lanka on the international stage.

Today, they need your support. ❤️

If you or your organization is in a position to help, please come forward as a Sponsor and support these talented athletes in making their international dream a reality.

Every financial contribution you make will not only support their sporting journey, but also contribute towards raising the name of Sri Lanka on the international university sports stage. 🇱🇰🏆

Let us give them an opportunity.
Let us give strength to their dream.
Let us stand together for our athletes.
Let us move forward together for Sri Lanka! ❤️🇱🇰

☎️📞 For more information regarding sponsorship and how you can support them, please contact: 077 353 5861

09/08/2026

😁

Photos from University of Colombo Weightlifting's post 04/08/2026

පසුගිය සිකුරාදා (30) සිට ඉරිදා දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වුනු ශ්‍රි ලංකා අන්තර් විශ්වවිද්‍යාලීය බර ඉසිලීමේ තරඟාවලියේදී සිකුරාදා දින පැවැත්වූ කිලෝග්‍රෑම් 65 බර පන්තියේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් අවස්ථාවේදී සිදුවූ තරඟ අසාධාරණයක් සහ තරඟ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධව හෙලා දකිමු.

(මෙය කිසිදු විශ්වවිද්‍යාලයක්,ක්‍රීඩකයෙක් හෝ කිසිදු කණ්ඩායමක් අරමුණු කර සිදුකෙරෙන චෝදනාවක් නොවන බවත් හුදෙක් බර ඉසිලීමේ තරගය තුලදී සිදුවූ අසාධාරණ සහ නීතිවිරෝධී විනිශ්චයන් වලට එරෙහිව ක්‍රීඩකයන්,උපාධිධාරීන්,තරුණ සමාජය වශයෙන් සිදුකරන බලවත් අප්‍රසාදය පලකිරීමක් මෙන්ම එයට විරුද්ධව නැගී සිටීමක් සහ මෙයින් කොළඹ විශ්ව විද්‍යාලීය බර ඉසිලීමේ කණ්ඩායමට කිසිදු පෞද්ගලික අරමුණු නොමැති අතර පිටපිට සිව්වන වරටත් අප ශූරතාවය දිනාගත් කණ්ඩායම වන්නෙමු.)

2026/07/31 වන දින කැලණිය විශ්ව විද්‍යාලයේ පැවති අන්තර් විශ්ව විද්‍යාල බර ඉසිලීමේ තරඟයේදී, කිලෝ ග්‍රෑම් 65 බර පන්තියේ පිරිමි අංශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහෝදර ක්‍රීඩකයාගේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් (Clean & Jerk) එසවීම සම්බන්ධව ජාත්‍යන්තර බර ඉසිලීමේ සංගමයේ (IWF) නීති රීති අනුව විනිසුරු මඩුල්ලට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ඉසිලීම විනිසුරුවන් විසින් අසාර්ථක උත්සහයක් බවට ප්‍රකාශ කළහ.

නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුහුණුකරු අභියෝගතා පත්‍රයක් (challenge card) නොමැතිව (ඔහු ඊට පෙර අභියෝගතා පත්‍රය (challenge card) වරක් රැගෙන තිබුනි) ජූරි සභාව වෙත ගොස් ජූරි සභාව සමග (ඔවුන් මිත්‍රත්වයෙන් පසුවේ) යම් සාකච්ඡාවකින් අනතුරුව එම ඉසිලීම නැවත සලකා බලා, ජූරි සභාවේ ඒකමතික තීරණය අනුව සාර්ථක උත්සහයක් බවට ප්‍රකාශ කරන ලදී.
​ජූරි සභාවේ සභාපති ආර්. එම්. විල්මන් විසින් එය සාර්ථක උත්සහයක් ලෙස ප්‍රකාශ කොට ලිපියක් ලබාදී ඇත.

ඉහත සඳහන් කොට ඇති ආකාරයට එම ක්‍රීඩකයා විසින් ඔසවන ලද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේ අවසන් උත්සාහයේ විනිසුරුවරු ලබාදුන් තීරණය අභිබවමින් ජූරිය සමග නීත්‍යානුකූල නොවන අයුරින් පුහුණුකරුගේ මැදිහත්වීමෙන් ලබාදුන් තීරණය සම්බන්ධයෙන් කණගාටුවෙන් යුතුව හෙලා දකිනා අතර මෙවැනි අසාධාරණ සහ තරග නීති උල්ලංඝනය කිරීම් ඉදිරියේදි සිදු නොවීමට අදා නිසි බලධාරීන් කටයුතු කරනු ඇතැයි අප මෙන්ම සමස්ථ බර ඉසිලීමේ ක්‍රීඩක ප්‍රජාව අපේක්ශා කරන අතර බර ඉසිලීමේ සංගමය වෙත අදාල පැමිණීලි සිදුකර ඇත.

ජූරි සභාව-
RM Wilman
LKP Lasantha
AGS Jayaweera

සිදුවීමට අදාල වීඩියෝ දර්ශන සහ චායාරූප පහත දක්වා ඇත.

▫️ජූරි සභාව තීරණය ලබා දෙන අවස්තාවේ ඊට මැදිහත්වූ පුහුණූකරු සමග අදාල චායාරූප

▫️විනිසුරුවන් අසාර්ථක උත්සාහයක් ලෙස ලබාදී පසුව අදාල පුහුණුකරු ඇතුලු ජූරි සභාවේ එකගතාවයෙන් නිවැරදි යැයි ලබා දුන් එසවීම

29/07/2026

Fueled by grit, forged through fire. 🏋️‍♂️🔥

Our athletes are geared up to take the platform at the Inter University Games 2026. Hundreds of hours in the gym come down to this moment. Time to lift heavy, stand tall, and bring home the gold! 🏆💪

29/07/2026

Built in the gym, proven on the stage. 🏋️‍♂️💯

Wishing our lifters the best of luck as they represent Colombo at the Inter University Games 2026! Time to make every lift count! 🏆🔥

29/07/2026

Driven by passion, backed by relentless preparation. 💥

The squad is ready to step onto the stage and showcase what University of Colombo weightlifting is all about. Time to turn the hard work into gold at the Inter University Games 2026! 🏋️‍♂️⚡

29/07/2026

Grit, discipline, and absolute power on full display. 🏋️‍♂️🔥

Our lifters are locked in and ready to dominate the platform at the Inter University Games 2026. Every drop of sweat, every heavy rep has built up to this moment. Leave it all on the stage, team! Bring home the glory! 🏆💪

10/07/2026

It's your turn to represent!

The UOC Weightlifting Official Merch 2026 has arrived.

🛒 🔗Order yours today and join the movement.
https://www.liftingsocial.store

10/07/2026

Three days. One platform. Endless determination🏋️
Inter University Weightlifting Championship 2026

Photos from Lifting Social's post 25/05/2026
Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

VVX6+RXH, Philip Gunewardena Mawatha
Colombo
00700