අරුම පුදුම ලෝකය-Aruma Puduma Lokaya

අරුම පුදුම ලෝකය-Aruma Puduma Lokaya

Condividi

Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di අරුම පුදුම ලෝකය-Aruma Puduma Lokaya, Milan.

🌍 අරුම පුදුම ලෝකය

ලෝකයේ විශ්මිත කරුණු, සත්‍ය තොරතුරු සහ ඔබ නොදත් අරුම පුදුම දේවල් දිනපතා ඔබ වෙත ගෙන එන පිටුවකි.

🔬 විද්‍යාව
🌌 අභ්‍යවකාශය
🦁 සත්ව ලෝකය
🏛️ ඉතිහාසය
🌿 ස්වභාවධර්මය
💡 තාක්ෂණය
🤯 විශ්මිත කරුණු

📌 සෑම දිනකම අලුත් දැනුමක්!
👍 Follow කරන්න,

12/07/2026

විශ්වයේ ඝන අඳුර සිසාරා ඇදෙන මිනිස් ශිෂ්ටාචාරයේ සදාකාලික හුදෙකලා සංචාරකයා: වොයේජර් 1

ඔබ මේ අකුරු කියවන මොහොතේත්, පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 25කට වඩා ඈතින් පිහිටි දරුණු සීතල සහ නිහඬ අවකාශය අතරින් මිනිසා නිපදවූ අපූර්ව ලෝහමය දූතයෙක් ඉදිරියටම ඇදෙමින් පවතිනවා.

ඒ මිනිස් ඉතිහාසයේ අසිරිමත්ම සහ දුරස්ථම මෙහෙයුම සනිටුහන් කළ වොයේජර් 1 (Voyager 1) යානයයි.

තාක්ෂණික දත්තවලින් එහා ගිය මිනිස් වර්ගයාගේ නොනැමෙන අභිමානය සහ අපේක්ෂාවන් කරපින්නාගත් මේ මහා චාරිකාවේ කතාවයි මේ...

🌟 2026 කඩඉම: සන්නිවේදනයට දින දෙකක් ගතවන ආලෝක දිනය (One Light-Day)

1977 වසරේදී පෘථිවියෙන් සමුගත් වොයේජර් 1 යානය අවකාශය ජයගනිමින් දැන් වසර 48ක අඛණ්ඩ ගමනක යෙදී සිටිනවා. මේ 2026 වසරේ නොවැම්බර් මාසය වන විට මෙම යානය විශ්වයේ අතිශය සුවිශේෂී සීමාවකට ළඟා වීමට නියමිතයි. ඒ තමයි පෘථිවියේ සිට ආලෝක දිනක (One Light-Day) දුර ප්‍රමාණය.

මෙම දුරෙහි අරැමය බව වටහා ගැනීමට සරල උදාහරණයක් ගත හැකියි,

✅ නාසා (NASA) ආයතනයෙන් වොයේජර් වෙත යවන පණිවිඩයක් (ආලෝකයේ වේගයෙන් ගමන් කළත්) යානය වෙත ළඟා වීමට පැය 24ක් පමණ ගතවේ.

✅ එම පණිවිඩයට යානය ලබාදෙන ප්‍රතිචාරය නැවත පෘථිවියට ලැබීමට තවත් පැය 24ක් පමණ ගතවේ.

ඒ අනුව අද දින වොයේජර් වෙත යවන සංඥාවක ප්‍රතිඵල දැකීමට විද්‍යාඥයින්ට දින දෙකකට ආසන්න කාලයක් මඟ බලා සිටීමට සිදුවේ.

🚀 තරු අතර හිස් අවකාශයේ නිහඬ පියසටහන් (Interstellar Space),

කිසිදු පණ ගැන්වූ එන්ජින් බලයකින් තොරව නිව්ටන්ගේ පළමු නියමය අනුව වොයේජර් 1 යානය තත්පරයකට කිලෝමීටර් 17ක පමණ වේගයකින් ඉදිරියටම පාවී යනවා.අපේ සූර්යයාගේ බලපෑමෙන් ඔබ්බෙහි ඇති තරු අතර පවතින හිස් අවකාශයට (Interstellar Space) දැනටමත් ඇතුළු වී ඇති මෙම යානය වටා ඇත්තේ නිරපේක්ෂ අඳුර සහ නිහඬතාවය පමණි.

📀 තරු අතර ලියැවුණු අපේ ආයුබෝවන් හඬ,

මෙම ඓතිහාසික මෙහෙයුමේ ඇති වඩාත්ම ආඩම්බරකාරී කොටස වන්නේ වොයේජර් සතුව ඇති රන් තැටිය (Golden Record) යි. යම් දවසක විශ්වයේ වෙසෙන වෙනත් දියුණු ජීවී කොට්ඨාසයකට මෙම යානය හමු වුවහොත් පෘථිවිය සහ මිනිස් ශිෂ්ටාචාරය හඳුන්වා දීම සඳහා මෙම රන් ආලේපිත තඹ තැටිය එහි තන්තුගත කර ඇත.

ලෝකයේ ප්‍රධාන භාෂාවන් රැසක සුබපැතුම් ඇතුළත් මෙම තැටියේ අපේ සිංහල භාෂාවෙන් කියැවෙන ආයුබෝවන් යන ගම්භීර ප්‍රාර්ථනාවද සටහන්ව තිබේ. යම් දවසක පෘථිවිය විනාශ වී ගියද තව වසර බිලියන ගණනාවක් යනතුරු අපේ අනන්‍යතාවයේ ශබ්ද තරංග තරු අතරට වොයේජර් රැගෙන යනු ඇත.

🔋 මියැදෙන හදවත සහ සදාකාලික උරුමය,

කාලයත් සමඟ වොයේජර් යානයේ ප්ලූටෝනියම් බැටරිය (RTG) ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතී. එහි ඇති කැමරා සහ අනවශ්‍ය උපකරණ බොහොමයක් මේ වන විටත් ක්‍රියාවිරහිත කර අවසන්ය. මෑතකදී එහි පරිගණක පද්ධතියේ ඇති වූ දරුණු දෝෂයක් නාසා ඉංජිනේරුවන් විසින් නිරාකරණය කළේ අසාධ්‍ය වූ මහලු පියෙකුගේ පණ රැකගැනීමට වෙහෙසෙන දරුවන් මෙනි.

තව වසර කිහිපයකින් එහි බලශක්තිය සම්පූර්ණයෙන්ම සිඳී යනු ඇත. එවිට පෘථිවිය සමඟ ඇති සබඳතාවය සදහටම බිඳී යයි. නමුත් සන්නිවේදනය නැවතුණද වොයේජර්ගේ ගමන නතර වන්නේ නැත. එය ක්ෂීරපථය (Milky Way) හරහා නිහඬ අමරණීය සංචාරකයෙකු ලෙස ඉදිරියටම යනු ඇත.

යම් දවසක සූර්යයාගේ අවසානය සිදුවී පෘථිවිය අළු වී ගියද මිනිසා නමැති අපූර්ව ජීවීන් කොටසක් මේ විශ්වයේ ජීවත් වූ බවට ඉතිරි වන එකම සහ අවසාන සාක්ෂිය වොයේජර් වනු ඇත. අපේ යුද්ධ, ආගම්, ජයග්‍රහණ, කුලමල සහ අප උපයාගත් මහා ධනස්කන්ධයන් සියල්ල කාලයාගේ ඇවෑමෙන් අමතක වී යද්දී මිනිස් බුද්ධියේ සහ තාක්ෂණයේ ස්මාරකය ලෙස වොයේජර් විශ්වයේ අනන්තය දෙසට පාවී යනු ඇත.

අප කෙතරම් කුඩාද එසේම අපේ සිතීමේ සහ නිර්මාණකරණයේ ශක්තිය කෙතරම් අප්‍රමාණද යන්නට වොයේජර් සදාකාලික සාක්ෂියකි!

ඔබත් මෙවැනි අභ්‍යාවකාශ විස්තර කියවන්න කැමතී නම් එකතු වෙන්න. 🌟

#දැනුම

12/07/2026

ආසියානු කලාපයේ වැඩිම මාර්ග තදබදයක් තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි.
"Numbeo" ආයතනය නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රට බවට නම් කර ඇත.

ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් සහිත රටවල් 10
1. 🇱🇰 ශ්‍රී ලංකාව
2. 🇧🇩 බංගලිදේශය
3. 🇮🇷 ඉරානය
4. 🇮🇳 ඉන්දියාව
5. 🇮🇩 ඉන්දුනීසියාව
6. 🇯🇴 ජෝර්දානය
7. 🇹🇷 තුර්කිය
8. 🇱🇧 ලෙබනනය
9. 🇵🇭 පිලිපීනය
10. 🇲🇾 මැලේසියාව

ලොව වැඩිම මාර්ග තදබදයක් සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 3වන ස්ථානයේ සිටිති.

12/07/2026

හඳ වෙනුවට අඟහරු ආවොත්? පෘථිවියට සිදුවන අමුතුම දේ මෙන්න 🌍🚀

මොහොතකට හිතන්න... අද රෑ ඔබ පුරුදු පරිදි ජනේලයෙන් අහස දෙස බලනවා. හැබැයි අද අහසේ තියෙන්නේ අපි දන්නා හඳුනන ඒ නිහඬ සුදු පාට හඳ නෙවෙයි. ඒ වෙනුවට මුළු අහසම වසාගත් රුධිරය වැනි රතු පැහැයෙන් දිදුලන යෝධ ගෝලය අගහරැ.😵‍💫

විද්‍යා ප්‍රබන්ධයක් වගේ දැනුනත් ඇත්තටම හඳ තියෙන තැනට අගහරැ ආවොත් මොකද වෙන්නේ? මේ ඒ ගැන ඔබ නොසිතන පැත්තක්.

🔰 අහසේ මැවෙන රතු මංගල්‍යය,

අඟහරු ග්‍රහයා හඳට වඩා දෙගුණයක් විශාලයි. ඒ නිසා අහස දෙස බලද්දී හඳ වගේ දෙගුණයක යෝධ රූපයක් අපට පෙනේවි. අඟහරු මත තියෙන Olympus Mons (සෞරග්‍රහ මණ්ඩලයේ උසම ගිනිකන්ද) වගේම අඟහරුගේ මතුපිට ඇති දූවිලි කුණාටු පවා අපට පියවි ඇසින් බලාගන්න පුළුවන්. ඒ වගේම අඟහරුගේ කුඩා හඳවල් දෙන්නා වන Phobos සහ Deimos හරියට අහසේ පාවෙන කුඩා ගිනි මැස්සෝ දෙන්නෙක් වගේ අපිට පෙනේවි.

🔰 මාරාන්තික උදම් රළ (The Gravity War),

දර්ශනය සුන්දර වුණත් ඇතුළතින් සිදුවන දේ භයානකයි. අඟහරුගේ ස්කන්ධය හඳට වඩා 9 ගුණයකින් වැඩියි. මෙන්න මේ ප්‍රබල ගුරුත්වාකර්ෂණය නිසා පෘථිවියේ සාගර ජලය පාලනයෙන් තොරව ඇදෙන්න පටන් ගන්නවා. අද අපි දකින සාමාන්‍ය වඩදිය රළ වෙනුවට ලෝකයේ උසම ගොඩනැගිලි පවා යට කරන අඩි සිය ගණනක් උස සුනාමි රළ දිනකට දෙවරක් වෙරළට ගහන්න පටන් ගනීවි. වෙරළබඩ නගර කියන්නේ ඉතිං ඉතිහාසයක් විතරයි 🏙️🌊

🔰 පෘථිවිය හෙල්ලෙන භූමිකම්පා,

මේ ගුරුත්වාකර්ෂණ සටන ජලයට විතරක් නෙවෙයි පොළොවටත් බලපානවා. අඟහරුගේ ඇදීම නිසා පෘථිවියේ භූ තැටි එකිනෙක ගැටෙන්න පටන් ගන්නවා. නිද්‍රාශීලීව තිබුණු ගිනිකඳු එකින් එක පිපිරෙන්නත් රික්ටර් පරිමාණයේ උපරිම සීමාවන් ඉක්මවා යන භූමිකම්පා ඇතිවන්නත් මෙය හේතුවක් වේවි.

🔰 සෙනසුරුටත් වඩා ලස්සන වළලු පද්ධතියක්,

මෙන්න මේක තමයි කතාවේ උච්චතම අවස්ථාව. පෘථිවියේ ප්‍රබල ගුරුත්වාකර්ෂණය නිසා අඟහරු ග්‍රහයා පෘථිවියට ඕනෑවට වඩා ලං වුණොත් අඟහරුට තමන්ගේ හැඩය පවත්වා ගන්න බැරි වෙනවා. අඟහරු ග්‍රහයා අභ්‍යන්තරයෙන් පිපිරී කැබලි දහස් ගණනකට වෙන් වේවි.

එවිට ඒ රතු පැහැති පාෂාණ කැබලි පෘථිවිය වටා කැරකෙමින් සෙනසුරුටත් වඩා අලංකාර රතු වළලු පද්ධතියක් නිර්මාණය කරාවි. ඒත් එක්කම වරින් වර අඟහරුගේ කැබලි පෘථිවියට ගිනි බෝල වගේ කඩා වැටෙන්නත් ඉඩ තියෙනවා. ☄️✨

🔰 ද්විත්ව ග්‍රහලෝක පද්ධතියක් (A Binary Planet System),

​චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වනවාට වඩා වෙනස් දෙයක් මෙහිදී සිදු වේ. අඟහරු ග්‍රහයා චන්ද්‍රයාට වඩා ඉතා විශාල බැවින් පෘථිවිය සහ අඟහරු යන දෙකම පොදු ලක්ෂ්‍යයක් (Barycenter) වටා එකිනෙකා කැරකෙන්නට පටන් ගනී. එවිට පෘථිවිය තවදුරටත් ස්ථාවර ග්‍රහලෝකයක් ලෙස නොව ද්විත්ව ග්‍රහලෝක පද්ධතියක කොටසක් ලෙස ක්‍රියා කරනු ඇත.

🔚 හඳ වෙනුවට අඟහරු ආවොත් පෘථිවිය කියන්නේ හරිම ෆොටෝජෙනික් (Photogenic) තැනක් වේවි. ඒත් ඒ ලස්සන බලන්න අපි කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ. අපේ මේ කුඩා නිල් පැහැති ලෝකය ජීවයට සුදුසු තැනක් වෙලා තියෙන්නේ අපේ හඳ ඉන්න තැන නිසියාකාරව ඉන්න නිසයි. 🌕💙

ඔබ මොකද හිතන්නේ? මේ වගේ රතු පාට අහසක් යට රෑක් ගත කරන්න ඔබ කැමතිද? පල්ලෙහායින් Comment එකක් දාන්න.👇

✅ මෙය හුදෙක් අපේ ආදරණීය පෘථිවිය හා අපේ සඳ ජීවයේ පැවැත්මට දක්වන දායකත්වය පෙන්වීමට නිර්මාණය කරන ලද ලිපියකී

12/07/2026

ඇත්තටම මේ වගේ දේවල් දකිද්දිත් හිතට මාරම සතුටක් දැනෙනවා.❤️

​වයස අවුරුදු 12ක පුංචි පුතෙක් තමන්ගේ ජීවිතේ ලොකුම තීරණයක් අරන් මුළු ලෝකෙටම ආදර්ශයක් දීපු අපූරු කතාවක් මේ දවස්වල ඉන්ටර්නෙට් එකේ හැමෝම අතරේ කතා වෙනවා.
​කැන්සර් රෝගයෙන් පීඩා විඳින පුංචි යාළුවන්ට හිසකෙස් සකස් කරන්න (Wigs) මේ පුංචි පුතා එයාගේ කොණ්ඩය අඟල් 17ක් දිග වෙනකම් අවුරුදු ගාණක් තිස්සේ ආදරයෙන් වැව්වලු.
​ඊටපස්සේ ඒ හැමදේම ඒ අසරණ දරුවන්ගේ මුහුණට හිනාවක් ගේන්න පරිත්‍යාග කරලා තියෙනවා.

​තමන්ගේ කියලා දෙයක් වෙනස්ම කෙනෙක් වෙනුවෙන් මෙච්චර කාලයක් පරිස්සම් කරලා, ඒක තවත් කෙනෙක්ගේ සතුට වෙනුවෙන් දෙන්න තරම් මේ පුංචි හදවත කොච්චර ලස්සන ඇතිද?
​ලෝකය ලස්සන කරන්න ලොකු මිනිස්සු වෙන්නම ඕන නෑ කියලා මේ පුංචි පුතා මුළු ලෝකෙටම ඔප්පු කරලා ඉවරයි.

​ඔයාට ගොඩක් පින් පුතේ.. ඔයාගේ ඔය ලස්සන හදවතට සදාකාලිකවම බුදු සරණයි! 🙏✨

12/07/2026

📌️ජපානයේ මාකෝ කුමරිය: ආදරය වෙනුවෙන් කිරුළ අත්හළ අපූරු කතාව 🌸

​ජපාන රාජකීය පවුලේ සිටි ජනප්‍රියම මෙන්ම ආදරණීයම චරිතයක් තමයි මාකෝ කුමරිය (Princess Mako) කියන්නේ. ඇය ජපානයේ වත්මන් අධිරාජ්‍යයා වන නරුහිතෝගේ ලේලිය මෙන්ම, අකිෂිනෝ ඔටුන්න හිමි කුමරුගේ වැඩිමහල් දියණියයි.

🔸​ආදරය වෙනුවෙන් ගත් තීරණය👇

ජපාන රාජකීය නීතියට අනුව, රාජකීය පවුලේ කාන්තාවක් සාමාන්‍ය වැසියෙකු සමඟ විවාහ වුවහොත් ඇයට සිය රාජකීයත්වය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. මාකෝ කුමරිය තමන්ගේ විශ්වවිද්‍යාල කාලයේ ඇතිවූ ප්‍රේමය වූ 'කෙයි කොමුරෝ' (Kei Komuro) සමඟ විවාහ වීමට තීරණය කිරීමත් සමඟ, 2021 ඔක්තෝබර් මාසයේදී ඇයට ඇගේ "කුමරිය" යන නාමය සහ රාජකීය වරප්‍රසාද සියල්ල අත්හැරීමට සිදු වුණා.

🔸​ඩොලර් මිලියනයේ දීමනාව ප්‍රතික්ෂේප කිරීම👇

සාමාන්‍යයෙන් ජපාන රාජකීය පවුලෙන් ඉවත් වන කාන්තාවකට සිය ඉදිරි ජීවිතය වෙනුවෙන් රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක පමණ (ශ්‍රී ලංකා රුපියල් කෝටි ගණනක්) විශාල දීමනාවක් ලබා දෙනවා. නමුත් මාකෝ එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේ ලෝකයේම අවධානය දිනාගනිමින්. ඇය එම සම්ප්‍රදායික මුදල ප්‍රතික්ෂේප කළ පළමු ජපාන රාජකීය කාන්තාව ලෙසත් ඉතිහාසයට එක් වුණා.

🔸​වර්තමාන ජීවිතය👇

මේ වනවිට ඇය 'මාකෝ කොමුරෝ' (Mako Komuro) ලෙස සාමාන්‍ය කාන්තාවක් විදියට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ජීවත් වෙනවා. කිසිදු රාජකීය ආරක්ෂාවක් හෝ විශේෂ වරප්‍රසාදයක් නොමැතිව, ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් කරමින් සැමියා සමඟ ඉතා සරල ජීවිතයක් ගත කරනවා.

💢​කිරුළට සහ අසීමිත ධනයට වඩා ආදරය සහ නිදහස අගය කළ ඇයගේ කතාව, නූතන ලෝකයේ ඉතා කලාතුරකින් අසන්නට ලැබෙන අපූරු සිදුවීමක්. ✨

12/07/2026

🚨 ඉන්දියන් සාගරයේ සැඟවී සිටින මාරාන්තිකම අදෘශ්‍යමාන සතුරා - ගල් මස්සා (Stonefish)! 🌊💀
​ඔබ ඉන්දියන් සාගරයේ වෙරළ තීරයක හෝ කොරල් පර ආශ්‍රිතව කිමිදෙන්නේ නම් හෝ ඇවිදින්නේ නම්, ඉතාම ප්‍රවේශම් වන්න! මෝරුන් හෝ ජෙලිෆිෂ් ගැන ඔබ බිය වුවද, සාගරයේ සිටින වඩාත්ම භයානක සහ විෂ සහිත සත්වයා ඔබේ දෙපා අසලම සැඟවී සිටින්නට පුළුවන.
​ලොව වැඩිම විෂ සහිත මත්ස්‍යයා ලෙස සැලකෙන "ගල් මස්සා" (Stonefish) ඉන්දියන් සාගරයේ බහුලව දක්නට ලැබේ.
​🔍 ඇයි මොවුන් මෙතරම් භයානක?
​පරිසරයට මුසු වීමේ දක්ෂයා (Master of Camouflage): නමට සරිලන පරිදිම, මොවුන්ගේ සිරුර හරියටම මුහුදු පතුලේ ඇති ගල් කැබැල්ලක් හෝ පාසි බැඳුණු කොරල් පරයක් මෙන් දර්ශනය වේ. එබැවින් කිමිදෙන්නන්ට හෝ ධීවරයින්ට ඔවුන්ව හඳුනා ගැනීම පාහේ කළ නොහැකිය.
​මාරාන්තික විෂ කටු: ගල් මස්සාගේ පිටුපස ඉතා තියුණු කටු 13ක් (Dorsal spines) ඇත. මෙම කටුවක් ඔබේ පාදයක හෝ අතක ඇනුණු සැණින්, දරාගත නොහැකි දැඩි වේදනාවක් මුළු ශරීරය පුරාම පැතිර යයි.
​ක්ෂණික මරණය: ඔවුන්ගේ විෂ කෙතරම් ප්‍රබලද යත්, ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් මිනිත්තු කිහිපයක් ඇතුළත හෘදයාබාධ, ශ්වසන අංශභාගය සහ මරණය පවා සිදුවිය හැක. එය මිනිසෙකුට මෙතෙක් අත්විඳිය හැකි දරුණුතම වේදනාවකි.
​⚠️ ඔබ ආරක්ෂා වීමට කුමක් කළ යුතුද?
​පාවහන් පළඳින්න: මුහුදු පතුලේ ඇවිද යන විට සෑම විටම පාවහන් (Water shoes) පැළඳීමට වග බලා ගන්න.
​නොපෙනෙන දේ ස්පර්ශ නොකරන්න: ඔබ නොදන්නා ගල් හෝ කොරල් මත අත තැබීමට හෝ පෑගීමට පෙර දෙවරක් සිතන්න.
​අනතුරක් වුවහොත්: කිසියම් ලෙසකින් ගල් මස්සෙකුගේ කටුවක් ඇනුනහොත්, වහාම රෝගියා රෝහල් ගත කරන්න. වාසනාවකට මෙන්, ගල් මස්සාගේ විෂ සඳහා ප්‍රතිවිරෝධකයක් (Antivenom) ඇත.
​ඔබේ මිතුරන්වත් දැනුවත් කිරීමට මෙම පෝස්ට් එක Share කරන්න! 👇

12/07/2026

කරචේයි විල: පෘථිවියේ මාරාන්තිකම ස්ථානය
​මෙම විල ලෝකයේ වඩාත්ම විකිරණශීලී (radioactive) ජලාශය ලෙස සැලකේ.
​මාරාන්තික වීමට හේතුව: 1951 වසරේ සිට සෝවියට් සමූහාණ්ඩුව විසින් ඔවුන්ගේ න්‍යෂ්ටික බලාගාරයකින් පිටවූ විකිරණශීලී අපද්‍රව්‍ය (ප්ලූටෝනියම් වැනි) මෙම විලට මුදා හරින ලදී.
​අනතුරේ ප්‍රමාණය: මෙහි ජලයේ හෝ අවට ප්‍රදේශයේ සුළු වේලාවක් ගත කිරීම පවා මිනිස් සිරුරට දරාගත නොහැකි තරම් ඉහළ විකිරණ මාත්‍රාවක් ලබා දීමට ප්‍රමාණවත් වේ.
​වර්තමාන තත්ත්වය: අද වන විට මෙම විලෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා එය සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් සහ පස් තට්ටුවලින් වසා දමා ඇත. එය තවමත් ලෝකයේ මිනිසුන්ට ප්‍රවේශ විය නොහැකි භයානකම ස්ථානවලින් එකකි.

11/07/2026

📌️ක්ලියෝපැට්රාගේ අතුරුදන් වූ සොහොන: ලෝකයේ ලොකුම පුරාවිද්‍යා අභිරහසක්! 👑✨

​ඊජිප්තුවේ අවසාන පාරාවෝවරිය වූ ක්ලියෝපැට්රා (Cleopatra) සහ ඇගේ රෝම පෙම්වතා වූ මාර්ක් ඇන්ටනිගේ (Mark Antony) සොහොන අදටත් ලෝකයේ සොයාගැනීමට නොහැකි වූ විශාලතම අභිරහස් වලින් එකක්. ක්‍රි.පූ. 30 දී ඔවුන් මිය ගිය පසු, ඔවුන්ව අතිමහත් ධනයක් සමඟ එකම සොහොන් ගැබක තැන්පත් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

​නමුත් අවුරුදු 2000 කට පසුවත්, ඒ සොහොන කොහේ තියෙනවාදැයි කිසිවෙකුත් දන්නේ නැහැ!

​🔍 මේ ගැන දන්නා වැදගත් කරුණු කිහිපයක්:

🔸​සොහොන සැඟවී ඇති ස්ථානය: පුරාවිද්‍යාඥයින් වැඩිපුරම විශ්වාස කරන්නේ මෙය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවරට ආසන්නව පිහිටි 'Taposiris Magna' නම් පැරණි දේවමාළිගාව යට සැඟවී ඇති බවයි.

🔸​අලුත්ම සොයාගැනීම්: මෑතකදී (2022 වසරේදී) මෙම දේවමාළිගාව යටින් මීටර් 13ක් පමණ ගැඹුරින්, කිලෝමීටර 1.3 කට වඩා දිගු දැවැන්ත උමං මාර්ගයක් සොයාගෙන තිබෙනවා. මෙය පුරාවිද්‍යාඥයින් හඳුන්වන්නේ "ජ්‍යාමිතික ආශ්චර්යයක්" ලෙසයි. මෙය ක්ලියෝපැට්රාගේ සොහොන වෙත යන මාර්ගය විය හැකි බවට සැක කෙරෙනවා.

🔸​ඇතුලේ මොනවා ඇද්ද? මෙම සොහොන සොයාගතහොත්, එය ටූටන්කාමන් රජුගේ (Tutankhamun) සොහොන සොයාගැනීමටත් වඩා විශාල සහ වැදගත්ම පුරාවිද්‍යාත්මක ජයග්‍රහණය වනු ඇති. එහි මිල කළ නොහැකි රන් ආභරණ, කාසි සහ පුරාණ ලියවිලි තිබිය හැකියි.

​බොහෝ දෙනා විශ්වාස කරන්නේ භූමිකම්පා සහ සුනාමි තත්ත්වයන් නිසා මෙම සොහොන මුහුදු පතුලේ ගිලී ගොස් ඇති බවයි.

​නුදුරු අනාගතයේදීම මේ ලෝකප්‍රකට අභිරහස විසඳෙයි කියලා ඔයාලා හිතනවාද? පහළින් Comment කරන්න! 👇

11/07/2026

📌️අබිරහස් ඝාතකයා "Ignoto 1" සොයාගිය ලෝකයේ දැවැන්තම DNA මෙහෙයුමේ සම්පූර්ණ කතාව 🧬🔍

​2010 වසරේ නොවැම්බර් 26 වන දින ඉතාලියේ බ්‍රෙම්බේට් (Brembate) නගරයේ ජීවත් වූ 13 හැවිරිදි 'යාරා ගැම්බිරාසියෝ' (Yara Gambirasio) ඇගේ ජිම්නාස්ටික් පුහුණුව නිම වී සවස 6:40 ට පමණ නිවස බලා පිටත් විය. නිවසට තිබුණේ මීටර් 700ක කෙටි දුරක් වුවත් ඇය නිවසට පැමිණියේ නැත. ඇගේ ජංගම දුරකථන සංඥා අසල පිහිටි 'මපෙලෝ' (Mapello) නම් ප්‍රදේශයෙන් විසන්ධි වී ගොස් තිබුණි.

​මාස 3කට පමණ පසු, එනම් 2011 පෙබරවාරි 26 වන දින, කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි පාළුවට ගිය හිස් ඉඩමක තිබී ඇයගේ සිරුර සොයාගන්නා ලදී. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇගේ සිරුරේ මාරාන්තික නොවන පිහි ඇනුම් සහ සීරීම් තුවාල කිහිපයක් තිබූ බවයි. නමුත් ඇය මියගොස් තිබුණේ එම තුවාල වලින් නොව, එම රාත්‍රියේ පැවති අධික ශීතලට නිරාවරණය වීමෙන් (Hypothermia) බව තහවුරු විය. මියයන මොහොතේත් ඇය අසල තිබූ තෘණ ගස් මිටක් තදින් අල්ලාගෙන සිටි බව වාර්තා විය.

​පොලිසියට තිබුණු එකම සහ ප්‍රබලම සාක්ෂිය වූයේ යාරාගේ යට ඇඳුමක තිබී සොයාගත් ඉතා කුඩා රුධිර පැල්ලමකින් ලබාගත් DNA සාම්පලයක් පමණි. කිසිදු දත්ත ගබඩාවක මෙම DNA සටහන් වී නොතිබුණු නිසා, පොලිසිය මෙම අද්භූත සැකකරුට "Ignoto 1" (නොදන්නා පුද්ගලයා 1) ලෙස නම් තැබීය.

​මෙම අබිරහස විසඳීම සඳහා ඉතාලි පොලිසිය ලෝක අපරාධ ඉතිහාසයේ පෙරළියක් ඇති කළ දැවැන්ත මෙහෙයුමක් දියත් කළේය.

🔸​22,000කගේ DNA පරීක්ෂාව: පොලිසිය එම ප්‍රදේශයේ සහ අවට ජීවත් වූ පුද්ගලයන් 22,000කට අධික පිරිසකගේ DNA සාම්පල ලබාගෙන පරීක්ෂා කළේය.

🔸​පවුල් විශ්ලේෂණය: මෙසේ පරීක්ෂා කිරීමේදී එක්තරා පුද්ගලයෙකුගේ DNA "Ignoto 1" ගේ DNA වලට තරමක් දුරට සමාන බව (Partial match) සොයාගන්නා ලදී. ඒ ඔස්සේ ඔහුගේ පවුල් ගස (Family Tree) විශ්ලේෂණය කළ පොලිසියට, 1999 දී මියගිය 'ජුසෙප් ගුවෙරිනෝනි' (Giuseppe Guerinoni) නැමැත්තෙකු වෙත ළඟා වීමට හැකි විය.

🔸​සිරුරක් ගොඩගැනීම: පරීක්ෂණ තහවුරු කරගැනීම සඳහා ජුසෙප්ගේ සිරුර ගොඩගෙන DNA ලබාගත් අතර, එහිදී තහවුරු වූයේ ඝාතකයා යනු ජුසෙප්ට දාව උපන් දරුවෙකු බවයි.

​නමුත් ජුසෙප්ගේ නීත්‍යානුකූල බිරිඳ ඝාතකයාගේ මව නොවීය. එනම් ඝාතකයා ජුසෙප්ගේ නීත්‍යානුකූල නොවන දරුවෙකි (Illegitimate son). ඝාතකයාගේ මව සෙවීම ඊළඟ අභියෝගය විය. පොලිසිය රහසිගතව පැරණි වාර්තා පිරික්සමින් කාන්තාවන්ගේ DNA පරීක්ෂා කිරීමෙන් පසු 'එස්ටර් අර්සුෆි' (Ester Arzuffi) නැමැති කාන්තාව සොයාගනු ලැබීය. ඇගේ පුත්‍රයා වූයේ 44 හැවිරිදි ඉදිකිරීම් කම්කරුවෙකු වන 'මැසිමෝ බොසෙට්ටි' (Massimo Bossetti) ය. බොසෙට්ටි පවා ඒ වනතුරුත් සිතා සිටියේ තමාගේ පියා තම මවගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා බවයි.

​2014 වසරේදී පොලිසිය රථවාහන මුරපොළක් යොදා, බීමත්කම පරීක්ෂා කරන මුවාවෙන් (Fake breathalyzer test) මැසිමෝ බොසෙට්ටිගේ ඛේටය ලබාගෙන පරීක්ෂා කළේය. විද්‍යාව බොරු කරන්නේ නැත — ඔහුගේ DNA සාම්පලය "Ignoto 1" ගේ සාම්පලයට 100% ක්ම ගැලපුණි. ඊට අමතරව යාරා අතුරුදහන් වූ දින ඇගේ ජිම්නාස්ටික් මධ්‍යස්ථානය අසල බොසෙට්ටිගේ වෑන් රථය ගැවසෙන ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබූ අතර, ඔහුගේ පරිගණකයේ තිබී නව යොවුන් දැරියන් සම්බන්ධ දේවල් සෙවූ අන්තර්ජාල ඉතිහාසයක්ද හමු විය.

​කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර වසර 4ක් පුරා සැඟවී සිටියත්, දියුණු විද්‍යාව සහ අඛණ්ඩ කැපවීම හමුවේ ඝාතකයාට නීතියෙන් ගැලවීමට හැකි වූයේ නැත. අවසානයේදී අධිකරණය විසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. නූතන විද්‍යාව හමුවේ කිසිදු අබිරහසක් සදාකාලිකව සැඟවිය නොහැකි බව මෙය මනාව ඔප්පු කරයි.

ඒ වගේම මෙම සිද්ධිය පාදක කරගෙන Netflix ඔස්සේ 2021 වසරේ නිකුත් වූ "Yara" චිත්‍රපටියද ඔබට නැරඹීමට හැකිය.

11/07/2026

📌️ඇමෙරිකානු ඉතිහාසයේ කිසිදා නොවිසඳුණු එකම ගුවන් කොල්ලය: අද්භූත 'ඩී. බී. කූපර්' අබිරහස ✈️

​1971 වසරේ නොවැම්බර් 24 වන දින, ඇමෙරිකාවේ පෝට්ලන්ඩ් සිට සියැටල් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ 'Northwest Orient' ගුවන් සේවයට අයත් බෝයිං 727 (Boeing 727) මගී ගුවන් යානයට කළු පැහැති කබායක් සහ අව් කණ්ණාඩියක් පැළඳි මැදිවියේ පුද්ගලයෙක් ගොඩවෙනවා. ඔහු තමන්ව හඳුන්වා දුන්නේ "ඩෑන් කූපර්" (පසුව මාධ්‍ය මගින් D.B. Cooper ලෙස හැඳින්වූවා) ලෙසයි.

🔸​බෝම්බය සහ කප්පම් ඉල්ලීම
යානය ගුවන්ගත වී සුළු වේලාවකට පසු ඔහු ගුවන් සේවිකාවකට කුඩා සටහනක් ලබා දෙනවා. ඇය එය ගණන් නොගෙන සාක්කුවට දමාගන්නා විට කූපර් පවසන්නේ, "මිස්, ඔය සටහන කියවනවා නම් හොඳයි. මා ළඟ බෝම්බයක් තියෙනවා" කියායි. තමා සතු බෑගය විවෘත කර රතු පැහැති සිලින්ඩර සහ වයර් සහිත බෝම්බයක් පෙන්වූ ඔහු, මගීන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් ඩොලර් 200,000ක මුදලක් (අද වටිනාකමින් නම් ඩොලර් මිලියනයකට අධිකයි) සහ පැරෂුට් 4ක් ඉල්ලා සිටිනවා.

🔸​බෝයිං 727 යානයම තෝරාගැනීමේ තාක්ෂණික රහස
මෙය අහඹු ගුවන් කොල්ලයක් නොව ඉතා සූක්ෂමව සැලසුම් කළ එකක් බව පෙනී යන්නේ කූපර්ගේ ගුවන් ගමන් පිළිබඳව තිබූ තාක්ෂණික දැනුම නිසයි. ඔහු මෙම ගමන සඳහා බෝයිං 727 යානයම තෝරාගත්තේ, එම යානයේ පිටුපසින් ගුවන් ගමන අතරතුරදී විවෘත කළ හැකි විශේෂ පඩිපෙළක් (Aft airstair) පිහිටා තිබූ නිසයි.

​සියැටල් ගුවන් තොටුපළට යානය ගොඩබස්වා, මගීන් මුදාහැර කප්පම් මුදල සහ පැරෂුට් ලබාගත් කූපර්, නැවතත් යානය ගුවන්ගත කරන ලෙස නියමුවන්ට අණ කරනවා. එහිදී ඔහුගේ නියෝගය වුණේ ගියර් පහත් කරගෙන (Landing gear deployed), අඩි 10,000ක පහළ උසකින් සහ නාවික සැතපුම් 150ක (150 knots) ඉතා අඩු වේගයකින් යානය මෙක්සිකෝව දෙසට පදවන ලෙසයි.

🔸​අඳුරේ සැඟවුණු අද්භූත පැන යාම
රාත්‍රී 8:00 ට පමණ, දැඩි වර්ෂාව සහ අධික ශීතල මධ්‍යයේ වොෂින්ටන් ප්‍රාන්තයේ ඝන වනාන්තරයකට ඉහළින් අහසේදී, කූපර් යානයේ පිටුපස පඩිපෙළ විවෘත කරගෙන මුදල් ද රැගෙන අන්ධකාරයට පැන පළා යනවා.
​ඇමෙරිකානු FBI ආයතනය වසර 45ක් පුරා ලෝකයේ දැවැන්තම මෙහෙයුමක් දියත් කරමින් සැකකරුවන් 800කට අධික පිරිසක් විමර්ශනය කළත්, කූපර්ට සිදු වූයේ කුමක්දැයි අදටත් කිසිවෙක් දන්නේ නැහැ. 1980 වසරේදී කුඩා ළමයෙකුට ගඟක් අයිනේ වළදමා තිබී කූපර් ලබාගත් මුදල් වලින් ඩොලර් 5,800ක් පමණක් හමුවුණත්, ඔහු කවුද, ඔහු ජීවතුන් අතර සිටිනවාද යන්න ඇමෙරිකානු ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම සහ කිසිදා නොවිසඳුණු අබිරහස බවට පත් වී තිබෙනවා.

Vuoi che la tua azienda sia il Palestra più quotato a Milan?

Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Ubicazione

Sito Web

Indirizzo

Milan