Red Talks

Red Talks

Share

තිත්ත උනත් ඇත්ත හිත ටිකක් රිදෙයි

07/08/2026

Copied:විදෙස් ගතව සිටිමින් අපරාධ රැසක් මෙහෙයවා ඇති ගලිගමුවේ ඥානදීප නම් වූ භික්ෂුවට පක්ෂපාතීවා හොරණ පොලිසිය කටයුතු කර ඇති බව පොලිස් කොමිෂන් සභාව විසින් තහවුරුකර ඇත. අපට දැන ගැනීමට ඇති සාක්ෂි කරුණු වලට අනුව මෙම සිදුවීම පිටුපස සිටින්නේ හොරණ පොලිසියේ ස්ථානාධිපති පනාවල සහ අනෙක් පොලිස් නිලධාරී ජේ ඇස් කේ ලක්ෂ්මන් යන අය පමණක් ම නොව. මෙම සිදුවීම හා සම්බන්ධ තවත් සිදුවීම් ගණනාවකම පිටුපස ලංකාවේ ප්‍රභල පොලිස් නිලධාරින් සහ රාජ්‍ය නිලධාරීන් සිටින බවට තහවුරු කළ හැකි සාක්ෂි සාධක අපට ලැබී ඇත. ඊට අදාළව අපට නිගමනය කළ හැක්කේ පසුගිය කාලය තුළදී ගලිගමුවේ ඥානදීප නම් වූ භික්ෂුව ඉහළ රාජ නිලධාරීන්ට අල්ලස් දීමට කටයුතු කර ඇති බවට එල්ල වන චෝදනා තුළ සත්‍යභාවයක් පවතින බවය.
තවද ගලිගමුවේ ඥානදීප නම් වූ භික්ෂුව සම්බන්ධයෙන් සිදු කෙරෙන කිසිදු පැමිණිල්ලක් නිසියාකාරව විමර්ශනය නොකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ගලිගමුවේ ඥානදීප නම් වූ භික්ෂුවට පක්ෂපාතීව කටයුතු කරන නිසාය. එමෙන්ම ගලිගමුවේ ඥානදීප නම් භික්ෂුවට එරෙහිව ඇති නඩු කටයුතු සඳහා වාසි ගෙනදීමට ලංකාවේ සුප්‍රකට ASP වරු DIG වරු ඇතුළු නිලධාරින් රොත්තක් මේ වන විට කටයුතු කරමින් සිටින බව අප විසින් තවදුරටත් අවධාරණය කිරීමට කැමැත්තෙමු.
ගලිගමුවේ ඥානදීපගේ මුදලට යටවුණු හෝ චීවරය නිසා සහාය දෙන නිලධාරීන්ට අප කියා සිටින්නේ චීවරයක් දරාගත් අයෙක් අල්ලස් දීමට කතා කරන්නේ නම් ඔහු තවදුරටත් භික්ෂුවක් නොවන බවත් මෙම චීවරය ඇතුළත තක්කඩි සිටින බවත් මතක තබා ගන්නා ලෙසය. තවද චීවරය පොරවා ගත් පමණින් සෑම පුද්ගලයෙක්ම සිල්වත් භික්ෂුවක් නොවන බවද මතකයේ තබා ගන්න. ගලිගමුවේ ඥානදීප නම් වූ භික්ෂුව යනු තමාව මේ ලෝකයට බිහිකළ මවටද නින්දා අපහාස කළ පුද්ගලයෙකි.

අතිගරු ජනාධිපතිතුමනි , ගරු පොලිස්පතිතුමනි , අනෙකුත් වගකිවයුතු බලධරයෙනි ගලිගමුවේ ඥානදීප භික්ෂුව සහ දූෂිත පොලිස් නිලධාරීන් එකතුව මේ නමන්නේ ශ්‍රී ලංකාවේ සැමට එකසේ ක්‍රියාත්මක විය යුතු නීතියයි.

04/08/2026

Hmmmmmmm no comment. But I won do it

02/08/2026

බුද්ධිමත් මිනිසා නුවණින් ජය ගනී හරකුන්ගේ අගේ නොමපැටලේ නපුන්සකයෝවිසිතුරු ඇඳුමෙන් සැරසීරඟදැක්වීමට උත්සාහ කරයි

01/08/2026

ආදරණීය දරුවනි උඹලගේ වේගය අම්මා තාත්තා සහෝදර සහෝදරියන් වගේම හිතවතුන්ගේ සංවේගයෙන් අවසන් වෙන තරමට වැඩි කරගන්න එපා.

30/07/2026

දීර්ඝ කාලීනව මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ඇසුරු කරන ලද, දීර්ඝ කාලීනව පාතාලයට සම්බන්ධ පුද්ගලයන් ඇසුරු කරන ලද කටපාඩම් කරගත්තු ජාතක කතා කියමින් මුළු මහත් බෞද්ධ සමාජයක් මුලා කරමින් බෞද්ධ බැතිමතුන්ගේ ශ්‍රද්ධාව මංකොල්ලාකමින් , බෞද්ධ බැතිමතුන්ගේ මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාරිකයන්ට පොලියට දෙමින්, මෙම ශ්‍රමණ වේශ ධාරියාට රැවටෙන බෞද්ධය බැතිමතුන් පූජා කරන ලද දේපළ ඉඩකඩම් විකුණමින් එය ව්‍යාපාරයක් බවට පත්කර ගත් සහ බෞද්ධ බැතිමතුන් ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයට ගිලන් භික්‍ෂූන් වෙනුවෙන් පූජා කරන ලද අටපිරිකර, අඳනකඩ ,තුවා, හාල්, සබන් මුං ඇට, කඩල ,කව්පි, පරිප්පු, වැනි වියළි ආහාර සහ අනෙකුත් ද්‍රව්‍යයන් නුගේගොඩ ප්‍රදේශයේ සිටින පිරිකර වෙළෙන්දෙකු වන ආතාව්ද නම් වූ තැනැත්තාට විකුණමින් චීවරය පුරවාගෙන රහසිගත ජීවිතයක් ගත කරන ගලිගමුවේ ඥානදීප නමින් පෙනී සිටින ශ්‍රමණ වේශධාරියා බෞද්ධ බැතිමතුන්ගේ ශ්‍රද්ධාව මංකොල්ලා කන්නේ මෙහෙමයි.

කිසිදිනක නිර්මාණය කොට අවසන් නොකරන බක්කුල සෑය. මේ වන විට ඕස්ට්‍රේලියාවේ සැඟවුණු ජීවිතයක් ගත කරන මෙම ගලිගමුවේ ඥාන දීප නම් වූ ශ්‍රමණ වේශ ධාරියා බෞද්ධ බැතිමතුන්ගේ මුදල් හොර රහසින් ඔස්ට්‍රේලියාවට පන්නනවා චතුරිකා කව්මදී නම් තැනැත්තියගේ නමින් මිලදී ගත් අධි සුඛෝපභෝගී නිවසේ පදිංචිව සිටි. බක්කුල සෑයට ශීල සුව අරණට ගිලන් භික්ෂූන් වහන්සේලා පෙන්වමින් මිනිසුන් මුලා කරමින් උපයාගන්නා මුදල් ඕස්ට්‍රේලියාවේ කාන්තාවන්ටද තමාගේ සුඛෝපභෝගී ජීවිතයට ද වියපැහැදැම් කරමින් තව තවත් බෞද්ධ බැතිමතුන් මුලා කරමින් සිටී.

2019 වර්ෂයේ ඔස්ට්‍රේලියාවට බිස්නස් වීසා එකකින් යන මොහු අවුරුදු හතක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවාද? නැත. බෞද්ධ බැතිමතුන් මුලාකරමින් උපයා ගන්නා මුදල් ඔස්ට්‍රේලියාවට රහසේ ගෙන්වා ගෙන එම් මුදල්වලින් සුඛෝපභෝගී ලෞකික ජීවිතයක් ගත කරමින් සිටි. පිටරටක ජීවත් වීමට මසකට කොපමණ වියදමක් දැරීමට සිදුවනවාද යන්න පිටරටක සිටින පුද්ගලයන් දනී. කිසිදු රැකියාවක් නොකර අවුරුදු 7 හතකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට මොහුට මුදල් කොහෙන්ද?

අපි බෞද්ධ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් මේ චීවරධාරියාට නොරැවටෙන ලෙසයි. මොහුගේ අනීතික ක්‍රියාවන් සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සමාජය දැනුවත් කළහ. කණගාටුවට කාරණාව නම් ඔහුගේ අනීතික ක්‍රියාවන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති නමුත් මේ කිසිදු පැමිණිල්ලක් නිසියාකාරව විමර්ශනය නොකරන්නට හේතුව අප සොයා ගත්තෙමු. එයට හේතුව නම් රොහාන් ඕලුගල නැමැති පොලිස් නිලධාරියෙක් විසින් ගලිගමුවේ ඥානදීප නම් වූ අපරාධකරුවාට හඳුන්වා දෙන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තුන්වෙනි තට්ටුවේ වාණිජ අංශයේ ගුණසේකර නම් වූ නිලධාරියෙක් විසින් මොහුට විරුද්ධව සිදු කරන ලද පැමිණිලි යට ගසා ඇති නිසාය.

ඊට අමතරව මෙම ගලිගමුවේ ඥානදීප නම් වූ ශ්‍රමණ වේශ ධාරියාගේ අනීතික ක්‍රියාවන් සඳහා ලංකාවේ ඉහල පෙලේ පොලිස් නිලධාරින් බලවතුන් නිරන්තරයෙන් උදව් කරමින් සිටී. පසුගිය කාලයේ මෙම ඥානදීප නම් වූ ශ්‍රමණ වේශ ධාරියාට අවුරුදු විස්සකට ආසන්න කාලයක් තිස්සේ උදව් උපකාර කරමින් ජීවිතය පවා බේරාගෙන ඇති මවකගේ දේපළ සම්බන්ධ ආරවුලක දී එම දේපළ මං කොල්ලා කෑමට ලංකාවේ සුප්‍රකට ASP වරු DIG වරු SDIG වරු SSP වරු OIC වරුන්ගෙන් ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් රොත්තක් සහය දී ඇති බවට සාක්ෂි සහිත චෝදනා එල්ල වී ඇත. ඒ අතර නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද සිටීම කණගාටුවට කාරණාවකි. අනෙක් කාරණාව නම් ඒ අදාළ සිද්ධීන් සම්බන්ධව පොලිසියෙන් සිදුවන අසාධාරණයන් සම්බන්ධව පොලිස් සහන මැදිරියට පවා පැමිණිලි කළ ද පොලිස් සහන මැදිරියෙන් සහනයක් නොලැබෙන්නේ පොලිස් සහන මැදිරියේ ලොක්කෝද ගලිගමුවේ ඥානදීපගෙන් පිං ගෙන ඇති නිසා නොවේද?
බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන සංජීව ධර්මරත්න නම් අයට ත් පොලිස් සහන මැදිරියේදී මුණ ගැසී පොලිසියෙන් සිදුවූ අනර්ථය පිළිබඳව පැමිණිලි කළද ඔහු විසින් එය ගානකටවත් නොගෙන තිබුණේ ගලිගමුවේ ඥානදීපගෙන් පින් අරගෙන තිබුණු නිසාද?

පොලිසියත් රාජ්‍ය නිලධාරීනුත් බිලීබාගත හැකිනම් ලංකාවේ ඕනෑම දහදුරාවඩක් කළ හැකි බව මේ සිද්ධාන්තය තුළින් ඔප්පු කර දුන් වගයි.
ගලිගමුවේ ඥානදීපගේ කුඩු සල්ලි වලට යට වෙච්ච දූෂිත පොලිස් නිලධාරීන්ට ස්තුතියි!

25/07/2026

Copied: දේශබන්දු වරදකරු කරයි
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න

2022 වසරේ පැවති 'අරගලය' සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන මහත්වරුන් විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අනුරුද්ධ බණ්ඩාර විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ එකඟතාවය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා විසින් මෙම අතිවිශේෂ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

සිදු වූ සිදුවීම සහ පෙත්සම්කාර පාර්ශ්වයේ කරුණු දක්වමින්:
පෙත්සම්කරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 2022 අප්‍රේල් මස 01 වන දින උතුරු කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් සිය නිවසට කඩා වැදී පෞද්ගලික බඩු බාහිරාදිය පරීක්ෂා කර, විදේශ ගමන් බලපත්‍රය භාරයට ගත් බවයි.

එමෙන්ම සිය ජංගම දුරකතනය, ලැප්ටොප් පරිගණකය, විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂාවට ලක් කරමින් "GoHomeGota 2022" ව්‍යාපාරයට අදාළ පළකිරීම් සහ අප්‍රේල් 03 වනදා පැවැත්වීමට නියමිතව තිබූ සාමකාමී විරෝධතාව පිළිබඳව ප්‍රශ්න කර ඇති බව පෙත්සමේ සඳහන් වේ. ඉන් අනතුරුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගත් බවත්, පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව:
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා සඳහන් කළේ, පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ බවයි.

"එම අවස්ථාවේදී එම වගන්තිය යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට තරම් සාධාරණ කරුණු වගඋත්තරකරුවන් හමුවේ නොතිබූ බව අධිකරණයේ අදහස යි. ඔහු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ දේශපාලනික වශයෙන් විරුද්ධ වීම සහ රජය විවේචනය කිරීම හේතුවෙන් බව පෙනී යයි."

- ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන්

තීන්දුවෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇති ප්‍රධාන කරුණු:

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම: ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගැනීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තිය යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත.

අත්තනෝමතික ලෙස බලය යෙදවීම: වගඋත්තරකරුවන් පොලිස් බලය අත්තනෝමතික ලෙස යොදවා ඇති අතර, ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය කර ඇත.

කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුව හරහා පෙත්සම්කරුට වන්දි හෝ නඩු ගාස්තු ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැත.

නීතිඥ නියෝජනය:
පෙත්සම්කරු වෙනුවෙන්: ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමග නීතිඥ තනුක නන්දසිරි සහ මනුජය ද සිල්වා යන මහත්වරුන් පෙනී සිටියහ.

වගඋත්තරකරුවන් වෙනුවෙන්: රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා පෙනී සිටියේ ය.

24/07/2026

දෙපාරක් හිතන්න කතාවක්

24/07/2026
20/07/2026

සමුද්‍ර වික්‍රමාරච්චි: අපි දන්නා පරිදි මේ තමයි මෙත් tv නාලිකාවේ නාලිකා ප්‍රධානී ලෙසත් ගලිගමුවේ ඥානදීප නම් වූ ව්‍යාපාරික ශ්‍රමණ වේශධාරියාට අයත් ශීල සුව අරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානයේත් වගකීම් රැසක් හොබවමින් කටයුතු කරන සහ මෑතකදී ගලිගමුවේ ඥානදීප නම් භික්‍ෂුව විසින් සිදු කරන ලද දේපළ මංකොල්ලයේදී එම දේපළෙහි හිමිකරුවන්ට අයත් වටිනා බඩු භාහිරාදිය සොරකම් කිරීමට සහාය දුන් ප්‍රධාන පුද්ගලයන්ගෙන් එක් අයෙකි.

මෙම වීඩියෝව තුල ඇති හඬ පටයේ සඳහන් වන්නේ ගලිගමුවේ ඥානදීප නම් වූ ශ්‍රමණ වේශධාරියා විසින් පවත්වාගෙන යන තවත් ව්‍යාපාරයක් වන සුව මව් අරණ ආසන්නයේ පදිංචිව සිටින අසල්වැසි පවුලකට මෙත් tv නාලිකාවේ සේවකයන් විසින් ගලිගමුවේ ඥානදීප නම් වූ ශ්‍රමණ වේසධාරියාගේ මෙහෙයවීමෙන් සිදුකරන ලද අකටයුත්තකි.

යම්කිසි හේතුවක් නිසා ගලිගමුවේ ඥානදීපගේ සගයන් සමග ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එම අසල්වැසියාට අදාළ ප්‍රශ්නය කතාබහකොට විසඳා ගැනීමට බැරිම තැන ඔවුන් විසින් පිළියන්දල පොලිසියට මේ පිළිබඳව සැලකිරීමට කටයුතු කර ඇති බව හඬපටියෙන් පැහැදිලිවේ.

කෙසේ වෙතත් එම අසල්වැසියා විසින් චෝදනා කරන්නේ මෙම සිද්ධියට අදාළව ගලිගමුවේ ඥානදීප නම් වූ ශ්‍රමණ වේශධාරියාට සහාය දක්වන විනිසුරුවරියන් විසින් පිළියන්දල පොලිසියට ද බලපෑම් කර ඇති බවය. තවද එම විනිසුරුවරියන් හෝමාගම හෝ කඩුවෙලා අධිකරණවලට අයත් විනිසුරුවරියන් බවටද ඔහු විසින් සැක පහළ කරයි.

මෙහි නින්දිත ක්‍රියාව නම් වන්නේ මෙම මෙත් tv නාලිකාවේ කාර්ය මණ්ඩලය විසින් මෙම අසල්වැසියාගේ බිරිඳ ස්නානය කරන ස්ථාන පවා වීඩියෝ දර්ශන සහ පින්තූර අරගෙන ඇති බවය. තමාගේ බිරිඳ පිටත ඇති ස්නානය කරන ස්ථානයක ද බාගදා ස්නානය කරන බැවින් මෙත් tv කාර්ය මණ්ඩලයේ අය විසින් එම ස්ථානය පින්තූර ගැනීමට කටයුතු කිරීම ඔහු විසින් පිළිකුලෙන් හෙළා දකියි.

ගලිගමුවේ ඥානදීප නම් වූ ශ්‍රමණ වේශධාරියාට මේ දිනවල දිගින් දිගටම විවිධ කාරණා ඔස්සේ චෝදනා එල්ල වෙයි. ඔහුගේ කාර්ය මණ්ඩලය විසින්ද මෙවැනි ක්‍රියාවන් වල නිරත වීමෙන් අදහස් වන්නේ මෙවා බෞද්ධ මධ්‍යස්ථාන ලෙස ලෝකයාට පෙන්වමින් බෞද්ධ ජනතාව මුලා කරමින් මුදල් උපයන ව්‍ ව්‍යාපාරික ස්ථාන බවය.

★ පාතාල කරුවන් සමග දීර්ඝකාලීන සම්බන්ධතා පවත්වා ඇති,

★ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සමග ද දීර්ඝ කාලීන සම්බන්ධතා පවත්වා ඇති,

★ පර්චස් විස්සක තිහක දේපළ ආරවුලක් හේතුවෙන් එම නඩු කටයුතු සඳහා වාසි ගැනීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දීමට කටයුතු කර ඇති,

★ තමාගේ ඥාති සහෝදරයා දික්කසාද කරන ලද කාන්තාව තමා ලඟින් පැවිදි කරගැනීමට කටයුතු කරන ලද,

★ ඩෙන්සි කුමාරි නම් තමාගේ පැරණි පෙම්වතියට දේශබන්දු තෙන්නකෝන් නම් හිටපු පොලිස්පතිවරයාගේ මැරයන් ලවා රත්මලානේ නිවසටම ගොස් පහරදීමට කටයුතු කර ඇති,

★ තමාට ධර්මය කියා දුන් ගුරුවරයාට විරුද්ධව පොත්පත් ලියා නින්දා අපහාස කිරීමටද කටයුතු කරන ලද,

★ තමාව මේ ලෝකෙට වැදූ මවට පොත්පත් ලියා කැලෑ පත්තර ගසා නින්දා අපහාස කිරීමට කටයුතු කර ලද,

★ මෙරට බෞද්ධ ජනතාවගේ භක්තිය මංකොල්ලාකමින් උපයාගත් ධනය අවභාවිතා කරමින් ලංකා කිව්ලේ ගෙදර නම් ව්‍යාපාරිකයාට ලක්ෂ 300 කට ආසන්න මුදලක් පොලියට දීමට කටයුතු කර එම ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස හෝමාගම උසාවියේ මූල්‍යමය නඩුවක් ද පවත්වාගෙන යන,

★ බෞද්ධ බැතිමතුන්ගේ මුදල් අවභාවිතා කරමින් ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ද රේගු නිලධාරීන්ගේද ඇස් සිවුරෙන් වසා තමාගේ මත්කුඩු ‍ ව්‍යාපාරික මිත්‍රයා සමග කෝටි ගණනක මුදල් ඔස්ට්‍රේලියාවට පන්නපු,

★ නිසි ආකාරයකින් තොරව ඔස්ට්‍රේලියාවට රැගෙන ගිය එම මුදල්වලින් ඕස්ට්‍රේලියාවේ චතුරිකා කවුමදී යන කාන්තාවගේ නමින් අධි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට කටයුතු කරන ලද,

★ තුෂාරා ජයනෙත්ති නම් කාන්තාවට පිටරට ඉසව් සංවිධානය කිරීමේ ව්‍යාපාරයක්ද ගොඩනගා ගැනීමට ශ්‍රමයෙන් හා මූල්‍යමය වශයෙන් සහාය දීමට කටයුතු කරන ලද

ගලිගමුවේ ඥානදීප නම් වූ ශ්‍රමණ වේශධාරියාගෙන් බෞද්ධ බැතිමතුන් රවටමින් සිදුකරන මෙවැනි අනීතික ක්‍රියාවන් හැර අන් යමක් බලාපොරොත්තු විය නොහැද?

14/07/2026

දුස්සීල භික්ෂූන්ගෙන් බුදු සසුන බේරාගමු. සම්බුද්ධ ශාසනය අනතුරේ!

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo