Smallholder Agribusiness Partnerships Programme-SAPP

Smallholder Agribusiness Partnerships Programme-SAPP

Share

The Smallholder Agribusiness Partnerships Programme(SAPP) is implemented by the Ministry of Agriculture Sri Lanka.

Photos from Smallholder Agribusiness Partnerships Programme-SAPP's post 31/07/2026

SAPP වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මිල්කෝ දියර කිරි ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභීන් වෙත තණ කැබලි කිරීමේ යන්ත්‍ර (Chaff Cutter), කිරි ශීත කිරීමේ යන්ත්‍ර (Freezer) සහ කිරි ගබඩා කිරීමේ භාජන (Milking Cans) ප්‍රදානය කිරීම හා ඒවායේ නිසි භාවිතය පිළිබඳ ආයතනික තාක්ෂණික දැනුවත් කිරීමේ වැඩසටහන 2026 ජූලි 13 දින ඇඹිලිපිටිය මිල්කෝ මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

The programme was successfully conducted on 13 July 2026 at the Embilipitiya MILCO Collection Centre, with the active participation of all relevant stakeholders. The initiative aims to strengthen liquid milk production while enhancing the livelihoods of dairy farmers.

Photos from Smallholder Agribusiness Partnerships Programme-SAPP's post 29/07/2026

කහත්තේවෙල ජනතා ගොවි සමාගමේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, ගොවි ජනතාවගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනයට දායක වන තවත් වැදගත් පියවරකි.

The Infrastructure Development Project of the Kahaththewela Janatha Farmers' Company marks another important step towards strengthening agricultural infrastructure and enhancing the productivity of the farming community.

Photos from Smallholder Agribusiness Partnerships Programme-SAPP's post 28/07/2026

මිල්කෝ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සඳහා උපකරණ බෙදාදීමේ වැඩසටහන, දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ගාල්ල හා ගෝනපීනුව ප්‍රදේශවලදී සාර්ථකව පැවැත්විණි.

Equipment distribution for beneficiaries of the MILCO Project was successfully conducted in Galle and Gonapinuwala under the patronage of the Hon. Governor of the Southern Province, with the participation of senior government officials.

Photos from Smallholder Agribusiness Partnerships Programme-SAPP's post 08/07/2026

🌶️💧 **ගොවීන් සවිබල ගැන්වීමට නවීන ජල සම්පාදන තාක්ෂණය!** 🌱

SAFE මිරිස් ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රදේශයේ මිරිස් වගාව සඳහා ස්ප්‍රින්ක්ලර් ජල සම්පාදන පද්ධති සාර්ථකව ස්ථාපනය කරන ලදී.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ තිරසාර හා සාර්ථක අනාගතයක් උදෙසා ගොවීන් සමඟ එක්ව ඉදිරියට යමු. 🇱🇰🌾

🌶️💧 **Empowering Farmers with Smart Irrigation!** 🌱

As part of the **SAFE Chili Project**, sprinkler irrigation systems have been successfully installed in **Mahavilachchiya, Anuradhapura** to promote efficient water management and sustainable chili cultivation.

Together, we are supporting a more sustainable and productive future for Sri Lanka's agriculture. 🇱🇰🌾

Photos from Smallholder Agribusiness Partnerships Programme-SAPP's post 30/06/2026

🥜 **Another Milestone for the Friends Ground Nut Project!** 🚜🌱

As part of the initiative to strengthen peanut farming and improve agricultural productivity, tractors were officially handed over today to farmer organizations from Galewela, Naula, Kobeyigane, Mahiyanganaya, and Rideemaliyadda at the Ministry of Agriculture premises.

The official handover ceremony was attended by the Hon. Minister of Agriculture, the Hon. Deputy Minister of Agriculture, the Project Director, and the SAPP project team, who jointly presented the tractors to the respective farmer organizations.

Empowering farmers means strengthening the nation's agriculture. 💚🌾 Together, we continue to support farming communities and build a more productive and sustainable future.

🥜 **Friends Ground Nut ව්‍යාපෘතියේ තවත් වැදගත් සන්ධිස්ථානයක්!** 🚜🌱

ගලේවෙල, නාඋල, කොබෙයිගනේ, මහියංගනය සහ රීදීමාලියද්ද ප්‍රදේශවල රටකජු ගොවි සමිතිවල කෘෂිකාර්මික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ලබාදෙන ට්‍රැක්ටර් යන්ත්‍ර නිල වශයෙන් භාරදීම අද දින කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාර්ථකව සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා සහ SAPP ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලය එක්ව ගොවි සංවිධාන වෙත මෙම යන්ත්‍ර නිල වශයෙන් භාරදෙන ලදී.

ගොවියාගේ ශක්තිය රටේ ශක්තියයි. 💚🌾
එක්ව ගොවි ප්‍රජාව සවිබල ගන්වමින්, සාර්ථක අනාගතයක් වෙත!

Photos from Smallholder Agribusiness Partnerships Programme-SAPP's post 24/06/2026

🌶️ Empowering Thirappane Farmers: Anuradhapura Chilli Project in Action! 🌶️

Taking a significant step toward modernizing local chilli cultivation and boosting crop yields, the latest phase of the "Anuradhapura Chilli Project" was successfully executed recently.

To introduce efficient water management and sustainable pest control methods, Sprinkler Irrigation Systems were installed and Insect-Proof Nets were distributed among the farming community in the Thirappane zone. 🌾✨

🌶️ අනුරාධපුර මිරිස් ව්‍යාපෘතියෙන් තිරප්පනේ ගොවි ජනතාවට නවීන තාක්ෂණික විසඳුම්! 🌶️

දේශීය මිරිස් වගාව නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින්, අස්වැන්න සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක වන "අනුරාධපුර මිරිස් ව්‍යාපෘතියේ" තවත් සාර්ථක පියවරක් පසුගියදා දියත් කෙරුණි.

මෙහිදී තිරප්පනේ කලාපයේ ගොවි ජනතාව වෙනුවෙන් ජලය සහ ශ්‍රමය ඉතිරි කරන විසුරුම් ජල සම්පාදන පද්ධති (Sprinkler Irrigation Systems) සවිකිරීම සහ වගාවන් කෘමි හානිවලින් ආරක්ෂා කරගැනීම සඳහා කෘමි විකර්ෂණ දැල් (Insect Proof Nets) බෙදාදීම සාර්ථකව සිදුකරන ලදී. 🌾✨

Photos from Smallholder Agribusiness Partnerships Programme-SAPP's post 23/06/2026

🌱 පැලවත්ත ව්‍යාපෘතියෙන් කිරි ගොවි ජනතාවට නව දිරියක්! 🌱

කිරි ගොවි කර්මාන්තය වඩාත් කාර්යක්ෂම කරමින් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පැලවත්ත ව්‍යාපෘතිය යටතේ, තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර (Grass Chopping Machines) බෙදා දීමේ විශේෂ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.

අනුරාධපුර, කැකිරාව ප්‍රදේශයේ ප්‍රතිලාභී කිරි ගොවීන් 56 දෙනෙකු වෙනුවෙන් මෙම යන්ත්‍ර ලබා දීම සිදු කෙරුණු අතර, එමඟින් ඔවුන්ගේ සත්ව පාලන කටයුතු වඩාත් පහසු වනු ඇතැයි අප විශ්වාස කරමු! 🥛🌾

🌱 Empowering Dairy Farmers: Pelwatte Project in Action! 🌱

To enhance efficiency and support the daily operations of our dairy farming community, grass chopping machines were recently distributed under the Pelwatte Project.

This distribution program successfully took place in Kekirawa, Anuradhapura, benefiting 56 selected dairy farmers in the area. We believe these modern tools will greatly ease their animal husbandry activities and boost productivity! 🥛🌾

Photos from Smallholder Agribusiness Partnerships Programme-SAPP's post 23/06/2026

🌱 මැලිබන් සෝයා ව්‍යාපෘතියෙන් ගොවි ජනතාවට නව ජවයක්! 🌱

මැලිබන් සෝයා ව්‍යාපෘතියේ ප්‍රතිලාභී ගොවි මහත්ම මහත්මීන්ගේ වගා කටයුතු වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් බහුකාර්ය වල් නෙලන යන්ත්‍ර බෙදා දීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී.

2026 ජූනි 10 සහ 11 යන දිනයන්හිදී ගල්නෑව, තලාව සහ එප්පාවල යන කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් මෙම යන්ත්‍ර ප්‍රතිලාභීන් වෙත පිරිනැමීමට කටයුතු කෙරුණි.🌾✨

🌱 Empowering our Farmers: Maliban Soya Project in Action! 🌱

We are thrilled to share that multi-purpose weeding machines were recently distributed to the beneficiaries of the Maliban Soya Project, aiming to enhance efficiency and ease the cultivation process for our farming community.

The distribution successfully took place on the 10th and 11th of June 2026, covering the Galnewa, Thalawa, and Eppawala divisions.🌾✨

Want your business to be the top-listed Gym/sports Facility in Colombo 01?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Smallholder Agribusiness Partnerships Programme (SAPP) No. 212/A, , Nawala Road
Colombo 01

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30