T20 News

T20 News

Share

News is information about current events. This may be provided through many different media: word of

05/07/2026

ලංකාව ලෝකේ FIFA Rankimg එකේ 187 වෙනි තැන හිටියත් ඉන්න ෆුට්බෝල් ඔස්තාර්ලා ලෝකෙත් නැත 😂

04/07/2026

The Real King of the Cover Drive! 👑🇱🇰🏏❤️

03/07/2026

ලහිරු උදාර FC ලකුණු 8000+ ගහලා, සාමාන්‍ය 42ක් වගේ තියාගෙනත්, වයස අවුරුදු 32 වෙනකම් ජාත්‍යන්තර තරඟ අවස්ථාවක් ලැබුණේ නැත්තේ ඇයි?

02/07/2026

🏏 VANTAA ELITE CRICKET TOURNAMENT 2026 🏆

The wait is over! We are excited to announce that all participating teams are confirmed and we're ready for an action-packed day of cricket.

📅 Date: 4th July 2026
📍 Venue: Vapaalanaukee, Luhtimäki 2, 01600 Vantaa

🎊 Everyone is welcome!
Bring your family and friends and enjoy:
🍛 Delicious food
🎶 Great music
🏏 Exciting cricket action
👨‍👩‍👧‍👦 A fun-filled day for all ages
🤝 A wonderful community atmosphere

Let's come together to celebrate cricket, friendship, and sportsmanship. Cheer for your favorite team and be part of an unforgettable event!

28/06/2026

භාරත ක්‍රිකට් පුත්තුන්ට සහ දූලට විශාල විපතක් වෙලා වගේ. 🏏

23/06/2026

ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරගවල කඩුලු 1000ක් දවා ගත් පන්දු යවන්නන් සිටින්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්.. පළමු පෙළ තරඟවල කඩුලු දාහක් ලබා ගැනීම එතරම් පහසු කාර්යක් නොවේ.

කඩුලු දාහක් දවා ගැනීමට නම් ඒ පන්දු යවන්නා අති දක්ෂ පන්දු යවන්නෙක් විය යුතුයි.

***කෙසේ නමුත් පළමු පෙළ කඩුලු දාහක් දවාගත් පන්දු යවන්නෙක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරග හතරක් පමණක් නම් එතන පැහැදිලි ගැටලුවක් තිබිය යුතුයි...

1) නිසි කලට. නිසි අවස්ථාවේ එම ක්‍රීඩකයාට ටෙස්ට් වරම් නොලැබීම

2) එම ක්‍රීඩකයාට වඩා තවත් දක්ෂ ක්‍රීඩකයෙක් කණ්ඩායම තුළ ස්ථාවරව සිටීම

3) අදෘශ්‍යමාන හස්තයක් මගින් එම ක්‍රීඩකයාට අවස්ථාව අහිමි කිරීම

4) නැතහොත් එම ක්‍රීඩකයාට සෘජුවම කැපිල්ලක් තිබීම..

5) නැත්නම් එම ක්‍රීඩකයාගේ අවාසනාව ලෙස හැඳින්වීම.

මෙම කරුණු වලින් එකක් හෝ කිහිපයක් නිසා පළමු පෙළ කඩුලු 1000කට වඩා දාවාගෙන රට වෙනුවෙන් ටෙස්ට් තරඟ හතරකට පමණක් ක්‍රීඩා කළ මේ දක්ෂ වමත් දඟපන්දු යවන්නා තමයි

....., මාලින්ද පුෂ්පකුමාර .......

ශ්‍රී ලංකාවේ 141 වන ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් හිමි කරගත් වමතින් දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර ටෙස්ට් තරග හතරකදී දවාගත් කඩුලු ප්‍රමාණය 14ක්. හොඳම පන්දු යැවීම ලකුණු 28කට කඩුලු තුනක්.

ඔහු එක් දින ජාත්‍යන්තර තරඟ දෙකකදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රිකට් ක්ෂේත්‍රයට අවතීර්ණ වුනු මාලින්ද..BRC.. chilaw Marian's.. CCC..Mioors...Sarasans..
සහ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කලා.
තරග එකසිය හැත්තෑ හතරකදී
ඔහු දවාගෙන තිබෙන මුළු කඩුලු ප්‍රමාණය 1010ක්..

ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු තිස් හතකට කඩුලු දහයම දවා ගැනීම.

**මාලින්ද පුෂ්පකුමාර ටෙස්ට් වරම් හිමි කර ගන්නේ 2017 අගෝස්තු මාසෙ තුන්වෙනිදා ඉන්දීය කණ්ඩායම එරෙහිව SSC ක්‍රීඩා පිටියේදී. එම තරඟයෙන් ශ්‍රී ලංකාව ඉනිමක පරාජයක් ලැබූ නිසා මාලින්දට තමන්ගේ පළමු ටෙස්ට් තරඟයේදී පන්දු යවන්න වෙන්නේ එක ඉනිමක පමණයි.

ඉන්දීය කණ්ඩායම මුලින් පන්දුවට පහර එල්ල කරමින් කඩුලු නවයකට ලකුණු 622 ක් ලබාගෙන සිටියදී ඉනිම අත්හිටුවනවා

එහිදී චෙටෙස්වර් පුජාරා සහ අජිංකෙයාර් රෙහානේ ශතක ලබාගන්නවා.

තමාගේ ප්‍රථම ටෙස්ට් තරගය ක්‍රීඩා කළ මාලින්ද පුෂ්පකුමාර කඩුලු දෙකක් බිඳ දැමීමට සමත් වෙනවා.
38.2-02-156-02

මේ තරගයේදී නිත්‍ය වේග පන්දු යවන්නකු ලෙස නුවන් ප්‍රදීප් පමණයි ක්‍රීඩා කළේ . ඔහුත් සමග පන්දු යැවීම ආරම්භ කළ රංගන හේරත් කඩුලු හතරක් බිඳ දැමීමට සමත් වෙනවා.

.....42-07-154-04....

අනිත් නිත්‍ය දඟ පන්දු යවන්නා වූ දිල්රුවන් පෙරේරා

..........40-03-147-01.....

මේ තරඟයේදී දීමුත් කරුණාරත්නත් මද වේග පන්දු යවන්නෙක් හැටියට පන්දු යවමින් එක කඩුල්ලක් බිඳ දැම්මා

.... 8-31-01....

ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 183ක් පමණයි. එකම අර්ධ ශතකය ලබාගත්තේ නිරෝෂන් දික්වැල්ල.(51)

මීට අමතරව දිමුත් කරුණාරත්න ඇන්ජලෝ මැතිව්ස් සහ දිල්රුවන් පෙරේරා යන තිදෙනාම ලකුණු 25 බැගින් ලබාගත්තා .

*** නොම්මර අට පිතිකරුවා වූ දිල්රුවන්ගේ වේගවත් ඉනිමට හතරේ පහර තුනක් සහ එක හයේ පාරක් ඇතුළත් වුණා.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමට වඩා හොඳින් දෙවන ඉනිම ක්‍රීඩා කළත් ඔවුන්ට ඉනිමක පරාජයෙන් ගැලවෙන්නට ඉඩක් ලැබුණේ නෑ.(ශ්‍රී ලංකාව ඉනිමකීන් සහ ලකුණු පනස් තුනකින් තරගය පරදින්නේ)

ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 386 යි. දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි ඉනිමේ ශතක ලබාගන්නවා.

***මාලින්ද පුෂ්ප කුමාර මෙම දෙවන ඉනිමේ පන්දුවට පහර එල්ල කරන්නේ අංක හතර පිතිකරුවා හැටියට.

***ඔබට හිතන්න පුළුවන්ද ඒ ඇයි කියා?? කමෙන්ට් කරන්න...

කොහොම නමුත් ඔහුට පැවරු රාජකාරිය හොඳින් ඉටු කරමින්
පන්දු 58ක් තුළ තම කඩුල්ල ආරක්ෂා කරගෙන ලකුණු 16ක් ලබාගන්නවා හතරේ පහර තුනක් සහිතව.

*මාලින්ද පුෂ්ප කුමාර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකර ගන්නේ ඉන්දියාවට එරෙහිවමයි

ඒ තරඟයත් ශ්‍රී ලංකාව දරුණු පරාජයක් ලබනවා ලකුණු 168 කින්.
ඉන්දියාව ලකුණු 375 ක් ලබාගන්නවා කඩුලු පහකට. රෝහිත් ශර්මා සහ නායක විරාත් කෝලි ශතක ලබාගන්නවා.

ප්‍රථම තරගය ක්‍රීඩා කළ මාලින්ද ප්‍රහාරයකට ලක්වෙනවා . කඩුලු ලබා ගන්නත් හැකියාවක් ලැබෙන්නේ නැහැ

...9-65-0

*** මාලින්ද පුෂ්ප කුමාරට අමතරව ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරඟවලදී කඩුලු දාහක් හෝ ඊට වැඩියෙන් ලබාගත් පන්දු
යවන්නන් නම් කරන්න

***මාලින්ද පුෂ්පකුමාරට අමතරව පළමු පෙළ තරඟයකදී එක ඉනිමක කඩුලු දහයම දවා ගත් පන්දු යවන්නන් සිටීනම් නම් කරන්න.

.....Cricket with JJ....

22/06/2026

සූර්‍ය වංශිට හෑලි ලියන්න පටන් ගත්තා කියන්නේ පොරට ගැලවීමක් නෑ

22/06/2026

මට තේරෙන්නේ ණෑ fifa ලෝක කුස්ලානෙට විතරක් මෙච්චර ෆෑන්ස් ල බිහිවෙන්නෙ ඇයි කියලා ලංකාවෙන්

21/06/2026
20/06/2026

අපේ අය නීරජ් චොප්රාව හෑල්ලු කරන එක නම් පට්ට කැත වැඩක්. නීරජ් කියන්නේ පුරාවෘත්තයක්. ඔලිම්පික් ගෝල්ඩ් එකක් දිනපු පොරක්.
ඉන්දියා-පකිස්ථාන් මිනිස්සු අපේ රුමේෂ්ව උස්සලා තියන්න මහන්සි වෙනකොට අපේ උන් ගිහින් හානවා. ඕකෙන් වෙන්නේ රුමේෂ්ට ලෝක මට්ටමේදී සපෝර්ට් එක අඩු වෙන එක. 😞😞😞

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo