Dharmasoka College Table Tennis

Dharmasoka College Table Tennis

Share

Dharmasoka College Table Tennis Official

@All rights reserved 2026

21/08/2026

වෙළෙඳ සේවා මේසපන්දු තරගාවලිය 2026 🇹🇭

අගෝස්තු මස 21 සිට අගෝස්තු මස 26 වන දා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන වෙළෙඳ සේවා මේසපන්දු තරගාවලිය සදහා අප විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ආදි මේසපන්දු ක්‍රීඩකයකු වන ලක්ශිත චතුරංග මහතා ඊයේ දිනයේදී තායිලන්තය බලා දිවයිනේන් පිටත්ව ගියේය.

අපගේ උණුසුම් සුභ පැතුම් 🙂
දම්සෝ මේසපන්දු ♥️🏓

01/08/2026

Congratulations Sokians 🇱🇰🏓
22nd Commonwealth Table Tennis Championships - New Delhi, India from 27th July to 2nd August 2026.

Men’s Team
Chameera Ginige (Captain)
Chanul Dulsen
Akain Bojith

Women’s Team
Diwya Dharani

Officials
Ms. Shamila Manojika - Lady Coach
Ms. Namal Gunasekara - Manager
Dr. Saveen Semage - Delegate for CTTF AGM

30/06/2026

#දම්සෝ_මේසපන්දු_දස්කම් (Ceylon Today පුවත්පත 2026/06/28)

දම්සෝ මේසපන්දු 🏓♥️

29/06/2026

දහම් සිසිලෙන් ලොව නැහෙවෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!! 🌕✨

දම්සෝ මේසපන්දු 🏓♥️

Photos from Dharmasoka College Table Tennis's post 29/06/2026

30 වන ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය 2026 (තායිලන්තයේ, බැංකොක් නුවර) 🇹🇭🇱🇰

දම්සෝ නාමය මේසපන්දු තුලින් ජාත්‍යන්තරයට ගෙනයන ඔබලාට අපගේ උණුසුම් සුභ පැතුම් !!🙂

🟦🟦🟦🟦⬜️⬜️⬜️⬜️
⚪️⚪️⚪️⚪️🔵🔵🔵🔵

29/06/2026

ජයෙන් ජය ♥️

Photos from Dharmasoka College Table Tennis's post 27/06/2026

තායිලන්තයේ, බැංකොක් නුවර දී පැවැත්වෙන 30 වන ආසියානු මේසපන්දු තරගාවලිය සදහා ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම අද උදෑසන දිවයිනෙන් පිටත් ව ගියහ. එම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතීමට ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ,විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ආදි මේසපන්දු ක්‍රීඩක, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) වෛද්‍ය සවීන් සේමගේ මැතිතුමා ද ගුවන්තොටුපොල පරිශ්‍රයට පැමිණ තිබීම ද ඉතා සුවිශේෂී කරුණක්.

දම්සෝ අපේ අනන්‍යතාවය කියාපන අපගේ චායාරූපය ♥️

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අපගේ දම්සෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සමස්ත කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම් !! 🙂

දම්සෝ මේසපන්දු 🏓♥️
fans Dharmasoka College

Photos from Dharmasoka College Table Tennis's post 26/06/2026

30 වන ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය 2026 🇹🇭

30 වන ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය ජුනි මස 28 වන දින සිට ජූලි මස 04 වන දින දක්වා තායිලන්තයේ, බැංකොක් නුවර දී පැවැත්වීමට නියමිතව ඇත.මෙම තරගාවලිය සදහා අප විද්‍යාලයේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහභාගි වන බව අප සතුටින් දන්වා සිටිමු.

අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම
🔹අකේන් බෝජිත්
🔹හරීන් නිම්දිනු
🔹මතිල සස්දිනු

අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම
🔹ලෙසන්‍යා සෙතුම්දි

අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායම
🔹සනෝන් දුල්ජිත්
🔹ඔනෙල් ශම්මික

අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම
🔹 චනුකි ආක්ශනා
🔹හෙසන්‍යා සේසාත්මි

🔻එමෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායමෙහි පුහුණුකරු ලෙස තේරීපත් වූ හිටපු ජාතික පුහුණුකරු, අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය ආදි මේසපන්දු ක්‍රීඩක වත්මන් විද්‍යාලීය මේසපන්දු පුහුණුකරු චතුර දුශාන් මහතා සහ කණ්ඩායම් භාර නිලධාරිනි ලෙස තේරී පත් වූ අප විද්‍යාලයේ ක්‍රීඩා භාර අචරිනී නිමේෂා සකුන්තලා මෙනවියට ද අපගේ උණුසුම් සුභ පැතුම් !! 🙂

✨දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලියෙන් සුදුසුකම් ලැබූ මෙම කණ්ඩායම මෙවරද ආසියානු යොවුන් මේසපන්දු තරගාවලිය සදහා සහභාගී වන අතර මෙවරදීද මේසපන්දු ක්‍රීඩාවේ මෙතෙක් එක් පාසලකින් සහභාගී වන වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසද සහ ශ්‍රී ලංකා නියෝජනය කරනු ලබන මේසපන්දු කණ්ඩායමක මෙතෙක් එක් පාසලක් ව සතු වැඩිම පිරිස එනම් දම්සෝවේ 10 නියෝජනයක් සහභාගී වන පළමු අවස්ථාව ද මෙය බව ඉතාමත් අභිමානයෙන් දැනුම් දෙන්නෙමු.

දම්සෝ නාමය එදත් අදත් මතුවටත් මේසපන්දු තුලින් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයට ගෙනයන ඔබලාට අපගේ උණුසුම් සුබ පැතුම් !! 🙂

දම්සෝ මේසපන්දු 🏓♥️

23/06/2026

කණිෂ්ඨ ජාතික මේසපන්දු තරගාවලිය 2025 🇱🇰

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය මගින් සංවිධානය කරනු ලැබූ කණිෂ්ඨ ජාතික මේසපන්දු තරගාවලිය වර්ෂ 2026 ක් වූ ජුනි මස 19,20 සහ 21 යන තෙදිනක් පුරාවට මහ නුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ඉතා සාර්ථකව අවසන් වූහ.මෙම ජාතික තරගාවලය සදහා අප විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ අතර,ඒ අතරින්,

🔴කණිෂ්ඨ ජාතික මේසපන්දු තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා (පිරිමි) - #අකේන්_බෝජිත් 🔴

🔹අවුරුදු 11න් පහළ බාලක කේවල අනුශූරතාවය 🥈
#විනෝන්_යෙන්දිව්
🔹අවුරුදු 11න් පහළ බාලක කේවල තෙවන ස්ථානය 🥉
#අනුසර_චන්මිත්

🔹අවුරුදු 13න් පහළ බාලිකා කේවල ශූරතාවය 🥇
#චනුකි_ආක්ශනා

🔹අවුරුදු 13න් පහළ බාලක කේවල අනුශූරතාවය 🥈
#සනෝන්_දුල්ජිත්
🔹අවුරුදු 13න් පහළ බාලක කේවල තෙවන ස්ථානය 🥉
• #ඔනෙල්_ශම්මික
• #සිනුර_කෙවීන්

🔹අවුරුදු 15න් පහළ බාලිකා කේවල අනුශූරතාවය 🥈
#විනුදි_දහම්සා_වැදිගේ
🔹අවුරුදු 15න් පහළ බාලිකා කේවල තෙවන ස්ථානය 🥉
#චනුකි_ආක්ශනා

🔹අවුරුදු 15න් පහළ බාලක කේවල අනුශූරතාවය 🥈
#නවිරු_එගොඩගේ
🔹අවුරුදු 15න් පහළ බාලක කේවල තෙවන ස්ථානය 🥉
#සනෝන්_දුල්ජිත්

🔹අවුරුදු 17න් පහළ බාලක කේවල ශූරතාවය 🥇
#අකේන්_බෝජිත්
🔹අවුරුදු 17න් පහළ බාලක කේවල අනුශූරතාවය 🥈
#හරීන්_නිම්දිනු

🔹අවුරුදු 19න් පහළ බාලක කේවල ශූරතාවය 🥇
#අකේන්_බෝජිත්
🔹අවුරුදු 19න් පහළ බාලක කේවල තෙවන ස්ථානය 🥉
#හරීන්_නිම්දිනු

🔹අවුරුදු 19න් පහළ බාලක යුගල ඉසව්වේ ශූරතාවය 🥇
#අකේන්_බෝජිත් සමගින් #හරීන්_නිම්දිනු

🔹අවුරුදු 19න් පහළ බාලක යුගල ඉසව්වේ තෙවන ස්ථානය 🥉
#ලිතිර_ද_සිල්වා සමගින් #අකිත_රන්දිනු

🔹අවුරුදු 19න් පහළ බාලක යුගල ඉසව්වේ තෙවන ස්ථානය 🥉
#නවිරු_එගොඩගේ සමගින් #මතිල_සස්දිනු

🔹අවුරුදු 19න් පහළ මිශ්‍ර යුගල ඉසව්වේ තෙවන ස්ථානය 🥉
#හරීන්_නිම්දිනු සමගින් #චනුකි_ආක්ශනා

දම්සෝ මේසපන්දු නාමය ලක්මාතාව පුරා බබලවන ඔබලාට අපගේ උණුසුම් සුබ පැතුම් 🙂

දම්සෝ මේසපන්දු 🏓♥️
fans Dharmasoka College

21/06/2026

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් අප විද්‍යාලයේ සියලුම සිසු සිසුවියන්ට අපගේ උණුසුම් සුබපැතුම්!! 🙂

අපි දම්සෝ මේසපන්දු 🏓♥️

Want your business to be the top-listed Gym/sports Facility in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Ambalangoda
80300