BACK 2 FIT

BACK 2 FIT

Share

BASL Registered Boxing Club.

22/08/2026
18/04/2026

Rise of Fighters 2026 තරාගවලියට අප්‍රේල් 25 වන දින සිල්වෙස්ටර් විදුහල් බොක්සිං කවයේදී පැවැත්වීමට සියලු දේ සූදානම් කර තිබේ..
මේ සඳහා
ආධුනික බොක්සිං තරග,
වූර්තීය බොක්සිං තරග ,
කික් බොක්සිං තරග,..
මිශ්‍ර සඨන් කලා තරග ලෙස
සඨන් කරුවන් 60කට වඩා සහභාගී වන මෙම තරගාවලිය හි අත්දැකීම විඳගන්න සටන්කාමී ඔබත් පැමිනෙනන..
තරගාවලියේ නිල මාධ්‍ය අනුග්‍රහය Fighter.lk

# colombo

18/04/2026

Rise of Fighters 2026.



23/03/2026

Congratulations, Luvini, on your first achievement in boxing! 🥊🔥

Winning the 60kg category and being awarded Best Boxer at the KDU Inter Faculty Tournament 2026 is an outstanding start to your boxing journey.

This is just the beginning. You were selected to the Back 2 Fit Squad last month to represent us at this year’s national-level tournaments, and we believe you have the potential to achieve even greater success..

Stay focused, stay disciplined, and keep working hard.
Wishing you the very best—many more achievements are coming your way! 💪🔥

22/03/2026

" මයික් ටයිසන්" නම ඇසුණු සැණින් ප්‍රතිවාදීන් තිගැස්මට ලක්විය.ඒ තිගැස්ම ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ සිත පුරා දුවන බයක්,භීතියක්. මයික් ටයිසන්ගේ බොක්සිං තරඟ වාර්තා අනුව ඔහු මෙතෙක් බිහි වූ විශිෂ්ටතම හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයෙක් බව තර්කයක් නැතුවම පිළිගන්න පුළුවන්.ඒක මහපොළොවෙ ඇත්තක්.

ටයිසන් ඉපදෙන්නේ 1966 ජූනි 30 බෘක්ලින්වල. ඔහුට යන්තම් අවුරුදු දෙකක් වෙද්දි ටයිසන්ගෙ පියා පවුල හැර යනවා.එතනින් එහාට මයික්ගේ ජීවිතේ සෑහෙන වෙනස් වෙනවා.ඔහුට එන්න වෙනවා බ්‍රවුන්ස්විල් වලට.බ්‍රවුන්ස්විල් කියන්නෙ අපරාධ වගේම අපරාධකාරයන්ගෙන් නිරන්තර ගැස්සුන ප්‍රදේශයක්.

බ්‍රවුන්ස්විල්වල මුල් කාලයේ අපිට හමුවන ටයිසන් ,සිරුරෙන් ගොඩක් පොඩි කොල්ලෙක්.ඔහුට ඕන වුණේ ,ත්‍රාඩ බ්‍රවුන්ස්විල් වල අපරාධකාරයෝ ගොඩක් ඇතුළේ තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න.ඒ නිසාම ඔහු තරමක් වෙනස් සටන් ක්‍රමයක් හදාරන්න,දියුණු කරන්න උත්සාහ කරනවා.ඒත් ඒ සටන් ක්‍රමයත්, සටන් ඉගෙනීමේ පිස්සුවත් ඔහුට ගේන්නෙම නොහිතපු ප්‍රශ්න.

ඉතාමත් කුඩා අවධියේදී මයික් බ්‍රවුන්ස්විල්වල පාදඩ කල්ලිවල ඇසුර ලබන්න පටන් ගන්නවා.අවුරුදු දහතුනක් වෙද්දි මේ පුංචි කොල්ලා තිස් වතාවක් හිරේ ගිහින් තිබුණා.ඉතාම දරුණු පාදඩයෙක් බිහිවෙමින් තිබුණා.නමුත් වාසනාවට මයික්ට මේ කාලයේදීම බොබ් ස්ටුවර්ට් නැමැති ශ්‍රේෂ්ඨ ගුරුවරයා හමුවෙනවා.ඔහු ගුරුවරයෙක්ට වඩා සාන්තුවරයෙක් කිව්වොත් හරි.සාන්තුවරයා පාදඩ කොල්ලාව දමනය කරන්න මහන්සි වෙනවා. මයික් ඇතුළේ තිබුණු ආසාමාන්‍ය ජවය,දැඟලිල්ල,ශක්තිය සටන් ක්‍රීඩාවක් ඇතුළෙ හරියට ආයෝජනය කරන්න ඕනි කියලා හිතන්නෙ බොබ් ස්ටුවර්ට්.

ඉන් මත්තට,ඉගෙනීමේ උපන්ගෙයි දුර්වලයෙක් විදියට හංවඩුගැහිලා හිටිය ටයිසන් ක්‍රමයෙන් තමන්ගේ කියවීමේ වේගය හදාගන්නවා.බොක්සිං වලත් කිසිඳු ජයග්‍රහණයකින් ඔහු සැනසෙන්නෙ නෑ.ඔහුට ඕනි වෙන්නෙ ලෝකෙම හොල්ලන්න.මයික් ටයිසන්
රටකට,කලාපයකට,මහද්වීපයකට නෙමේ ලෝකෙම දන්න මිනිහෙක් ,වීරයෙක් වෙන්න දැඩි කැපවීම් කරමින් සිටි කාලයක් ගෙවීගෙන යනවා. "සීමා රහිත සටන් පුහුණුව" ඔහුගේ ජීවිතයම වෙනවා.සියල්ලම ඉතාම හොඳින් සිද්ධ වෙමින් පැවැති යුගයක බොබ් ස්ටුවර්ට්ගෙ මැදිහත්වීමෙන් මයික් කොන්ස්ටන්ටයින් ඩී ඇමැටෝගේ පාසලට ඇතුළත් වෙනවා.නමුත් මවගේ අකල් මරණය යළිත් ඔහුව දරුණු පාදඩයෙක් කරනවා.පාදඩ ටයිසන්ව ඩි ඇමැටෝගෙ පාසලෙන් නෙරපා හරින්න සිද්ධවෙනවා.

යළිත් දරුණු කඩාවැටීමකට මුහුණ දෙන ටයිසන් වඩාත් සන්සුන් මනසක් වෙනුවෙන් තමා සමඟම අරගල කරන්න පටන් ගන්නවා.ඒ සටන,අරගලය වයස අවුරුදු 18 වන විට ටයිසන්ව බොක්සිං වළල්ල තුළ වෘත්තීය ක්‍රීඩකයෙක් බවට පත්කරලා ඉවරයි.

බොක්සිං වළල්ලේ "චණ්ඩියා" වන ටයිසන්ගේ ක්ෂණික පහරදීම් සහ ආරක්ෂක උපක්‍රම ලොව පුරා ලකෂ සංඛ්‍යාත හදවත් තුළ "මයික් ටයිසන්" නැමැති අති බිහිසුණු වීරයෙක් බිහිකරනවා.දේශ සීමා,සාගර කලාප අතික්‍රමණය කොට හමායන ටයිසන් නම ඉදිරිපිට ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව ලියවෙනවා.

එතනින් එහාට අනන්ත, අප්‍රමාණ වේදනා,ප්‍රශ්න ඔහුට ආවා.ඔහු වැටුණා.හැබැයි අත් හැරියේ නැහැ, නැගිට්ටා.

ඔයා මේ වෙලාවේ ජීවිතේ කියන බොක්සිං වළල්ල ඇතුළේ වැටිලා ඇති,තුවාල ඇති.ඒ තුවාලවල වේදනාව අපි දන්නවා.ඒත් අත්හරින එක උත්තරයක් නෙමේ.නැගිටින්න,සුව වෙන්න, ආයෙත් සටන් කරන්න මයික් ටයිසන් වගේ .ඔයාට වරදින්නෙ නෑ.

ඔයා මේක කියලව දෙයක් හිතට ගත්ත නම් අනිත් අයටත් බලන්න shear කරන්න..ඔයාගේ අදහස් අපිට comment කරන්න..ඊලගට දැනගන්න කැමති සටන් ශූරයව mention කරන්න..

The Fighter.lk - සටන්කාමී ඔබ වෙනුවෙන්මයි.

🖋️N වර්ණකුලසූරිය ©️

Want your business to be the top-listed Gym/sports Facility in Boralesgamuwa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Boralesgamuwa